හස්බන්ඩ්ව සතුටු කරන්න වයිෆ් කෙනෙකුට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 7ක්

things a wife can do to please her husband

සාමාන්‍යයෙන් පිරිමි කියන්නෙ වටහා ගැනීමට ඒ තරම් අසීරු කොට්ඨාසයක් නොවෙයි. විශේෂයෙන් බිරිඳට සැමියා හැරුණත් ඒ මොකටද කියලා කියන්න පුළුවන් කියලා කියනවනේ. ඉතින් මෙන්න මේ සුවිශේෂී හැකියාව නිසාම ඔහු වඩාත් රුචි කරන දේවල් කරලා ගොඩාක් ලෙහෙසියෙන්ම වයිෆ්ට පුළුවන්කම තියෙනවා හස්බන්ඩ්ව සතුටු කරන්න. ඔහුගේ මුහුණට සිනාවක් ගෙනෙන්නට, ඔහුට තමන් වෙනුවෙන් ඕනෑම දුකකට කරදරයකට ළඟින් ඉන්න ආදරණීය පිරිසක් ඉන්නවා කියලා අඟවන්නට, ඔහු පවුල වෙනුවෙන් දරන මහන්සිය අගයන්නට හැකියාව තියෙන හොඳම කෙනා තමයි බිරිඳ කියන්නේ. ඉතින් ආදරණීය වයිෆ් කෙනෙක් විදිහට ඔයාටත් පුළුවන් පුංචි පුංචි දේවල් වලින් ඔයාගේ හස්බන්ඩ්වත් සතුටු කරන්න. හැබැයි මේ කියන්නේ අතේ තියෙන ගාණත් වියදම් කරලා තව හස්බන්ඩ්ගෙනුත් කීයක් හරි ඉල්ලාගෙන කරන සතුටු කිරීමක් ගැන නම් නෙමෙයි. මේ ඔයාට හරිම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක් විතරයි. කියවලා ඔයත් අදහසක් ගන්නකෝ.

 

1. ඉඳලා හිටලා පුංචි පුංචි තෑගි

things a wife can do to please her husband

Source – newyeargiftidea.com

තෑගි කිව්වම ඉතින් අපේ කාන්තා පක්ෂය නම් මොන වෙලාවෙද තෑග්ගක් හම්බවෙන්නෙ කියලා බල බලාම වගේනෙ ඉන්නේ. මේ කැමැත්ත පිරිමි පක්ෂය අතර වැඩිය ඉස්මතුවෙලා නොපෙනුනත් ඔවුනුත් කැමතියි තමන් ආදරය කරන කෙනෙක්ගෙන් ලැබෙන පුංචි පුංචි තෑගි බෝග වලට. තෑග්ගකට පුළුවන් කෙනෙක්ගේ හිත ගොඩාක් සතුටු කරන්න.

■ ඔයාලා දෙන්නගේ ළඟදිම ගත්තු ආදරණීය සේයාරුවක් රාමු කරල ඔහුට තෑගි කරන්න.

■ නිතර දෙවේලේ සැකසෙන්නේ නැති ඔහුගේ ප්‍රියතම විශේෂ ආහාරයක්, අතුරුපසක් ඔහු වෙනුවෙන් ඔබේ අතින්ම සූදානම් කරන්න.

■ ඔහුගේ මව්පියන් වෙනුවෙන් ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරන්න.

■ ඔහු ඉතාම ප්‍රිය කරන නළුවෙකුගේ නිළියකගේ නවතම චිත්‍රපටියක් නැරඹීමට ඔබ කල්තියාම ආසන වෙන්කරන්න.

■ ඔහු වඩාත් ප්‍රියකරන ගායකයා/ගායිකාවගේ ගීත එකතුවක් අඩංගු තැටියක් ඔහුගේ මෝටර් රථයේ ප්ලේයර් එකට දමා තියන්න. ඊළඟ අවස්ථාවේ ඔහු එය ක්‍රියාත්මක කරනවිට එය ඇසී ඔහු සිනහාමුසු මුහුණෙන් යුතුව ආසන පටිය පැළඳගනීවි.

 

2. රසට ගුණට ඔබේ අතින්ම පිසින කෑම

things a wife can do to please her husband

Source – cookingchanneltv.com

කතාවක් තියෙනවා පිරිමියෙක්ගේ හදවත දිනාගන්න පුළුවන් ඔහුගේ බඩ හරහා කියලා. ඒ කියන්නෙ රසවත්ව හදන කෑමවේලකට කරන්න පුළුවන් දේ හරිම විශ්මිතයි. හස්බන්ඩ් රස කෑම ගොඩක් මැද්දට ගියත් ගෙදර ඇවිත් වයිෆ් හදපු කෑම කන්න බඩේ ඉඩ තියාගෙන එන තරමටම වෙනසක් කරන්න මේ ප්‍රණීත කෑම පිඟානට හැකියාවක් තියෙනවා.

 

3. අගයන්න

things a wife can do to please her husband

Source – rd.com

ඔබේ සැමියා වෙහෙස මහන්සි වෙන්නේ ඔබත් ඔබේ දරුපැටවුනුත් වෙනුවෙන් බව නිරතුරුවම යළි යළිත් සිහි කරන්න. ඇතැම්විට ඔහුගේ මුළු වේතනයම වියදම් වන්නේ ඔබලා වෙනුවෙන් විය හැකියි. ඔහු ඔහුට අවශ්‍ය යමක් මිලදී ගන්න වුනත් ඔබෙන් අදහස් විමසනවා ඇති. මඳක් සිතා බලන්න. ඔහු අපූරු මිනිසෙක් නොවේද? ඒ වෙනුවෙන් ඔබට ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි ඔහුව අගයන්න. ස්තූති කරන්න. ඔබ ඔහුගේ වටිනාකම දන්නා බව ඔහුට අඟවන්න. පිරිමින් තමන්ගේ බිරිඳගෙන් අසන්නට වඩාත් ප්‍රිය කරන දෙයක් තමයි ඇයට ඔහු වටිනා බව.

ඔබත් රැකියාවක නිරත වෙනවා විය හැකියි. ඔබට අවශ්‍ය දෑ ඔබ රිසි පරිදි මිලදී ගන්නවා විය හැකියි. නමුත් ඔහුගෙන් ලැබෙන දෑ අගයන්න අමතක කරන්න එපා. හෑල්ලු කරන්න එපා. මොකද ඔහු තමන්ගේ සියළු කැපකිරීම් හමුවේ යළිත් බලාපොරොත්තු වෙන එකම දේ ඔබේ සතුට පමණයි. ඒ වෙනුවෙන් ඔහු දරන්නෙ ඔහුගේ උපරිමය බව වටහා ගන්න. ඔබ එවැනි බිරිඳක් නම් ඔබ සමඟ ගෙවන ජීවිතය ඔහුට වඩාත් සුව පහසු වේවි.

 

4. ඔහුගේ උදව් ඔබට අවශ්‍ය බව ඔහුට දනවන්න

things a wife can do to please her husband

Source – videoblocks.com

පුංචි පුංචි දේවල් වලට ඔහුගේ සහයත් ලබා ගන්න. අපි හිතමු ඔයා තුනපහ කුඩු දාපු බෝතලේ මූඩිය හොඳින්ම තදටම වැහිලා කියලා. ඔයාට පුළුවන් හස්බන්ඩ්ගෙන් උදව් ඉල්ලන්න. හරිම පුංචි දෙයක් තමයි. නමුත් ඉන් ඔහුට ඇඟවෙනවා ඔහුගේ සහය ඔබට ඉතාම වැදගත් බව. පිරිමි අය හරිම කැමතියි ඔවුන් ශක්තිමත්බව පෙන්වන්න. විශේෂයෙන් තමන්ගේ බිරිඳ ඉදිරියේ. ඒකෙන් එයාලා ලබන්නෙ විශාල සතුටක්.

 

5. ප්‍රේමාන්විත වෙන්න

things a wife can do to please her husband

Source – topviralhot.com

පෙම්වතිය වෙලා ඉන්න දවස් වල ඔයා ළඟ තිබුණ රොමෑන්ටික් ගතිය තවම ඔයා ළඟ තියෙනවද? නැත්තම් ඒ හැඟීම් පෙට්ටගමක දාලා අඟුළු දාලද? විවාහ වුනා කියලා බබාලා ඉන්නවා කියලා ඔහු ඉස්සරහා ඕනෑවට වඩා බැරෑරුම් චරිතයක් වෙන්න යන්නත් එපා. ඔබේ හැඟීම් වලටත් ඉඩ දෙන්න. ඔහුගේ හැඟීම් වටහා ගන්න. ඔබ දෙදෙනාටම වෙන්වුණු කාලයක් අවශ්‍යයයි. මුදල් ප්‍රශ්න, අඟහිඟකම් තියෙන්න පුළුවන්. කාගෙත් ජීවිතවල ඒ දේවල් තියෙනවනේ. එහෙමයි කියලා විසිහතර පැයම ඒ දේවල් ගැන හිත හිතා ඉන්න එපා. ඔහු ඔබෙන් බලාපොරොත්තු වන්නෙ හොඳ ගෘහනියක්, දරුවන්ට හොඳ මවක් පමණක් නොවෙයි. ඔහුට ඔහුගේ ආදරණීය බිරිඳත් අවශ්‍යයයි. ඔහු සමඟ ආදරයෙන් වෙලෙන්න. ඔහුව සිප වැළඳගන්න. ඔබෙන් ලැබෙන මේ ආදරය ඔහුටත් ඔබටත් විශාල මානසික සහනයක් වේවි. විශාල සතුටක් වේවි.

 

6. ඔහුව ආදරයෙන් පිළිගන්න, විහිළු තහළු කරන්න

things a wife can do to please her husband

Source – gottadotherightthing.com

ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේ ඔයා ඉන්නෙ නිවසේ නම් ඔහුව සිනාවකින් උණුසුම්ව පිළිගන්න. සුහදශීලී හඬකින් ඔහුව අමතන්න. දවස තිස්සේම නිවසින් බැහැරවෙලා ඉන්න ඔහු නිවසට ඇතුළු වෙද්දීම ඔබ නෝක්කාඩු මුහුණකින් යුතුව හිටියොත් හෝ මැසිවිලි නඟන්න පටන් ගත්තොත් ඔහුට ගෙයින් පිටවී ඉන්න වේලාව කොපමණ හොඳදැයි සිතෙන්නට පුළුවන්. ඔබ ගෘහනියක් නම් දවස පුරා නිවසේ වැඩකටයුතු සමඟ ඔබත් තෙහෙට්ටුවට පත්වී සිටිය හැකියි. රැකියාවක නිරත වෙනවානම් ඔබත් ඇත්තේ විශාල වෙහෙස මහන්සියකින්. එයට විසඳුම ඔහුව නුරුස්සනා ස්භාවයෙන් සිටීම නොවෙයි. දෙදෙනාටම රස තේ සකසාගෙන විත් ඔහු සමඟම රසවිඳින්න. කතා බහ කරන්න. පුංචි විහිළුවක් කරන්න. නිවස ඔහුට සැප පහසු සතුටු තැනක් කරන්න.

 

7. ඔහුට ඔහුටම වෙන්වුණ කාලයක් ලබා දෙන්න

things a wife can do to please her husband

Source – rebelcircus.com

අපි හැමෝම එකිනෙකාට වෙනස් ගතිගුණ තියෙන පුද්ගලයෝ. විවාහ වෙන්නෙත් මේ වගේ විවිධ ගතිගුණ තියෙන දෙන්නෙක්නේ. ඉතින් එකිනෙකාගේ රුචි අරුචිකම් වෙනයි. ඔබ දෙදෙනාටම සමාන රුචි අරුචිකම් තියෙනවානම් ඉතින් හරිම වාසනාවන්තයි. හැබැයි වැඩි සම්භාවිතාව තියෙන්නෙ එහෙම නොවෙන පැත්තටයි. ඔබ පොත් කියවන්න රුචි වන විට ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන්න කැමැති වෙන්න පුළුවන්. විවාහ දිවිය තුළ වුනත් දෙදෙනාට ස්වාධීන වීමට ඉඩක් අවශ්‍යයයි. ඉතින් ඔබේ සැමියාට ඔහුගේ කාලය ලබාදීම ඔහුගේ සිතේ ඔබ කෙරෙහි විශාල සතුටක් ඇති කරාවි.

ඉතින් ඔයාගේ හස්බන්ඩ්ගේ මුහුණට සිනාවක්, හදවතට සතුටක් ගේන්න පුළුවන් මේ දේවල් ඇත්තටම හරිම සරළ පහසුවෙන් කරන්න පුළුවන් පුංචි පුංචි දේවල්. අවශ්‍ය වන්නේ ඔබේ උවමනාව පමණයි. පවුලක සතුට රැකගන්න ගැහැණියකට ඇත්තේ විශාල හැකියාවක්. විවාහ වෙලා කොච්චර කල්ගත වුනත් ඔහුගේ සිත හැමදාම නැවුම්ව තියන්න අනිවාර්යයෙන්ම ඔයාටත් හැකිවේවි. ඔහු සතුටින් නම් ඔහු ඔබටත් සතුට ගෙනේවි. එකිනෙකාගේ සතුට ගැන සිතන්නට දෙදෙනාම ඉබේම හුරුවේවි. මේ දේවල් ප්‍රීතිමත් විවාහ දිවියකට මංගල කරුණුයි !

 
Cover Image Source – glamour.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *