සුන්දර බොලිවුඩයේ ඔබ නොදකින අඳුරු පැතිකඩ

ලෝකයේ ඕනෑම රටක සිනමා කර්මාන්තයක ලිංගික අල්ලස් කියන දේ අතිශයින්ම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබීම එක්තරා විදිහක ඛේදවාචකයක්. බොහෝ අවස්ථාවල හොඳ චරිතයක් නිරූපණය කිරීම සඳහා නළු නිළියන්ට තමන්ගේ ශරීරය විවිධ පුද්ගලයන්ගේ විනෝදාශ්වාදය වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ පිළිබඳව මාධ්‍ය ඉදිරියේ නිර්භීතව කතා කරන්න පෙළඹෙන්නේ අතිශයින්ම සීමිත පිරිසක් පමණයි. මේ ලිපියෙන් අපි කියන්නේ තමන්ට මුහුණ දෙන්නට සිදුවූ අත්දැකීම් පිළිබඳව ප්‍රසිද්ධියේ පැවසූ බොලිවුඩ් තරු කීපයක් ගැ​න.

 

1. ආයුෂ්මාන් කුරානා

රංගනයට සහ ගායනයට එක සේ දක්ෂතාවය දක්වන මේ සුප්‍රකට බොලිවුඩ් නළුවා 2016 වසරේ දී තවත් ප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු විසින් තමන්ට සිදුකරන ලද ලිංගික ඇරයුම් පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කර තිබුණා. ඒ වන විට රූපවාහිනී නළුවෙක් පමණක් වූ මෙම කඩවසම් තරුණයාට චිත්‍රපටයක අවස්ථාවක් ලබා දීමට තමන් සමග යහන්ගත වන ලෙස එම අධ්‍යක්ෂකවරයා ආරාධනා කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වා තිබූ ආයුෂ්මාන්, තමන් ස්ත්‍රීන් පමණක් ප්‍රි​ය කරන පුද්ගලයෙකු බවත්, එ​ම ඉල්ලීම පිළිබඳව මේ අවස්ථාවේදී යම්තාක් දුරකට සිතුවත් එවැන්නක් කිරීමට තමන්ට සිත එකඟ කර ගැනීමට නොහැකි බවත් පවසා තිබුණා.

 

2. රාධිකා ආප්තේ 

“මට දකුණු ඉන්දීය සිනමාවේ සුප්‍රකට නළුවෙක් දුරකථනයෙන් අමතා අයුතු යෝජනාවක් සිදුකළා. ඒ අවස්ථාවේදී මම ඔහුට දැඩිව බැ​ණ වැදුනා. ඉන් පසුව විවිධ අවස්ථාවල මෙම පුද්ගලයා මා සමඟ ගැටුම් ඇති කර ගත්තා. එසේම බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයෙක් තමන්ගේ චිත්‍රපටයකට දායක වීමට නම් තමන් සමඟ යහන් ගත විය යුතුයැයි මට පැවසූවා. මම එය නොදන්නවා ​සේ හිඳ, ඔබ විහිළු කරනවා යැයි කියමින් හයියෙන් හිනා වුණා.” එහෙම කියන්නේ ඉන්දියාව පුරාම සුවහසක් රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත් රාධිකා ආප්තේ.

 

3. රන්වීර් සි​ං

මේ සුප්‍රකට බොලිවුඩ් නළුවා 2015 වසරේදී සිදු කළ මෙම හෙළිදරව්ව නිසා මුළු මහත් ඉන්දියාව​ම කැළැඹීමට ලක් වුණා. ඔහුට අනුව ඉන්දීය සිනමාවේ මහත්මයෙක් ලෙස සැ​ළකෙන පුද්ගලයෙක් තමන් සමග රාත්‍රියක් ගත කරන ලෙස ඔහුට ඇරයුම් කර තිබුණා. රන්වීර් මෙම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම පුද්ගලයා හද බිඳුණු පෙම්වතියක් සේ හඬා වැ​ළපී තිබෙනවා. රන්වීර් විසින් හෙළි කර ඇති පරිදි ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ට මෙම පුද්ගලයා විසින් මේ ආකාරයෙන් යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා.

 

4. කන්ගනා රනාවුත් 

මේ වන විට මුළු මහත් බොලිවුඩ​යම උඩුයටිකුරු කරමින් බොලිවුඩයේ දැවැන්තයන්ට අභියෝග කරන කන්ගනා, වසර ගණනාවක සිට බොලිවුඩ් චිත්‍රපටි හා සම්බන්ධ ලිංගික අල්ලස් ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව හෙළි කරමින් සිටිනවා. ඇය එහිදී ඇයට මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පිළිබඳවද මාධ්‍ය හරහා හෙළි කරනු ලැබුවා. ඇයට අනුව එක්තරා චිත්‍රපටයක තිර පරීක්ෂණයෙන් පසුව ඒ සඳහා සහභාගි වූ පුද්ගලයෙකු ඇයට නොහොබිනා ආරාධනයක් සිදු කර තිබෙනවා. ඒ වන විට එ​ම චිත්‍රපටිය ලබාගැනීමට ඇය දැවැන්ත අරගලයක යෙදී සිටියත් එම යෝජනාවට ඇය එකඟ වී නැහැ.

 

5. මම්තා කුල්කර්නි

අද වන විට බොලිවුඩයට අමතකව ගොස් තිබෙන මෙම මේ නිලිය 90 දශකයේ දී අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටියා. රාජ්කුමාර් සන්තෝෂි නම් චිත්‍රපට නිර්මාණකරුවාගේ චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර එම චිත්‍රපටය ලබා දීම වෙනුවෙන් තමන්ව සංතර්පණය කරන ලෙස ඔහු මම්තාට දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව මම්තා කළ හෙළිදරව්​ව නිසා ඉන්දියා​වේ බොහෝ පුවත්පත්වල මේ පිළිබඳව දැඩි කතාබහක් ඇති වුණා. නමුත් මෙම හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය වෙත චිත්‍රපටි ලැබීම අඩාලව ගියා.

 

6. ටිස්කා චෝප්රා

 

‘තාරේ සමීන් පර්’ චිත්‍රපටය රඟපෑමෙන් ජනාදරයට පත්වූ ඇය එම අවස්ථාව ලැබීමට පෙර බොලිවුඩය තුළ ඇයට මුහුණ දීමට සිදු වූ විවිධ අත්දැකීම් පිළිබඳව මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කර තිබුණා. බොලිවුඩයේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු සමග වැඩකිරීමේදී ඔහුගේ නිරන්තර ශාරීරික අතපත ගෑම් සහ මිරිකීම්වල​ට තමන් ලක් වූ බව ඇය එහිදී පවසා සිටියා.

 

7. සමීරා රෙඩ්ඩි 

කලක් බොලිවුඩ් සිනමාව තුළ නැගී එන තරුවක් වූ සමීරා, දිගු කාලයක් කිසිදු චිත්‍රපටයකට දායක නොවී නිහඬව ගත කළා. ඉන් පසුව ඇය දකුණු ඉන්දීය සිනමාව සඳහා තම රංගන දායකත්වය ලබා දුන්නා. මේ නිහඬතාව​ය පිළිබඳව ඇගෙන් විමසූ ජනමාධ්‍යවේදීන්ට ඇය පවසා සිටියේ සෑම ක්ෂේත්‍රයක් තුළම අඳුරු පැත්තක් ඇති බව ස​හ තමන්ටද අඳුරු අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වූ බවයි. කෙසේ වෙතත් එම සෑම අවස්ථාවකදීම තමන්ගේ ආත්මාභිමානය රැකගැනීමටත් තමන් සමත් වූ බව ඇය පවසා තිබුණේ ආඩම්බරයෙන්.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් ප​ළ කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *