සීත පළාත් ගැන කතා කරද්දී ලංකාවේ ට්‍රිප් රසිකයන්ට මතක් වෙන ප්‍රදේශ මොනවද..? අන්න ඒ ප්‍රශ්නයේදී ගොඩක් අයට එන්නේ එකම උත්තර ටිකක්. ඒ එකම විදිහේ උත්තර ටික සහ ඒ ඇරුණම ලංකාවේ වෙන සීතල පළාත් තියෙන්නේ මොනවද..? ගිහිල්ලා බලන්න සුදුසු තැන් තියෙන සීත පළාත් අටක් ගැන තොරතුරු ඔබට දෙන්නයි අපේ මේ සූදානම.
1. නුවරඑළිය

Image Source – youtube.com
මේකනේ ඉතින් ප්‍රසිද්ධම සීතල ප්‍රදේශය ලංකාවෙ තියෙන. හනිමූන් එකට, ෆැමිලි ට්‍රිප් වලට, එඩියුකේශනල් ට්‍රිප් වලට ගොඩක් අය යන්නේ නුවරඑළියට. ග්‍රෙගරි වැව, වික්ටෝරියා පාක් එක, පරණ තැපැල් ඔෆීසිය, හඳ තැන්න, සෙන්ට් ක්ලෙයා ඇල්ල, හග්ගල උද්භිද උද්‍යානය සහ අඹේවෙල ෆාම් එක ඇතුලු බොහෝ දේවල් බලන්න ඔබට හැකියාව තියෙනවා නුවර එළියට ගියොත්.
2. ඇල්ල

Image Source – masithash.blogspot.com
ඇල්ල ප්‍රදේශය නුවර එළිය තරම්ම ගොඩක්ම සීතල නැති උනත් සීතල ප්‍රදේශයක්. ඒ වගේම බලන්න ගොඩක් දේවල් තියෙන ප්‍රදේශයක්. ඇල්ල රොක්, බල්ලන්කැටුව ඇල්ල, දෙමෝදර ආරුක්කු පාලම, ජටාවක් හැඩැති දුම්රිය මග… මේ ඔක්කොම අහුවෙන්නේ ඇල්ල ප්‍රදේශයේ සිරි නරඹද්දී තමයි. හැබැයි නුවර එළියේ තරම් ලොකු හොටෙල් නම් නැහැ. තියෙන රූම්සුත් ටිකක් මිල අධිකයි. ටවුන් එකේ ෆාමසි එකක් නම් නැහැ. බෙහෙත් එහෙම මගින් අරගෙන යන එක ඇඟට ගුණයි.
3. දෙනියාය

Image Source – youtube.com
දෙනියාය කියන්නේ අධික සීතල පරිසරයක් තියෙන පුංචි නුවරඑළිය කියලත් සමහරු හඳුන්වන ප්‍රදේශයක්. මේක තියෙන්නේ එහේ මෙහේ නෙමෙයි මාතර දිස්ත්‍රික්කයේ. මාතර ඉඳලා දෙනියායට යන්න තියෙන්නේ පැය දෙකක වගේ ගමනක්. දෙනියාය ගැන, බලන්න තියෙන තැන් ගැන අපි මීට කලින් ලයිෆී වෙතින් ඔබව දැනුවත් කළා. ඒ ලිපියත් බලලා දෙනියාය බලන්න යන්න පවුල් පිටින්.
4. බදුල්ල

Image Source – worldtraveladvisor.com
ඇල්ල තියෙන්නෙත් බදුල්ල දිස්ත්‍රික්කයේ වුණාට බදුල්ල කියලා වෙනම ප්‍රදේශයක් තියෙනවා නොවැ. බදුල්ලත් සීතල පළාතක්. වටේම කඳුවලින් වැහිච්ච ලස්සන පළාතක්. බදුල්ලත් ඇල්ල වගේ. ලොකු හොටෙල් නැති වුණාට පොඩි පොඩි රූම්ස් නම් තියෙනවා ලොකු ගණන් වලට. ඒ උනාට පාඩුවක් නෑ. බලන්න තැන් ඕන තරම්. දුන්හිඳ ඇල්ල, බෝගොඩ පාලම, දෝව පන්සල, දියතලාවේ ෆොක්ස් හිල් සයිට් එක, මුතියන්ගන පන්සල. මේ ඔක්කොම තියෙන්නේ බදුල්ලේ ආයුබොවන්ඩ.
5. මාතලේ
මාතලේ කියන්නෙත් මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්කයක්. ස්වභාවයෙන්ම මේ දිස්ත්‍රික්කයටත් සීතල ගතිය උරුමයි. මාතලේ තමයි ප්‍රසිද්ධ රිවස්ටන් කන්ද පිහිටන්නේ. ඒ විතරක් නෙමෙයි, මාතලේ ට්‍රිප් එකක් යන ඔබට අලුවිහාරය, නාලන්ද ගෙඩිගේ, මුත්තු මාරි අම්මාන් කෝවිල, පිටවල පතන සහ සෙම්බුවත්ත වගේ තැන් බලන්න යන්න ලේසියෙන්ම පුලුවන්. මේවා සමහරක් අධ්‍යාපනික මට්ටමින් වැදගත් වන අතරේ, සමහර තැන් නරඹන එක ඔබේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතු කරාවි ස්ථිර වශයෙන්ම.
6. මහනුවර

Image Source – en.wikipedia.org
මේ ප්‍රදේශයත් අයිති වෙන්නේ මධ්‍යම පළාතට නොවැ. ඒත් වෙනසක් නැතුව සීතලයි. පාරෙ යද්දී උනත් ඒ සී එකේ යනවා වගේ හානිකර නොවන සීතලක් තමයි දැනෙන්නේ. දළදා මැදුර, පේරාදෙණිය මල් වත්ත, උඩවත්ත කැලය, මහනුවර ජාතික කෞතුකාගාරය වගේ ගොඩක් දේවල් ටවුන් එකෙන් මහා දුරක් නොයා බලන්න නුවරදී ඔබට පුලුවන් කම ලැබෙනවා. නවාතැන්පලවල්, හොටෙල් ඕනෑ තරම් තියෙනවා. නුවර ගියාම වැඩි දෙනෙක් බලන්න නොයන තැන් ලිස්ට් එකක් ගැනත් අපි ලිපියක් ගෙනාවා. මේ ලිපිය කියවලා ඒ තැන් ගැනත් දැනුවත් වෙලාම නුවර ගමන යන්න.
7. ශ්‍රී පාදය

Image Source – amayaresorts.com
ශ්‍රී පාදය කියලා බෞද්ධයෝ හඳුන්වන ඉංගිරිසියෙන් ඇඩම්ස් පීක් කියලා නම් කියවෙන මෙතැන සීතල ඉතින් වන්දනාවේ ගියපු ඕනෑම කෙනෙක් දන්නව ඇති. කන්ද මුදුනටම නැග්ගම අත පය හොල්ලන්නවත් බැරි තරමේ සීතලක් තමයි දැනෙන්නේ. ධර්ම දේශනාවක් තිබුණත් හාමුදුරුවෝ පවා සීතල ආවරණය කරන්න සුදුසු ඇඳුමක් ඇඳගෙනයි ඉන්නේ. ඒ තරමටම සීතලයි ශ්‍රී පාදය උඩ මලුව.
8. ඔහිය

Image Source – trover.com
ඔහිය කියන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයේ තියෙන නගරයක්. බැලූ බැලූ හැම වෙලාවකම පොඩි මීදුමකින් හරි වැහිච්ච ප්‍රදේශයක්. ඔහිය දුම්රිය ස්ථානයත් හරිම ගුප්තයි වගේ කියලත් හිතෙනවා. කොහොම වුණත් ඔහියට ගියාම මොනවද බලන්න තියෙන්නේ..? හෝටන් තැන්නට ඔහියේ ඉඳලා තියෙන්නේ පොඩි දුරක්. ඒ වගේම ලංකාවේ උසම දිය ඇල්ල, බඹරකන්ද දිය ඇල්ලෙ සිරිය නරඹන්නත් ඔහියට යන චාරිකාවකදී ඔබට හැකියාව තියෙනවා. කිරිගල්පොත්ත කන්දත් තියෙන්නෙ ඒ කිට්ටුවමයි. ඉතින් ඔහියත් අමතක කරන්නෙපා සීතල පැති ගැන මතක් කරද්දී.
ඉතින් ඔබ දන්න තවත් බලන්න යන්න තැන් ඕනෑ තරම් තියෙන සීතල පළාත් තියෙනවනම් පල්ලෙහායින් කමෙන්ටුවක් දාන්න අමතක කරන්නෙපා.
Cover Image Source – videoblocks.com/ srilankatailormade.com
Leave a Reply