ටීවී සීරීස් බලන ඔබ මේ ගැනත් සැළකිලිමත් වෙන්න

මිනිස්සු ගොඩක් දෙනා ටීවී සීරීස් බලනව. මෑතකදි හැමෝම ටීවී සීරීස් බලනව කියල කියන්න පෙළඹෙන නිර්මාණයක අලුත්ම සීසන් එක ආපු නිසා ඒ ගැන කතා බහ වැඩි වෙලා. කවුරුත් හෙන ගැම්මෙන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් නරඹනවා. අපිත් ලිවුවා ගේම් ඔෆ් ​ත්‍රෝන්ස් 8 වැනි සීසන් එකට පූර්ව සටහනක්. කොහොමින් කොහොමහරි මෙන්න මේ පොරත්වයට ටීවී සීරීස් බලන අය නිසා ඇත්තටම රසවිඳින්න ටීවී සීරීස් බලන මිනිස්සුන්ටත් කරදරයි. ඒ නිසා කාටවත් කරදරයක් නැතුව ටීවී සීරීස් බලන්නත්, තමුන්ට ඒ විදියෙ අයගෙන් හානි නොවෙන්නත්, තමුන්ට කරදරයක් නොවෙන්න ටීවී සීරීස් බලන්නත් විදියක් තමයි මේ කියන්නෙ.

 

1. හරියයිද?

Image Source – consent.yahoo.com

හැමෝටම හරියන පොත් අපිට කියවන ආතල් එක නොදෙන්න පුළුවන්. ඒක කෑමකට, ඇඳුමකට යනාදී වූ හැමදේකටම එහෙමයි. ඒ හැමදේම සාපේක්ෂයි. මේ නිසා බොහෝදෙනෙකුට කදිම ටීවී සීරීස් එකක් තමුන්ටත් ආතල් කියලා හිතන්න බෑ. ඒක තමුන් කැමති ​ගොඩේ තියෙන නිර්මාණයක්ද කියන එක මුලින්ම හොයන්න. මොකද ටීවී සීරීස් එකක් කියන්නෙ ෆිල්ම් එකක් තරම් අඩු ඉඩක් වැයවෙන දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා ඩවුන්ලෝඩ් කරන ඩේටාවල වටිනාකම ගැනත් හිතන්න. යාළුවෙකුගෙන් ඉල්ලගෙන බැලුවත් කාලය අතින් ගත්තමත් අතිශය වැඩි කාලයක් ගත වෙන නිසා මුලින් පොඩි රිසර්ච් එකක් කරලා ඉන්න එක හොඳයි. තමුන් කැමති විදියේ වීඩියෝ නරඹන්නන්ගෙන් රෙකමන්ඩේෂන් එකක් ගන්නත් පුළුවන්නෙ.

 

2. කාටවත්

Image Source – dailymail.co.uk

අනිත් මිනිස්සුන්ට සිද්ධ වෙන්න පුළුවන් කරදර සම්බන්ධයෙන් කියද්දි කියන්න තියෙන මුල්ම දේ තමයි කාටවත් කරදර නොවෙන්න ටීවී සීරීස් බලන්න කියන එක. අනිත් මිනිස්සුන්ට ස්පොයිල් කරන්නෙපා. මිනිස්සු ටීවී සීරීස් බලන විදි තියෙනවා. සමහරු අලුත් එපිසෝඩ් එකක් ආපු ගමන්ම බලනව. සමහරු සීසන් එකක්ම එකතු වුනාමයි බලන්න ගන්නෙ. ඒ නිසා කාගෙවත් ආතල් කඩන්නෙපා. තමුන් බැලුවනං ඒ රසවිඳීම විඳලා ජීවත් වෙන්න. කවුරු හෝ කතාව ඇහුවොත් ඒ අයට ඒ කතාව ප්‍රසිද්ධ තැන්වල කියන්නෙපා. ඉන්බොක්ස් තියෙන්නෙ ඒවටනෙ. පිටරට මිනිස්සු දාන ප්‍රෙඩික්ෂන්ස් තමුන්ගෙ වගේ තැන තැන කියවන්නෙපා. ඕන අය ඔය කියන දේවල් හොයාගෙන බලනවානෙ. කොහොමත් අනුන්ගෙ පහනෙන් එළිය බලන එක කැතයිනෙ.

 

3. කාගෙන්වත්

Image Source – flipboard.com

ඔයා කාවවත් ස්පොයිල් කරන්නෙපා වගේම කාගෙන්වත් ස්පොයිල් නොවී ඉන්නත් ඔයා වගබලාගන්න. ඔය කාලෙට ලොරි ටෝක් දෙන අයව අන්ෆලෝ කරන්න. ඒ වගේම පොඩ්ඩක් ඔය සෝෂල් මීඩියා පැත්තෙ නොගිහින් හිටියත් කමක් නෑ. අන්න ඒ නිසා කාවවත් ස්පොයිල් නොකරනව වගේම කාගෙන්වත් ස්පොයිල් නොවී සිටීමත් ඔයාගෙම වගකීමක්. තව ඉතිං තමුන් ආසාවට ජොයින් වෙලා ඉන්න අදාළ ටීවී සීරීස් එකේ ෆෑන් බේස් එක්ක තියෙන ගනුදෙනුවත් අඩු කරන්න. කතාවකින් තමුන්ට තියෙන ආතල් එක වටහාගන්න. ඒක නැති කරගන්න එපා. නැති කරන්න ඉඩ දෙන්නත් එපා.

 

4. ස්පොයිලර් ඇලර්ට්

Image Source – giphy.com

ස්පොයිලර් ඇලර්ට් කියන්නෙ ඔබ දැනගත යුතු අතිශය වැදගත් දෙයක්. ඇයි ස්පොයිලර් ඇලර්ට් තිබිය යුත්තේ කියන එකටත් අපි උත්තර දෙන්න ඕන. ස්පොයිලර් ඇලර්ට් තිබිය යුත්තේ ඔබ අතින් ස්පොයිල් වීම වළක්වා ගන්න. අපි මුලින්ම කිවුවා ඔබට කාවවත් ටීවී සීරීස් සම්බන්ධයෙන් ස්පොයිල් කරන්න එපා කියල. හැබැයි එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණයකට ඔබ චිත්‍රපට විචාරකයෙක් නම්, එහෙමත් නැත්තං ඔබ යම් අදහසක් දක්වන්නට බැඳී සිටින්නෙක් නම් ඔබේ අතින් තවත් අයෙකුගේ චිත්‍රපට කුතුහලය ගිලිහෙන තරමේ ප්‍රකාශයක් සිදු වන්නට ඉඩ තිබෙනවා. එයට ඔබට සිදු කළ හැකි දෙයක් වන්නේ ඔබේ සටහනේ හෝ ප්‍රකාශයේ පළමු කොටම මෙය ස්පොයිලර් ඇලර්ට් එකක් බව දැන්වීමයි. එය අවශ්‍ය පිරිසට ඔබේ සටහන කියවන්නටත්, නුවුවමනා පිරිසට නොකියවන්නටත්, ඔබේ රැකියාව නැති නොවෙන්නටත් හේතුවක් වේවි. ඒ වගේම කරුණාකර ඔබ චිත්‍රපට නිකුත් වූ සැනින් නරඹා ඒවායේ වැරදි සෝෂල් මීඩියාවල වපුරා පොර වෙන විචාරකයෙකු නම් දැන්වත් ඉතිං නවත්තන්න.

 

5. සීමාවක්

Image Source – giphy.com

ඔය අද ඊයෙ ටීවී සීරීස් බලන්න පටන්ගත්තු අයට බින්ජ් වොච් කිරිල්ල කියන්නෙ අරුමයක් නෙමෙයිනෙ. මොකද ඉතිං සීසන් 8 වෙනි එක ආවට පස්සෙ තමයි දන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියල එකක් තියෙනවයි කියලත්. ඊටපස්සෙ ඉතිං ෆේස්බුක් පොරත්වයත් තියාගන්න ඕන කියල හිතල මේ අය සීසන් 7 වෙනකං බින්ජ් වොච් කරනව. ඔහොම ඉතිං එක දිගට ඔවුව බැලුවම ඇස්වලට වගේම කොන්දට සහ මොළයටත් වේදනා ගෙන දෙනවා. පමණට බලන්න. ඔවුව බැලුව කියල පොරක් වෙන්න ඔයා ජොන් ස්නෝ නෙමෙයිනෙ.

 

6. ඉවර වුනාට පස්සෙ

Image Source – giphy.com

සාමාන්‍යයෙන් දිගින් දිගටම ටීවී සීරීස් බැලිල්ලෙ පොඩි හොඳකුත් තියෙනවා. ඒ තමයි ප්‍රශ්න අමතක වීම. ෆිල්ම්වලට වඩා එපියෙන් එපියට තියාගන්න කන්ටිනුයිටි නිසා ටීවී සීරීස් එකක් කියන්නෙ ඊලඟ කොටස එනකං කෙල ගිල්ලවන සුළු ඇබ්බැහියක් ඇති කරවන දෙයක්. ඉතිං දැන් ඔයා මොකක් හරි ටීවී සීරීස් එකක් බලාගෙන ගිහිල්ල ඒක ඉවර වෙන්න ලඟයි නං ඔයාට ඒක නවත්තපු ගමන් නැති ප්‍රශ්න පේන්න ගනියි. ඒ කියන්නෙ ඔයා මේ කාලය පුරාවටම ඔලුවෙන් බැහැර කරලා තිබ්බ ප්‍රශ්න ඔයාට පේන්න ගනීවී. ඒක ස්ට්‍රෙස් එකක්. එක්කො ඔයා ඒවාට උත්තර හොයන්න පුරුදු වෙන්න ඕන. නැත්තං ඔයා ඒවා මගහරින්න ඕන. ඒ බවත් මතක තියාගන්න. කාලයක් තිස්සෙ ටීවී සීරීස් බින්ජ් වොච් කරන මිනිස්සුන්ට මේ ප්‍රශ්න එන එක අත්දැකලා ඇති.

 

7. පොරත්ව​ය

Image Source – giphy.com

මේක තමයි මේ සටහනේ වැදගත්ම කතාව. ටීවී සීරීස් බැලුව කියල පොරක් වෙනවද? බිග් බැන්ග් තියරි බලන්න පුළුවන් පොරකට විතරයිද? බිග් බැන්ග් තියරි නොබලපු උන් මොක් පුර දකින්නෙ නැද්ද? වයිකිංස් නොබලපු උන්ට කිසිම ටේස්ට් එකක් නැද්ද? එහෙම සීන් එකක් නෑ. බැලුවත් එකයි නොබැලුවත් එකයි. මිනිස්සුන්ගෙ රහ එහෙම මනින්න බැහැ. ඔයා ප්‍රිස්න් බ්‍රේක් බැලුවට පොරක් නෙමෙයි. ඔයාට පුළුවන් වෙයි ප්‍රිස්න් බ්‍රේක් බලපු කෙල්ලෙක් සෙට් කරගන්න. ඔයා ප්‍රිස්න් බ්‍රේක් බැලුවෙ නෑ කියල හිනා වෙච්ච කොල්ල ඒ ටික කාලෙට පබා බලපු කෙල්ලො තුන් හතර දෙනෙක් සෙට් කරගන්නැති. සමහරවිට දැන් ටිකකට කලිනුත් ඔයාට බැනපු බොස් තාම කෝපි කඩේ රසිකයෙක් වෙන්නැති. අනුන්ගෙ ටීවී සීරීස්වලින් පොරක් වෙන එක දැන්වත් නවත්තගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *