හිසරදේ අනුව ලෙඩේ හොයාගන්නේ කොහොමද?

හිසරදයක් හැදෙන එක තරම් වාත ලෙඩක් තව තියේ ද? ඒ නිසාම අපිට සමහර වාත මිනිස්සුන්ව පේන්නෙත් හිසරද වගෙයි. හිසරදය පොදු අමාරුවක් වශයෙන් ගත්තට මොකෝ ඒකේ අමාරුව දැනෙන තැන් එක්ක මේ හිසරදයට අදාළ හේතු සහ රෝග මූල වෙනස් වෙනවා. මේ ඒ ගැන කතාබහක්.



1. ඉරුවාරදය (මිග්‍රේන්)


මොළය හා ස්නායු සම්බන්ධ රෝග අතරින් වැඩිපුර දක්නට ලැබෙන රෝගයක් තමයි ඉරුවාරදය. මිග්රේන් හැදුණාම වේදනා ගෙන දෙන්නේ ගොඩක් වෙලාවට හිසේ එක පැත්තක්. ඒක හරියට දැනෙන්නේ හිරිවැටිල්ලක් වාගෙයි. මේකේ එපා කරපු දේ තමයි දවස් ගාණක් මේ වේදනාව පවතින එක. මේ හිසරදය එක්කම වමනය ගතියක්, ආලෝකයට සංවේදී ගතියක් සහ ශබ්දවලට සංවේදි ගතියක් දක්වනවා.



2. ආතතිය


ආතතිය නිසා ඔබට ඇතිවන හිසරදය නම් මුළු ඔලුවට ම වදිනවා. ඒක හරියට තද බෑන්ඩ් එකක් ඔලුව වටේ බැඳගෙන ඉන්නවා වගේ. ඕනෑම කෙනෙකුට මේ කියන හිසරදය ඇති වෙන්න පුළුවන්. ඉස්සෙල්ලම වේදනාව පටන් ගන්නේ හිස පිටිපස්සේ. ඊට පස්සේ හිමින් හිමින් මුළු ඔළුව ම වෙලාගන්නවා. කාර්‍යබහුල ජීවිතයත් එක්ක දවසට දෙතුන් වතාවක් මේ හිසරදය ඇති වන අය ඉන්නවා. මේ හිසරදය එක්ක නිදාගන්න බැරිකම සහ ඇඟේ පතේ වේදනාව ඇති වෙනවා.



3. කෝටාරක ප්‍රදාහය (සයිනස් අමාරුව)

හෙල්මට් එකකින් අපේ ඔළු කට්ට රකිනවා වගේ ම අපේ හිස්කබලෙන් අපේ මොළය රකිනවා. ඒ හිස්කබලේ සෙම පිරුණම සයිනස් අමාරුව ඇති වනවා. මෙහිදී වේදනා ගෙන දෙන්නේ මූණ. ඇස් වටා සහ කම්මුල් පුපුරු ගහන්න ගන්නවා. එතරම් බරපතල රෝගයක් නොවුණත් පීඩාකාරියි. අදාළ සෙම ඉවත් කිරීමෙන් සුවයක් සළසා ගන්න පුළුවන්.


4. ආසාත්මිකතාව


ආසාත්මිකතාවක දී රිදෙන්නේ හිසේ ඉහළ නැත්නම් මුදුනේ තියන කොටස. කඳුළු පිරුණු ඇස් සහ හොටු ගලන නහයක් එක්ක මේ වේදනාව දරාගන්න අමාරුයි. ඉතින් අන්න ඒ නිසා ඔබ අසාත්මිකතාව දක්වන දේවල් කෙරෙන් ඈත් වෙන්න ම ඕනි.


5. මොළයේ රෝග


මේ සඳහා වේදනාව උපරිම රැඳෙන්නේ තත්පර 60යි. හැබැයි ඒ ටිකට අවුරුදු ගාණක වේදනාවක් දැනෙනවා. ඒක හරියට හෙණ ගහන්නා වගෙයි. ඉතින් මේ හිසරදයට Thunderclap කියලා ඉංග්‍රීසියෙන් කියන්නත් හේතුව ඒකයි. හදිසි ආබාධ, මොළයේ ලේ ගෙඩි, මොළයේ ආසාත්මිකතා සහ රුධිර නාලිකා අවහිර වීම මේ එක්කම අනාගතයේ සිදු විය හැකියි. ඒ නිසා තත්පර 60ක් තුළ උග්‍ර වේදනාවක් ලබා දෙන මිනිත්තු 5ක් තිස්සේ විඳවිය යුතු මෙම හිසරදය සඳහා වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍යයි.



6. පොකුරු හිසරද

පොකුරු හිසරදවලට (cluster headaches) එහෙම කියන්නෙ ඔළුවේ එක තැනකට එකතු වෙන නිසා. එහෙම වෙලා එක පාර ඇති වෙලා නැති වෙලා යනවා. දුම්පානය මේ සඳහා හේතු වන බව රෝගීන් හොයාගෙන තියනවා. ඉතින් දිගුකාලීන ව දුම්පානයෙන් ශ්වසන රෝග ඇතිවනවා කොහොමත්. ඇස් යට සහ ඇස් කුහරය අවට රිදෙන්න ගන්නවා. වැරදි ආහාර මට්ටම් ද මෙසේ ම ය. 



7. සුරතාන්තයේ දී ඇතිවන හිසරදය


නළලේ දෙපැත්ත එක්ක ම ඇස් වටේ රිදෙන්න ගන්න එක සුරතාන්තය නිසා ඇතිවන හිසරදයක ලක්ෂණයක්. කොහොමත් ඔය රිදෙන තැන් බල බලා විස්සෝප වෙන්න දෙයක් නෑ. ලිංගික ක්‍රියාවක් ආරම්භයේ සහ අවසානයේ තමයි මේ වේදනවා ඇති වන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා හැම පාරම ඕක වෙනවා නම් කේස්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *