මී පැණි මේ තරම් ශරීරයට ගුණ දෙනවා කියලා දැනගෙන හිටියද?

මී පැණි කියන්නෙ ලෝකයේ සෞඛ්‍යදායකම ආහාරයක් විදියට පිළිගැනෙන දෙයක්. සොබාදහමේ අපූරු දායාදයක් වෙන මී පැණි අතීතයේ ඉඳන්ම ආහාර රසගන්වනයක්, කල්තබාගන්නා ද්‍රව්‍ය​යක් සහ නොයෙකුත් ලෙඩ රෝග වලට ඖෂධයක් විදියටත් භාවිතා කෙරුනා. මී මැස්සන් කියන්නෙ වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍යම ජීවීන් කොටසක්. මී පැණි ලබාගන්න වගාවක් ලෙස හෝ මී මැස්සන් ඇති කිරීම ලෝකයට හිතකරයි. අපි අද මේ කියන්න හදන්නෙ මී පැණි වලින් අපිට ඇති වාසි කිහිපයක් ගැන. හැබැයි මේ වාසි අත් කරගන්න නම් හොඳම ස්වභාවික මී පැණි ලබාගන්න ඕන. වෙළඳපලේ අද වෙනකොට තියෙන්නෙ සීනි කලවම් කරපු බාල තත්ත්වයේ මී පැණි නිසා උසස් තත්ත්වයේ නියම මී පැණි පාවිච්චි කරන්න කියලත් අපි මතක් කරනව.

 

1. බර අඩු කරගැනීමට

බර අඩු කරගන්න මී පැණි ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. අද වන විට අධික තරබාරුව සෑහෙන ලොකු සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වෙලා. රාත්‍රියේ නින්දට යෑමට පෙර මී පැණි හැන්දක් ගැනීම නින්දේදීම ශරීරයේ අමතර මේදය දහනය කරන්න උපකාර වෙනව. උදෑසන හිස් බඩ මී පැණි හැන්දක් මිශ්‍ර කරගත් මද රස්නය ඇති වතුර එකක් බීමෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු වී ශරීරයේ බර අඩු කරගැනීමට එය උපකාර වෙනව. 

 

2. සමට අවශ්‍ය පෝ​ෂණය සැපයීම

මී පැණි කියන්නෙ රූපලාවණ්‍යයේදි නැතුවම බැරි දෙයක්. සමෙහි තෙතමනය රැකදී සමේ සිදුරු විවර කර සම ඇතුලතින්ම පෝ​ෂණය කරන්න මී පැණි සමත්. සමේ අඳුරු ලප ඉවත් කරගැනීමට වගේම ස්වභාවික විෂබීජ නාශකයක් විදියට ක්‍රියා කරන නිසා කුරුලෑ තුවාල, සීරීම් වගේ මුහුණේ ඇති තුවාල සුව කර සම දීප්තිමත් කරන්න උපකාරී වෙනව. ලොව පුරා මී පැණි අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තියෙන්නෙ මේ නිසයි.

 

3. සුවබර නින්දකට මගක්

මානසික ආතතිය, කාර්යබහුලකම වගේ නොයෙක් හේතු නිසා දවසක අවසානයේ සුවබර නින්දක අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනව. උණුසුම් කිරි වීදුරුවකට හෝ කැමොමයිල් තේ එකකට මී පැණි තේ හැන්දක් එක් කරගෙන නින්දට පෙර පානය කිරීමෙන් ඔබට සුව නින්දක් ලබාගන්න පුළුවන්. අතීතයේ ඉඳන් මිනිස්සු සුව නින්දකට මේ ක්‍රමය පාවිච්චි කරල තියෙනව.

 

4. ශ්වසන පද්ධතියේ රෝග වලට සුව ගෙනෙයි

සයිනස් කියන්නෙ ශ්වසන පද්ධතියේ ආරක්ෂාවට අපේ හිස්කබල තුල ශ්ලෙෂ්මල නිපදවන කුහර වලට. නොයෙකුත් වෛරස ආසාදන තත්ත්වයන් නිසා මේ කුහර තුල වාතය සහ ශ්ලේෂ්මල සිරවී හිසරදය වැනි කරදරකාර තත්ත්වයන් ඇති කරනව. මී පැණි කියන්නෙ ස්වභාවිකම විෂබීජ නාශකයක් සහ බැක්ටීරියා නාශක ගුණයෙන් අනූන දෙයක්. මී පැණි නිතර ආහාරයට එක් කරගැනීමෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිත සයිනස්, කැස්ස වගේ රෝග වලින් මිදෙන්න පුළුවන්.

 

5. මතකය උද්දීපනය කරයි

ක්‍රම ක්‍රමයෙන් වයසට යන කොට මානසික සුවතාවය ගැන වැඩි අවධානයක් ලබාදෙන්නම ඕන. බොහෝ වියපත් අය මුහුණ පාන ගැටළුවක් තමයි මතකය අඩුවීම. තරුණ අවධියේ ඉඳන්ම මී පැණි ආහාරයට එක් කරගැනීමෙන් මේ ගැටළුවෙන් මිදෙන්න හැකියාව තියෙනව. මී පැණි වල ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සහ චිකිත්සක ගුණය මොළයේ ස්නායු පද්ධතිය උද්දීපනය කර මතකය අහිමි කරන සෛල විනාශ කරන්නත් උපකාර වෙනව.

 

6. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

මී පැණි වල ඖෂධීය ගුණ උගුරේ ආසාදන සුව කරනව. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සහ බැක්ටීරියා සමඟ සටන් කරන ගුණය වෛරස්, බැක්ටීරියා සහ දිලීර මගින් ඇති කරන ආසාදනයන් ව​ළක්වාලීමට උපකාර වෙනව. වෛද්‍යවරුන්ට සහ විද්‍යාඥයන්ට අනුව ස්වභාවික මී පැණි දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උද්දීපනය වී ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නංවාලනව. කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට මී පැණි ඉතාම සුදුසුයි.

 

7. හිස් හොරි සඳහා ප්‍රතිකාරයක් බව දැන සිටියාද?

මී පැණි සහ පොල් තෙල් සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍ර කර හිස් කබලෙහි ගල්වා විනාඩි 15ක් පමණ තබා ෂැම්පු යොදා සෝදාගන්න. සතියකට දෙවරක් මේ ප්‍රතිකාරය කිරීමෙන් හිස් හොරි සුව කරගන්න පුළුවන්. මී පැණි වල තියෙන සමේ තෙතමනය සුරකින ගුණය සහ බැක්ටීරියා නසන ගුණය හිස් කබලෙහි තෙතමනය රැකදී ආසාදන ඇති වීම ව​ළක්වනව.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *