ලිතියම් බැටරි අර්බුදය නිසා අවහිර වෙන බැටරි සිහින

බැටරි භාවිතය විතරක් නෙමෙයි, බැටරි කිව්වහම අපේ හිතේ හැදෙන රූපෙත් මෑතකදි වේගෙන් වෙනස් වුණා. ඉස්සර බැටරියක් කියන්නේ පරණ කාර් බැටරියක් වගේ මහ බරසාර දෙයක්. නැතිනම් ටෝච් බැටරි වගේ දෙයක්. ඒත් මොබයිල් ෆෝන්, ටැබ්, ලැප්ටොප් වල විතරක් නෙමෙයි, අද වෙද්දි ගෙවල් වලට විදුලිය ගබඩා කරගන්න සහ කාර් රිය ධාවනය කරන්නත් බැටරි පාවිච්චි වෙනවා. මේ බැටරි වල බොහෝවිට ලිතියම් පාවිච්චි කරනවා විදුලිය ගබඩා කරගන්න.

 

1. ලිතියම් බැටරි වල වැදගත්කම

ලිතියම් බැටරි මුලින්ම වැඩිදියුණු කළේ 1990 දශකයේදි සෝනි සමාගම විසින්. ලිතියම් බැටරි කලින් තිබුණ ඊයම් බැටරි වලට වඩා කාර්යක්ෂමයි, බරින් අඩුයි. ඒ වගේම චාජින් සයිකල් ගාණත් වැඩියි. ඒත් ලිතියම් බැටරි වලට අවශ්‍ය ලිතියම් සපයාගැනීම ගැටළුවක්. ලිතියම් බැටරි නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න අමාරුයි. භාවිතා කරන ලිතියම් බැටරි වලින් 1%ක් තමයි ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙන්නේ. ලිතියම් තියෙන්නේ අඩුවෙන්. ලිතියම් නිස්සාරණයත් ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා ලිතියම් බැටරි වල අනාගතය ගැන ප්‍රශ්න තියෙනවා.

 

2. ලිතියම් අයන් බැටරි වල වාසි

ලිතියම් අයන් බැටරි සැළකුවාම ඒ බැටරි කිලෝවකින් ලැබෙන බලය වැඩියි. සාමාන්‍ය බැටරියක එම අගය ලිතියම් අයන බැටරි වල 100-265 Wh/kg පමණ අගයක් ගන්නවා. ලිතියම් අයන් බැටරි ඒකකයකින් වෝල්ට් 3.6ක් ජනනය වෙනවා. එය අනෙක් බැටරි හා සංසන්දනය කළාම තුන් ගුණයක් තරම් අගයක්. අනෙක් බැටරි විදිහට සැළකෙන්නේ නිකල් කැඩ්මියම් වගේ බැටරි. මේ නිසා මේ ලිතියම් අයන් බැටරි වලට විශාල පරිමාණයේ ධාරාවන් සැපයීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ලිතියම් අයන බැටරි වල බැටරියේ ධාරිතාවය බලාගන්න පුළුවන් එකත් ඒවායේ තියෙන වාසියක්.

 

3. ලිතියම් බැටරි වල අවාසි

ලිතියම් බැටරි අනෙක් ඒවාට වඩා ඉක්මනින් ඕවර් හීට් වෙනවා. ඒ ඕවර් හීට් වීම හරහා බැටරි පුපුරායෑමේ අවදානමක් තියෙනවා. මේ අවදානම දැනට හොඳින්ම හඳුනාගෙන තිබෙන එකක් නිසා එය අවම කරගන්න දැන් එන බැටරි වල ක්‍රමවේද යොදලා තියෙනවා. මේ නිසාම ලිතියම් අයන් බැටරි ප්‍රවාහනයේදී ගුවන් යානා යොදාගැනීම සීමා වෙලා තියෙනවා. ඒ වගේම කාලයත් එක්ක බැටරියේ කාර්යක්ෂමතාවය අඩු වීමේ ගැටළුවක් ලිතියම් බැටරි වල තියෙනවා.

 

4. ලිතියම් අයන බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම

රීසයිකල් එහෙමත් නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කරන්න අමාරු එක ලිතියම් බැටරි වල තියෙන ලොකු අවාසියක්. ඒ නිසා ලිතියම් නිධි වලින් ලිතියම් නිස්සාරණය කරන්න වෙනවා නැවත බැටරි නිෂ්පාදනය කරද්දි. සාමාන්‍ය බැටරි වගේ එක පෙළට කුඩු කරලා, පොඩි කරලා අදාළ ද්‍රව්‍ය වෙනමම වෙන් කරගන්නා එක ලිතියම් බැටරි වලට අසාර්ථකයි. ඒ නිසා ලිතියම් බැටරි ප්‍රතිචක්‍රීකරණය කරන්න වෙනමම ක්‍රමවේද හදන්නට විද්‍යාඥයින් පර්යේෂණ කරනවා.

 

5. ලිතියම් බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමට අදාළ දියුණු ප්‍රවේශ

ලිතියම් බැටරි සැකසීමේදි යොදාගන්නා මැටීරියල් සහ කේස් ආදිය නැවත බැටරි හදන්නම පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට බැටරිය නැවත ගලවන්න පුළුවන්ද කියලා පර්යේෂණ කෙරෙනවා. ඒක යම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා. එහිදී බැටරි හදන සහ ආවරණය කෙරෙන කොටස් නැවත බැටරි හදන වැඩේටම පාවිච්චි වෙනවා. ඒත් බැටරි නිෂ්පාදකයින් ගණනාවක් විවිධ මාදිලි වලට නිෂ්පාදනය කෙරෙන නිසා මේ බැටරි නැවත කොටස් ගැලවීම තරමක් අපහසු කාර්යයක්. ඉදිරියේදී රීසයිකල් කරන එකට පහසු වෙන්න බැටරි නිපදවන්නත් පර්යේෂණ සිද්ද වෙමින් පවතිනවා.

 

6. ලිතියම් සැපයුම සම්බන්ධ ප්‍රශ්නය

ලංකාවෙත් නිසි කලට විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා විදුලි බල සැපයුමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඕෆ් ග්‍රිඩ් ක්‍රමයට විදුලිය ගබඩා කරගෙන ඉඳලා පාවිච්චි කරන ක්‍රමවේද නිවෙස් වලටත් ළඟා වෙමින් පවතිනවා. ඒත් ඒ බැටරි වල ගබඩා කරලා නැවත රාත්‍රී විදුලි අවශ්‍යතාවයන්ට ගැනීමත් මේ ලිතියම් බැටරි මූලික කාර්යයක්. එහිදී බැටරි සැපයුම අඩුවෙලා බැටරි මිල වැඩි වුණොත් එහි අවාසියත් ජනතාවට එනවා.

 

විදුලියෙන් දුවන කාර් පද්ධතියෙන් බැහැරව බැටරියෙන් විදුලිය නිපවදාගන්නා ක්‍රමවේද ජනප්‍රිය වෙන මේ කාලේ බැටරි නිෂ්පාදනය කියන්නේ වැදගත් අංශයක්. ලිතියම් සැපයුම් අඩු වීම නිසා සහ චිප් වල අවුල් නිසා හිතුව තරම් විදුලි කාර් නිපදවාගැනීම දැනටම ගැටළුවක් වෙලා තියෙනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *