විවාහ දෙකකින් දරුවන් සිටින අපේ රටේ කලාකරුවෝ

අද කතා කරන්න යන්නේත් අපේ රටේ කලාකාරයන්ගේ විවාහ ජීවිතවල ඇති වෙන හැලහැප්පීම් පිළිබඳව. ගොඩක් අය කලාකාරයන්ගේ පෞද්ගලික ජීවිතය දිහා බලන්නේ වපරැසකින්. විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහ ජීවිත අවුල් ජාලාවක් විදිහට අහන්න, දකින්න අපේ රටේ අය කැමතියි. හැබැයි ඒ අය තේරුම් නොගන්න දේ තමයි කලාකාරයෝ කියන්නෙත් මිනිස්සු කොට්ඨා​සයක් කියන එක. එකම වෙනස ඔවුන්​ගේ විවාහ ජීවිතයේ හරි පෞද්ගලික ජීවිතයේ හරි යම් වෙනසක් සිද්ධ වුණාම ඒ වෙනසට විශාල මාධ්‍ය ප්‍රචාරයක් සහ අවධානයක් ලැබෙන එක. මේ දේවල් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා කියන එක අපේ මිනිස්සු අමතක කරලා දානවා. ඒ කතා පැත්තක තියලා අපේ මාතෘකාව දිහාට යොමු වුණොත් අපි අද කතා කථා කරන්න යන්නේ විවාහ කිහිපයකින් දරුවන් සිටින අපේ රටේ  කලාකාරයෝ පිළිබඳව. 

 

1. ගාමිණී ෆොන්සේකා 

ගාමිණී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිනමාවේ අද්විතීය නළුවා. ඔහු වගේ නළුවෙක් ආපහු පරම්පරා ගණනාවකට​වත් පහල වෙයි කියලා හිතන්න අමාරුයි. සිනමාවේ රුක්මණී දේවියගේ ඉඳන් නිළියන් රාශියකට පෙම් කරන්න අවස්ථාව ලැබුණු ගාමිණීගේ හිත මුලින්ම නැවතුනේ  “ශ්‍රී 229” චිත්‍රපටිය රඟපාන්න ආපු පුංචි කෙල්ලෙක් ගාව. “ඩොරති මාගරට් සුනේත්‍රා” ඒ කෙල්ලගේ සම්පූර්ණ නම. ගාමිණි ෆොන්සේකා මහත්මයා ඇයව විවාහ කර ගන්නවා. ඒ විවාහයෙන් දරුවන් හතර දෙනෙක්ගේ පියෙක් වෙනවා. ඒ දරුවන් අතරින් කලා ක්ෂේත්‍රයේ යම් ගමනක් ගියේ  “දමිත් ෆොන්සේකා” පමණයි.

ගාමිණි ෆොන්සේකා මහත්මයා  පසුකාලයක එවකට නවක නිළියක් වුණු ඇන්ජලා සෙනෙවිරත්න සමගත් විවාහ වුණා. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනකු ලැබුණා. ඒ දෙදෙනා අතරෙනුත් ” කෞශල්‍යා ෆොන්සේකා” තමන්ගේ පියාගේ “නොමියෙන මිනිස්සු” චිත්‍රපටයේ පමණක් රඟපෑවා.ඒත් ඇය ක්ෂේත්‍රයට දිගටම සම්බන්ධ වුණේ නැහැ.

 

2. චන්ද්‍රලේඛා පෙරේරා 

දැනට දශක දෙකකට විතර කලින් “ලේ කිරි කඳුළු” නමින් කැසට් පටයක් නිකුත් වුණා. ඒ කැසට් පටය නිකුත් කරලා තිබ්බේ ශ්‍යාමී නදීෂා කියලා කුඩා දැරියක්. තමන් ට අහිමි වූ මවු සෙනෙහස ගැන ලියවුනු ගීත තමයි මේ කැසට් පටයේ තිබ්බේ. මේ කැසට් පටයේ ගීත අහපු බොහෝ දෙනෙක් ශාමි ආනන්ද සහ ඇයගේ මල්ලි යොහාන් පෙරේරා ව දාලා ගිය බවට ඇගේ මවට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. අද වෙනකොට ශාමී නදීෂා කියන්නේ තමා ඒ කැසට් පටය සිදුකළේ තමන්ගේ පියාගේ බල කිරීමට කියලා. ඒ ගැන ඇය අදටත් දුක් වෙනවා. ඒ වගේම යොහාන් පෙරේරාට ජීවිතය ගොඩනඟා ගන්න සහයෝගය ලබා දීලා තියෙන්නෙත් ඔවුන් දෙදෙනාගේ මවගේ දෙවන සැමියා. මේ කියන්නේ කවුරු ගැනද කියලා දැන් බොහෝ දෙනෙක්ට හිතාගන්න පුළුවන් ඇති. දරුවන් දෙදෙනාගේ මව වුණේ චන්ද්‍රලේඛා පෙරේරා, දෙවැනි සැමියා වුණේ රූකාන්ත ගුණතිලක. ඔවුන් දෙදෙනා ගේ විවාහයේ දරුවනුත් (විශේෂයෙන් රයිනි චාරුකා) චන්ද්‍රලේඛාගේ පෙර විවාහයේ දරුවන් සමඟ ඉතාමත් සමීප සම්බන්ධතාවයක් ගෙනියනවා. මේ ගැන නොදන්න ඇතැම් රසිකයින් රයිනි චාරුකා​ට ෆේස්බුක් හරහාත් විවිධ අවලාද කියනවලු.

 

3. අමල් පෙරේරා 

අමල් පෙරේරා සහ නදිමාල් පෙරේරා පහුගිය දවස්වල අපේ ගොසිප් සයිට් වලට නැතුවම බැරි වෙලා තිබ්බ දෙන්නෙක්. කොහොම වුණත් අද වෙනකොට මේ දෙන්නම ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඒක රසික‍යෝ විදිහට අපි හැමෝම සතුටු වෙන්න ඕන දෙයක්. ලංකාවට ආපු අමල් පෙරේරාව ලුහු බැඳ ගෙන ගිය මාධ්‍යවේදීන් අවසානයේදී නිවසේදී වටකරගත්තා. ඒ වෙලාවෙදි මාධ්‍යයට කෙටි ප්‍රකාශයක් කරපු අමල් කිව්වේ තමන් එනකන් තමන්ගේ සිඟිති දුව බලාගෙන ඉන්නවා කියලා. ඒ සිඟිති දුවගේ නම “මෙරිසා අමාෂි පෙරේරා”. ඇය අමල් පෙරේරා ගේ සහ ඔහුගේ දෙවැනි බි‍රිඳ වන ජනප්‍රිය නිළි “ශිරෝෂී රෝමේෂිකාගේ ” දියණිය.

 

4. අතුල අධිකාරි 

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ කාලයක් අපේ රටේ ජනප්‍රිය වුණු ගායක ගායිකා යුවළක්. දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වුණු ඔවුන් දෙදෙනා හදිසියෙන් වෙන් වීම බොහෝ දෙනෙකුට විස්මයක් වුණා.හැබැයි කිසිම අවස්ථාවක ඔවුන් දෙදෙනා එකිනෙකාට චෝදනා කිරීම නම් කරේ නැහැ. පසු කාලයක අතුල නවක නිරූපණ ශිල්පිනියක් වුණු අමායා සමඟ විවාහ වුණා .ඒ විවාහයෙන් ඔවුන් දෙදෙනාට තවත් දියණියක් ලැබුණා. නමුත් විදේශ සංචාරවලදී පවා සමිතා සහ දරුවනුත්, අමායා සහ දියණියත් අතුල සමඟ එකට දකින්නට ලැබුණා. දික්කසාද වූ විට පවා එකිනෙකාට බැණ අඬා ගසා ගන්නා කලා කරුවන්ට අතුල සහ සමිතා ආදර්ශයක්. 

 

5. ප්‍රේමකීර්ති ද අල්විස් 

“සුරංගීට දුක හිතුනා” ඒ ගීතයෙන් කියවෙන සුරංගි වූයේ ඇය. පසු කාලයක දී ඇය තමා සහ පියා අතර තිබුණු සම්බන්ධතාවය ගැන දුවකගේ කඳුළු නමින් පොතක් රචනා කරනවා. ඇය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ සහ ඔහුගේ පළමු බිරිඳ වුනු දයා ද අල්විස් මහත්මියගේ එකම දියණිය, රුචිරා සුරංගි ද අල්විස්. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය  දයා ද අල්විස් මහත්මිය විවාහ කර ගනිද්දීත්  ඇයට පෙර විවාහයෙන් දරුවෙකුත් සිටියා.ඒ වනවිට ඇගේ සැමියා මිය ගිහින් තිබ්බෙ. නමුත් ප්‍රේමකීර්ති ද අල්විස් සහ ඇගේ විවාහයත් පසුව බිඳ වැටුනා. ප්‍රේමකීර්ති ද අල්විස් ඉන් පසුව නිර්මලා ද අල්විස් සමග විවාහ වුණා. ඒ විවාහයෙන් ලැබුණු දරුවා “පූර්ණ සම්පත් ද අල්විස්”.

 

6. අනෝමා ජනාදරී 

අනෝමා ජනාදරී කියන්නේ පුවත් මවන්නියක්. වරක් ඇය ෆේස්බුක් මගින් තමන්ගේ දියණියන්ට දැඩි ලෙස බැණ වැද තිබුණා. ඒ දියණියන් මවක් ලෙස තමන්ට සාධාරණය ඉටු නොකළ බව පවසමින්. ඔවුන් දෙදෙනා ඇය හා අශෝක හඳගම අතර පැවැති පළමු විවාහයේ දරුවන්. අනෝමා ජනාදරී මහත්මියට තවත් පුතෙකු සිටිනවා. ඒ ඇගේ දෙවැනි සැමියා වුණු ධර්මජිත් පුනර්ජීවගෙන්. 

 

7. කසුන් කල්හාර 

කසුන් කල්හාර කියන්නෙ අපේ පරම්පරාවෙ විශිෂ්ටයෙක්. ඔහු පළමු වරට විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලක කෙනෙක් එක්ක. ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතාගේ දියණිය වන නදී කම්මැල්ලවීර සමග.නදී කම්මැල්ලවීර මෑතකදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.ඔවුන් දෙදෙනා ගේ විවාහයෙන් එක දරුවෙකු ලැබුණා. මේ වන විට පළවෙනි විවාහයට සමුදීලා කසුන් විවාහ වෙලා ඉන්නේ කුෂානි සදරේඛා සමගින්. ඇය ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් ව​න මායා දමයන්ති මහත්මියගේ දියණිය. මේ වෙන කොට ඔවුන් දෙදෙනාටත් එක දියණියක් සිටිනවා.

 

මේ ආටිකල් එක පිළිබඳව අදහස් කමෙන්ට් කරන්නත් ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *