ඔබේ ශ්‍රවණාගාර අවශ්‍යතා සඳහා කොළඹ අවටින් හොඳම තැන් 7ක්

මොකක් හරි ඔපීසියල් ඉවෙන්ට් එකක් කරන්න ගත්තයින් පස්සේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තැනක් හොයාගන්න එක. බජට් එකට සෙට් වෙන්නත් ඕනි. හැබැයි අඩුවක් මුකුත් කියන්න බැරි තරමට තියෙන්නත් ඕනි. ඉතින් අන්න එහෙම කාගෙත් හිත් සතුටු වෙන විදියට ඉවෙන්ට් එක​කට හොඳම ශ්‍රවණාගාර විදියට තෝරගන්න පුළුවන් කොළඹ අවටින් දකින තැන් කිහිපයකුයි මේ.

 

1. Lighthouse Auditorium and Lawns

මේක තියෙන්නේ කොළඹ හතේ. හෝර්ටන් ප්ලේස්වල ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය ඇතුළේ තමයි හරියටම. මේ ආයතනයේ තියනවා එළිමහන් තැනකුත් එක එක වැඩවලට ගන්න පුළුවන්. ඒත් අපි කතා කරන්නේ ශ්‍රවණාගාරය ගැනයි. මෙතන ඇත්තටම ප්‍රමාණවත් පිරිසකට වාඩි වෙන්න පුළුවන් හරිම හුරුබුහුටි සහ කොලිටි තැනක්. ගොඩක් ඉන්ස්ටොලේෂන් ඉවෙන්ට්වලට, සාකච්ඡාවලට මෙතන කට්ටිය පාවිච්චි කරනවා. කෝල් කරලා තැන වෙන් කරගන්න මෙන්න අංකය 0115 754 603.

 

2. The Olympus (BCIS Auditorium)

BMICH එකේ තියන අධ්‍යාපනික ආයතන දෙකෙන් එකක් තමයි BCIS. ඒක තමයි වතුර මලෙන් දකුණු අතට ආවාම තියන සුදු පාට බිල්ඩිම. ඒකෙ අපේ ඉවෙන්ට් එකක් තියන්න හොඳ ශ්‍රවණාගාරයක් තියනවා. ඒක ඒ ආයතනය ඇතුළේ තිබුණට බාහිර කට්ටියටත් පාවිච්චි කරන්න පුළුවන්. අඩු බජට් එකකින් වැඩේ කරන්න හිතන් ඉන්න අයට හරියනම තැනක්. මෙතැන ගැන දැනගන්න 0112 686181 අංකයට කතා කරන්න.

 

3. DHPL Building

නවම් මාවතේ NDB බැංකුව තියන බිල්ඩිමේ පිහිටලා තියන මෙතැන 50 දෙනෙකුට පමණ රැස්වීමට ඉඩ තියන ඉතාම හොඳ තැනක්. මෙතන හරියට බිස්නස් මීටින්ග්ස් වගේ ම රොටරැක්ට් වගේ වෙනත් සමිති සමාගම්වල ඉන්ස්ටොලේෂන් තියලා තියනවා. සේවක පිරිස ඉතාම මිත්‍රශීලියි. වෙන් කරගන්න 0112 300 174 අමතන්න. හැබැයි එතනටම ගිහින් සාකච්ඡා කරලා බජට් එකට හරියන්න වැඩේ සෙටල් කරගන්න පුළුවන්.

 

4. Olympic House Auditorium

තැන නම් මරේ මරු. ඒත් හොයාගන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. රේස්කෝස් එකට පදනම් ආයතනේ පැත්තෙන් ආවාම ග්‍රවුන්ඩ් එකත් එක්ක ම පොඩ්ඩක් හැංගිලා වගේ තමයි මෙතන තියෙන්නේ. ගූගල් දෙයියන්ගේ පිහිටෙන් නම් හරියටම හොයාගනී. අනික මෙතන මයික් එක්ක නියම කොන්ෆරන්ස් රූම් සෙටප් එකක් තියනවා. මෙතනත් සමිතිවල ඉන්ස්ටොලේෂන් වගේ ම දේශීය විදේශීය සමුළුවලට හොඳම තැනක්. සවුන්ඩ් එහෙමත් කොලිටි. මෙතනත් ගාණ සාකච්ඡා මාර්ගයෙන් එකලසක් කරගන්න ඇහැකි.

 

5. Sasakawa Hall

මෙතන පරණ බිල්ඩිමක්. හැබැයි කාලෙට තාලෙට හරියන විදියට නඩත්තු කරගෙන යනවා. බිස්නස් මීටින්ග්, කොන්ෆරන්ස්වලට එහෙම හොඳයි. මේක තියෙන්නේ ගාලු පාරේ සෙලාන් බැංකුවයි සංචාරක අමාත්‍යාංශයයි අතරමැදට වෙන්න. ඒ තැන සාමාන්‍යයෙන් හොඳයි. මෙතන විශේෂත්වය වෙන්නේ ලංකාවේ ජපන් ඉගැන්වීමට තියන සුවිශේෂ තැනක් වෙන එකයි. මේ නමින්ම පොඩි ජපන් ගතියක් පේන්නේ ඒකයි. මෙන්න නම්බරේ කතා කරන්න 0112 324 730. මෙතන බජට් එකකට නියමෙට සෙට්.

 

6. CIDA Auditorium

මේක නිවාස අධිකාරියට අයත් වෙන්නේ. අඳුනාගන්න ලේසියි, මොකද ටවර් හෝල් රඟහල පදනම සහ නිවාස අධිකාරියේ නාම පුවරු දෙකම මෙතන ප්‍රදර්ශනයට තියන නිසා. කොළඹ විජේරාම මාවතේ සව්සිරිපායේ තමයි පිහිටලා තියෙන්නේ. 200කට විතර ඉන්න පහසුකම් තියන ඉතා විශාල තැනක්. බිල්ඩිමේ පොඩි පරණ තාලයක් තිවුණට මොකෝ දෙයියනේ කියලා ඔඩිය නම් ඊයේ හම්බුණ බබා වගේ ඉන්නවා. මේකට කතා කරමු 0112 699 801.

 

7. M.D.Gunasena Lilian Auditorium

කොළඹ මිහිඳු මාවතේ පිහිටලා තියෙන ගුණසේන කට්ටිය​ගේ ශ්‍රවණාගාරයත් බොහෝ දෙනා නොදන්නා වටින ශ්‍රවණාගාරයක්. මෙතන ගණන් හිලව් පවා ඉතාම සාධාරණයි. විශාල  පිරිසකට ඉන්නත් පුළුවන්. අමතන්න මේ අංකයට 0112 323 981.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *