අපි හැමෝම දන්න දෙයක් තමයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නැට්ටටම කෙලවෙලා නැතත් අපි හැමෝම ඉන්නෙ යම් තරමකින් හෝ කෙළ වුනු පසුබිමක විත්තිය. ඉතින් මේ අවුල්කාර පසුබිමේ ඉඳන් තිස් දෙකේ දත් වහල්ල එළියට දාගෙන ආතල් එකේ ඉන්න අපිට මෙහෙම වුනේ ඇයි කියන එක ගැනනං හිතන්නම වෙනවා. අන්න ඒ නිසායි අපි මේ ආටිකල් එක ලියන්නෙ. කියවලා ඉවර වෙලා කල්පනා කරන්න කවදාහරි දවසක මෙයින් දේකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනා නේද කියලා.
1. ඇස්වහ

Source – facebook.com
ඇත්තටම මෙන්න මේකනං සිද්ධ වෙන්න ඇති. මොකෝ ඉතිං අපි ඇස්වහ පුච්චන ජාතියක් යැ. අනිත් එක අපි නැට්ටටම කෙළ වෙලා හිටියට අපිට කෙල වෙලා කියල බැලූ බැල්මට කාටවත් පේන්නෙ නෑ. ඒ අපි ආතල් එකේ ඉන්න නිසානෙ. කොහොමහරි මේ ආතල් කුඩු වෙන්නම කවුරුහරි අපි දිහාවට ඇස්වහ බැල්මට් එක දාලා කියල හිතෙන්නෙ සෙනිකව අපේ ජීවිතවලට සිද්ධ වුනු කෙලිය නිසායි. අම්මලගෙන් කකා ඉන්නකං කිසිම අහේනියක් නොතිබ්බ අපි හම්බුකරන්න ගත්ත විතරයි මෙහෙම කෙලවෙන්නෙ තනිකරම ඇස්වහ නිසා. දැනටත් කොල්ලො ඉන්න කෙල්ලොන්ගෙ, අපි වගේ බෑනල නැති නැන්දම්මලගෙ ඇස් වහවලින්ම තමයි අපිට කෙලවෙලා තියෙන්නෙ.
2. වතුර බිවුවෙ නෑ

Source – pdpics.com
ඇත්තටම අපිට මෙහෙමෙ වෙන්න වතුර නොබීපු එකත් හේතුවක් වෙන්නැති. නෑ නෑ මේ කියන්නෙ කාලා වතුර බීපු නැති එක ගැනවත්, ගෙදර ටැප් එකෙන් වතුර බීපු නැති එක ගැනවත් නෙමෙයි. මේ කියන්නෙ මෙන්න මේ අහවල් ගඟේ වතුර බිවුවම බඩුම තමයි කියල, කට්ටිය කියද්දිත් අපි කිසි ගානකට ගන්නෙ නැතුව හිටියා. එවුව දේව සාප මහත්තයො. දේව සාප!
3. නාපු නැති නිසා

Source – youtube.com
දැන් මේ කියන්නෙ ෂවර් එකේ නාපු නැති සීන් නෙමෙයි. නෑවොත් ලෙඩ හොඳ වෙන, සල්ලි ලැබෙන, බඩ අඩු වෙන, තරහකාරයො අඩු වෙන වගේ විවිධ සීන්වලට ප්‍රසිද්ධ නාන පොට් තියෙනව. විලවල්, උණු වතුර ලිං වගේ අමුතු සීන් අතරෙ අපි ඔවුව ගනං නොගෙන ගං ඉවුරට චූ කරලා ගියාම අපිට කෙලවෙන එක පුදුමයක් නෙමෙයි.
4. පෑනෙන් නොලියපු නිසා

Source – huffingtonpost.com
හරි හරි.. බනින්න පටන් ගන්නෙපා. අපිත් ඉතිං පාඩම් වැඩ නැතත් වෙනිං දේවල් හරි ලිවුව තමයි. හැබැයි පුතෝ අපි ලිවුවෙ නිකංම නිකං පෑන්වලින් මිසක් සාමිගෙ පෑන්වලින් නෙමෙයි. එතකොට ඉතිං හරියයිද කියහංකො. එක් දහස් අට වාරයක් ජප කරපු පෑන්වලින් නොලියපු අපිට හරියන්න විදියක් ඇත්තෙම නෑ, කොටින්ම අපේ මේ කෙලවීම පිටුපස පතාක යෝධයෙක් වගේ ඉන්න විභාග කියන කාරණේදි සාමිගෙ පෑන අපිට මහත් සහයක් දෙන්න තිබුනු බවත් මතක් කළ යුතුමයි.
5. දේව පලතුරු

Source – kabaliththa.blogspot.com
මේකත් හේතුවක් මිත්‍රවරුණි. අම්මා පහුවදාට දේව පූජාව තියන්න පලතුරු වට්ටි හදන්න කියල පලතුරු ගෙනල්ලා තිබ්බාම ෂේප් එකේ මේසෙ උඩින් රෝල් කරලා දිවුල් වට්ටපු අපි පස්සෙ බිඳිච්ච දිවුල් ගෙඩිය දෙයියොන්ට නොතියන නිසා ඒකට බැස්ටිය දීපු හැටි මතක් වෙනවද මිත්‍රවරුණි!? සුවඳ ඉවසන් ඉන්න බැරුව අඹ ගෙඩිය උස්සලා ගෙදරින් එලියට ගිහින් කාපු අපිට සදාචාරෙ උගන්නන්නෙපා මහත්තයො කියලයි ඒ දවස්වල කිවුවෙ. දැනුයි බය දැනෙන්නෙ.
6. ෆෝවර්ඩ්

Source – sociallinksha.com
මේක තමයි අපිට ඉස්තරං විදියට කෙලවෙන්න හේතුව. ඇයි යකෝ දවසට මෙසේජ් කීයක් ආවට විනාඩි දහයක් යන්න කලින් දහයකට ෆෝවඩ් කරන්න, මේක විහිළුවකට ගත්තොත් හෙට වෙද්දි කෙල වෙයි කියල කට කැඩෙනකං කියද්දිත් අපි ගනං ගත්තෙ නෑ. ඉතිං අපිට කෙලවෙනවා තමයි මිත්‍රවරුණි.
7. බීච් සාපේ

Source – ipatulugama.blogspot.com
කෙල්ල එක්ක බීච් එකේ ඉන්දැද්දි සාස්තර ඇන්ටි ලඟට ආවම යාන්තං කුඩේ මෙහාට කරල බැලුවෙ කන්න තරං කේන්තියෙන්. ඇයි ඉතිං ඇන්ටි ගියාට පස්සෙ ආයෙ මුල ඉඳන් කර කර හිටපු වැඩේ පටන් ගන්න එපැයි. ඔන්න පටන් ගන්නව එයා, මාත්තියගෙ මූණ බැලුවම කියන්න පුළුවන් විසේ තියෙන මාත්තියෙක් විත්තිය. නෝනා නං සිරියාවන්ත නෝනා, ලෝබකම අහලකවත් නෑ. කියල කියනකොටම ගෑණිගෙ සැබෑ ගතිගුණ සිහිවෙන මම අනේ පහ්! ඇන්ටි පහ්! කියල ඒබොරු කියපු ඇන්ටිව එළවගත්තා. ඔන්න බොලේ ඇන්ටි එහාට ගිහින් ගැහුවා කෙල තුහ් පිට තුහ් කියල. ඉතිං අපිට හරි යයිද කියහංකො.
Cover Image Source – wallpaperhd.com
Leave a Reply