හැරී පොටර් සහ සාපලත් දරුවා – හැරී පොටර් ගැන ඔබ නොදත් කතා​ව

ඔන්න අපි පොරොන්දුවක් ඉෂ්ට කරන්න යන්නේ. සති කිහිපයකට කලින් අපි හැරී පොටර්ලා දැන් මොකද කරන්නේ කියල ආර්ටිකල් එකක් ලිව්වා.කියෙව්වෙ නැත්නම් කියවන්න ලින්ක් එක මෙන්න. 

හැරී පොටර්ලා දැන් මොකද කරන්නේ?

මේ ආටිකල් එක අවසානයේදී අපි පොරොන්දුවක් වුණා. ඒ ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර උඩ ඇල්බස් සහ ස්කෝපියස් ඇති කරපු අවුල ගැන ඕගොල්ලන්ට කියනවා කියලා. ඉතිං අපි අද ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ යන්නේ. අපි මේ පොරොන්දුව ඉෂ්ට කරන්න පාවිච්චි කරන්නේ “Harry Potter and the Cursed Child” වේදිකා නාට්‍ය පිටපත. මේ පිටපත රචනා කරලා තියෙන්නේ ජේ.කේ රෝලින්ග් සහ ජෝන් ටිෆනි. කතාවේ ස්වභාවය අනුව කවදාවත් චිත්‍රපටයකට නම් මේ කතාව නැගෙන එකක් නැහැයි කියලයි ජේ.කේ රෝලින්ග් දැනට කියලා තියෙන්නේ.

 

1. අලුත් කතාව පටන් ගන්නේ මෙහෙමයි

මේ කතාව පටන් ගන්නේ කිංග් ක්‍රොස් දුම්රිය ස්ථානයේ 9 3/4 වේදිකාවෙන්. දවස 2017 සැප්තැම්බර් 17 වෙනිදා. මේ දවස වීස්ලි සහ පොටර් පවුල්වලට විශේෂ දවසක්. හැරී පොටර් සහ ජිනී විස්ලිගේ දෙවැනි පුතා ඇල්බස් සෙවරස් පොටර් හොග්වෝර්ට්ස් මායා පාසලේ ඉගෙන ගන්න පිටත්ව යන දවස එදා. ඒ වගේම රොන් වීස්ලි සහ හර්මයිනි ග්‍රේන්ජර්ගේ වැඩිමහල් දුව රෝස් වීස්ලිත් ඒ සමග හොග්වෝර්ට්ස් බලා පිටත්ව යනවා. මේ දුම්රියටම ඩ්රේකෝ මැල්ෆෝයිගේ පුතා වුණු ස්කෝපියස් මැල්ෆෝයිත් ගොඩ වෙනවා (Deathly Hallows චිත්‍රපටිය අවසන් වෙන්නෙත්, මේ අය රැගත් දුම්රිය පිටත් වෙන දර්ශනයෙන්).

 

2. ඒ යාලුකම පටන් ගන්නෙත් කෝච්චියෙදි

අවසාන හැරී පොටර් චිත්‍රපටයේදී රෝස් සහ ඇල්බස් එකම දුම්රිය මැදිරියේ වාඩිවී හිටිය ආකාරය පෙන්නුවට ඇත්තටම රෝස් සහ ඇල්බස් හිස් දුම්රිය මැදිරියක් සොයාගෙන ගමන් කරනවා. එක දුම්රිය මැදිරියකදී ඒ දෙදෙනාට ස්කෝපියස්ව මුණ ගැසෙනවා. රෝස් ඒ දුම්රිය මැදිරියේ රැඳෙන්නට කැමැත්තක් දැක්වූයේ නැතත් ඇලබස් ඒ දුම්රිය මැදිරියේම රැඳී සිටින්නට තීරණය කරනවා. රසකැවිලි බෙදා හදා ගන්න ඒ දෙන්නා ඉක්මනින්ම මිතුරන් බවට පත් වෙනවා.

 

3. හොග්වර්ට්ස් කැලඹෙයි, නොසිතු දෙයක් සිදුවෙයි

හොග්වර්ට්ස් පාසලේදී ඇල්බස් මුලින් සැක පළ කළ ආකාරයට ම තෝරා ගැනෙන්නේ ස්ලිදරින් නිවාසයටයි. පොටර් සහ වීස්ලි පවුල්වල සාමාජිකයෙක් ස්ලිදරින් නිවාසයට තේරීම පිළිබඳව මුළු පාසලම පුදුමයට පත් වෙනවා. රෝස්ව ග්‍රිෆින්ඩෝර් නිවාසයට තේරෙනවා. ඒ වගේම ඇල්බස් පාසල තුළ දීප්තිමත් ශිෂ්‍යයකු බවට පත් වන්නේ නෑ. මේ නිසා ඔහුව උසුළු විසුළුවලට ලක් වෙනවා. ඒ වගේම ස්කෝපියස්  මැල්ෆෝයි යනු වොල්ඩමෝට්ගේ පුතෙක්  කියලා කට කතාවක් පාසල පුරා පැතිරෙනවා. ඒ කටකතාවේ හැටියට වොල්ඩමෝට් තමන්ගෙ මරණයට කලින් ටයිම් ටර්නර් එකක් භාවිතා කරලා ඩ්‍රැකෝගේ බිරිඳ සමග එක් වීමෙන් ලැබුණු පුතෙක් කියලා සමහරු ස්කෝපියස්ට තාඩන පීඩන කරන්න ගන්නවා. මේ තත්ත්වය එක්ක ඇල්බස්  සහ ස්කෝපියස් තව තවත් සමීප වෙනවා.

 

4. හැරී සහ ඇල්බස් ගැටෙති

ඇල්බස් පාසලේ දක්වන අඩු දක්ෂතා හේතුවෙන් හැරී පොටර් සමග ඇල්බස් බහින්​බස්වීම් සහ ගැටුම් ඇති කරගන්නවා. වතාවක් හැරී පොටර් තෑග්ගක් විදිහට හැරී බිළිඳු අවදියේ පාවිච්චි කරපු බේබි බ්ලැන්කට් එක සහ ලව් පෝෂන් එකක් ඇල්බස්ට දෙනවා. ඒ අවස්ථාවේදී ඇතිවුණ කතාබහක් නිසා ඇල්බස් ලව් පෝෂන් එක බ්ලැන්කට් එක මතට හලලා පිට වෙලා යනවා.

මේ කාලෙදීම හැරී පොටර්​ට අලුත් ටයිම් ටර්නර් එක හම්බ වෙනවා. ඒ වගේම  ඔහුගේ නළලෙ කැලළ රිදෙන්න ගන්නවා. මේ නිසා ආපහු වෝල්ඩමෝර්ට් යම් ක්‍රමයකින් උත්ථානය වෙන්න හදනවද කියන  සැකය හැරීට ඇතිවෙනවා.

 

5. සෙඩ්‍රික් මරණයෙන් බේරෙයිද?

ටයිම් ටර්නර් එක ගැන ආරංචි වෙන ආමෝස් ඩිගොරි (ට්‍රයිවිසාඩ් ටූර්නමන්ට් එකේදී මියගිය සෙඩ්‍රික් ඩිගොරිගේ පියා) හැරී පොටර් මුණගැහෙන්න ඇවිල්ලා කාලය හරහා අතීතයට ගිහිල්ලා තමන්ගේ පුතාව මරණයෙන් බේරගන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම හැරී ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ කාලය වෙනස් කිරීමෙන් ඇති වන ප්‍රතිඵල පුරෝකතනය කරන්න අමාරුයි, නිසා එහෙම කරන්න බෑ කියලා.

මේ ගැන අහගෙන ඉන්න ඇල්බස් තීරණය කරනවා ආමෝස් ගේ මේ ඉල්ලීම ඉෂ්ට කරන්න. මේකට ඔහු ස්කෝපියස් ගේ සහය සහය ලබා ගන්නවා. පොලිජූස් පෝෂන් එක භාවිතා කරලා වෙස් මාරු කරන් ඔවුන් මායා කටයුතු අමාත්‍යාංශයට ගිහින් ටයිම් ටර්නර් එක සොරාගන්නවා. මේ වැඩේ කරන්න ආමෝස්ගේ ඥාති දියණියක් වන ඩෙල්ෆි ඩිගොරි ඇල්බස්ට සහ ස්කෝපියස්ට උදව් කරනවා.

 

6. අදහා ගත නොහැකි විදිහට වෙනස් වුණු කාලය

කාලය හරහා අතීතයට ගමන් කරන ඇල්බස් සහ ස්කෝපියස් ට්‍රයි විසාඩ් ටූනමන්ට් එකේ පළමු කාර්යයේදී සෙඩ්‍රික්ව පරාද වෙන විදිහට කටයුතු සලසනවා.

නැවතත් අනාගතයට යන ඔවුන් මුහුණ දෙන්නෙ නොසිතූ විරූ අවස්ථාවකටයි. ඒ වන විටත් සෙඩ්‍රික් මිය ගොසින්. නමුත් රොන් විවාහ වී ඇත්තේ පද්මා පාටේල් සමග. ඒ විවාහයෙන් ඔවුන් දෙදෙනාට පන්ජු නමින් පුතෙක් ඉන්නවා. මේ නිසා රෝස් වීස්ලි කෙනෙක් ඉපදිලා නෑ. අවිවාහක හර්මයිනි ඩිෆෙන්ස් අගෙන්ස් ඩාර්ක් ආට්ස් ගුරුවරිය බවට පත්වෙලා ඉන්නවා.

සිදුවුණු වැරැද්ද එක්ක ස්කෝපියස්  හා ඇල්බස් අතර ගැටුමක් ඇති වෙනව. නමුත් ඩෙල්ෆි ඩිගොරි ඔවුන් දෙදෙනාම නැවත මිතුරන් බවට පත් කරනවා. ඔවුන් තමන්ට වුණු වැරැද්ද නිවැරදි කරන්න නැවතත් උත්සාහ ගන්නවා.

ඒ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා සාර්ථක වෙනවා,

ඔවුන්ට සෙඩ්‍රික්ව මරණින් මුදා ගැනීමට හැකියාව ලැබෙනවා. නැවතත් අනාගතයට පැමිණෙන විට දී  ස්කෝෆියස් තේරුම් ගන්නේ තමන් තනි වී සිටින බවක්. ඇල්බස් අතුරුදහන් වී තිබෙනවා. සෙඩ්‍රික් මරණයෙන් බේරුණත් තරග පරාජය වීමේ ලැජ්ජාව නිසා ඔහු ඩෙත්ඊටර් කෙනෙක් බවට පත් වෙලා. ඔහු විසින් නාගනීව මැරීමට පෙර නෙවිල් ලොන්ග්බොට්ම්ව මරණයට පත් කිරීම නිසා වොල්ඩමෝට් යුද්ධය ජය අරගෙන. ඩොලාරොස් අම්බ්‍රිජ් හොග්වට්ස්වල විදුහල්පතිනිය බවට පත් වෙන අතරේ අවුගරි නමැත්තියක් මායා කටයුතු අමාත්‍යාංශය බාරව කටයුතු කරන්න පටන් අරන්.

තමන්ට සිදුවුණු වරද වටහා ගන්නා ස්කෝපියස් එවකට සිටින ස්නේප්, ​රොන් සහ හර්මයිනිගේ උදව්වෙන් නැවතත් කාලය හරහා අතීතයට ගොස් වරද නිවැරදි කර ගන්නවා.

නැවතත් නිවැරදි වර්තමානයට පැමිණෙන ස්කෝපියස් සහ ඇල්බස් ටයිම් ටර්නර් එක විනාශ කිරීමට තීරණය කරනවා. මෙතනට පැමිණෙන ඩෙල්ෆි ඩිගොරි එසේ කිරීම වළක්වාලනවා. ස්කෝපියස් ඩෙල්ෆි සහ තමන් මින් පෙර දුටු අවුගරි එකම කෙනෙක් බව වටහා ගන්නවා. ස්කෝපියස් සහ ඇල්බස්ව රැගෙන බලෙන් අතීතයට යන ඩෙල්ෆි සෙඩ්‍රික්ගේ මරණය වළක්වාලීමට උත්සාහ කළත් එය අසාර්ථක වෙනවා. මේ ගැන කෝපයෙන් පසුවෙන ඩෙල්ෆි, ඇල්බස් සහ ස්කෝපියස් සමග අතීතයට ගොස් ටයිම් ටර්නර් එක කඩා ඔවුන් දෙදෙනාව අතරමං කොට යනවා.

ස්කෝපියස්ව සහ ඇල්බස්ව සොයා යන හැරී ඇතුළු පිරිස අවසාන වරට ඔවුන් දෙදෙනා ඩෙල්ෆි සමග සිටි බව දැනගන්නවා. කරුණු සොයා යාමේදී ඩෙල්ෆි යනු ආමෝස් ඩිගොරිගේ ඥාති දියණියක් නොව වොල්ඩමෝර්ට්ගේ සහ බෙලාට්‍රික්ස් ලාස්ට්‍රේන්ජ්ගේ දියණිය බව වටහා ගන්නවා. 

 

7. හැරීට සිද්ධ වෙන අවාසනාවන්ත දේ

ස්කෝපියස් සහ ඇල්බස් තමන් මේ සිටින්නේ හැරී​ගේ දෙමව්පියන් ඝාතනය වුණු 1981 ඔක්තොබර් 31 දින ගොඩ්‍රික් හොලෝ ප්‍රදේශයේ බව  තේරුම් ගන්නවා. ඒ අනුව ඔවුන් දෙදෙනා හැරීගේ බේබි බැල්න්කට් එක මත බැලු බැල්මට නොපෙනෙන සටහනක් තබනවා. හැරී තම මවුපියන් මි​යගිය සංවත්සරය දින ඒ බ්ලැන්ක්ට් එක බැලීමත් සමග ලව් පෝෂන් එක නිසා සටහන පෙනෙන්නට ගන්නවා.

ඩ්රේකෝ මැල්ෆොයි සතුව ඇති තවත් ටයිම් ටර්නර් එකක් භාවිතයෙන් හැරී, ඩ්රේ​කො ඇතුළු පිරිස 1981 ඔක්තෝබර් 31 දිනට යනවා. ඩෙල්ෆි වොල්ඩමෝට්ව මුණ ගැසීමට පෙර ඇය ඉදිරියට පොලිජූස් පෝෂන් භාවිතයෙන් වොල්ඩමෝට්ගේ වේෂය ලබාගන්නා හැරී යනවා. කුඩා සටනකින් පසුව ඩෙල්ෆිව තමන්ගේ යටතට ගැනීමට හැරී සමත් වෙනවා.

කාලය වෙනස් කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල අවිනිශ්චිත නිසා හැරී ඇතුළු පිරිස වොල්ඩමෝට් විසින් හැරීගේ දෙම්වපියන් ඝාතනය කරන අවසානාවන්ත දර්ශනය අපහසුවෙන් බලා සිටිනවා.

නැවතත් නියමිත කාලයට පැමිණෙන හැරී ඇතුළු පිරිස ඩෙල්ෆිව අස්කබාන් හිර ගෙදරට යවනු ලබනවා. හැරී සහ ඇල්බස් නැවතත් මිත්‍ර වෙනවා.

 

ඔන්න ඔහොමයි කතාව ඉතින්.මේකත් බලල, බලන්න ෂෙයාර් කරලා, අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ කියලා යන්න ඕන හොඳේ 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *