හරි දැන් ඔය මාර්තු මාසෙ අග්ගිස්සට වෙන්න එනවනෙ ලෝක ජල දිනේ කියල එකක්. ජල දිනේ කියලා එකක් ආවෙ නැතත් රටේ මේ පවතින තත්ත්වෙ හැටියට අපි මෙන්න මේ සටහනේ ලියන දේ ගැනනං සැළකිලිමත් වියයුතුමයි. ඒ මොකද්ද ඒ? ඒතමයි වතුර සුරකින එක. නියං තත්ත්වයක් හින්දා රටේ මිනිස්සු ලක්ෂ දෙකකට එහා පැත්තෙ අසරණ වෙලා ඉන්න වෙලාවකයි මේ සටහන තියන්නෙ.
1. ලීක්

Source – lovottiinc.com
මිනිස්සු ගනං නොගන්නම දෙයක් තමයි ජල කාන්දු කියන්නෙ. ටැප්වලින් සිද්ධ වෙන ලීක්, සින්ක් එක යටින් සිද්ධ වෙන ලීක්, කොමෝඩ් එක ඇතුළෙන් සිද්ධ වෙන ලීක් ගැන මිනිස්සු හිතන්නෙම නැති තරං. ඒත් ඔය විදියට තත්පරයට එක බින්දුව ගානෙ දවසකට වතුර බින්දු අසූපන්දාහකට එහා පැත්තෙ කාන්දු වෙනවා. අපි දැන් මේක කිරි දුන්නේ දරුවන්ටයි වගේ වෙන නිසා මාසෙකට කොච්චර බින්දු ගානක් ලීක් වෙනවද කියල කියන්නෙ නෑ. නැත්තං අපිටත් කැල්කියුලේටර් තියෙනවා.
2. නාමු දියේ බැස

Source – metrouk2.wordpress.com
කෙටි නෑමක් කියන එක අතිශය වැදගත්. මිනිත්තු හතලිස් පහක දිගු නෑමකට වඩා මිනිත්තු දහයක කෙටි නෑම් දෙකක් දවසකට වඩා යෝග්‍යයි. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි වතුර ඉතුරු කරන්න ඕන නිසා.
3. වත්තෙ පැළ

Source – theveggielady.com
රටේ නැති තරං මල් පැල ගෙදර වත්තෙ ඉන්දගෙන ඒවට වතුර පුරවන එක නොකළ යුතුයි. වතුර දානවා නම් ගෙදරටත් රටටත් ප්‍රයෝජනයක් වෙන පළතුරක් හෝ එළවළුවක් සිටුවා ගන්නවා විනා මල් සිටුවනවා නම් වැඩි සාත්තුවක් අවශ්‍ය නොවන පැළ සිටුවා ගන්නට සැළකිලිමත් වෙන්න.
4. ටොයිලට්

Source – tradewindsimports.com
ටොයිලට් එක භාවිතා කිරීමෙන් පසු පමණක් ෆ්ලෂ් කරන්න. ඇයි එහෙම නෙවෙන අවස්ථාත් තියෙනවාද? ඔවු සිගරට් අළු, නියපොතු, කොට්න් බඩ්, සැඟවිය යුතු වෙනත් දෑ, වෙට් ටිෂූ යනාදී හැම සබ්බ සකලමනාවටම ෆ්ලෂ් කරන්නෙපා.
5. නව තාක්ෂණය

Source – amazonaws.com
නාන කාමරය වෙනුවෙන් නව තාක්ෂණය පාවිච්චි කිරීමත් ජල නාස්තිය අවම කළ හැකි ක්‍රමයක්. ජල බින්දුවක් කුඩා අංශුවලට බිඳ එවන ශවර් හෙඩ් වගේම ජලයේ පැමිණීමට යම් තරමක ප්‍රතිරෝධයක් දක්වන ශවර් හෙඩ් වෙළඳපොලේ උවමනා තරම් තියෙනවා. ඒ වගේම ෆ්ල්ෂ් කිරීමේදී වැඩියෙන් ජලය භාවිතා නොකරන නව තාක්ෂණයේ කොමෝඩ් වෙළඳපොලේ තිබෙනවා.
6. සෝදමු අපි සෝදමු

Source – netdna.com
මුළුතැන්ගෙයි භාජන සෝදන අවස්ථාවලදී ජල කරාමය විවර නොකර එක් භාජනයකට වතුර පුරවාගෙන භාජන සේදීම ජල භාවිතය අවම කරනවා. එය මෝටර් රථයක් සෝදන විටත් එලෙසින්ම බලපානවා.
7. දත් මදින තුරු

Source – saniconenergysolutions.wordpress.com
දත් මදින තුරු වොෂ් බේසින් එකේ කරාමය ඇර තැබීම දිනකට ලීටරයකට අධික ජලය ප්‍රමාණයක් වැය කරවන්නට හේතුවක්. එය ඔබට නොතේරෙන්නේ නම් සාමාන්‍යයෙන් දිනකට දත් මදින කාලය ගණනය කර, ඒ කාලය තුළ මෙගා බෝතලයකට වතුර පුරවා බලන්න.
8. ෆුල් ලෝඩ්

Source – fthmb.tqn.com
අනිවාර්යෙන්ම ඔබේ ඩිෂ් වොෂර් සේම වොෂින් මැෂින් ක්‍රියාකරවීමේදී එවාට යෙදිය හැකි උපරිම පිඟන් භාණ්ඩ සහ රෙදි යොදා ඇත්දැයි නිර්ණය කරගන්න.
9. ලේසියට

Source – pintarest.com
වාහනය ගෙන ඒමට ගරාජය තෙක් ඇති කොටස සුද්ධ කිරීමට ඔබේ කම්මැලිකම පසෙක තබා කොස්සක් භාවිතා කරන්න. එය හෝස් එකකින් ජලය විදිනවාට වඩා පරිසර හිතකාමී තත්ත්වයකි.
10. ළමුන්

Source – kidsfoodfestival.com
ළමුන් ජල ක්‍රීඩාවලින් ඈත් කර තබන්න. සාමාන‍්‍යයෙන් වියළි කාලගුණයේදී ළමුන්ට විජලන තත්ත්වයන් නිසා ජලය ආශ්‍රිතව සිටීම යෝග්‍ය වුවත් උග්‍ර ජල හිඟය නිසා එම තත්ත්වය පහසු කටයුත්තක් නොවෙයි. එනිසා ළමුන්ට හැකි තරම් ජලය බොන්නට ඉඩ හැර සෙල්ලමට ජලය භාවිතා කිරීම වළක්වන්න.
Cover Image Source – bonfirehealth.com / reachingutopia.com / time.com
Leave a Reply