එක එක රසින් නූඩ්ල්ස් කන්න කැමති අයට රෙසිපි 7ක් අපෙන්

නූඩ්ල්ස් ඉතින් අපි නිතර කන කෑමක්. ඒ උනා​ට සියයට අනූවක්ම නූඩ්ල්ස් හදන්නෙ එකම විදියට කියලයි අපි නම් හිතන්නෙ. ඔන්න ඉතින් ඒ නිසාම ටිකක් වෙනස් විදි වලට නූඩ්ල්ස් හදාගන්න විදිය ගේන්න හිතුවා. එක එක රට වල එක එක විදියට හදන මේ රෙසිපි ඔයාලා අනිවාර්ය​යෙන්ම හදලා බලයි කියලා හිතනවා. 

 

1. චිලී ගාලික් නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නූඩ්ල්ස් ග්‍රෑම් 300
  2. චොප්කරගත් සුදුළූණු බික් 3
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. හීනියට කපාගත් කැරට් අල 1
  6. හීනියට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2 බැඟින් පාට 3න්
  7. ලියාගත් ගෝවා ගෙඩි 1/4
  8. විනාකිරි තේ හැඳි 2
  9. සෝයාසෝස් මේස හැඳි 2
  10. රෙඩ් චිලී සෝස් මේස හැඳි 1
  11. ග්‍රීන් චිලී සෝස් මේස හැඳි 1
  12. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • වතුර භාජනයක් ලිපේ තියලා උතුරනකොට නූඩ්ල්ස් ටික දාල තම්බගන්න. වතුර පෙරලා උඩින් තෙල් ටිකක් ඉසගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු, ළූණු හා අමුමිරිස් ටික දාලා ළූණු මැලවෙනකල් හැඳිගාන්න. 
  • ඊළඟට එළවළු සියල්ලම දාලා විනාකිරි හා සෝස් ටික දාගන්න. දැන් හොඳට කලවම් කරලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. දැන් තම්බාගත් නූඩ්ල්ස් ටික දාලා කලවම් කරගන්න. 

 

2. කොරියන් රාමෙන් නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ‍රාමෙන් නූඩ්ල්ස් පැකට් 1
  2. චොප්කරගත් ළූණුකොළ ස්වල්පයක් 
  3. චොප්කරගත් සුදුළූණු බික් 3
  4. තෙල් ස්වල්පයක් 
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. කෑලිමිරිස් තේහැඳි 2 
  7. චයිනීස් කැබේජ් කොළ කිහිපයක් 
  8. සෝයාසෝස් මේස හැඳි 2
  9. චිකන් ස්ටොක් කෝප්ප 4
  10. භාගෙට තම්බාගත් බිත්තර 1

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණුකොළ ටික දාගන්න. ටිකකින් සුදුළූණු ටික එකතු කරන්න. කෑලිමිරිස් ටික දාගන්න. හොඳට කලවම් කරලා විනාඩියකින් විතර ලිපෙන් බාගන්න. 
  • භාජනයක් ලිපේ තියලා වතුර දාල කැබේජ් ටික තප්පර 30ක් විතර බ්ලාන්ච් කරගන්න. ඒ ටික අයින් කරලා ඒ වතුරටම නූඩ්ල්ස් ටික දාලා 80%ක් වගේ තම්බගන්න. 
  • සර්වින් බෝල් එකකට චිලී ඔයිල් මේස හැඳි 1ක් හා සෝයාසෝස් මේස හැඳි 1ක් දාගන්න. දැන් මේකට හොඳින් රත් කරගත් චිකන් ස්ටොක් ටික රස්නෙන්ම දාලා ඒකට නූඩ්ල්ස් ටික දාගන්න. 
  • පැත්තකින් කැබේජ් ටික තියාගන්න. ෆ්‍රයි කරගත් ළූණු කොළ ටික පැත්තකින් දාලා භාගෙට තම්බාගත් බිත්තරය කපලා නූඩ්ල්ස් එක උඩින් තියන්න. 

 

3. එග් නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නූඩ්ල්ස් පැකට් 1
  2. බිත්තර 3
  3. චොප්කරගත් සුදුළූණු බික් 3
  4. ලියාගත් ළූණු ගෙඩි 1
  5. ග්‍රේට්කරගත් කැරට් අල 1
  6. චොප්කරගත් බෝංචි කරල් 3
  7. ලුණු ස්වල්පයක් 
  8. චිලීන්සෝස් මේස හැඳි 1
  9. තක්කාලි සෝස් මේස හැඳි 1
  10. සෝයාසෝස් මේස හැඳි 1
  • වතුර භාජනයක් ලිපේ තියලා උතුරනකොට නූඩ්ල්ස් ටික දාලා තම්බගන්න. ලුණු හා තෙල් ටිකක් දාගන්න. විනාඩි 5කින් වගේ බාලා පෙරාගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා බිත්තර ටික දාගන්න. බිත්තර හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. රස අනුව ලුණු එකතුකරන්න. 
  • ඒ ටික අයින් කරලා පෑන් එකට තව තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. ටිකකින් ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවුනාම එළවළු ටික දාලා රස අනුව ලුණු එකතු කරන්න. 
  • මේකට සෝස් වර්ග දෙකත් දාලා විනාඩියක් විතර කලවම් කරන්න. අන්තිමට තම්බාගත් නූඩ්ල්ස් ටික හා බිත්තර ටික දාලා කලවම් කරගන්න. 

 

4. ක්‍රීමි නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. නූඩ්ල්ස් පැකට් 1
  2. බටර් මේස හැඳි 1
  3. තෙල් ස්වල්පයක් 
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. චොප්කරගත් මික්ස් බෙල්පෙපර් කෝප්ප 1/4
  6. ස්වීට් කෝන් ඇට කෝප්ප 1/4
  7. ඔරිගානෝ ස්වල්පයක් 
  8. කෑලිමිරිස් තේහැඳි 1/2

 

වයිට් සෝස් එකට

 

  1. බටර් මේස හැඳි 2
  2. පාන්පිටි මේස හැඳි 1
  3. කිරි කෝප්ප 1
  4. කෑලිමිරිස් තේ හැඳි 1/2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • වතුර භාජනයක් ලිපේ තියලා ලුණු හා තෙල් ටිකක් දාගන්න. මේක නටනකොට නූඩ්ල්ස් ටික දාලා විනාඩි 3-5ක් වගේ තම්බගෙන පෙරාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට චොප්කරගත් සුදුළූණු,  බෙල්පෙපර්, කෝන්, ඔරිගානෝ, ගම්මිරිස්කුඩු හා කෑලිමිරිස් ටිකත් එකතු කරගන්න. හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර පිසගන්න. 
  • වෙනම පෑන් එකකට බටර් දාලා පාන්පිටි ටික දාගන්න. කැට නැතිවෙනකල් විස්ක් කරගන්න. දැන් කිරි ටික ටික දාලා තික් සෝස් එකක් හදාගන්න. 
  • මේකට කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. කලවම් කරලා මේකට ෆ්‍රයි කරගත් එළවළු හා නූඩ්ල්ස් ටික දාලා කලවම් කරන්න. 

 

5. තායි නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නූඩ්ල්ස් පැකට් 1
  2. තෙල් ස්වල්පයක් 
  3. ලුණු ස්වල්පයක් 
  4. තක්කාලි සෝස් මේස හැඳි 1 
  5. හීනියට කපාගත් කැරට් අල 1
  6. හීනියට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  7. බේසිල් කොළ කෝප්ප 1
  8. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 200
  9. ලියාගත් ළූණු ගෙඩි 1
  10. බිත්තර 1
  11. සෝයාසෝස් මේස හැඳි 3
  12. චොප්කරගත් අමුමිරිස් කරල් 1

 

  • භාජනයකට වතුර දාලා තෙල් තේ හැඳි 1ක් හා ලුණු දාගන්න. වතුර රත්වෙනකොට නූඩ්ල්ස් ටික දාලා තම්බගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවෙනකොට ඉස්සො ටික දාලා හොඳට දෙපැත්ත හරවමින් බැදගන්න. 
  • ඉස්සො ටික රන්වන්පාට වෙනකල් බැදෙනකොට සෝයාසෝස් ටික දාගන්න. දැන් මේකට කපාගත් එළවළු ටික දාලා බිත්තරය කඩලා දාලා කලවම් කරන්න. ​බේසිල් කොළ ටිකත් දාගන්න. 
  • දැන් තම්බාගත් නූඩ්ල්ස් ටික දාලා කලවම් කරන්න. කපාගත් අමුමිරිස් ටිකත් දාගන්න. තක්කාලි සෝස් ටික දාලා කලවම් කරලා කෑමට ගන්න. 

 

6. සී ෆුඩ් සෝයාසෝස් නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සෝස් එකට
  2. සෝයාසෝස් මේස හැඳි 1
  3. ඩාක් සෝයාසෝස් මේස හැඳි 1
  4. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
  5. සුදු ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. වයින් ස්වල්පයක් 
  7. සීනි මේස හැඳි ½

 

නූඩ්ල්ස් එකට

 

  1. චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
  2. චොප්කරගත් ළූණුකොළ ස්වල්පයක් 
  3. චොප්කරගත් සුදුළූණු බික් 4
  4. සාමාන්‍ය සයිස් දැල්ලො 5
  5. නූඩ්ල්ස් ග්‍රෑම් 300
  6. තෙල් ස්වල්පයක් 
  7. සුද්දකරගත් ඉස්සො 5-6

 

  • සෝස් එකට අදාළ සියල්ලම දාලා සෝස් එක හදාගන්න. දැල්ලො ටික පොඩියට කපාගන්න. 
  • වතුර භාජනයක් ලිපේ තියලා ලුණු හා තෙල් ටිකක් දාන්න. වතුර නටන කොට නූඩ්ල්ස් ටික තම්බලා පෙරලා වතුරෙන් සෝදන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු එකතු කරන්න. මේකට ඉස්සො හා දැල්ලො ටික දාලා බැදෙන්න අරින්න. 
  • ඒ ටික හොඳට බැදුනම නූඩ්ල්ස් ටික දාලා සෝස් එක දාගන්න. හොඳට කලවම් කරගන්න. මේකට ළූණුකොළ ටිකත් දාලා විනාඩි 5ක් වගේ කලවම් කරගන්න. 
  • බැදගත් මාළු හෝ ක්‍රෑබ් මීට් වගේ තව කැමති සීෆුඩ් ඕන එකක් දාගන්න පුළුවන්. 

 

7. සොසේජ් නූඩ්ල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. නූඩ්ල්ස් පැකට් 1/2ක්
  2. තෙල් ස්වල්පයක් 
  3. පෙති කපාගත් සොසේජස් කරල් 5
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  6. කපාගත් බෙල්පෙපර් කෝප්ප 1/2
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. මිරිස්කුඩු ස්වල්පයක් 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා සොසේජස් ටික බැදගන්න. ඒ ටික අයින් කරලා තව තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න. 
  • ළූණු මැලවෙනකොට තක්කාලි ටික දාගන්න. බෙල්පෙපර් ටිකත් දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ටික දාගන්න. 
  • දැන් මේකට වතුර කෝප්ප 1ක් දාගන්න. එළවළු ටිකක් තැම්බෙන්න ඇරලා මිරිස්කුඩු දාලා කලවම් කරලා නූඩ්ල්ස් ටික දාගන්න. 
  • වතුර මදිනම් තව කෝප්ප 1/4ක් වගේ දාගන්න. ගින්දර අඩු කරලා හොඳට තම්බගන්න. වතුර හිඳීගෙන යනකොට සොසේජස් ටික දාලා කලවම් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *