අම්මා කෙනෙක් අසනීප වුනාම ඒ අම්මගෙ පුතා ඉන්නෙ අවුලෙන් කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි අපි මේ කියන්න යන්නෙ ඒ අම්මා අසනීප වුනු පුතාගෙ හිත අවුල් යන්න හොඳටම ප්‍රෙෂර් කරවන සිද්ධි ටිකක් ගැන විස්තරයක්. අම්මා කෙනෙක් අසනීප වුනු අය මේ දේවල් හොඳට අත්දැකලා ඇති. එහෙම නැත්තං මේවට ගේමක් ගහන්න පුළුවන් තරමට හිත කෙලින් තියං ඉන්න එක ඇත්තටම හොඳයි.
1. සනීප කරගන්නෙ කොහොමද?

Source – youtube.com
ඔන්න ඕකනෙ මුල්ම ප්‍රශ්නෙ. තාත්තා ගාව ඇතිවෙන්න සල්ලි තියෙනවද? මං තව ටිකක් කොහෙන් හරි සල්ලි එකතු කරගත්තනං හොඳයි නේද? දොස්තරලා ඇයි මට මොකුත් නොකියන්නෙ? මේ වෙලාවෙ ගේමට බැහැලා ඉන්න නෑදෑයොන්ව තරහා කරගෙන බැහැ. ඒත් ඒ අය කරන සමහර දේවල් මට දිරවන්නෙ නැති එකට මොකද කරන්නෙ? ඔන්න ඔය වගේ ප්‍රශ්න දිගින් දිගටම අම්ම කෙනෙක් අසනීප වුනු පුතෙකුට ඇති වෙනවා.
2. බොන්න!

Source – videoblocks.com
බොන්නත් බෑ, නොබී දරාගෙන ඉන්නත් බෑ, බිවුවම හිත අවුල් යනවත් වැඩියි, කොහෙවත් යන්නත් බෑ, ගෙදරට වෙලා ඉන්නත් බෑ. යන එනකනුත් අම්මව මතක් වෙන්නෙ. හිත අවුල් කියල යාළුවො දෙතුන් දෙනෙක් එක්ක බිවුවත් පැත්තකට වෙලා මූඩ් ගහගෙන ඉන්න වෙන්නෙ. ඒ නිසා බිවුවා නොබිවුවා කියල ප්‍රශ්නෙ අඩු වෙන්නෙ නෑ.
3. යාළුවො

Source – lifie graphics
කොල්ලෙක් උනාම යාළුවො වැඩියිනෙ. හැම තැනම යාළුවො ඉන්නකොට යාළුවොන්ට අම්මගෙ විස්තර කියලම කොල්ලට එපා වෙනවා. ඊට වඩා යාළුවො අම්මව බලන්න යන්න පොරකනවා. ඒක අම්මට මහන්සි හින්දා කොල්ලොන්ගෙ හිත නොරිදෙන්න අද අම්මව බලන්න යන්න එපා කියල කියන්නත් සිද්ධ වෙනවා.
4. වැඩ

Source – vision.org
අම්මා අසනීප වුනා කියල නිවාඩු ලැබෙන්නෙ නැහැනෙ. එහෙමත් රිලීෆ් එකක් සෙට් වෙන්නෙ එහෙමත් ඔෆිස් එකකින් තමයි. ඒනිසා අම්මා අසනීප වුනත් කරන්න තියෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒක ඔෆිස්වල වැරැද්දක් නෙමෙයි. එක මනුස්සයෙකුගෙ අම්ම කෙනෙක් අසනීප වුනා කියලා සිස්ටම් එකක් නවතින්නෙ නැහැනෙ. වැඩ කරන්න තියා ඇඳෙන් නැගිටින්නවත් මූඩ් එකක් නෑ ඒ මදිවට.
5. කෑම

Source – yamu.lk
අපිම උයාගන්න ඒවා රස නෑ., කඩේ කෑම දවස් දෙකක් කද්දි එපා වෙනවා. අම්ම හිටියනං හවසටත් වඩේ බැදලා දෙනවා නේද කියල මතක් වෙද්දි පට්ට අවුල්. කන කෑමක් මෙහෙම චාටර් විදියට කනවා කියල අම්ම දන්නවනං එයත් අවුල් යනවා. කොහොමින් කොහොම හරි කෑම කියන්නෙ අම්මලා ගෙදර නැතිවුනාම නියමෙටම අවුල් යන දෙයක්.
6. ගෙදර අවුල්

Source – minkyweasel.com
අම්මලා ගෙදර නැතිවුනාම කෑම විතරක් නෙමෙයි අවුල් යන්නෙ. ගෙදරම අවුල් යනවා. ඇයි එයාලා වගේ හැම පැය දෙකකටම පාරක් ගෙදර අතුගාන්නෙත් නෑ.. කැරපොත්තො පිරිලා, අපිරිසිදුයි, රෙදි හෝදලා නෑ, කෑම හැලිලා, පට්ට විපරීත වෙලා. ගෙදර බඩුවක් තියපු තැනක නෑ. අම්මා ආයෙ සනීප වෙලා ආවම මුලින්ම ලෙඩ වෙන්නෙ ගෙදරට වෙලා තියෙන විනාසෙ දැකලයි.
Cover Image Source – buzzfeed.com
Leave a Reply