ටික් ටොක් (Tik Tok) තහනම කියන්නේ අපේ රටෙත් විටින් විට කතාවෙන මාතෘකාවක්. යොවුන් පරපුර අතර ජනප්‍රිය වුණු ටික් ටොක් අඩු කාලයක් තුළ වේගයෙන් ජනප්‍රිය වුණා. ටික් ටොක් වල වීඩියෝ කාලය අඩුයි. ඒ වගේම විවිධ ආකාරයේ වීඩියෝ රස විඳින්නට තියෙන අවස්ථාවත් ටික් ටොක් වල වැඩියි. ඒ නිසාම ටික් ටොක් වේගයෙන් අලුත් පරපුර අතර ජනප්‍රිය වුණා. චීනයේ අනුග්‍රහය ලබන බව කියවෙන ටික් ටොක් ගැන ඇමරිකාව නම් පසුවන්නේ නොසතුටින්. ඉතින් ටික් ටොක් තහනම ගැන අපි විස්තර ටිකක් සොයා බලමු.
1. ඇමරිකානු හමුදාවට තහනම් ටික්ටොක්
අමරිකානු හමුදාව ෆිල්ම්ස් වලට අනුව නම් හොඳ හොඳ ගේම්ස් දෙන ජාතියක්. ඒත් හමුදාවේ උදවියත් ටික් ටොක් වල සෙල්ලම් දාන්න ගත්ත එක ඇමරිකානු බලධාරීන්ට එච්චරම අල්ලලා නැහැ. විශේෂයෙන් ටික් ටොක් ඇප් එක හරහා තොරතුරු සොරාගන්න අවදානමක් තියෙනවා කියලා ඇමරිකාව විශ්වාස කරනවා. ඒ නිසා ඇමරිකානු හමුදාවලට මේ චීනය මූලික වූ ටික් ටොක් ඇප් එක තහනම් කරන්නට කටයුතු කරලා තියෙනවා. චීනය සහ ඇමරිකානු විරසකය වැඩි වූ පහුගිය කාලයේ ඇමරිකානු ආරක්ෂක අංශ වල ඇස ගැටුණු තවත් චයිනීස් ඇප් එකක් තමයි ටික් ටොක් කියන්නේ.
2. ඇමරිකාව සම්පූර්ණයෙන් තහනම් කරයිද?
ඇමරිකාවේ ට්‍රම්ප් ගේ මැතිවරණ රැලි වලට ඉක්මනින්ම රෙජිස්ටර් වී, ඒවාට නොපැමිණ අසුන් හිස්ව තියන්නට තරුණ පිරිස් ඇමරිකාවෙදි ක්‍රියාකළා. ඒ විදිහට ඔන්ලයින් මාර්ගයෙන් ට්‍රම්ප් ගේ මැතිවරණ කැම්පේන් අල කරන්නට ටික් ටොක් කණ්ඩායමුත් සැරට දායක වුණා. ඇමරිකාවත් හැකි ඉක්මනින්ම මේ ටික් ටොක් බෑන් එකකට යන්න ඕනි කියනවා. ඒකට හේතු විදිහට චීනය තොරතුරු සොරකම් කරන්නට මේ ඇප් එක යොදාගැනීමේ අවදානම දැක්වෙනවා. ඒත් දේශපාලන විචාරකයින් කියන විදිහට ඇත්තටම ජනපති ට්‍රම්ප්ට ටික් ටොක් එක්ක ආරක්ෂක තර්ජනයකට වඩා පුද්ගලික ඇරියසුත් තියෙනවා.
3. ඉන්දියානු තහනම
ඉන්දියාවේ ටික් ටොක් වලට වෙනමම විරෝධතා ආවා. ඒ එක්ක ඉන්දියාව චීනය එක්ක තිබෙන දේශපාලන විරසකත් දැඩි වුණා. ඒ නිසා ඉන්දියාව චීනයට අයිති ඇප්ස් 59ක් ඉන්දියාව තුළ තහනම් කරන්නට කටයුතු කළා. පසුගිය ජුනි මාසයේදී ඉන්දීය දේශ සීමාවලදී චීන හමුදාවේ පහරකෑම් වලට ඉන්දීය හමුදාව ලක් වුණා. ඒ අවස්ථාවේ ආරක්ෂක විධිවිධාන තර කරන බව සඳහන් කරමින් තමයි ඉන්දියාව චීන ඇප්ස් 59ක් ඉන්දියාව තුළ තහනම් කරන්නට කටයුතු කෙරුණේ. ඒ අනුව මිලියන ගණනක් ටික් ටොක් යූසර්ස්ලා සිටි ඉන්දියාව ටික් ටොක් ඇප් එකට අහිමි වුණා.
4. හොංකොං ටික් ටොක් තහනම
හොංකොං පොලිසිය මගින් ජාතිකාරක්ෂාවට ඇති තර්ජන යැයි පවසමින් සෝෂල් මීඩියා සහ ඔන්ලයින් ගිණුම් වල පුද්ගලික දත්ත ඉල්ලනු ලැබුවත් ගූග්ල් සහ ෆේස්බුක් සමාගම් විසින් එය ප්‍රතික්ෂේප කරලා තිබුණා. චීනයේ අණසකට මෙතෙක් නොතිබූ හොංකොං සම්පූර්ණයෙන් චීනයට යටත් කරගැනීමේ අදියරක් විදිහට මේ සෝෂල් මීඩියා තොරතුරු හුවමාරුව නතර කිරීමේ උත්සාහයන් දැක්වෙනවා. ටික් ටොක් හා සමානම චීන ඇප් එකක් ඒ වෙනුවට යොදාගන්නා ලෙස ඉල්ලමින් හොංකොං වලින් ටික් ටොක් ඇප් එක තහනම් කරන්නටද එරට චීනයට පක්ෂපාතී රජය ක්‍රියාකරල තිබුණා.
5. ඉන්දියාවෙන් තහනමට මතු වූ වෙනත් හේතු
ටික් ටොක් මගින් සමාජයට අත්වෙන දේ පිළිබඳව ඉන්දියාවෙත් දැඩි කතා බහ ඇති වුණා. ඕනෑම පරුෂ වදනක්, ඕනෑම රඟ දැක්වීමක් කිසිම හිරිකිතක් නැතිව දක්වන්නට ටික් ටොක් හරහා පුළුවන්. ඒ අනුව නිරුවත් වී තම සැමියාගෙන්, බිරියගෙන් ඒ සඳහා එකවරම ලැබෙන ප්‍රතිචාර පවා ටික් ටොක් හරහා ප්‍රචාරය වුණා. ඕනෑම තැනක සිට නැරඹිය හැකි මේ ටික්ටොක් වලට ඇතැම් ඉන්දියානුවන් දැඩි ලෙස ඇබ්බැහි වි තිබුණ බවත් වාර්තා වුණා. ඉන්දියාවේ ටික් ටොක්වලට දැඩිලෙස ඇබ්බැහි වූ ජනතාව මිලියන 52ක් පමණ සිටි බවත් වාර්තා වෙලා තිබුණා. ඒ අනුව ඉන්දියාවේ හුදෙක් ආරක්ෂක හේතු වලටත් වඩා ඇතැම් සමාජ ක්‍රියාකාරීන් විසින්ම ටික් ටොක් වල සමාජ බලපෑම හුවා දක්වමින් එය තහනම් කරන්නට බල කර තිබුණා.
6. ඉන්දුනීසියානු තහනම
ෆේස්බුක් ලෝකයේ යූසර්ස්ලා වැඩිම රටක් තමයි ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ තිබෙන මුස්ලිම් සමාජය නිසා ඉන්දුනීසියා රටේ ලෝකයේ ප්‍රබල පෝන් වෙබ් අඩවිත් බොහොමයක් තහනම්. ඒ නිසාම 2018 වර්ෂයේදී ඉන්දුනීසියාවේ ටික් ටොක් තාවකාලිකව තහනම් වුණා. යෞවනයින්ගේ මනස වෙනස් කරන බවටත්, කාමය පිරුණු කන්ටෙන්ට් දරුවන්ට කෙලින්ම යොමු වන බවටත් ඉන්දුනීසියාවෙන් ටික් ටොක් වලට එරෙහිව කරුණු කියවුණා. එහෙත් ඉතා ඉක්මනින් ඒ සඳහා ප්‍රතිචාර දක්වපු ටික් ටොක් සමාගම වයස් සීමාවක් සහ වෙනත් ටික් ටොක් පාලනය කළ හැකි යෙදවුම් හඳුන්වා දුන්නා. ඉන්පසු සතියක කාලෙකට පස්සේ ඉන්දුනීසියා ටික් ටොක් තහනම නැතිවුණා.
7. බංග්ලාදේශ තහනම
ලොව ලොකුම මුස්ලිම් රටවල් අතර බංග්ලාදේශය මුලින්ම ඉන්නවා. බංග්ලාදේශයත් 2019 දී පෝන් අඩවි තහනම් කරන්නට කටයුතු කළා. ඒ අතර විවිධාකාර නොහොබිනා රඟදැක්වීම් ගැන පැමිණිලි ලැබුණ ටික් ටොක් ඇප් එකටත් බංග්ලාදේශයෙන් චෝදනා එල්ල වුණා.
සංස්කෘතික කාරණා වගේම ටික් ටොක් වලට එරෙහි දත්ත ආරක්ෂණ චෝදනාත් ටික් ටොක් වලට එරෙහි ලෝක රැල්ලක් ඇතිවෙන්න බලපාලා තියෙනවා. ඒ වගේම අලුත් පරපුර එහි ජනප්‍රිය වීම නිසා පැරණි සිනමා සහ වෙනත් තරු වලටත් එහි බලපෑමක් තිබෙන බවක් කියවෙනවා. ඉතින් කොහොම වුණත් ඉතා පොඩි වීඩියෝ වුණත් එයින් කරන සමාජ බලපෑම් සුළුපටු නැහැ කියලා ටික් ටොක් වලට වැට බැඳෙන වේගෙන්ම පේනවා.
Leave a Reply