ඉන්දියන් රසට මාළු හදමුද? මෙන්න අපෙන් රෙසිපි 5ක්

 

සෑහෙන කාලෙක ඉඳලා එක එක රටවල රෙසිපි ට්‍රයි කරන එකේ මේ සතියෙ ඉන්දියාවට යන්න හිතුව. ඉන්දියන් ජාතිකයින් විශේෂයෙන්ම හදන මාළු කරි ගැන තමයි අද අපි කියන්න යන්නෙ. මේ අය දාන කුළුබඩු නිසාම ලොකු රසයක් එක්ක හරිම සුවඳක් දැනෙනවා මේ කෑම හදනකොට. තෙලට, මිරිසට, කිරට හැමදාම කන මාළු මේ වගේ වෙනස් රසට ඔයාලත් හදලම බලන්නකෝ. 

 

1. මසාලා ෆිශ් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

සීසන් එකට

 

  1. කෑලි මාළු ග්‍රෑම් 500
  2. කහකුඩු තේ හැඳි 1/4
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ලුණු පින්ච් එකක්

 

මසාලා පේස්ට් එකට

 

  1. සූදුරු තේ හැඳි 1
  2. වියළි මිරිස් තේ හැඳි 2
  3. සුදුළූණු බික් 10
  4. කපාගත් අමුමිරිස් කරල් 2
  5. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. මිරිස්කුඩු තේ හැඳි 1 1/

 

කරියට

 

  1. ලියාගත් ළූණු ගෙඩි 2
  2. වේළපු උළුහාල් කොළ තේ හැඳි 1
  3. කරපිංචා 15-20 පමණ
  4. සියඹලා යුෂ මේස හැඳි 4
  5. ලුණු
  6. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  7. තෙල්
  8. මිටිකිරි කෝප්ප 1/2

 

  • මුළින්ම මාළු තරමක කෑලි කපලා කහ, මිරිස්කුඩු හා ලුණු අතගාලා පැයක් සීසන් කරගන්න. 
  • මසාලා පේස්ට් එක හදාගන්න පෑන් එකකට වියළි මිරිස් හා සූදුරු දාලා ටිකක් බැදගන්න. මේකට සුදුළූණු බික් ටික දාගන්න. තව විනාඩි 2ක් බැදගන්න. දැන් මේක ග්‍රයින්ඩර් එකට දාලා අමුමිරිස් ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • ඊළඟට කහකුඩු, මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු ටික දාලා වතුර කෝප්ප 1/4ක් වගේ දාලා නැවත ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සීසන් කරපු මාළු දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 
  • කරි එක හදාගන්න මාළු ටික පෑන් එකෙන් අයින්කරලා පෑන් එකට තව තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න. 
  • විනාඩි 7-8ක් ළූණු තෙම්පරාදු කරගෙන හදාගත්තු මසාලා පේස්ට් එක දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න. උළුහාල් කොළ ටික එකතු කරන්න. 
  • මද ගින්නෙ ටික වෙලාවක් හැඳිගාලා කරපිංචා, සියඹලා යුෂ ටික එකතු කරන්න. වතුර කෝප්පයක් දාගන්න. 
  • දැන් මේකට මාළු කෑලි ටික දාලා ටිකකින් මිටිකිරි ටික දාලා උතුරවගන්න. උඩින් කොත්තමල්ලි කොළ චොප් කරලා දාලා තවත් විනාඩි 2ක් පිසගන්න. 

 

2. ඉන්දියන් ෆිශ් ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කූරි මාළු 4
  2. රුලං කෝප්ප 1/2
  3. කඩල පිටි කෝප්ප 1/4
  4. මිරිස්කුඩු මේස හැඳි 4
  5. කහකුඩු තේ හැඳි 1
  6. ඉඟුරු සුදුළූණු පේස්ට් මෙස
  7. කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
  8. ලුණු
  9. දෙහි යුෂ ස්වල්පයක්

 

  • මාළු කූරි හොඳට සෝදලා මැදින් ඉරි වගේ පිහියෙන් යන්තම් කපාගන්න. 
  • බෝල් එකකට මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු හා රස අනුව ලුණු එකතු කරලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක එක්ක දෙහි බෑයක යුෂ එකතු කරන්න.
  • මේ ටික හොඳට කලවම් කරලා මාළු වල තවරගන්න. ඇතුළ පිටත මේ හැමතැනම ගාගන්න. 
  • පෑන් එකේ අඟලකට ටිකක් අඩුවෙන්  උසට තෙල් දාගන්න. 
  • කඩල පිටි වලට රුලං දාලා ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. දැන් මාළුවා කඩල පිටි මිශ්‍රණයේ තවරලා දෙපැත්ත හරවමින් බැදගන්න. 

 

3. ෆිශ් මසාලා ග්‍රේවි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් මාළු ග්‍රෑම් 500
  2. කහකුඩු තේ හැඳි 1/2
  3. ලුණු
  4. අබ තේ හැඳි 1
  5. සූදුරු තේ හැඳි 1
  6. උළුහාල් තේ හැඳි 1
  7. කරපිංචා කොළ කිහිපයක්
  8. චොප්කරගත් ළූණු ගෙඩි 3
  9. කපාගත් තක්කාලි ගෙඩි 2
  10. මිරිස් තුනපහ මිශ්‍රණයෙන් තේ හැඳි  6
  11. සියඹලා යුෂ කෝප්ප 1/4
  12. සූදුරු කුඩු තේ හැඳි 1

 

මිරිස් තුනපහකුඩු මිශ්‍රණයට අවශ්‍ය දේවල්

 

  1. කොත්තමල්ලි ඇට කෝප්ප 3/4
  2. වියළි මිරිස් කරල් 2
  3. කඩල පරිප්පු මේස හැඳි 2
  4. සූදුරු තේ හැඳි 1
  5. උළුහාල් තේ හැඳි1
  6. ගම්මිරිස් ඇට ස්වල්පයක්
  7. කරපිංචා කොළ 10-15
  8. අබ තේ හැඳි 1

 

  • මිරිස් තුනපහකුඩු මිශ්‍රණයට අවශ්‍ය දේවල් ඔක්කොම කබලෙ බැදලා ග්‍රයින්ඩ් කරගන්න. 
  • මාළු වලට ලුණු හා කහකුඩු දාලා අතගාලා විනාඩි 30ක් සීසන් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් සූදුරු, උළුහාල්, කරපිංචා කොළ හා ළූණු ටික දාගන්න. ළූණු රන්වන්පාට වෙනකල් තෙම්පරාදු කරලා තක්කාලි ටික එකතු කරන්න. රස අනුව ලුණු, හදාගත්ත මිරිස් තුනපහකුඩු එකතු කරන්න. 
  • මේකට වතුර කෝප්ප 1/2ක් වගේ දාලා කලවම් කරගන්න. ඊළඟට සියඹලා යුෂ හා සූදුරු කුඩු එකතු කරන්න. 
  • ටිකකින් තෙල් පෑදීගෙන එනව පේනව. එතකොට මාළු ටික දාගන්න. තව වතුර කෝප්ප 1/4ක් වගේ දාලා වහලා අවශ්‍ය තරමට හිඳෙනකම් පිසගන්න. 

 

4. ෆිශ් ටික්කා මසාලා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුට්ටි කපාගත් මාළු ග්‍රෑම් 500
  2. මිරිස්කුඩු තේ හැඳි 1/2
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. රස අනුව ලුණු
  7. දෙහි යුෂ ස්වල්පයක්
  8. කොත්තමල්ලි ඇට තේ හැඳි 1
  9. සූදුරු තේ හැඳි 1/2
  10. කපාගත් ළූණු ගෙඩි 1
  11. කපාගත් තක්කාලි ගෙඩි 3
  12. පොල් තෙල් ස්වල්පයක්
  13. තල තෙල් මේස හැඳි 2
  14. කරදමුංගු ඇට 2
  15. කුරුඳු කොළ 1
  16. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  17. මිරිස්කුඩු තේ හැඳි 1
  18. මිටිකිරි කෝප්ප  1/4

 

  • මාළු වලට ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි හා දෙහි යුෂ දාලා පැයක් සීසන් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා මාළු ටික ෆ්‍රයි කරගන්න. 
  • දැන් ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම කොත්තමල්ලි ඇට, සූදුරු, ළූණු ටික දාගන්න. හොඳට තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු හා තක්කාලි ටික දාගන්න.
  • තක්කාලි ටික තෙම්බෙන කොට ලිපෙන් බාගන්න. දැන් මේක නිවෙන්න තියලා ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකකට පොල්තෙල්  හා තලතෙල් දාලා කරදමුංගු, කුරුඳු කොළය, ඉඟුරු සුදුළූණු පේස්ට් එක එකතු කරන්න. ටිකකින් මිරිස්කුඩු එකතු කරන්න. ටිකකින් හදාගත්තු පේස්ට් එක දාලා වතුර කෝප්ප 1/2ක් වගේ එකතු කරන්න. 
  • දැන් මේකට ෆ්‍රයි කරගත් මාළු ටික දාලා මිටිකිරි ටික දාලා උතුරවගන්න. 

 

5. ඉන්දියන් ෆිශ් ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පරව් මාළු පෙති 6-7
  2. චොප්කරගත් ළූණු ගෙඩි 2
  3. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  4. ලියාගත් සුදුළූණු බික් 6
  5. පලාගත් අමුමිරිස් කරල් 2
  6. මිටිකිරි කෝප්ප 2
  7. කපාගත් තක්කාලි ගෙඩි 2
  8. විනාකිරි මේසහැඳි 1
  9. කජු මද 10-12
  10. කරපිංචා ස්වල්පයක්
  11. කහකුඩු තේ හැඳි 1/4
  12. තලාගත් ගම්මිරිස් ඇට ස්වල්පයක්
  13. කුරුඳු පොතු කෑල්ලක්
  14. කරදමුංගු, කරාබු නැටි 2 බැඟින්
  15. තෙල් ස්වල්පයක්
  16. ගරම් මසාලා තේ හැඳි 1/2
  17. මාදුරු කුඩු තේ හැඳි 1/2
  18. දෙහි බෑයක යුෂ

 

  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. රත්වුනාම කරදමුංගු, කරාබුනැටි හා කුරුඳු පොතු දාගන්න. ටිකකින් ලියාගත් ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. ලුණු ටිකක් එකතු කරන්න. 
  • විනාඩියකින් වගේ සුදුළූණු, ඉඟුරු, අමුමිරිස් හා කරපිංචා එකතු කරන් තෙම්පරාදු කරගන්න. ඊළඟට තක්කාලි, මිරිස්කුඩු හා කහකුඩු ටික දාලා විනාඩි 2ක් වහලා පිසගන්න.
  • කජු වලට පොල්කිරි ටිකක් දාලා අඹරලා කරියට එකතු කරන්න. දැන් මිටිකිරි ටික දාගන්න. 
  • මේකට විනාකිරි, ගරම් මසාලා, මාදුරු කුඩු එකතු කරන්න. රස බලල අවශ්‍ය නම් ලුණු දාලා උතුරවගන්න. ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් දාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *