ළූණු වලින් හදාගන්න පුළුවන් තවත් රස කෑම ටිකක්

ටික කාලෙකට කලින් අපි ළූණු වලින් හදන කෑම ටිකක් ගෙනාවා මතක ඇතිනේ. අදත් අපි ඒ වගේම තවත් රස ළූණු රෙසිපීස් ටිකක් තමයි අරගෙන ආවේ… ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම ටිකක් තමයි මේ… ට්‍රයි කරමු එහෙනම්…

පළමු ලිපිය කියෙවුවේ නැති අය පහත ලින්ක් එක ක්ලික් කරලා ඒක කියවන්න!

ළූණු වලින් හදාගන්න පුළුවන් වෙනස්ම කෑම වර්ග 7ක්

 

1. අනියන් ෆ්‍රිටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් ලොකු ළූණු ගෙඩි 3
  2. ලියාගත් ලීක්ස් ටිකක්
  3. තෙල් මේස හැඳි 3
  4. චොප්කරගත් සුදුළූණු බික් 2
  5. චොප්කරගත් පාස්ලි ටිකක්
  6. ලුණු
  7. ගම්මිරිස්කුඩු
  8. බිත්තර 3
  9. රුලං කෝප්ප 1/2
  10. පාන්පිටි කෝප්ප 1/2
  11. බැදීමට තෙල්

 

  • තෙල් ටිකක් ලිපේ තියලා ළූණු හා ලීක්ස් ටික දාලා ලාවට තෙම්පරාදු කරගන්න.
  • ඊලඟට සුදුළූණු ටික දාගන්න. දැන් මේක ලිපෙන් බාලා පාස්ලි එකතු කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු ‍රස අනුව දාගන්න. 
  • ටිකක් නිවෙන්න ඇරල කලවම් කරලා බිත්තර, රුලං හා පිටි ටික දාලා කලවම් කරන්න.
  • පැතලි නන්ස්ටික් පෑන් එකකින් කාලක් වගේ පිරෙන්න තෙල් දාලා රත්වෙනකොට මේ මිශ්‍රණයෙන් ටික ටික තැන් තැන් වලට දාගන්න. 
  • දෙපැත්තෙන්ම රන්වන්පාට වෙනකල් බැදගන්න.

 

 

2. ක්‍රීමි අනියන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් මේස හැඳි 2
  2. ලියාගත් ළූණු ගෙඩි 2
  3. පාන්පිටි මේස හැඳි 1
  4. ෆ්‍රෙශ්මිල්ක් කෝප්ප 2
  5. වතුර කෝප්ප 1/2
  6. ලුණු
  7. ගම්මිරිස්කුඩු ‍රස අනුව

 

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා ‍රත්වෙනකොට ළූණු ටික දාලා රන්වන්පාට වෙනකල් තෙම්පරාදු කරගන්න.
  • ඊළඟට පාන්පිටි ටික දාගන්න. හොඳට කලවම් කරගන්න. කිරි ටික දාලා වතුර ටිකත් එකතු කරන්න.
  • ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න. උකු වෙනකල් අඩු ගින්දරේ දිගටම හැඳිගාන්න. සුප් එක හොඳට උකු උනාම ලිපෙන් බාගන්න.

 

 

3. ක්‍රිස්පි අනියන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් ළූණු ගෙඩි 2
  2. බටර් මිල්ක් කෝප්ප 1
  3. පාන්පිටි කෝප්ප 1
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. ලුණු
  6. ගම්මිරිස්කුඩු

 

  • මුලින්ම ළූණු ටික බටර් මිල්ක් වල පෙඟෙන්න දමා පැය 1/2ක් තියාගන්න. ඒ අතරෙ පාන්පිටි වලට කහකුඩු , ගම්මිරිස්කුඩු , රස අනුව ලුණු එකතු කරලා කලවම් ​කරගන්න. 
  • දැන් බටර් මිල්ක් වල පොඟවාගත් ළූණු පිටි වල තවරලා රත්වුණු තෙල් වලට දාලා බැදගන්න. ටිශූ එකක ඔතලා තෙල් බේරෙන්න තියන්න.

 

4. අනියන් බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් ළූණු ගෙඩි 2
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. සූදුරු ස්වල්පයක්
  5. කරපිංචා
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  7. හාල්පිටි කෝප්ප 1/2
  8. කඩල පිටි මේස හැඳි 2
  9. පෙරුම්කායම් කුඩු පින්ච් එකක්
  10. ලුණු
  11. බැදීමට තෙල්

 

  • ග්‍රේට් කරගත් ළූණු වලට  චොප්කරගත් කොත්තමල්ලි කොළ හා කරපිංචා හා අමුමිරිස් එකතු කරන්න.
  • සූදුරු හා මිරිස්කුඩු එකතු කරගන්න. හොඳට කලවම් කරගන්න. ලුණු සහ පෙරුම්කායම් දාලා හාල්පිටි හා කඩල පිටි එකතු කරගන්න.
  • තෙල් මේස හැන්දක් වගේ දාලා හොඳට කලවම් කරගන්න. වතුර ටිකක් දාලා බෝල හදාගන්න පුළුවන් පදමට මිශ්‍රණය හදාගෙන පොඩි බෝල හදාගන්න. දැන් ගැඹුරු තෙලේ බැදගන්න.

 

 

5. සවුත් ඉන්දියන් අනියන් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 2
  2. තෙල් මේස හැඳි 2
  3. කඩල පරිප්පු මේස හැඳි 2
  4. උඳු ඇට මේස හැඳි 2
  5. වියළි මිරිස් කරල් 2
  6. සියඹලා ඉස්ම තේ හැඳි 1
  7. කුඩු කරගත් හකුරු මේස හැඳි 1

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා කඩල පරිප්පු හා උඳු ඇට දාලා මිරිස් කරල් දෙක කඩලා දාගෙන හොඳට තෙම්පරාදු කරගන්න.
  • ඊළඟට චොප්කරගත් ළූණු ටික දාගන්න. රන්වන් පාට වෙනකල් තෙම්පරාදු උනාම ලිපෙන් බාගෙන නිවෙන්න තියන්න.
  • ඒකට සියඹලා හා හකුරු දාගන්න. රස අනුව ලුණු දාලා වතුර කෝප්ප කාලක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න. හොඳට ස්මූත් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *