දැන් ඔය සෙක්ස් කියන කතන්දරේ ගත්තහම, වැඩිදෙනෙක් අවධානය යොමු කරන්නේ තමන්ගේ තෘප්තිය සම්බන්ධයෙන් නේ. හා නැද්ද? සමහරු කියනවා මේක විශේෂයෙන්ම අදාළ වෙන්නේ පුරුෂ පාර්ශවයටලු. ඒ කියන්නේ පුරුෂ පක්ෂයේ ගොඩක් අය හිතන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය ගැන විතරයිලු. වෙන විදියකට කිව්වොත්, තමන්ගේ උපරිමය ලබාගැනීමට අවධානය යොමු කරලා, ඒක ආවට පස්සේ තමන්ගේ පාට්නර්ගේ ලිංගික තෘප්තිය ගැන කිසිම වගක් නැහැයිලු. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට ශුක්‍ර මෝචනය වුණාට පස්සේ යම් කිසි කාලයක් යනකල් ආයෙමත් සෙක්ස් කරන්න බැරි වීම නිසා ඒ ප්‍රශ්නේ උග්‍ර වෙන්න පුලුවනිලු. ඇත්තටම අපි ඔය ගැන සමීක්ෂණයක් කරලා නැති වුණාට, පොදුවේ හිතන්න පුලුවන් දෙයක් තමයි මේක ඇත්ත කියන එක. ඒ කියන්නේ ගොඩක් අය සෙක්ස් කරන්න ගියහම හරිම ආත්මාර්ථකාමීයි, තමන්ගේ සතුට ගැන තමයි මූලිකව හිතන්නේ කියන එක ඇත්ත.
හැබැයි තවත් මෙහෙම දේකුත් තියෙනවා. සෙක්ස් කරන්න ගිහින් තමන්ගේ සතුටට වඩා තමන්ගේ පාට්නර්ගේ සතුටට මූලිකත්වය දෙන අයට ලිංගික ජීවිතයේ වඩාත් වැඩි තෘප්තියක් ලබාගන්න පුලුවනිලු. ඒ විතරක් නෙවෙයි, එහෙම පරාර්ථකාමී සෙක්ස් පාට්නර්ස්ලට වැඩි වැඩියෙන් සෙක්ස් එහෙමත් ලැබෙනවලු!
ආන්න ඒ නිසා, අපිත් ඉගෙනගමු කොහොමද පරාර්ථකාමී, තමන් ගැන නැතුව වැඩියෙන් තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ සතුට ගැන හිතන සෙක්ස් පාට්නර් කෙනෙක් වෙන්නේ කියලා!
1. අවබෝධය අංක එක
දැන් අපි පටන් ගත්තෙම පරාර්ථකාමී විදියට සෙක්ස් කරන පාට්නර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලනේ. හරියටම ගත්තොත්, පරිපූර්ණ වශයෙන් පරාර්ථකාමී සෙක්ස් පාට්නර් කෙනෙක් තමන්ගේ සතුට ගැන කිසිසේත්ම හිතන්නෙ නෑ. එයාගේ අවධානය පූර්ණ වශයෙන් යොමුවෙන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තෘප්තිමත් කරන්න විතරයි. හැබැයි ඕක ප්‍රායෝගිකව වෙන්න පුලුවන්, කරන්න පුලුවන් දෙයක් ද? උත්තරේ නැහැ සහ බැහැ. සමහර වෙලාවකදී තමන්ට කිසිම දෙයක් නැතුව තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තෘප්තිමත් කිරීමට පූර්ණ වශයෙන් අවධානය යොමු කරන තැනකදී වුණත්, එතන තමන්ටත් වක්‍රව තෘප්තියක් තියෙනවා. තමන්ගේ පාට්නර් සතුටු කිරීම පවා තමන්ටත් වක්‍රව ලැබෙන ලිංගික උත්තේජනයක් නේ. හැබැයි ඇත්තටම දෙන්නෙක් සෙක්ස් කරනකොට එහෙම තමන්ට මොකුත් නැතත් කමක් නෑ කියලා සෙක්ස් කරන්න යන්න ඕන නෑ. හැබැයි අපි කරන්න්න ඕන අපේ ප්‍රමුඛතාවය තමන්ගේ පාට්නර්ව සතුටු කිරීම කරගන්න එක. අන්න එතකොට එයත් අපිව සතුටු කරන එක එයාගේ ප්‍රමුඛතාවය කර ගනී. කොටින්ම කියනවා නම්, පරාර්ථකාමීව සෙක්ස් කිරීමක් වුණත් ඇත්තටම අපි එයාව සතුටු කිරීම, ඉන් පස්සේ එයා අපිව සතුටු කිරීම, එතකොට අපි එයාව සතුටු කිරීම කියන දෙපැත්තටම දෝලනය වෙමින් සිද්ධ වෙන ඩාන්ස් එකක් වගේ. ආන්න ඒක මුලින් අවබෝධ කරගන්න ඕන.
2. එයාගේ රිදම් එක
දැන් සෙක්ස් කරනවා කියන්නේ අන්තිමේදී ලෝකේ කොහේ වුණත් එකම විදියේ ක්‍රියාකාරකම් ටිකක් තමයි. ඉතින් ඕකේ අමුතුවෙන් රිදම් හොයන්න දෙයක් තියෙනවද කියලා කෙනෙක් අහයි. හැබැයි ඇත්තටම එහෙම රිදම් එක හොයාගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද, එකම ලිංගික ක්‍රියාකාරකමේ යෙදෙන දෙන්නෙක් ගත්තොත්, ඒ දෙන්නා ඒකට කැමති වෙන විදි දෙක දෙකක් වෙන්න පුලුවන් නිසා. උදාහරණයක් කිව්වොත්, එක්කෙනෙක් තොල් සිපගන්න ආස විදියයි, තව කෙනෙක් තොල් සිපගන්න ආස විදියයි දෙකක්. එතකොට එක්කෙනෙක් තමන්ගේ පියයුරු ස්පර්ෂ කරනවට කැමති විදියයි, තව කෙනෙක් පියයුරු ස්පර්ෂ කරනවට කැමති විදියයි දෙකක්. ඉතින් මේ වගේ, හැම කෙනෙක්ම සෙක්ස් කරනකොට කරන්න කැමති දේවල්, කරන්න කැමති විදි තියෙනවා. එතකොට පරාර්ථකාමීව සෙක්ස් කරන්න නම්, මෙන්න මේ දේවල් අල්ල ගන්න ඕන. ඒක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් කලින් ඒ ගැන කතාබහ කිරීමෙන්. දෙක, සෙක්ස් කරන අතරේ අත්හදාබැලීමෙන්!
3. ක්ලයිමැක්ස් එකට කේන්ද්‍රගත නොවී
මෙන්න මේක බොහොම සුලභව ඕනම සෙක්ස් තෙරපිස්ට් කෙනෙක් කියන, හැබැයි කලාතුරකින් කෙනෙක් පිළිපදින දෙයක්. දැන් අපි කෙනෙක් එක්ක සෙක්ස් කරන්න යන්නේ උද්දීපනය වුණු ලිංගිකාශාවන් එක්කනේ. එතකොට ඒ ලිංගිකාශාවන්ගේ කූටප්‍රාප්තිය වෙන්නේ සුරතාන්තය. ක්ලයිමැක්ස් එක. අන්න එතකොට ගොඩක් අය නොහිතාම කේන්ද්‍රගත වෙන්නේ තමන්ගේ ඒ ක්ලයිමැක්ස් එක ලඟා කරගැනීම සඳහා. හැබැයි ක්ලයිමැක්ස් එකට කේන්ද්‍රගත වීමෙන් සිද්ධ වෙන්නේ, ඇත්තටම සෙක්ස් කරන එකේ තියෙන බොහොම ආශ්වාදනීය කොටස් දෙන්නටම මිස් වෙන එක. ඇත්තටම සෙක්ස් කරන එකේදී ක්ලයිමැක්ස් එක එන්න සෘජු හෝ ගුද සංසර්ගයටම යන්න ඕන නෑ. මුඛ සංසර්ගයෙනුත් ක්ලයිමැක්ස් එන්න පුලුවන්. ස්පර්ෂයෙන්, ඒ කියන්නේ ෆින්ගරින් වගේ දේකිනුත් ක්ලයිමැක්ස් එකක් ලඟා කරගන්න පුලුවන්. සමහරුන්ට තමන්ගේ ලිංගේන්ද්‍රියට අනික් කෙනා හෝ තමන් හෝ අතක් නොතියාමත්, වෙන වෙන දේවල් වලින් ක්ලයිමැක්ස් එක ලඟා කරගන්නත් පුලුවන්. ඒක ස්වභාවිකව එහෙම ලැබෙනවා නම් ගැටළුවක් නෑ. හැබැයි ක්ලයිමැක්ස් එක ලබාගන්න ක්‍රියාකාරකම් වලට කෙලින්ම යොමු නොවී, ෆෝර්ප්ලේ කියලා අපි කියන ආදරය පෑම් සහ ක්‍රියාකාරකම් වලට වැඩියෙන් යොමු වීම ඔස්සේ, අපිට වඩාත් පරාර්ථකාමීව ලිංගික තෘප්තිය අනිකාට ලබාදෙන්න පුලුවන් වගේම, අපිටත් වැඩි වින්දනයක් ලබාගන්න පුලුවන්.
4. තමන්ගේ කාන්තාව එක්ක වැඩියෙන් ෆෝර්ප්ලේ
උඩින් කියපු කාරණාව ඇත්තටම වැඩියෙන් බලපානවා අපේ පාට්නර් කාන්තාවක් නම්. මොකද, ගොඩක් වෙලාවට කාන්තාවකට අතිශයින්ම හැඟීම් උද්දීපනය වෙලා තියෙන අවස්ථාවකදී සෘජු සංසර්ගයට යන්න අවශ්‍ය වුණත්, ගොඩක් කාන්තාවෝ ආස කරන්නේ වෙලාව අරගෙන, ක්‍රම ක්‍රමයෙන් තෘප්තිය ගොඩනංවමින් උපරිමයකට යන්න. ආන්න එතනදී වැඩි වැඩියෙන් ෆෝර්ප්ලේ නැතිනම් පූර්ව සංසර්ගීය ක්‍රියාකාරකම් සිද්ධ කරන එක සෑහෙන්න වාසියි. විශේෂයෙන්ම ඔය පහසුවෙන් ලිංගිකව තෘප්තිමත් කරන්න බැරි කාන්තාවන්ට එහෙම හොඳ තෘප්තියක් ලබාදෙන්නත් වැඩි වෙලාවක් අරගෙන ෆෝර්ප්ලේ කරන එක හරියන දෙයක්. හැබැයි ඉතින් වැඩි වෙලාවක් කාන්තාව එක්ක ෆෝර්ප්ලේ කරන්න, ඒ කියන්නේ ඇයව සිප ගැනීමේ, වැළඳ ගැනීමේ, ස්පර්ෂ කිරීමේ ඉඳලා මුඛ සංසර්ගය දක්වා දේවල් කරන්න නම්, අනික් කෙනාට හොඳ ඉවසීමක් සහ පරාර්ථකාමී ලිංගික වුවමනාවක් තියෙන්න ඕනමයි.
5. සුරතාන්තය පමා කිරීමේ ක්‍රම
ගොඩක් වෙලාවට ලිංගිකව හැසිරෙන දෙන්නෙක්ට තියෙන්න පුලුවන් ගැටළුවක් තමයි, එක්කෙනෙක් සුරතාන්තයට පැමිණිලා, අනික් කෙනා සුරතාන්තයට පැමිණිලා නැති වීම. ඇත්තටම ලිංගික ඉච්ඡා භංගත්වය දක්වා පවා යන්න පුලුවන් ගැටළුවක් තමයි ඒක. අන්න ඒ නිසා, අපි පරාර්ථකාමීව අපේ සහකරුවාට හෝ සහකාරියට ලිංගික සුවය ලබාදෙන්න හිතනවා නම්, එයාගේ සුරතාන්තයත් එක්ක අපේ සුරතාන්තය ලබාගැනීම හරි, එහෙම නැතිනම් එයාගේ සුරතාන්තයෙන් පස්සේ අපේ උපරිමය ලබාගැනීම හරි තමයි කළ යුත්තේ. ආන්න ඒකට ඉතින් තමන්ගේ සුරතාන්තය ප්‍රමාද කරන ක්‍රම සහ විධි හොයාගන්න ඕන. ඒකට ක්‍රම සහ විධි අපි මීට කලින් කතා කරලා තියෙනවා.
6. දෙන්නටම වෙලාවක්
සෙක්ස් කරන්න ගියහම පරාර්ථකාමී වෙනවා කියන්නේ දෙන්නටම දේවල් ලැබෙන ඩාන්ස් එකක් වගේ කියලා අපි කලිනුත් කිව්වනේ. ආන්න ඒක සාක්ෂාත් කරගන්න පුලුවන් හොඳ ක්‍රමයක් තමයි, අනික් කෙනා තමන්ට දෙන දේට වඩා වැඩි වෙලාවක් අරගෙන අනිකාට අපි දෙයක් දෙන එක. සරල උදාහරණයකින් අපි පැහැදිලි කරගමු. දැන් අපි කියමු අපේ පාට්නර් අපේ නිපල්ස් එක්ක ප්ලේ කරනවා කියලා. ඒකට එයා විනාඩි පහක් ගන්න පුලුවන්. එතකොට අපි එයාගේ නිපල්ස් එක්ක ප්ලේ කරනකොට, අපි විනාඩි පහකට ටිකක් වැඩියෙන් විනාඩි හයක් නෙවෙයි ගන්න ඕන. විනාඩි දහයක් හෝ පහළොවක් වුණත් කමක් නෑ. එතකොට විශේෂයෙන්ම මුඛ සංසර්ගයට ආවොත්, එකිනෙකා ඒකට දක්වන කැමැත්ත, ලොකු කැමැත්තක් නැති වීම වගේ දේවල් මත ඒකට ගන්න කාලය වෙනස් වෙන්න පුලුවන්. හැබැයි අපිට පුරුද්දක් විදියට හැකි උපරිම වෙලාවක් අරගෙන පාට්නර්ට මුඛ සංසර්ගයක් ලබාදෙන්න පුලුවන් නම්, ආන්න ඒක සෙල්ෆ්ලස් සෙක්ස් කිරීමකට හොඳ මාර්ගයක්. දැන් මේ එකක් වත් ඔරලෝසු බල බල කරන්න පුලුවන් වැඩ නෙවෙයි. හැබැයි අපි පාට්නර්ට දෙයක් ලබාදෙනකොට අපිට මහන්සියි, දැන් ඇති වගෙයි කියලා හිතුණත්, තව ටිකක් වැඩිපුර, තව ටිකක් වැඩි වෙලාවක් ඒක ලබාදෙන්න. පටන් ගැන්මට ඒක හොඳ ක්‍රමයක්.
7. ආෆ්ටර් කෙයාර්
ඇත්තටම පරාර්ථකාමී ලිංගික සහකරුවෙක් නැතිනම් සහකාරියක් කියන්නේ, සෙක්ස් කරන්න ගියහම තමන්ගේ තෘප්තියට කලින් පාට්නර්ගේ තෘප්තිය ගැන හිතන කෙනෙක් විතරක්ම නෙවෙයි. සෙක්ස් කරලා දෙන්නටම ක්ලයිමැක්ස් ආවට පස්සේ ඇඳෙන් නැගිටලා යන එක හරි අනික් පැත්ත හැරිලා නිදාගන්න එක හරි කරන්නෙ නැති පාට්නර් කෙනෙක් වීමත් මේ පරාර්ථකාමීත්වයට අයිති වෙනවා. ඇත්තටම සෙක්ස් කළාට පස්සේ කරන්න ඕන මේ ආෆ්ටර් කෙයාර් එක හරි හැඟීමෙන් කරන්න නම්, තමන් සෙක්ස් කරන්නේ තමන්ට ලොකු හැඟීමක් තියෙන, ලැදියාවක්, ආදරයක් තියෙන කෙනෙක් එක්ක වෙන්න ඕන. එහෙම නැතිනම් ඒක එන්නෙ නෑ. මේ ආෆ්ටර් කෙයාර් එකට සෙක්ස් කරලා ඉවර වුණාට පස්සෙත් සිප ගැනීම, තුරුළු කරගෙන හිඳීම, කතා බහ, ශරීරය පිරිමැදීම්, දෙන්නම එකට වොෂ් එකක් ගැනීම වගේ ඕන තරම් දේවල් ඇතුළත් වෙන්න පුලුවන්. වැදගත් වෙන්නේ, සෙක්ස් කරලා ඉවර වුණාට පස්සෙත් අනෙකාව අපිට වැදගත්, අනෙකා ගැන අපි කෙයාර් කරනවා කියන එක දැනෙන්න දීමයි.
දැන් මේ පරාර්ථකාමීව සෙක්ස් කිරීමෙන් අපිට ලැබෙන්නේ මොනවද? හරි පරාර්ථකාමී සෙක්ස් පාට්නර් කෙනෙක් නම් මේ ප්‍රශ්නේ අහන්නෙත් නෑ. හැබැයි ඉතින් මේක විතරක් මතක තියාගන්න. වැඩි වැඩියෙන් දෙන තරමට වැඩි වැඩියෙන් ලැබෙනවලු!!!
Leave a Reply