රට ඉඳි වලින් හදන්න පුළුවන් රස කෑම 7ක්

ස්වීට් එකක්, කේක් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට පාවිච්චි කරන රට ඉඳි වලින් හදන්න පුළුවන් වෙනස් විදියෙ කෑම ටිකක් බලමුද? ගොඩක්ම ඉන්දියන් හා මුස්ලිම් අය අතර ප්‍රසිද්ධ මේ කෑම ගොඩක් උත්සව අවස්ථා වලදි හදනවා. වැඩි රසයක් ගෙන දෙන කෑම අතරෙ ඩේට් ස්වීට්ස් ලොකු තැනක් ගන්නවා. අද එහෙනම් මේ ගැනයි කතාබහ. 

 

1. රටඉඳි පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. උකු පොල් කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් 150ml
  2. රටඉඳි 150g
  3. එනසාල් කුඩු තේ හැඳි 1/2
  4. බිත්තර 2 ක්

 

  • රටඉඳි ඇට ඉවත් කර පොල් කිරි දමා බ්ලෙන්ඩ් කරලා ඒක පුඩින් හදන භාජනයට පෙරා ගන්න. පෙනේරයේ ඉතුරු වුණ ටිකත් හැන්දකින් තද කරමින් පෙරා ගන්න. 
  • රටඉඳි කිරි මිශ්‍රණයට බිත්තර එකතු කරලා හැන්දකින් ගසා ගෙන නැවත පෙරාගන්න. එනසාල් කුඩු ටිකත් එකතු කරන්න. 
  • භාජනය පියනකින් හෝ ෆොයිල් පේපර් එකකින් වහගෙන විනාඩි 45 ක් පමණ වාෂ්පයෙන් තම්බාන්න. නිවුණු පසුව ශීතකරණයේ දමා කෑමට ගන්න. 

 

2. රටඉඳි අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රටඉඳි 300g
  2. කජු මද 75g
  3. ආමන්ඩ් ඇට 75g

 

  • රටඉඳි, කජු හා ආමන්ඩ් ඇට වෙන වෙනම ග්‍රයින්ඩ් කරගෙන එකට කළවම් කරන්න. ඊට පස්සේ ඒවා අග්ගලා බෝල හැඩයට හදාගන්න. 

 

3. රටඉඳි හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඇට ඉවත් කරගත් රට ඉඳි 300g
  2. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1
  3. ගී මේස හැඳි 1
  4. කපා ගත් කජු ටිකක්

 

  • රටඉඳි ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. රටඉඳි හුඟක් වියළි ගතියක් තියෙනවා නම් වෙනම කිරි ස්වල්පයක් දමා පෙඟෙන්න හැර අඹරා ගන්න. 
  • ගී ටික ලිපේ තබා ඒකට අඹරාගත් රටඉඳි සහ කිරි එක්කර හොඳින් මිශ්‍ර කරන්න.  කිරි ටික හිඳිලා රටඉඳි මිශ්‍රණය බඳුන වටේ නොඇලෙන පදමට ආවම ලිපෙන් ඉවත් කරගන්න.  
  • මෙය බටර් තවරාගත් තැටියකට දමා, ඊට උඩින් කජු දමා හැන්දකින් තුනී කරගෙන නිවෙන්නට හැර කොටු කපා ගන්න. 

 

4. රටඉඳි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිටි 250g
  2. සීනි 250g
  3. රටඉඳි 200g
  4. බිත්තර 5
  5. බටර් 250g
  6. බේකින් පවුඩර් තේ හැඳි 2
  7. වැනිලා ටිකක්
  8. කිරි කෝප්ප 1/4
  9. බේකින් සෝඩා පින්ච් එකක්

 

  • මුලින්ම රටඉඳි වල ඇට අයින් කරලා බේකින් සෝඩා පින්ච් එකක් දාලා උණුවතුර ටිකක පෙඟෙන්න තියන්න. 
  • දැන් රටඉඳිවල වතුර පෙරලා හොඳින් චොප් කරගන්න. 
  • බටර් හා සීනි බීට් කරන්න. බිත්තර එකින් එක එකතු කර කර බීට් කරන්න. ඒකට පිටි, බේකින් පවුඩර්, වැනිලා මික්ස් කරන්න.  
  • දැන් ඒකට රටඉඳි ටික දාලා තත්පර 10ක් විතර හොඳින් බීට් කරන්න. ඒකටම කිරි දාලා හැන්දකින් හොඳින් මික්ස් කරන්න.  ඊළඟට සෙල්සියස් 170° කට මිනිත්තු 40ක් පමණ බේක් කරන්න. 

 

5. ඩේට් බාර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇට ඉවත් කළ රටඉඳි ග්‍රෑම් 400
  2. වතුර කෝප්ප 1
  3. සීනි මේස හැඳි 3
  4. රෝස් එසන්ස් ස්වල්පයක්

 

ඩෝ එකට

 

  1. බටර් ග්‍රෑම් 100
  2. සීනි ග්‍රෑම් 220
  3. වැනිලා ස්වල්පයක්
  4. පාන්පිටි ග්‍රෑම් 500
  5. බේකින් පව්ඩර් තේ හැඳි 2

 

  • පෑන් එකට රටඉඳි දාලා වතුර හා සීනි දාගන්න. ලිපේ තියලා හැඳිගාන ගමන් රෝස් එසන්ස් ටිකක් දාගන්න. හොඳට කළවම් කරලා චට්නි එකක් වගේ හදාගන්න. 
  • දැන් ඩෝ එක හදාගන්න බටර් හා සීනි හොඳට බීට් කරගන්න. බිත්තර ටිකත් දාලා බීට් කරගන්න. 
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න. දැන් බටර් සහ බිත්තර මිශ්‍රණයට වැනිලා දාලා පාන්පිටි ටික ටික දාගන්න. දැන් හොඳට සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. මේක පැය කාලක් වහලා තියලා දෙකට බෙදාගන්න. 
  • දැන් එක කොටසක් තුනී කරලා බේකින් ට්‍රේ එකට දාලා උඩින් හදාගත්ත රටඉඳි මිශ්‍රණය දාලා ඊළඟට ඉතුරු ඩෝ එක තුනී කරලා උඩින් වහගන්න. 
  • උඩින් බිත්තර කහමදයක් විස්ක් කරලා බ්‍රශ් කරගන්න. දැන් මේක සෙල්සියස් 189°ට විනාඩි 40ක් බේක් කරගන්න. 

 

6. ඩේට් මිල්ක්ශේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 3
  2. ඇට ඉවත් කරගත් රටඉඳි ග්‍රෑම් 250
  3. කුරුඳු කුඩු ස්වල්පයක්
  4. චොප්කරගත් ආමන්ඩ් ස්වල්පයක්
  5. සීනි මේස හැඳි 2
  6. පැණි මේස හැඳි 1
  7. ලුණු ස්වල්පයක්

 

  • කිරි වලට කුරුඳු කුඩු හා රට ඉඳි දාලා පැයක් පෙඟෙන්න තියන්න. 
  • දැන් මේකට සීනි, පැණි හා ලුණු දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න කෑලි නැතිවෙනකල්ම. උඩින් ආමන්ඩ් නට්ස් දාලා පිළිගන්වන්න. 

 

7. Brownie with dates

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රටඉඳි ග්‍රෑම් 200
  2. උණු වතුර කෝප්ප 1 
  3. පැණිරස නොකළ කොකෝවා පවුඩර්
  4. ආමන්ඩ් ඇට ටිකක්
  5. වැනිලා ස්වල්පයක්
  6. ලුණු
  7. බේකින් පවුඩර් තේ හැඳි 1
  8. ඩාර්ක් චොකලට් කෑලි 2

 

රටඉඳි ටොපින් එක සාදා ගැනීමට

 

  • කොකෝවා පවුඩර් මේස හැඳි 2
  • ආමන්ඩ් මිල්ක් කෝප්ප 1/4

 

  • රටඉඳි වලට උණු කරගත් වතුර දාලා විනාඩි 10 ක් විතර පෙඟෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න.  
  • ඒකටම පැණිරස නොකළ කොකෝවා පවුඩර්, ආමන්ඩ්, වැනිලා, ලුණු, බේකින් පවුඩර් දාලා නැවත බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් ට්‍රේ එකක් ගෙන බේකින් පේපර් එකක් දාලා හදා ගත් මිශ්‍රණය දාලා ලෙවල් කරගන්න. සෙල්සියස් 180°ට  විනාඩි 15 -20 ක් විතර බේක් කරගන්න. 
  • පිරවුම හදාගන්න පැණිරස නොකළ කොකෝවා පවුඩර්, ආමන්ඩ් කිරි බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේක බේක් කරගත් brownie උඩට වක්කරලා, ඒකට උඩින් ඩාර්ක් චොකලට් මෙල්ට් කරලා වක්කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *