අපේ රටේ වගේම ලෝකය පුරාම කලාකරුවන් කියන්නේ බොහොමයක් ප්‍රශ්නවලට මැදිහත් වෙන අය. ගොඩක් වෙලාවට සතිඅන්ත පුවත්පත් වගේම ගොසිප් පිටු, වෙබ් අඩවි රසවත් වෙන්නේ මේ ප්‍රශ්න නිසා. හැබැයි ඒ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න එකිනෙකාට අවධානය ලබාගන්නා ස්වරූපයෙන් පිටතට පේනවා. නමුත් කලාතුරකින් වගේ සමහර ප්‍රශ්න නීතිය ඉදිරියට යන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් නීතිය ඉදිරියට වැඩිපුරම යන්නේ දික්කසාද නඩු. ඒ නිසා අපි අද දික්කසාද නඩු ගැන කතා කරන්න යන්නේ නෑ. අපි කතා කරන්න යන්නේ අපේ රටේ ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක්ට නීතිය ඉදිරියට යන්න සිද්ධ වෙච්ච අවස්ථා කීපයක් ගැන.
1. කමල් අද්දරආරච්චි
කමල් අද්දරආරච්චි කියන්නේ අපේ රටේ ජනප්‍රිය සිනමාව වගේම සම්භාව්‍ය සිනමාව එක විදිහටම දික්විජය කරන්න සමත් වෙච්ච නළුවෙක්. කැමරාව ඉදිරියේ උසාවියේ පෙනී සිටින දර්ශන රඟපාපු කමල්ට අවස්ථා කීපයකදී උසාවියේ පෙනී සිටින්නත් සිද්ධ වුණා. ඉන් පළවෙනි අවස්ථාව වුණේ ජනප්‍රිය නිළි රමණී බර්තලමියුස් ගේ මරණය සම්බන්ධයෙන්. එහිදී ඇගේ මරණය සම්බන්ධයෙන් ඍජු චෝදනා කමල් වෙත එල්ල වුණා. ඉන් වසර කීපයකට පස්සෙ කමල්ව නැවතත් උසාවියට ඉදිරිපත් වුණේ තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා මත.
2. සබීතා පෙරේරා
බොහෝ දෙනා නොදන්නවා වුණාට ලංකාවේ වගේම සබීතා පෙරේරා මහත්මිය තවත් රටක ජනප්‍රිය නිළියක් බවට පත් වෙලා හිටියා. ඒ පාකිස්ථානය තුළ. නමුත් ඇය පාකිස්ථානය තුල ජනප්‍රිය වීම දරාගත නොහැකි පිරිසක් විසින් ඇය පාකිස්ථානය හරහා ලංකාවට කුඩු ජාවාරම් කරන තැනැත්තියක් විදිහට කට කතාවක් හදලා තිබ්බා. මේ චෝදනාවෙන් නිදහස් වෙන්න ඇය සමත් වුණා. මෑතකදී නැවතත් ඇයගේ නම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් කුලියට ලබා දීම පිළිබඳව පැවසෙන කතා සමග එකතු වෙලා තිබ්බා. මේ නිසා පසුගිය සතියකදී ඇය වංචා හා දූෂණ විමර්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දුන්නා.
3. දුලීකා මාරපන
මීට වසර කීපයකට පෙර විදේශීය රටක චිත්‍රපට පාඨමාලාවක් හැදෑරීමට ලබාදෙන ශිෂ්‍යත්වයකට අදාළ ලක්ෂ 10ක පමණ මුදලක් ලබාගෙන එම පාඨමාලාව හැදෑරීමට නොයාම සම්බන්ධයෙන් දුලීකා මාරපනට එරෙහිව නඩුවක් පවරනු ලැබුවා. ඒ ජනාධිපති අරමුදලට සම්බන්ධ නිලධාරීන් පිරිසක් විසින්. ඒත් දුලීකා නම් කිව්වේ තමන්ගේ මවට ඇති වුණු අසනීප තත්ත්වයක් නිසා තමන් එම පාඨමාලාව අතරමග නතර කර පැමිණි බවත් අවශ්‍ය නම් ඒ මුදල නැවත ගෙවීමට තමා තමන් සූදානම් බවත් තමයි.
4. අමල් පෙරේරා
පිය උරුමෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු අමල් පෙරේරා කෙටි කාලයක් තුළ සුවිශාල ජනප්‍රියත්වයක් ලබා ගත් කෙනෙක්. ඔහුගේ අඩි පාරේ යමින් ඔහුගේ පුතා වුණු නදීමාල් පෙරේරා ක්ෂේත්‍රයට එකතු වුණා. නමුත් මේ පියාට සහ පුතාට මීට මාස කීපයකට පෙර මැදපෙරදිග දී සිදුවුණු දේ දැන් දැන් රටම දන්නවා. කුඩු ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන් දින උත්සවයට තවත් කලාකරුවෙකු වූ රයන් වැන්රෝයන් සමග සහභාගි වී සිටියදී එරට පොලීසියේ අත්අඩංගුවට ඔවුන් හසුවුණා. නැවතත් ඔවුන් මෙරටට පිටුවහල් කෙරුණත් මේ වන තෙක් ඔවුන් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා.
5. රන්ජන් රාමනායක
රන්ජන් රාමනායක කියන්නේ නඩු එක්ක ආත්මීය බැඳීමක් තියෙන කලාකරුවෙක් කිව්වොත් වැරැද්දක් නෑ. රජයේ අමාත්‍ය ධූරයක් හොබවන ගමන් ඔහු ප්‍රකාශ කළ විවිධ දේවල් වගේම දුරකථන ඇමතුම් පටිගත කිරීම් නිසා මුළු රටේම පාහේ අවධානය ඔහුට විවිධ අවස්ථාවල එල්ලවෙලා තියෙනවා. ඒ වුණාට රන්ජන් නම් කියන්නේ තමන් කියන්නේ තිත්ත ඇත්ත කියලා. ඒ කොහොම වුණත් මේ වෙනකොට රන්ජන්ට තියෙන නඩු අතරින් ප්‍රධානම නඩුවක් වෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවයි.
6. අයෝමි ශානිකා
ජීවිතේ ලස්සනයි ටෙලිනාට්‍යයේ සුදු නංගි විදිහට ජනප්‍රිය වුණු අයෝමි ශානිකා වරක් නොසිතූ විරූ ගැටලුවකට මුහුණ දුන්නා. ඒ ඇය විසූ නිවසෙන් අවි ආයුධ තොගයක් හමුවීම නිසා. ඒ සිදුවීම පිළිබඳව ඇය විවෘතව පුවත්පත්වලට පවා අදහස් පළකරලා තිබුණා. ඇය කියන විදියට මේ සිදුවීම පිටිපස්සේ හිටියේ ඇය කලින් විවාහ වෙලා හිටිය දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක්.
7. නදී චන්ද්‍රසේකර
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සිනමා පාසලක අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහා නදී චන්ද්‍රසේකර ට වීසා ලබා ගැනීමේදී ඇය ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ බව පවසමින් වතාවක් නඩු පවරා තිබුණා. නමුත් පසුව එම නඩුව මගින් ඇය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා
Leave a Reply