ඔය කෝච්චිවල යන සෙනග අතරෙ කෝච්චි කාලා තිනර් බීපු ඩයල් ඉන්නව. ඒ වගේම මෙලෝ හසරක් නොදන්න පළවෙනි හෝ දෙවනි පාරට කෝච්චියෙ යන අයත් ඉන්නවා. කට්ටියක් එක්ක යනවනං ටිකක් ෂේප්. ඒත් තනියම යන්න සෙට් උනාම කට්ටියට තරු පේනවා. මෙවුව හොඳටම සෙට් වෙන්නෙ බස් එකේම ගමන් ගිය කොල්ලෙකුට දුර ඈත පළාතකින් කෙල්ලෙක් සෙට් වුණොත් තමයි. අපි මේ කියන්න යන්නෙ ඒ විදියට දුම්රියට නුපුරුදු ඩයල් එකක් අත්විඳින අනියත බිය කිහිපයක් ගැනයි.
1. මේ කොහෙද?

Source – wikimedia.org
මං මේ නැග්ගෙ හරි කෝච්චියටද? හතරවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය කියලා කිවුවට මම එද්දි මේක නවත්තලනෙ තිබ්බෙ? ඒ කියන්නෙ මේක නෙමෙයිද කෝච්චිය? මේක කොහේ යයිද? කළුතර නවත්තන්නෙ නැද්ද දන්නෙ නෑ? මේ ලේන් එක හරිද? අපරාදෙ මට දුර ටිකට් එකක් ගන්න තිබ්බෙ. හදිස්සියෙවත් කළුතර නවත්තන්නෙ නැතුව ගියොත් චෙකර්ල මගේ බෙල්ල හපයිද? අපරාදෙ මට බස් එකේ යන්න තිබ්බෙ. හරියටම ස්ටේෂන් එකේ නවත්තන් නැත්තං. කෝච්චිවල හැමදාම ගිය උන්ටත් කෝච්චි පැටලෙනවා. මේක එක්ස්ප්‍රස්ද දන්නෙ නෑ. එහෙම නැත්තං යන එකෙන්වත් පනින්න තිබ්බා.
2. මොන කැලෑසියේද?

Source – wikimedia.org
හප්පට සිරි මං මේ හරි එකටද නැග්ගෙ. ගත්තෙ නං තර්ඩ් ක්ලාස් ටිකට් එකක්. ඒකනෙ ගනං අඩුම. ඒ වුනාට මේකෙ බලු බල්ලෙක් නැහැනෙ. මේක අද යන්නෙ නැති කෝච්චියක්ද දන්නෙ නෑ. දැන් යකෝ මං මේකට නැගල හදිස්සියෙවත් වැරදි එකනං, චෙකර්ලා මාව කට්ටිය මැද්දෙ චාටර් කරයිද? මං වැරැද්දක් හිතල කරල නං චාටර් කළත් කමක් නෑ. අතන ඉන්න බුවාගෙන් මේක තර්ඩ් ක්ලාස්ද ඇහුවම ඔලුව වැනුව විතරයි. ඔවුද? නැද්ද? දන්නෙ නෑ.
3. පීලි පනියිද?

Source – Firstpost.com
ස්ටාට් කරද්දිත් දහ් ගාලා ආපු සද්දෙනං මට ඇල්ලුවෙ නෑ. මොකද්ද මේකට කරන්නෙ? කෝකටත් මැදට වෙන්න ඉන්න ඕන. ඇයි යකෝ හැම මිනිත්තු දහයකටම පාරක් මේක ජිකි ජිකි ගාලා අමුතු සද්දයක් දානවනෙ. පීලි පැනල ආයෙ ගොඩ එනවද කොහෙද? මොන විජ්ජුම්බරයක් වෙයිද දන්නෙ නෑ. අම්මලට ඉන්නෙත් මං විතරයි. ඒ මදිවට අද කෙල්ලව හම්බෙන්න යනන පළවෙනි පාර. ඒකි හිතයිද දන්නෑ මං මගඇරිය කියලා. කවුද හිතන්නෙ මග මැරිල කියලා.
4. මට නින්ද යයිද?

Source – dailyexcelsior.com
බස් එකේ දෙපරන්ද ගහල නිදාගත්තු අපිට කෝච්චි මොන සැපක්ද මහත්තයො. හදිස්සියට පොහ් ගාලා බ්‍රේක් ගහල කුණුහරුප කියාගන්නෙ නෑ. කොයිවෙලෙත් ඔටුව ඔටුව කියන කොන්දොස්තර මල්ලි කෙනෙකුත් නෑ. කකුල් පාගගෙන ඇග උඩින් පැනගෙන බහින එවුනුත් නෑ. ඉවසන්නම් රත්තරනේ කියල අඬන සද්ද එන ස්පීකර් පෙට්ටි හතරත් නෑ. සනීපෙට පැද්දි පැද්දි ඉද්දි හිටගෙන උනත් නින්ද යනවා. යකෝ දැන් ඔහොම නින්ද ගිහින් මට ස්ටේෂම මිස් වෙයිද?
5. ටිකට් එක

Source – newsfirst.lk
මගේ පර්ස් එක ඉස්සුවොත්. මාර කේස් එක වෙන්නෙ. ටිකට් එක ඒක ඇතුළෙ. දඩ ගෙවන්න සල්ලිත් නෑ. කෝච්චිවල හෙනට පොකට්කාරයොලු. හදිස්සියෙවත් පොකට් ගහල කෝච්චියෙන් පැන්නොත් මල හත්තිලවුවක් වෙන්නෙ මට. කෝකටත් කියල ටිකට් එක උඩ සාක්කුවට ගන්නවා. හප්පට ඊටපස්සෙ ටිකට් එක හුලඟෙ ගියොත් මොකද කරන්නෙ. මේ හිරවෙන තදියම් ටිකට් එකක් වැටුණත් හොයාගන්න බෑ. මාර කේස් එක.
6. මං විතරක් තනියෙන් ඇයි?

Source – adventuresofagoodman.com
යකෝ මේ කෝච්චියෙ යන හැම මිනිහම අනිත් එකාව දන්නවනෙ. මං විතරයි කාවවත් දන්නෙ නැත්තෙ. ඇයි යකෝ, උන් කනවා බොනවා. කාඩ් ගහනවා. මේක නිකං මල ගේ වගේනෙ. මොකද්ද මේ කේස් එක?
Cover Image Source – gettyimage.com/ @mokumsurfclub
Leave a Reply