යට ඇඳුම් අඳින්නේ ගෑනු පිරිමි දෙජාතියම එක පොදු කාරණෙකට තමයි. යටි කය ආවරණය වගේ ම සෞඛ්යාරක්ෂිත දිවි පෙවෙතක් පවත්වා ගැනීම කියන මේ කාරණා එහෙම සමාන වුණාට කාන්තාවකගේ යට ඇඳුම් අඳින ඇඳුම් සහ අවස්ථා අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් රෙදි කඩවල දැකලා ඇති විවිධ ජාතියේ යටඇඳුම්. ඒත් ගන්නේ පුරුද්දට හැමදාම අඳින වර්ගයෙන් නම් මේ ලිපිය ඔබටයි.
1. Classic Briefs
ඒ තමයි අපි සාමාන්‍යයෙන් අඳින්න හුරු වෙලා ඉන්න යටඇඳුම් වර්ගයට කියන නම. මේක සාමාන්‍ය ඩෙනිමකට සායකට පහසුයි. බේජ් පාටින් ගන්නවා නම් වඩාත් හොඳයි. මේවා Granny Briefs කියන නමෙනුත් හඳුන්වනවා. එහෙම වෙලා තියෙන්නේ ආච්චිල ළඟ මේ වර්ගයේ යටඇඳුම් පමණක් ම තිබුණ එක. ඉතින් එහෙම බැලුවොත් අපේ රටේ බොහොමයක් ඉන්නේ ආච්චිලා. මේ වර්ගයට අමතරව High Cut Briefs තියනවා High Waist ඩෙනිමකට අඳින්න ඒවා හොඳයි. මේ නම්වලින් ඇහුවම සේල්ස් අය හොයලා දෙයි.
2. Boy Shorts
සමහර ඇඳුම් තියෙනවානේ අපේ පාලනයෙන් හැම අතින් ම ගිලිහුණ. සමහර සායවල්වලටයි ගවුම් කෑලිවලටයි පොඩි එකෙක්ට වගේ මර දාංගලේ. ඉතින් එහෙම වෙනකොට Boy Shorts ඕනිමයි. ආහ් තව දෙයක්. ඔසප් වීම ඇතිවන කාලයේ Classic Brief එකකට උඩින් Boy Shorts ඇන්දාම පෑඩ් එක එහෙ මෙහෙ යන්නේ නෑ. ඇඳුමක ගෑවෙන්න තියන ඉඩ අඩුයි. Boy Shorts පිජාමා සහ නයිටිවලට හොඳයි හවස් වරුවේ. රෑ වෙන්න නම් ඕවා ගලවලයි නිදාගන්න ඕනෑ.
3. G-Strings
භාව උද්දීපනය කිරීමේ පරමාර්ථයෙන් අඳින පළඳින මේ වර්ගය ඒකට ම නෙවේ ඇඟේ හැඩේ පේන්න අඳින ඇඳුමට ගැලපෙන්න වුණත් සෑහෙන හොඳයි. ඒ කියන්නේ ඔය හිර සායක් ලෙගින්ස් එහෙම අඳිනවා නම් මෙන්න බඩු. G-String එකකින් හරියටම වැහෙන්නේ රහස් ප්‍රදේශය විතරයි. අනික් ටික නූලෙන් එල්ලිලා තියෙන්නේ. ඒ කිව්වේ String එකෙන්.
4. Thongs
බොහෝ දෙනෙක් G-String සහ Thong පටලවා ගන්නවා. නමුත් Thong එහෙක අනෙකට වඩා වැඩියෙන් රෙදි භාවිත වෙනවා. Thong එකක් හරියට Classic Brief එකත් G-String එකත් අතරමැද තත්ත්වයක්. පසුපසින් තුනී තීරුවක් විතරයි තියෙන්නේ. G-String වගේ නූලෙන් එල්ලෙන කතන්දර නෑ. හැබැයි මේකත් සෙක්සි ලුක් එකකට තමයි වඩාත්ම බර. තද සායකට ගවුමකට හොඳයි.
5. Hipsters
Hipster හොඳයි High Waist නොවන ඕනම ඇඳුමකට කැඩුමකට. ඒකට මේ නම ඇවිල්ලා තියෙන්නෙත් ආයේ ඉනෙන් උස්සන්න දෙයක් නැතුවම ගානට සෙට් වෙන නිසයි. සමහර Classic Briefsවල එන අවුලක් තමයි ඒකේ දාර ඇඳුමෙන් නෙරලා එළියට පේන එක. Hipster ඇන්දාම ඒවා වානා.
6. French-Cut Panties
ඉස්සෙල්ලා කිව්වා High Waist ඒවාට වෙන ම Briefs තියනවා කියලා. නමුත් ඒවයේ කකුල් හරිම සාමාන්‍ය විදියට තියෙන්නේ. French-Cut එකත් High Waist තමයි. හැබැයි මේකේ කකුල්වලට උපරිම නිදහසක් එන විදියට ඇඳුමේ කකුල් කපලා තියනවා V හැඩයේ උපරිමයට ම.
7. Bikinis
Bikini කිව්වා කියලා නාන්න කරන්න විතරක් ම නෙවේ. ලුන්ගියක් හෝ ඒ වගේ සැහැල්ලු ඇඳුමකට අඳින්න Bikini Panty එකක් සුදුසුයි. කොට්න් සහ නයිලෝන් වගේ අමුද්‍රව්‍යවලින් ගන්න තියෙනවා. නාන්න යනව නම් නයිලෝනුත් ඇඳුමකට පළඳින්න නම් කොට්න් එහෙමත් යොදාගන්න පුළුවන්.
කොහොම වෙතත් මේ ඕනි යටඇඳුමක් අමුතු විදියට ගණන් ගිහින් තියෙනවා. ඒකත් ලේසි නෑ බලන් ගියාම.
Leave a Reply