ටීඇම් ජයරත්න මහත්තයගෙ බිරින්දෑ අතින් ලියැවෙන ගීයක තියෙනවා රිපීට් වෙවී හැම තැනම කියැවෙන පේලියක්. ඒ තමයි පිය සෙනෙහසට කවු ගී ලියැවුණා මදියි කියන එක. අත්තටම මේ මොහොත වෙද්දිත් ඕනම කෙනෙකුගෙන් අම්ම ඒ අය වෙනුවෙන් කරපු කැපකිරීම් ඇහුවොත් කියන්න දේවල් කන්දක් තිබුණත් තාත්තා කෙනෙක් කරන කැපකිරීම් බොහෝ අය දැකලා නැහැ. ඒ අය ඒ ගැන කියන්නෙ හිතලා හෝ අහපු දේ අනුවයි. අපි අද කියන්නෙ තාත්තා කෙනෙක් දරුවෙක් ගොඩදාන්න කොච්චර වගකීම් කන්දක් ඔලුවෙ තියාගෙන ඉන්නවද කියන දේ.
1. අනාගතේ

Source – drmommychronicles.com
අනාගතේ දවසක් ගැන තමයි හැම දෙමවුපියාම වදවෙන්නෙ. අනාගතේ දවසක දරුවා කැමති මගක් තෝරාගන්න තිබිය යුතුම දේ වෙන්නෙ මුදල් ඉතුරුම්. මොකද අපිට දරුවාගේ කැමැත්ත මොකක් වෙයිද කියල කලින් තීරණය කරන්න බෑ. විදෙස් ගත වෙයිද? වැඩිදුර ඉගෙනගනියිද? රැකියාවක් කරයිද? ව්‍යාපාරයකට යොමුවෙයිද? කියන දේ හිතන්න බැරි නිසා කරන්න තියෙන හොඳම විදිය තමයි දරුවෙකුට සල්ලි ටිකක් ඉතුරු කරන එක. ඉතිං ඒ වගකීම කෙලින්ම පැටවෙන්නෙ දරුවෙකුගෙ තාත්තා කෙනෙකුගෙ කරපිට.
2. උගන්නන්න

Source – expertbeacon.com
ඔන්න ලොකුම කේස් එක. තාත්තා කෙනෙක් දරුවෙකුගෙ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන අතරෙ ඒ අනාගතය වෙත යන දරුවට අනාගතේදි පෙන්නන්න කොලිෆිකේෂන් හදනවා. ඒක අනාගතය වෙනුවෙන් සල්ලි ඉතුරු කරනවාට වඩා දරුණු කාරණයක්. මොකද, ඔක්කොම හොඳට තිබිලා අධ්‍යාපනය දරුවගෙ ඉදිරි ගමනට බාධාවක් වුණොත් ඒ වගකීම දෙමාපියන්ගෙ හිත්වලට දරන්න බැරි තරමෙ ප්‍රශ්නයක් වෙනවනෙ. ඉතිං හැමදාම පොත පෙරල පෙරලා ගෙදර වැඩ කරාද බලන අම්ම වගේම නිහඬව දරුවා දිහා බලාගෙන තාත්තා කෙනෙකුත් ඒ වෙනුවෙන් ලොකු වෙහෙසීමක් වෙනවා.
3. ලෙඩදුක්

Source – twitter.com
මේ තමයි වර්තමානයේත් අනාගතයේත් තාත්තා කෙනෙක් දුක්වෙන ලොකුම අවස්ථාව. දරුවට ලෙඩක් දුකක් හැදුණොත් මොකද කරන්නෙ කියන දේ තාත්තා කෙනෙකුගෙ ඔලුවෙ නිතරම හොල්මන් කරනවා. දරුවට දෙන දේ තීරණය කරන්නෙ අම්මා වුණත්, තාත්තා කෙනෙක් හිතන්නෙ ඒ හැමදේකින්ම පස්සෙ දරුවා සතුටින් තියන්නෙ කොහොමද කියන එක ගැන. කෑමක් දීලා බඩ රිදෙන්න ගනියිද? වැස්සෙ නටලා හෙම්බිරිස්සාව හැදෙයිද? වැටුණොත්? තුවාල වුණොත් මේ හැමදේකදිම කරදරයක් වුණාට පස්සෙ මුල් තැන ගන්න වෙන්නෙ තාත්තාට.
4. ආරක්ෂාව

Source – w-dog.net
මේ කියන්නෙ ලෙඩ දුක්වලින් කරන ආරක්ෂාව නෙමෙයි. අද දවසෙ පත්තරයක් ගත්තම කොච්චර දූෂණ සහ බලහත්කාරකම් ගණනාවක් සිද්ධ වෙන බව දකිනවද? ඒ අතරින් බොහොමයක සිද්ධ වෙන්නෙ ළමුන්ට බව දකිද්දි තාත්තා කෙනෙක් හිත නිදහසේ ඉන්නෙ කොහොමද? ඒ නිසා අපි මේ කියන හැම බරක්ම අතරෙ තාත්තා කෙනෙකුගෙ ඔලුවෙ හැමතිස්සෙම තියෙන බරක් තමයි ආරක්ෂාව කියන්නෙ.
5. හොඳම දේ

Source – parenting.com
අම්මා කෙනෙක් දරුවට හොඳම දේ දෙන්නයි උත්සාහ කරන්නෙ. හැබැයි අම්මා දරුවාට දෙන හොඳම දේට වඩා හොඳම දේවල් හොයන්න තාත්තා කෙනෙකුට සිද්ධ වෙනවා. ගමනක් යද්දි දරුවට කරදරයක් නැති පහසුම විදිය තෝරගන්න වෙන්නෙ තාත්තට. දරුවගෙ විවේක දවසක දරුවාගෙ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල හිතන්න වෙන්නෙ තාත්තට. ඒ නිසා දරුවා වෙනුවෙන් කන්න බොන්න දෙන දේවලට වඩා හොඳම දේ තාත්තා කෙනෙකුට හිතන්න වෙනවා.
Cover Image Source – sheknows.com
Leave a Reply