මේ දවස්වල හෙන හීතල. මිනිස්සු මේ හීතල මතක් කරන්නවත් කැමති නැත්තෙ ඒකෙන් අකරතැබ්බ ගොඩක් සිද්ධ වෙච්ච නිසා. ජීවිත නැති වුණා, දේපල හානි වුණා, ඒත් ඒ අස්සෙත් අපේ අයියල ආතල් ගන්නවා සත්තයි.. මේ අපි කියන්න යන්නෙ වැස්ස, සුළං සහ පහුගිය කාලෙ ඇවිල්ල ගිය දේශගුණ වෙනසත් එක්ක අපේ අයියල අක්කල ගත්තු ආතල් එක ගැනයි.
1. අඩියක්

Source – capitolhillhotel-dc.com
ඔන්න සරලම දේ. ෂහ් වහිනවා. ඔෆිස් යන්න ඕනෙත් නෑ. තියෙන අන්තිම නිවාඩු ටික දාලා දානව. දැම්ම ගිහිල්ල හීනියට සෙට් වෙන්න මොනවහරි ගේන්න ඕන. අම්ම දවල්ට පුංචිලගෙ ගෙදර යනව කිවුව. තාත්ත එද්දි පරක්කු වෙනවා. ඉතිං දෙයියනේ ගෙදර මේ තරං නිදහස් පරිසරයක් හැදිලා ගෙයින් පිට වහිද්දි මොන කොල්ලාටද අමුවෙන් ඉන්න හිතෙන්නෙ. ඒ මොහොත වෙන්වෙන්නෙ ඉතිං අඩියකටම තමයි.
2. නින්දක්

Source – greatist.com
සති ගාණක් එක දිගටම වැඩ කළා. පුදුම මහන්සියක්. අද ඉතිං වැස්ස හින්දා අමුතුවෙන් ඔෆිස් එකට හේතු දක්වන්න ඕනෙත් නැහැ. ඒ වගේම එන්නෙ නැද්ද කියලවත් අහන්න අද අඩු තරමෙ ලොක්ක ඔෆිස් එන්නෙත් නැහැ. එච්චර පිනක් තියෙද්දි උදේට මාව ආදරෙන් බදාගෙන ඉන්න ඇඳ දාලා යන්නෙ මොකටද දෙයියො.
3. පොර ටෝක්

Source – blog.prelego.io
දැන් ඉතිං පහුගිය කාලෙ හුලං ඇවිල්ල දේපළ හානි උනා, ජීවිත නැති වුණා වගේ දේවල් උනානෙ. එහෙම වුනාම ෆේස්බුක් එකට වඩිනවා දෙවිවරු ජාතියක්. ඒ අය රුපියලකින්, පැයක ශ්‍රමයකින් උදවුවක් නැති වුනාට මොකෝ ටෝක්ස්වලින් දෙනවා ලෙස ගේමක්. මීට අවුරුදු 60කට කලින් බණ්ඩාරනායක මහත්තයගෙ දනිහ ගාවට තිබ්බ ගංවතුර ගැන එකෙක් කියනවා. ලෝකෙ සිද්ධ වෙච්ච මේ වගේ ව්‍යසනවලට ඒ රටවල් උරදීපු හැටි සහ අපි උර නොදෙන හැටි ගැන උරණ වෙලා පොරක් දානවා වෙනම ටෝකක්. ඔය අස්සෙ ව්‍යසනේට ජෝක් නමක් දාලත් ලයික් ටිකක් කොටාගන්න බලනව තව සෙට් එකක්. ගියොත් වචනයක්.. ආවොත් ලයික් එකක්නෙ මහත්තයො.
4. බොරු කඳු

Source – fthmb.tqn.com/ groundviews.com
අනිත් වැඩේ තමයි බොරු කඳු. දැන් ඉතිං වැස්සෙන් මෙලෝ හානියක් වුනේ නැතත් වැස්ස පිටින් දාලා කොලේවහන්න අපෙ අයියල සෙට් වෙනවා. වැස්ස තියෙන්නෙ දෙහිවලට වුනත් පානදුරේ කොල්ලොත් එදාට වැහි දෙයියො පිටින් ලෙඩේ දාලා නිවාඩු පිට ඉන්නෙ. ඒ නිසා වැස්ස කාල කියන්නෙ ව්‍යසන කාලයක්. “ගංවතුරට ගේ ගිහිල්ල කන්ද උඩ ඇන තියාගෙන සහනාධාර බෝට්ටුව එනකං බලං ඉන්නෙ බොස්” කියල තමයි ඔෆිස් එකට කෝල් එක දෙන්නෙත්.
5. කලාත්මකයි

Source – flashlarevista.com
ඔන්න ඉන්නවා මහත්තයො අමුතුම එවුවො ටිකක්. උන් තමයි ප්ලූවියෝෆයිල් සීන් එකේ ඉන්න බුවාලා. ඇත්තටම ප්ලූවියෝෆයිල් උනුත් ඉන්නව. හැබැයි උන් ෆේස්බුක් එකේ කියව කියව ඉන්නෙ නෑ. ඒ අය ඇත්තටම වැස්ස විඳිනවා. හැබැයි වැඩිපුර ඉන්නෙ බොරු ප්ලූවියෝෆයිල් කාරයො. හානී වැස්සනී… මට හිතාගන්න බෑ.. මං ආසම විදියෙ වැස්සක්. අනේ මට කෝපි කෝප්පයක් අරගෙන මේ වැස්සෙ තෙමෙන්න තියෙනවනං වෙන මොකුත් ඕන නෑ… වගේ ටෝක්ස් දීලා වෙනද වගේම දවස ගෙවන එවුවො ඉන්නවා.
6. දේශපාලන නයා

Source – ap news
මේ අර තැටිය රත් වුනාම රොටි දාන ඩයල්. අඩෝ අපේ සෙන්පතියව ඇතුළට දාපු නිසා තමයි තොපිට මෙහෙම වුණේ, අපේ ලොක්ක නැති කාලෙ රටට ඔන්න ඔහොමයි වෙන්නෙ ඩෝ, යකෝ අපෝ ලොක්ක ඉන්න නිසා තමයි මෙහෙම… බොලෑ එකා හිටියනං අපිට බෝට්ටුවකට වහල ගහං ඉන්න වෙන්නෙ.
Cover Image Source – gettyimages.com
Leave a Reply