තෙල් රහිතව හදාගතහැකි කෙටි කෑම රෙසිපි

කොලෙස්ටරෝල්, හෘදයාබාධ මේ වෙනකොට සෑහෙන්න පිරිසකට තියෙන ගැටළු බවට පත් වෙලා. මේකට ප්‍රධාන හේතුවක් තෙල් අධික ආහාර. ක්ෂණික කෑම වල සෑහෙන්න තෙල් තමා තියෙන්නෙ. ඉතින් මේ අහිතකර කෑම රටාවෙන් මිදිලා පොඩ්ඩක් ඇඟට ගුණ විදියට කන්න පුළුවන් කෑම ටිකක් අද ගේන්න හිතුවා. හදලා බලන්න. තෙල් නැතුවත් රසට කන්න පුළුවන් කියලා ඔයාටම තේරෙයි. 

 

1. ආලූ බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා ගත් පොඩි කරගත් ලොකු අල ගෙඩි 1
  2. හාල් පිටි මේස හැඳි 2
  3. අමුමිරිස් කරල් 1
  4. කහ කුඩු තේ හැඳි 1/4
  5. මිරිස් කුඩු තේ හැඳි 1/4
  6. ගරම් මසාලා තේ හැඳි 1/2
  7. තුනපහකුඩු තේ හැඳි 1
  8. කොත්තමල්ලි කොළ 
  9. රස අනුව ලුණු කුඩු 
  10. අතේ ගාගන්න බටර් පොඩ්ඩක් 

 

  • බෝල් එකක් අරගෙන ඒකට පොඩි කර ගත් අල, සිහින්ව කපා ගත් අමුමිරිස්, කහකුඩු, මිරිස් කුඩු, ගරම් මසාලා, තුනපහකුඩු, ලුණු කුඩු, හාල් පිටි, කොත්තමල්ලි කොළ දාලා හොඳට කලවම් කරන්න. 
  • මිශ්‍රණය අතේ නොඇලෙන්න අතේ බටර් ටිකක් ගා අරගෙන කලින් සදා ගත් මිශ්‍රණයෙන් පොඩියට බෝල හදල යන්තම් පැතලි කරගන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් ‍රත් වෙන්න තියලා සාදා ගත් පොඩි බෝල තැනින් තැන තියලා අඩු ගින්දරේ පෑන් දෙපැත්ත හරවමින් පෑන් ෆ්‍රයි කරගන්න.

 

2. සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ආටා පිටි කොප්ප 2
  2. වතුර 
  3. රස අනුව ලුණු කුඩු 
  4. තම්බා ගත් පොඩි කරගත් ලොකු අල ගෙඩි 1
  5. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි 1/4
  7. මිරිස් කුඩු තේ හැඳි 1/4
  8. ගරම් මාසාලා තේ හැඳි 1/2
  9. අමුමිරිස් කරල් 1
  10. තුනපහකුඩු තේ හැඳි 1
  11. කොත්තමල්ලි කොළ 
  12. ස්ටීම් කර ගත් ග්‍රීන්පීස් කොප්ප 1/4

 

  • බෝල් එකක් අරගෙන ඒකට ආටා පිටි, ලුණු කුඩු දාලා හොඳට කලවම් කරන්න. වතුර ටික ටික එක් කරමින් ස්මුත් ඩෝ එකක් එන විදිහට හොඳට අනා ගන්න. මේක විනාඩි කිහිපයක් වසා තියන්න. ඒ අතරතුර මික්ස් එක හදා ගන්න. 
  • වෙනම බෝල් එකක් අරගෙන ඒකට පොඩිකර ගත් අල, තුනපහකුඩු, කොත්තමල්ලි කුඩු, කහකුඩු, මිරිස් කුඩු, ගරම් මාසාලා, මිරිස් කුඩු, සිහින්ව කපා ගත් අමුමිරිස්, ලුණු කුඩු, කොත්තමල්ලි කොළ හා ග්‍රීන්පීස් දාලා හොඳින් කලවම් කරන්න. 
  • දැන් කලින් සදා ගත් ඩෝ එක නැවත හොඳින් අනා ගන්න. ඊළඟට ඒ ඩෝ එකෙන් පොඩියට බෝල සාදා ගන්න. එයින් එක් බෝලයක් අරගෙන හොඳින් රවුමට තුනී කරන්න. ඒකෙන් ගොට්ටක් වගේ හැඩයකට එන පරිදි හදා අරගෙන මිශ්‍රණය මැදට දාලා වටේ සීල් කරගන්න. 
  • ගැඹුරු පෑන් එකක් අරගෙන අඩියට ලුණු කුඩු දාලා පියනකින් වහලා විනාඩි 10ක් විතර අඩු ගින්නෙන් ප්‍රිහීට් වෙන්න ලිපේ තියන්න. 
  • ඒකට උඩින් යකඩ දරණුවක් තියලා බේකින් තැටියක් තියලා ඒක ඇතුලෙන් සාදා ගත් සමොසා තියන්න. දැන් පියනකින් වහලා විනාඩි 25 ක් 30 ක් විතර අඩු ගින්නෙන් බේක් වෙන්න තියන්න. 

 

3. පකෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කඩල පිටි කොප්ප 1 
  2. රුලං කොප්ප 1/2
  3. තම්බා ගත් පොඩි කරගත් ලොකු අල ගෙඩි කොප්ප 1 /2
  4. කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  5. ළූණු ගෙඩි 1
  6. ඉඟුරු කෑල්ලක්
  7. රස අනුව ලුණු 
  8. අමුමිරිස් කරල් 1
  9. කහකුඩු තේ හැඳි 1/4
  10. තුනපහකුඩු තේ හැඳි ¼
  11. සූදුරු ඇට තේ හැඳි 1/4
  12. මිරිස් කුඩු තේ හැඳි 1
  13. යෝගට් මේස හැඳි 3
  14. වතුර කොප්ප 1/4

 

  • බෝල් එකක් අරගෙන ඒකට කඩල පිටි, රුලං, පොඩිකර ගත් අල, කොත්තමල්ලි කොළ, සිහින්ව කපා ගත් ළූණු, ඉගූරු, ලුණු කුඩු, සිහින්ව කපා ගත් ළූණු, අමුමිරිස්, කහකුඩු, සූදුරු ඇට, මිරිස් කුඩු, යෝගට් දාලා හොඳින් කලවම් කරන්න. 
  • ඒකටම වතුර ටික ටික දාලා හොඳින් කලවම් කරන්න. හොඳින් වහලා විනාඩි 15 ක් විතර තියන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් අරගෙන රත් වෙන්න තියන්න. ඒකට කලින් සදා ගත් මික්ස් එකෙන් ටික ටික හැන්දකින් තැනින් තැනට දාන්න. අඩුම රස්නෙන් විනාඩි 2ක් 3ක් විතර පියනකින් වහල පිසගන්න.
  • තැම්බුනාම වැඩි ගින්නෙන් රන්වන් පැහැවන තුරු පෑන් ෆ්‍රයි කරගන්න. 

 

4. කැරට් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බැදගත් කඩල කෝප්ප 1
  2. මහදුරු තේ හැඳි 1
  3. සුදුළූණු බික් 4
  4. ළූණු ගෙඩි 1 
  5. අමුමිරිස් කරල් 2
  6. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1
  7. මිංචි කොළ ටිකක් 
  8. කොත්තමල්ලි කොළ මේස හැඳි 1
  9. රස අනුව ලුණු කුඩු 
  10. වතුර මේස හැඳි 2

 

  • බෝල් එකක් අරගෙන ඒකට රොස්ට් කරගත් කඩල, මහදුරු, සුදුළූණු දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් එය වෙනම බෝල් එකකට දා ගන්න. ඒකට කැරට්, ළූණු, මිංචි කොළ, කොත්තමල්ලි කොළ, අමුමිරිස්, ලුණු කුඩු දාලා හොඳින් කලවම් කරන්න. 
  • දැන් ඒකට වතුර ටික ටික දාලා කලවම් කරන්න. මේකෙන් පොඩියට බෝල සාදා පැතලි කරගන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් අරගෙන ගින්දර අඩු කරලා ලිපේ තියලා බෝල එකින් එක දාලා විනාඩි 2ක් 3ක් විතර දෙපැත්තම හොඳින් තැම්බෙනකම් පිසගන්න. 

 

5. පොටෑටෝ නගට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ගෙඩි 2
  2. ටොමැටෝ කෙචප් තේ හැඳි 2
  3. වතුර තේ හැඳි 2
  4. මිරිස් කුඩු තේ හැඳි 1/2
  5. ලුණු කුඩු තේ හැඳි 1/3
  6. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/4
  7. සූදුරු ටිකක් 
  8. රුලං කොප්ප 1/2 

 

  • බෝල් එකක් අරගෙන ඒකට ටොමැටෝ කෙචප්, වතුර දාලා හොඳින් කලවම් කරන්න. ඊළඟට ඒකට මිරිස් කුඩු, ලුණු කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු දාලා හොඳින් කලවම් කරන්න. 
  • අල දික් අතට තරමක කෑලි
  • කපගන්න. මේක කලින් සාදා ගත් මිශ්‍රණයේ තවරන්න. 
  • දැන් වෙනම බෝල් එකකට රුලං ටික දාගන්න. කලින් තවරා ගත් අල කෑලි මේ තැවරුමෙත් තවරන්න. දැන් නන්ස්ටික් පෑන් එකක් හීට් වෙන්න තියලා ඒකට අල කෑලි ටික දාන්න. දැන් එය පියනෙන් වහලා විනාඩි 5ක් විතර පිසගන්න. දෙපැත්ත හරවමින් තව විනාඩි 5ක් ලා දුඹුරු පැහැවන තුරු පිසගන්න. 
  • නැත්නම් සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 15-20ක් බේක් කරගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *