දවසට තියෙන පැය 24න් පැය 20ක් වගේ ඉන්ටර්නෙට් එකේ රවුම් ගහන්න තරම් පිස්සුවක් ඇති කළේ ෆේස්බුක්. අම්මා දුන්න සල්ලිවලින් ඩේටා කාඩ් අරගෙන ඒකෙම එල්ලිලා ඉන්න ටිකට වැදගත් දෙයක් ගැන අලුතින් ඉගෙනගන්න මාර්ගයක් ලැබුනොත් කොහොමද? බුකියේ තියෙන ගෲප් ඉංග්‍රීසියෙන් කිව්වොත් සමූහ බුකියේ තියන පුස්තකාල වගේ. හැම එක ම එහෙම නැහැ. ඒත් මේවා නම් සහතික කරලා කියන්න පුළුවන් වටිනාකමක් ඇති සමූහ කියලා.
1. genius club දිනියස් එකතුව மேதாவி கழகம்

Source – facebook.com
නමින් ම තේරෙනවා නේ මේකේ ඉන්නේ ජීනියස් පොරවල්. එහෙමයි කියලා අමු සැඩිකල් සීන් එකේ ඉන්නෙත් නෑ ගොබ්බයෙක් වගේ ඉන්නෙත් නෑ ගානට මිම්මට. මොකක් හරි පෝස්ට් එකක ඕනිවට වඩා රඟන්න ගියොත් සමූහයේ සාමාජිකත්වය, දාපු පෝස්ට් එක පවා අහිමි වෙන්න පුළුවන්. මේ සමූහයේ දී අලුත් දේවල් ගැන කතා වෙනවා. අතීතයේ දේවලුත් කතා වෙනවා. ඒ හැමදේ ම අපේ දැනුම් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. මොකක් හරි සමාජ සංසිද්ධියක් සම්බන්ධයෙන් එකිනෙකාට තියෙන ගැටලු පිස්සො වෙන්නේ නැතුව සාකච්ඡා කරලා විසඳගන්නවා.
2. සිංහල වියරණ හා පදරුත් – Sinhala Vocabulary and Grammar

Source – facebook.com
දැන් තියන ප්‍රවණතාව තමයි වෙනත් භාෂාවක් ඉගෙනගැනීම. ඔය අස්සේ අපේ භාෂාව ගැන තියන දැනුම මොට වෙලා යනවා. භාෂාවට ආදරය කරන බුකීවාසියෝ රජයන තැනක් තමයි මේ. සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් අපට තියන ගැටලු කතා කරලා විසඳගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද!
3. Travel Guide Sri Lanka

Source – facebook.com
දැන් යාළුවොත් එක්ක තැන් තැන්වල සෙට් වෙන්න සිතියම් පෙරළාගෙන මග දිගට කට්ටියගෙන් අහ අහ යන්න ඕනි නැහැ. මේ සමූහයේ ඉන්නේ තනිකර ම ට්‍රැවල් පිස්සෝ.
4. අපි බැලු චිත්‍රපට – the great movies we watched

Source – facebook.com
චිත්‍රපටයක් බැලුවා කියන තැන ඉඳන් ඒකේ විචාරේ වෙනකම් විස්තර දැනගන්න කියාපු සමූහය. ලංකාවේ හිතනවාට වඩා හොඳ රසාස්වාදයක් තියෙන ජන කොට්ඨාසයක් ඉන්නවා කියන හැඟීම ඇතිකරවන සමූහයක්.
5. slas (පරිපාලන සේවා) 2014

Source – facebook.com
පරිපාලන සේවා විභාග වගේ ම තවත් ඒ වගේ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න උපාධිධාරී හැමෝට ම මේ සමූහය ලොකු අත්වැලක්. එකිනෙකා කතා කරලා තමන්ට තියන ප්‍රශ්න විසඳගන්න පුළුවන්.
6. පොත් කියවන අය

Source – facebook.com
මේකත් තවත් ආසා හිතෙන විදියේ සමූහයක්. අලුත් පොත්, පරණ පොත්, හද්ද පරණ පොත් අතරින් ඕන ම පොතක් ගැන අදහසක් දැනගන්න, ඒ ගැන අනික් අයටත් කියන්න මේ සමූහය ලොකු වේදිකාවක් වෙනවා.
7. වංශකතාවට එහා… Beyond the Chronicle…

Source – facebook.com
ඉතිහාසය අපි ම හදාගත්තු බොරු බයිලයක් කියන අද කාලේ ගොඩක් අයියලාගේ මතය වෙනස් කරන්න පුළුවන්කම තියන සමූහයක්. ගොඩක් වෙලාවට මේකේ පෝස්ට් එක්ක් දාන්නේ ඉතිහාස විචාරඥයෝ තමයි.
8. පැරණි සිංහල ගී රසික හවුල Sri Lankan music fan Page

Source – facebook.com
ලංකාවේ අපේ රසිකත්වය ගැන සතුටුවෙන්න පුළුවන් සමූහයක් තමයි මේ. අද කාලේ සින්දුවල නොදකින විවිධත්වයක් පැරණි සින්දුවල තිබුණා. ඒ නිසාම ඒවා අහන්න සුවිශේෂ පාඨක පිරිසක් ඉන්නවා. මේ සමූහයේ තියන සුවිශේෂ ලක්ෂණයක් තමයි තරුණ පිරිස වැඩිවීම.
9. කටට රසට / Katata Rasata

Source – facebook.com
උයන්න ආස අය ඉන්න ඕනිම සමූහයක් තමයි මේ. දවසකට රෙසිපි පහකට වඩා ඉගෙනගන්න පුළුවන්. 63000කට වඩා වැඩි සාමාජික සංඛ්‍යාවක් මේ සමූහයේ ඉන්නවා. ආධුනික කෝකියන්, ගෘහණියන් වගේ අයගේ ඉඳන් පළපුරුදු කෝකියන් දක්වා විශාල පරාසයක අය මේකේ ඉන්නවා.
10. Online Entrepreneurs Club

Source – facebook.com
ඉන්ටර්නෙට් මනී කියන්නේ ලෝකේ මිනිස්සු සල්ලි හම්බ කරන අලුත් ම විදියේ. ලංකාවේ මේ හරහා හොඳ ව්‍යවසායකයෝ බිහිවෙනවා. මේ සම්බන්ධයෙන් උපදෙස් ගන්න, ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න හොඳම සමූහය තමයි මේ. ක්ෂේත්‍රයට ආගන්තුක කෙනෙක්ට මේ සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් විස්තර දැනගන්න පුළුවන්.
11. ගීතයක අරුත සොයා යමු…

Source – facebook.com
අපි සින්දු අහනවා. හැබැයි සමහර සින්දුවල තියෙන කතාව ගැන කිසි අවබෝධයක් නෑ. වඩාත් හොඳ රසවින්දනයකට මේ සමූහය තුළ ගීත සම්බන්ධයෙන් තියෙන කතා කියවලා දැනගන්න පුළුවන්.
12. The ART Gallery

Source – facebook.com
ඡායාරූපකරණයට කැමති ඔබ සිටිය යුතුම සමූහය තමයි මේ ගැලරිය. නිකන් ම නිකන් අපි ගන්න ෆොටෝස් අප්ලෝඩ් කරනවාට වඩා විශේෂඥයන්ගෙන් හොඳ ෆොටෝ එකක් ගන්නේ කොහොමද, ගානට එඩිට් කරගන්න විදිය, ඒත් එක්කම ඡායාරූප ප්‍රදර්ශන ගැන සහ අලුතින් එක් වෙන කැමරා ගැජමැටික්ස් ගැන මේ සමූහයේ කතා වෙනවා.
Cover Image Source – Lifie.lk
Leave a Reply