පළවෙනි ලෝක යුද්ධයේ අවසානය දක්වා ජර්මනියේ විවිධ වර්ගයේ පාලකයෝ ගණනාවක් හිටියා. එහි ප්‍රධානියා වුණේ කයිසර් ලෙස හැඳින්වුණු ජර්මානු අධිරාජ්‍යයා. ඉන්පසුව ජර්මනියේ රාජධානිවල රජවරු, මහාදිපාදවරු, ආදිපාදවරු සහ කුමාරවරුන් හිටියා. මේ හැම පාලකයෙක්ම වගේ ආඥාදායකයෝ වුණාට හොඳ කලාකාමී පුද්ගලයෝ. නමුත් මේ සියළු දෙනාටම පළමුවන ලෝක යුද්ධයෙන් ලද පරාජයෙන් පස්සේ කිරුළු අහිමි වුණා. හැබැයි අද වෙනකල් ඔවුන් නිර්මාණය කරපු විශිෂ්ට ගණයේ මාලිගා ජර්මනියට ලොව පුරා දස දෙසින් සංචාරකයෝ ගෙන්වනවා. අපි අද මේ ආටිකල් එකෙන් ජර්මනියේ ප්‍රමුඛතම මාලිගා කීපයක් ගැන දැනකියා ගමු.
1. නොයිෂ්වන්ස්ටයින් මාලිගය (Neuschwanstein Castle)
මෙම මාලිගය නිර්මාණය කරලා තියෙන්නේ බැවේරියාවේ රජකම් කළ දෙවන ලුඩ්විග් රජතුමා. ඔහු උමතුවකින් පෙළුණු රජකෙනෙක්. සංගීතයට සහ කලාවට පෙම් බැඳීමත් මේ උමතුවේම ලක්ෂණයක් වුණා. ඇතැම් වාර්තාවලට අනුව මෙම මාලිගය ඔහු නිර්මාණය කරන්නේ එවකට සිටි ප්‍රමුඛ පෙළේ ජර්මානු සංගීතඥයකු වන රිචඩ් වාග්නර්ගේ සංගීත නිර්මාණ රස විඳීමට. අද වෙනකොට මේ මාලිගය ලෝකයේ වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන මාලිගාවන් අතරින් එකක් බවට පත්වෙලා තියෙනවා.
2. වාට්බර්ග් මාලිගය (Wartburg Castle)
මධ්‍යකාලීන යුගය දක්වා ඉතිහාසයක් තිබෙන මෙම මාලිගය පිහිටා තිබෙන්නේ අයින්ෂ්නාක් නගරයේ. ඒ වගේම මෙම මාලිගය ලෝක ඉතිහාසය වෙනස් කරන්න දායක වෙච්ච සුවිශේෂී සිද්ධියකට පසුබිම් වෙලා තියෙනවා. කතෝලික සභාවෙන් වෙන්ව ප්‍රොතෙස්තන්ත ආගම යුරෝපය තුළ ප්‍රචාරය කිරීමට මූලික වුණු මාටින් ලූතර් කිං හට රැකවරණය ලැබිලා තියෙන්නේ මෙම මාලිගා ඒ එවකට භාරකාරයාව සිටී ෆ්‍රෙඩ්‍රික් ද වයිස්ගෙන්.
3. ෂෙවරින් මාලිගය (Schwerin මාලිගය)
මැක්ලේන්බර්ග් ආදිපාදවරුන්ගේ සහ මහාදිපාදවරුන්ගේ ප්‍රධාන මාලිගය බවට පත්ව තිබූ මෙම මාලිගය වර්තමානයේ ජර්මානු ප්‍රාන්ත රජයක පාර්ලිමේන්තුවක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙම මාලිගයෙන් වැඩි කොටසක් කෞතුකාගාරයක් ලෙස මහජනයා සඳහා විවෘතව පවතිනවා. ඒ වගේම මේ මාලිගය සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද පවතිනවා. එක ජනප්‍රවාදයකට අනුව මෙම මාලිගය තුළ අඩි කිහිපයක් උස භූතාත්මයක් සැරිසරන අතර මාලිගයේ භාණ්ඩ ආරක්ෂා කිරීම ඔහු සිදු කරනවා යැයි පැවසෙනවා.
4. ඔගස්ටස්බර්ග් මාලිගය (Augustusburg Castle)
විටල්ස්බාක් රාජවංශය වෙනුවෙන් 18 වැනි සියවසේ දී මෙම මාලිගය තැනීම ආරම්භ වුණා. මෙම මාලිගයේ ප්‍රධාන ශාලාව සහ සෝපාන පෙළ අතිශයින් චිත්තාකර්ෂණීය නිර්මාණයක්. ඒ වගේම මාලිගයේ සිවිලිම පවා විචිත්‍රවත් සිතුවම් වලින් අලංකාරව පවතිනවා. බැරොක් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට මේ වන විට මෙම මාලිගය පත්ව තිබෙනවා.
5. මෝටිස්බර්ග් මාලිගය (Mortizburg මාලිගය)
යුරෝපයේ පුනර්ජීවන යුගයට අයත් වන මෙම මාලිගාව මුල් කාලයේ දී භාවිතා කර ඇත්තේ රාජකීය දඩකෙළිවල යෙදෙන පාලකයන්ගේ නවාතැනක් ලෙසයි. නමුත් පළමුවන ඔගස්ටස් පෙඩ්‍රික් රජු විසින් එම කුඩා නවාතැන්පළ රජ මාලිගාවක් ලෙස වඩා චිත්තාකර්ෂණීය ලෙස ගොඩනැගීම සිදු කළා. ඒ සඳහා බැරොක් ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා වුණත් මෙම මාලිගය තුළින් දක්නට ලැබෙන්නේ ප්‍රංශ ආභාෂයයි.
6. නයිම්පෙන්බර්ග් මාලිගය (Nymphenburg Castle)
මියුනික් නගරය තුළ පිහිටා ඇති මෙම මාලිගාව ගොඩනැගී තිබුණේ ග්‍රීෂ්ම ඍතුවක් ගත කිරීම සඳහා සුදුසු මාලිගාවක් ලෙසටයි. නමුත් ඉතාලි ගෘහ නිර්මාණශිල්පීන්ගේ දායකත්වය ලබාගෙන බැවේරියාවේ විවිධ පාලකයන් විසින් මෙම මාලිගාව බැරොක් ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඔප් නැංවුණු විශිෂ්ටතම මාළිගයක් බවට පත් කරනු ලැබුවා. බැවේරියානු රජ පවුලේ වර්තමාන සාමාජිකයන්ට අද දක්වාම උරුමව ඇති මේ මාලිගයත් අද වෙන විට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා.
7. Dresden මාලිගය (Dresden මාලිගය)
අද වන විට වසර 400 ක පමණ ඉතිහාසයක් පවතින මෙම මාලිගය සැක්සනියේ ප්‍රධාන මාලිගය බවට පත්ව තිබුණා. ඒ වගේම මෙම මාලිගයේ විවිධ කොටස්වල විවිධ ගෘහ නිර්මාණ ක්‍රම ශිල්පවල ලක්ෂණ දක්නට ලැබෙනවා. මාලිගය ගොඩනැගීම ආරම්භ වූ අවධියේ ජනප්‍රියව පැවති බැරොක් සම්ප්‍රදායේ සිට පශ්චාත් පුනර්ජීවන යුගය දක්වා විවිධ ලක්ෂණ වලින් මාලිගාවේ ගෘහ නිර්මාණ ශිල්පය පොහොසත්. දෙවන ලෝක යුද්ධයේදී දැඩි ලෙස බෝම්බ ප්‍රහාර වලට ගොදුරු වූවත්, පසුව ජර්මන් රජය විසින් මෙම මාලිගය නැවතත් ගොඩ නැගීමට කටයුතු කළා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply