රට සවාරියකදී මුදල් ඉතුරුකරගන්නා ක්‍රම

How to reduce budgets of a trip

රටකින් රටකට ගොස් අලුත් පරිසරයක අලුත්ම දේ විඳ ගැනීම අද වනවිට ලොකු අරුමයක් නොවේ. ලංකාවට වුවද දස දෙසින් පැමිණෙන විදේශිකයින් බොහොමයක් හොඳ පොහොසත් මුදල් අැති අයත් නොවේ. ඇත්තටම ඒ ලංකාවට එන සුද්දෝ වගෙ අපිටත් තවත් රටකට ගිහින් රවුමක් දාල එන්න පුලුවන්ද? කොහෙද ඉතිං සල්ලි? කෝ අපිට වෙලාව? අපිට තිබෙන මූලික ගැටලු තමයි ඒ. එහෙත් අද වනවිට ලංකාවේ ඇල්ල, මිරිස්ස. අරුගම්බේ පලාත්වල පැමිණ අප රටේ බැක්පැකින් වල නිරත වන විදේශිකයින් දෙස බැලූ කල එයින් බොහොමයක් දිනකට ඩොලර් 20කටත් අඩුවෙන් වියදම් කර සිය සංචාර කටයුතු නිමකරන අයුරක් පෙනී යනවා. ඇත්තටම කොහොමද ඒම අඩුවෙන් ශේප් වෙන්නේ අපි ඒ ගැන වැදගත් කරුණු ටිකක් සොයා බලමු.

 

1. සීසන් එක බැලීම

How to reduce budgets of a trip

Source – thisisinsider.com

අප ගමන් කරන සංචාරක රටවල් සහ ස්ථාන ආදියට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සහ වැඩිම පිරිසක් සංචාරයේ යෙදෙන කාලවලදී එම කලාපයේම හෝටල කාමර සහ ආහාර පාන ආදී සියලුම දේහි මිල වැඩිවීමක් පෙන්නුම් කරනවා. යුරෝපයේදී නම් සංචාරකයින් වැඩිම කාලය වන්නේ ජුනි සිට අගෝස්තු දක්වා කාලය වේ. ඉන්දියාව නේපාලය ආදී තැන්වල වඩාත්ම ආකර්ෂණීය සංචාරක ස්ථාන සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් මසදී ජනයාගෙන් පිරී ඉතිර යයි. බාලි සහ තායිලන්තය දෙසින් වූ සංචාරක කලාප ජූලි සහ අගෝස්තු මසදී පිරී ඉතිරී යයි. වසර අවසාන නත්තල් සමය චීන අලුත් අවුරුදු සමය ආදී උත්සව කාලවලදී සංචාරක ස්ථාන වල සංචාරකයෝ බහුල වේ. මෙම සංචාරකයින් බහුල කාලවලදී එම සංචාරක පලාත්වල ඇති සංචාරක ක්‍රියාකාරකම් ආදිය වැඩිය. එහෙත් ඒහා සමග පිරිස වැඩි හෙයින් අනෙක් සෑම දෙයක්ම පාහේ සංචාරකයින් පිරිස වැඩිවන විට ඉබේටම මිල වැඩිවේ.

 

2. ගුවන් ටිකට් කලින් රේල් ටිකට් කලින් වෙන්කරගැනීම

How to reduce budgets of a trip

Source – Huffingtonpost.com/ Tripsavvy.com

ගුවන් ටිකට් පත් සති 6කටවත් කලින් වෙන්කරගත හැකිනම් සැලකිය යුතු වාසියක් ලොව සෑම කලාපයක් සදහාම ලැබේ. තායි, මැලේසියා, ඉන්දුනීසියා ආදී අග්නිදිග ආසියානු රටවල සදහා එතරම්ම වෙනසක් ගුවන් ටිකට්පත් වල කාලය සම්බන්ධයෙන් නැති මුත් යුරෝපය, ඉන්දියාව, මැදපෙරදිග ආදී රටවල් වලට ගමනේ යෙදෙන්නේ නම් ගුවන් ටිකට් පත් කලින් වෙන්කරගැනීම වඩාත් ලාබදායී ක්‍රමයකි. ගුවන් ටිකට්පත් වෙන් කරගැනීමේදී අදාල ගුවන් සේවාවේ වෙබ් අඩවියෙන් මෙන්ම ඔන්ලයින් ඒජන්තයින් මාර්ගයෙන් ද කලින් ගුවන් ටිකට් වෙන්කරගැන්මේ පහසුව තිබේ. ගුවන් ටිකට් පත් මෙන්ම බස් දුම්රිය ආදී ටිකට් පත්ද කලින් වෙන්කරගැනීමේ හැකියාව ලොව බොහෝ සංචාරක තැන් හිදී තිබේ. උදාහරණ ලෙස ඉන්දියාවේ දුම්රිය සේවයේ ටිකට් පත් වෙන්කරගැනීම ලංකාවේදිම කරගත හැකිය.

 

3. නවාතැන් සෙවීම

How to reduce budgets of a trip

Source – eyesondubai.com

බුකින් ඩොට් කොම්, අගෝඩා, එයා බි එන් බී, ආදී බොහෝ ඔන්ලයින් වෙබ් අඩවි වේ. එහෙත් බොහෝ කොටම තදබද ඇති සංචාරකයින් බහුල කාලයක සංචාරයට නොයනවා නම් කලින් හෝටල වෙන්කරග්නනේ නැතිව එහි ගොස් නවාතැන් තිබෙන ස්ථාන ආදිය පිරික්සා බලා ඒවායේ තත්වය බලා බුක්කරගැනීම වඩාත් සුදුසුය. ඒ ඒ රටවල කාමර වෙන් කරගැනීමේදී වඩාත් පහසු ඒ රටවලට ආවේණික වූ වෙබ්අඩවි තිබේ. ඉන්දියාවේ නම් යාත්‍රා, මේක්මයිට්‍රිප්, ඕයෝරූම්ස් ආදී අඩවි කාමර වෙන් කරගැනීමට වඩාත් සුදුසු වේ.

 

4. හොස්ටල් සහ නිවෙස්හි නැවතීම

How to reduce budgets of a trip

Source – hectorhostles.com

හොස්ටල් යනු ඔබ වෙන්කරගන්නා මුදලට ඔබට ඇඳක් පමණක් ලැබෙන නවාතැන් මාදිලියකි. එවිට නානකාමර ආහාර ගැනීම් කාමර සහ පොදු අවකාශය අනෙක් නන්දෙසින් පැමිණෙන සංචාරකයින් සමග හුවමාරු කරගත යුතුය. එය එම සංචාරකයින්ගේ අත්දැකිම්ද බෙදාහදාගෙත හැකි කදිම ක්‍රමවේදයකි. බැක්පැකින් ක්‍රමයට සංචාරය කරන්නේ නම් එකිනෙකා හා සුහදව එකතුවී යාබද ස්ථාන සහ ඒවායේ අත්දැකීම් හුවාමරු කරගෙන ලාවට බියර් එකකින් සන්තර්පනය වී සිටීමට කදිම අවකාශයකි හොස්ටල් වටපිටාව.

තවද සංචාරක පලාත් වලට යාබදව ගම්බද නිවෙස්වල එක් කාමරයක් දෙකක් සංචාරකයින්ට වෙන්කරදෙන තැන් වේ. එවැනි තැන්වලදි ආහාර පානමෙන්ම ඒ පලාතේ ගතිසිරිත් ජනතාවගේ ගතිගුණ ආදියද විඳගත හැකිය.

 

5. ආහාර පාන

How to reduce budgets of a trip

Source – bismarktribune.com

ලංකාවේ වුවද ලංකාවේ මැදපන්තියේ ජනයා ආහාර ගන්නා තරමක් හොඳ මට්ටමේ හෝටල ආදියේ ආහාර පිරිසිදුවට එහෙත් අපිට දරාගත හැකි මිලකට තිබේ. එවැනිව අපි යන පලාතක ඒ පලාතේ ජනයා ආහාර ගන්නා එහෙත් තරමක තත්වයෙන් උසස් වූ ආපන ශාලා රෙස්ටොරන්ට් ආදිය තිබේ. ඒවායේ ආහාර පාන වලින් ඒ දේශයට ආවේණික ආහාර පාන මෙන්ම ඒ රසද පහසුවෙන්ම අඩුමිලට ලබාගත හැකිය. එය විවිධ ආහාර රස විඳ බඩට දමාගැනීමටද කදිම අවස්ථාවකි. එසේම එරට ජනයා අතර පතල තැනක් නම් සාමාන්‍ය මිල මට්ටමක් පවතින හෙයින් පසුම්බියටද වාසියකි.

 

6. කණ්ඩායමක් එකතු ව යෑම

How to reduce budgets of a trip

Source – bookinggroupon.com

සෙට් එක්ක එකතු වී රට යන්නට තබා ලංකාවේම තැනක් බලන්නට යෑමටද මහත් කට්ටක් කන්නට සිදු වේ. කට්ටිය එකතුකරගැනීමත් සියල්ලටන්ටම හැකි දින වෙන්කරගැනීමත් අපහසු කාරණාවකි. එහෙත් එසේ කණ්ඩායමක් යන කල ප්‍රවාහන ගාස්තු, නවාතැන් ගාස්තු ආදිය සැලකිය යුතු ලෙසින් අඩුකරගත හැකිය. පිරිසක්ම සිටින බැවින් වාහනයක් වෙන්කරගෙන අලුත් අලුත් දේ තිබෙන ඉසව් කරාද යෑමට එයින් අවකාශ ලැබේ. තනියම ගියේ වුවද සංචාරක පලාත් වලදී කතාබහ කර යාබද අයගේ තොරතුරු විමසා ඔවුන්ට කරදරයක් නොමැති නම් ඒ කණ්ඩායම් සමග එකතු වී සංචාරය කළ හැකිය. එය තුලින් රට රටවල පුද්ගලයින් දැන හඳුනාගැනීමටද හැකිය. කන්ඩායම් එකතුවී කරනු ලබන කඳු නැගීම්, වෝටර් රාෆ්ටින්, බෝට්ටු සවාරි ආදියේදී කණ්ඩායමක් සමග එකතු වීම හෝ සකස් කරගැනීම සිදුකළ හැකිනම් එතැනදී යම් වාසියක් ලබාගත හැකිය.

 

7. සැලසුම

How to reduce budgets of a trip

Source – tempemp.co

සංචාරයක් යෙදීමේදී අප යම් ටුවර් ඒජන්තවරයෙකු හරහා සෑම ස්ථානයකටම නොයන අවස්ථාවකදී නම් අන්තර්ජාලයෙන් සහ පොත පතින් ඒ සංචාරක ස්ථාන බලන්නට ඇති දේ, ඒ තැන්වල වියදම් ආදිය කලින් සොයා බලා යෑම වැදගත්ය. එවිට එම ස්ථාන ගැන මනා දැනුමක් ලැබෙනවා මෙන්ම එහි සංචාරයේදී අප මුහුණදිය යුතු දේ ගැන මනා චිත්‍රයක් මනසේ ඇඳේ. වර්තමානයේ අන්තර්ජාල අඩවි මෙන්ම යූටියුබ් හරහාද වරක් ගිය සංචාරකයෝ තමුන්ගේ අදහස් බෙදාහදාගෙන ඇති නිසා ඒ තැන් ගැන විස්තර පහසුවෙන් අපිට ලබාගත හැකිය. සැලසුම් සකස් කිරීමේදී ඒ ඒ තැන් සහ ඒ ඒ ක්‍රියාකාරකම් වලට යන මිල සහ ඒ ස්ථාන කරා පිවිසීමට, ඒ තැන්වල දවසක් ගතකිරීමට වියදම් වෙන මුදල කලින් දැනගත හැකිය. එයින් එම ස්ථානය බලනවාද නැතිනම් වෙනත් තැනක් හෝ ක්‍රියාකාරකමක් කරනවාද යන්න සැලසුමට ඇතුලත් කරගත හැකිය.

දැන් කාලයේ සංචාරය යනු අතමිට ඇති ස්වල්පදෙනකුට සිය මුදල් විසිකර යෑ හැකි මහේශාඛ්‍ය වූ විනෝදාංශයක් නොවේ. යම් සැලසුමක් සහිතව කලින් සොයාබලා නිසි පියවර අනුගමනය කළහොත් අපිට ද සැලකිය යුතු  වාසි සහගතව සංචාරයේ යෙදිය හැකිය.

 
Cover Image Source – zeepod.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *