බ්‍රිතාන්‍ය රජ පවුල කැළඹූ සම්මුඛ සාකච්ඡා

බ්රිතාන් රජ පවුල පිළිබඳව මාසයකට වරක් හෝ ලිපියක් ගෙන එන්න Lifie අපි උත්සාහ කරනවා. බොහෝ  දෙනෙක් ලිපි මාලාවට බැණ බැණ හරි කියවන විත්තිය ප්රසිද්ධ රහසක්. බණින අයටත්, නොබැණ කියවන අයටත් ස්තූති කරන ගමන් අපි අද ඔබට කියන්න යන්නේ බ්රිතාන් රජ පවුල කැළඹීමට ලක්කරන්න සමත් වෙච්ච සම්මුඛ සාකච්ඡා කීපයක් පිළිබඳව තොරතුරු.

 

 

1. 1961 වසරේ දී පිලිප් කුමරු බීබීසීය සමග පැවැති සම්මුඛ සාකච්ඡාව

  රූපවාහිනියේ ආගමනය සිදු වී දශක කීපයක් ගතව තිබුණත් රජ පවුලේ කිසිදු සාමාජිකයෙකු රූපවාහිනී මාධ් වෙත යොමු වුණේ නැහැ. උදාහරණයක් ලෙස දෙවැනි එළිසබත් රැජින රූපවාහිනිය හරහා සිය නත්තල් පණිවිඩය විකාශනය කිරීමට තීරණය කිරීම පිළිබඳවද බ්රිතාන්යය තුළ විවිධ විරෝධතා මතු වුණා. එමගින් රාජකීයත්වය සාමාන්යකරණයට ලක් වන බවයි ඇතැම් පාර්ශව වල අදහස වුණේ. එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉදිරිගාමී  චින්තනයකට උරුමකම් කී පිලිප් කුමරු 1961 දී බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. මෙය සැලකෙන්නේ බ්රිතාන්යයේ රජ පවුල සහ මාධ් අතර ගනුදෙනුවේ සන්ධිස්ථානයක් ලෙසටයි

 

 

2. ද කොරනේෂන් (The Coronation)

දෙවැනි එළිසබත් රැජින සම්මුඛ සාකච්ඡා ලබා දීම සිදු නොකරන නමුත් එම ප්රතිපත්තිය 2018 වසරේ දී වෙනස් වුණා. 1953 වසරේදී පැවති ඇගේ රාජාභිෂේක මංගල්යය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා තීරණය කිරීමත් සමගයි. එහිදී ඇය තමන්ට රාජාභිෂේක මංගල්යය තුළදී මුහුණදීමට සිදුවූ විවිධ ගැටළු පිළිබඳව නිදහසේ අදහස් පළ කර තිබුණා. උදාහරණයක් විදිහට තමන් පැළඳි ඔටුන්නේ  අති දැවැන්ත බව නිසා එහි බර මගහැරීමට සිදු කළ විවිධ උපායන් පිළිබඳවද ඇය හෙළි කරනු ලැබුවා.

 

 

3. සාරා ෆර්ගියුසන් සමඟ ඔප්රා වින්ෆ්රී සිදුකළ සම්මුඛ සාකච්ඡාව

ඇන්ඩෘ කුමරුගේ දික්කසාද බිරිඳ වන සාරා ෆර්ගියුසන් සිය විවාහයෙන් පසුවත් ඇන්ඩෘ කුමරු සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගියා. එක්තරා මාධ් ආයතනයක් විසින් සාරා හරහා ඇන්ඩෘ කුමරුට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අතර එම උගුලේ සාරා ෆර්ගියුසන් පැටලුණා. එහි වීඩියෝ පට  මාධ්‍යවලට නිකුත්වීමත් සමගම රජ පවුලේ සාමාජිකයන් දැඩි ලෙස කෝපයට පත් වුණා.  ඔප්රා සමග සාරා මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළේ තමන්ගේ නිර්දෝෂී භාවය හෙළි කරන සම්මුඛ සාකච්ඡාවක් ලෙසටයි. නමුත් මගින් ඇගේ ප්රතිරූපය වර්ධනය වීමක් සිදු වුණේ නැහැ.

 

 

4. බීබීසී නිව්ස්නයිට් සමඟ ඇන්ඩෘ කුමරු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

 ළමා අපචාර පිළිබඳව ඇන්ඩෘ කුමරුට චෝදනා එල්ල වී තිබෙන වකවානුවක මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා සහභාගී නොවන ලෙස රාජකීය කාර්ය මණ්ඩලය ඔහුට උපදෙස් ලබාදී තිබුණා. කෙසේ නමුත් එම උපදෙස් බැහැර කර ඇන්ඩෘ කුමරු තම පෞද්ගලික හිතවතුන් සමග සාකච්ඡා කොට මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා එකඟ වූයේ තමන්ට එල්ල වී තිබෙන චෝදනා තමන් විසින්ම පැහැදිළි කිරීමක් කොට ඉවත් කරගත හැකිය යන මතයේ සිටයි. නමුත් මෙම සම්මුඛ සාකච්ඡාව සැලකෙන්නේ ඇන්ඩෘ කුමරුගේ තත්ත්වය තවත් සෘණාත්මක බවට පත් කළ සම්මුඛ සාකච්ඡාවක් ලෙසටයි.

 

 

5. ජොනතන් ඩිම්බල්බී සමග චාල්ස් කුමරු සිදුකළ සම්මුඛ සාකච්ඡාව

1994 පැවති මෙම සම්මුඛ සාකච්ඡාව ආන්දෝලනාත්මක ස්වභාවයක් නොගත්තත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ චාල්ස් කුමරුගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය ඔහුගේ විවාහයේ අර්බුද ළඟදීම ජනතාව අතරට යන බවට අපේක්ෂා කළ බවත්, ඉන් ඇතිවන සෘණාත්මක බලපෑම සමනය කිරීම සඳහා මෙම සම්මුඛ සාකච්ඡාව සැලසුම් කළ බවත් තමයි. මෙම සම්මුඛ සාකච්ඡාව චාල්ස් කුමරු කෙතරම් තම වගකීම් වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයෙකුද යන්න ප්රකට වන ආකාරයට සකස් වී තිබුණා.

 

 

6. ඩයනා කුමරිය 1995 වසරේදී සිදු කළ සම්මුඛ සාකච්ඡාව

බීබීසී පැනොරෝමා නාලිකාව සමඟ ඩයනා කුමරිය ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මුළු මහත් බ්රිතාන්යම කම්පනයට ලක් කිරීමට සමත් වුණා. එම සම්මුඛ සාකච්ඡාවේදී ඇය තමන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව ඉතා සංවේදීව අදහස් පළ කළ අතර තමන්ගේ විවාහ ජීවිතය තුන්වැන්නියකගේ පැමිණීම නිසා අර්බුදයට පත්ව ඇති බවත් හෙළි කරනු ලැබුවා. එසේම නිසා තමන්ට ඇති වී තිබෙන මානසික කම්පනය සහ තමන් වෙනත් පෙම්වතුන් සොයා යෑමට පෙළඹීම පිළිබඳව ඇය සෘජුව අදහස් පළ කළා.

 

 

7. හැරී සහ මේගන් සමඟ ඔප්රා සිදු කළ සම්මුඛ සාකච්ඡාව

 මෑත කාලයේ බ්රිතාන් රජ පවුලට එල්ල වූ දරුණුම අභියෝගය විදිහට මෙම සම්මුඛ සාකච්ඡාව හැඳින්වීමට පුළුවන්. මෙය සැලකෙන්නේ රජ පවුලේ ජ්යෙෂ්ඨතම සාමාජිකයෙකු රජ පවුල විවේචනය කරමින් ප්රසිද්ධියේ සිදු කළ පළමු සාකච්ඡාව ලෙසටයි. මේ  පිළිබඳව හැරී සහ මේගන්ට පක්ෂව විවිධ මත පළ වූ අතර ඇතැම් බ්රිතාන් ජාතිකයන් පිළිබඳව ආවේගාත්මකවද අදහස් පළ කළ තිබුණා. කෙසේ නමුත් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව හැරී සහ රජ පවුල අතර පැවති ගැටළුකාරී තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට සමනය වී පවතිනවා.

 

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *