කොටුව! ලංකාවේ කොහේ හිටියත් දවසක් හරි එන්න සැට් වෙන තැනක්. ඒ වෙලාවට බඩගින්නක් හැදුණොතින් යන්න ඕනි තැන් ගැන කලින්ම දැනන් යන එක හොඳයිනේ.
1. Sen Saal
ක්ෂේත්‍රයට අලුත් මූණක් නොවුණට කොටුවට අලුත්. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා තියෙන මේ තැන එතැනට ඇතුල් වෙන ගමන් ම පේනවා ගිනි ගින්දර පාටට. මෙතන සෑහෙන ඉඩක් තියනවා. බත් වර්ග නම් එහෙමයි. බේකරි නිෂ්පාදන නම් ඒත් එහෙමයි. තව ඉතින් වෛවාරණ බීම ජාති තියනවා. මෙයාලගේ මිල්ක් ටී එක නම්. හම්මා. ගාණත් නම තරම් ගණන් නෑ. මුල්ම කැමැත්තට ඒක හොඳයි.
2. Subway
හරි අපි තාම ඉන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉස්සරහ. ඒකට හරි කෙලින් පාරේ අනෙක් පැත්තේ තියනවා ටිකක් ලොකු බිල්ඩිමක්. ඒකේ පෙට්ටි කඩේ ඉඳන් වෛවාරණ කඩ තියනවා. ඔන්න ඔය බිල්ඩිමේ හරි මැදට පේන්න තියන තැනයි මෙතන. Subway අන්තර්ජාතික වැඩක්. නමුත් කොටුවේ තැනක් හොයන එකත් එහෙම වැඩක්. සබ් එකට අවශ්‍ය පාන් වර්ගය, එළවළු, සෝස් සහ ෆිලින්ග් කියන දේවල් අපිමයි තෝරන්නේ. මෙතන ප්‍රසන්න පෙනුමයි. වැඩට ඉන්න පොඩ්ඩත් සුහදශීලියි.
3. Pagoda Tea Rooms
චැතම් ස්ට්‍රීට් එකේ පොඩි ලකයක් තියන එක ම බිල්ඩිම තමයි ද මෙල් බිල්ඩිම. ඒක දැන් පැගෝඩා ටී රූම් එක. කොටුවේ ඉන්න ගමන් ලෑම්ප්රයිස් බඩගින්නක් ආවොත් යා යුත්තේ එතෙන්ටයි. පොඩි බඩගින්නට විශාල පරාසයක බේකරි නිෂ්පාදන තියනවා. මෙතන තැන නම් ඇත්තෙන් ම ලස්සනයි. කාර්‍යාලවල වැඩ කරන අයව ඉලක්ක කරගෙන හවස 5ට මෙතන වහන එකයි අවුල.
4. Grand Oriental Hotel – Sri Lankan Restaurant
නමටවත් පෙනුමටවත් බය වෙන්න දෙයක් නෑ. දැරිය හැකි මුදලට බඩ පිරෙන්න කන්න හැකියාවක් තියෙනවා බුෆේ ක්‍රමයට ආහාර පිළිගන්වලා තියනවා. කෑම කන්න කලියෙන් සුප් එකක් එහෙමත් පිළිගන්වනවා.
5. The Colombo Food Court
කොටුවේ ලෝටස් පාරේ මදක් දුර ගියාම හම්බෙන ෆුඩ් කෝර්ට් එකේ ෆුට්බෝල් මැච් ගහන්න පුළුවන්. ඒ තරම් හිඳගැනීමේ පහසුකම් තියනවා. රයිස් ඇන්ස් කරි ඉස්පෙෂලිස්ට් වුණාට ලොකු කුකුල් අණ්ඩක් එක්ක කන්න ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියනවා. අල්ලපු වැටේ තියනවා නම ගිය තවත් කඩයක්. ඒත් ඒක රෙකමදාරු කරන එක කරන්න බැරි වැඩක්.
6. & Co. (The Steuart)
ස්ටුවර්ට් එකට හවස් වෙන්න නම් සෑහෙන උදවිය එන්නේ දෙකක් දාගන්න බලන්. ඒ අතර පවුල් පිටින් කන්නත් එනව ඉතින්. මෙතන එකෙන් ම සැටිස්. පොෂ් වුණාට පොෂ් නොවන අයටත් පොෂ් කෑම වේලක් කන්න පුළුවනි. මෙතන ආරක්ෂිත බවකුත් තියෙනවා. අලි බඩගින්නකින් හිටියත් මෙයාලගේ බිරියානි එකක් කන්න සෑහෙන වෙලාවක් යයි. ඒ තරමට ඒක විශාලයි.
7. Pilawoos Hotel
කොල්ලුපිටියේ පිලා එක වගේ නැතත් කෑම කොලිටි. කොත්තුවක් එක්ක මැන්ගෝ ලැසි එකක් ගත්තා නම් ඒකෙන් දවසම පණ ගහගෙන ඉන්න පුළුවන්. කැටයම් නෑ. පුටු ටිකයි මේසයි තියනවා. අලි කලබලයි වෙලාවකට. කියන්න බැරි වුණා නේ. අර කලින් කියපු පැගෝඩා හවුස් එකට මූණ දාලයි මෙයා ඉන්නේ. දෙන්නට දෙන්නා මූණ බලන් ඉන්නේ.
Leave a Reply