වැඩි දෙනෙක් හදන්න නොදන්න පුඩින් වර්ග 7කට රෙසිපි මෙන්න!

අතුරුපස අතරින් පුඩින් කියන්නෙ ඉදිරියෙන්ම තියෙන දෙයක්. පුඩින් වර්ග විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතුරින් වෙනස්ම පුඩින් වර්ග ටිකක් අපි අද ගෙනාවා. සමහරු නම් කවදාවත් කාලා නැතුව ඇති මේවා. හදලම කාලා බලන්නකො එහෙනම්…

 

1. කේක් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. 500g රවුම් බටර් කේක් 1
  2. ඇඟිලි විස්කෝතු 25
  3. කොකෝවා කුඩු 150g
  4. බිත්තර 4ක සුදුමද
  5. එළකිරි බොතල් 3/4

 

 

  • කේක් එකට වඩා ටිකක් ලොකු පුඩින් බඳුනක් ගෙන කේක් එක එය තුළට දමන්න. 
  • පසුව ඇඟිලි විස්කෝතු කේක් එක වටේ රවුමට භාජනය ඇතුළත සිටුවා තියන්න.
  • විස්කෝතු කේක් එකට වඩා ප්‍රමාණයෙන් උස නම් කේක් එකේ ප්‍රමාණයට කුඩා කර ගන්න. 
  • කිරි ටික ගෙන සෙමින් සෙමින් කේක් එක පෙඟෙන සේ කේක් එක උඩින් වත් කරන්න. කොකෝ කුඩු වතුර ස්වල්පයකින් උණුකර පසෙක තබන්න. 
  • උණුකරගත් කොකෝවා කුඩු ටික කිරි වල​ට උඩින් කේක් එක මතුපිටට දමන්න. 
  • බිත්තර සුදු මද හොඳින් ස්ටිෆ් වෙනකල් බීට් කර කේක් එක මත දමා විනාඩි 15ක් සෙල්සියස් අංශ​ක 180 ට බේක් කරගන්න. 

 

2. චොකෝ ඇන්ඩ් කොකනට් පුඩින් මික්ස් විත් අයිස්ක්‍රීම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොක්ලට් කෑලි 200g
  2. මාගරින් 75g
  3. කිරි මේස හැඳි 3 ක්
  4. අයිසින් සීනි 100g
  5. ගා ගත් පොල් 100g
  6. වැනිලා අයිස්ක්‍රීම් 

 

 

  • වතුර භාජනයක් ලිප තබා එයට උඩින් තව බෝල් එකක් තබා බටර්, චොක්ලට් සහ කිරි ඩබල් බොයිල් කරන්න.
  • ලිපෙන් ඉවත් කර එයට අයිසින් සීනි සහ පොල් මිශ්‍ර කර බටර් තවරන ලද තැටියකට එම මිශ්‍රණය දමා පැය 1 1/2 ක් ශීත​කරණයක තබන්න. 
  • ඉන්පසු මිශ්‍රණය ඉවතට ගෙන කොටස් කඩා අයිස්ක්‍රීම් සමඟ මිශ්‍ර කර පිළිගන්වන්න.

 

3. ලෙමන් මෙරූන් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සිනී 150g
  2. කෝන්ෆ්ලා තේ හැඳි 1
  3. පිටි මේස හැඳි 1/2
  4. වතුර කෝප්ප 2
  5. බිත්තර 2
  6. ලෙමන් යුශ තේ හැඳි 4
  7. සිහින්ව ගා ගත් දෙහිගෙඩියක ලෙලි
  8. මාගරින් 25g
  9. අයිසින් සීනි 100g
  10. ලුණු ස්වල්පයක්

 

  • වතුර ස්වල්පයකට පිටි, සීනි සහ ලුණු දමා මිශ්‍ර කර ඉතිරි ජලය උණුකර එම පිටි මිශ්‍රණයටම වත්කරන්න. එය මිනිත්තු 15 ක් පමණ ලිපේ තබා හැඳි ගාමින් පිසගන්න. 
  • එය බඳුනෙන් ඉවතට ගෙන සිසිල් කර ගන්න. මෙයට බිත්තර කහමද දමා හොඳින් ගසා නැවත මිනිත්තු 2 ක් පමණ ලිප මත තබා උණුකරගන්න.
  • සිහින්ව ලියා ගත් දෙහි ලෙලි ද එයට එක් කර ලිපෙන් ඉවතට ගන්න.
  • එයට බටර් දමා හොඳින් ගසාගෙ​න බේක් කළ හැකි පුඩින් බඳුනකට දමාගන්න. 
  • බිත්තර සුදු මද සහ සීනි වෙනම බඳුනක ඝණ වනතුරු බීට් කර පුඩින් මිශ්‍රණය මතට වත් කරන්න. 
  • මෙය 180°C ට මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න.

 

4. වට්ටක්කා පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වට්ටක්කා 500g
  2. සීනි 150g
  3. මාගරින් 100g
  4. බිත්තර කහ මද 1
  5. බිත්තර සුදු මද 1
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1 ක්
  7. සිහින්ව කපා ගත් කජු 100 g
  8. ගෝල්ඩන් සිරප් මේස හැඳි 1 ක්
  9. වැනිලා තේ හැඳි 1/2

 

 

  • වට්ටක්කාවල පොතු ඉවත් කර හුමාලයෙන් තම්බා පොඩි කරගන්න. 
  • සීනි සහ මාගරින් හොඳින් මිශ්‍ර කර මෙයට බිත්තර කහ මදය ද එක්කර ගෝල්ඩන් සිරප් ද කලවම් කරන්න. එය වට්ටක්කා සමඟ මිශ්‍ර කරගන්න.
  • බිත්තර සුදුමදයට ලුණු ස්වල්පයක් දමා පෙණ නගින තෙක් විස්ක් කර එයට වට්ටක්කා මිශ්‍රණ​ය, බේකින් පව්ඩර්, කජු සහ වැනිලා ද දමා හොඳින් මිශ්‍ර කර 180°Cට විනාඩි 45 ක් පමණ බේක් කරගන්න. 
  • පිළිගැන්වීමට පෙර උඩින් කස්ටඩ් දැම්මොත් මෙහි රසය තව වැඩි වේ.

 

5. බිත්තර පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. පාන් පෙති 2
  3. සීනි මේස හැඳි 3
  4. පිටි කිරි හෝ එළකිරි කොප්ප 2
  5. සාදික්කා කුඩු
  6. කජු ස්වල්පයක්
  7. දෙහි ගෙඩියක ගාගත් පිට පොත්‍ත

 

  • බිත්තර හොඳින් ගසා එයට කිරි සහ සීනි දමා මිශ්‍ර කර දෙහි පොතු, සාදික්කා කුඩු ද දමා පාන් පෙති 2ක් ද මෙයට දමා පෙඟෙන්නට හැර හොඳින් පොඩි කරන්න. 
  • කජු කැබලි මෙම මිශ්‍රණයට කලවම් කර භාජනයකට දමා විනාඩි 20 ක් පමණ ස්ටීම් කර, සිසිල් කර කෑමට ගන්න.

 

6. අර්තාපල් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අල 450 g
  2. කිරි ලීටර් 1 (එළකිරි , පිටිකිරි හෝ පොල්කිරි )
  3. මුද්දරප්පලම් 100 g
  4. කිතුල් හකුරු 450g
  5. බිත්තර 4 ක්
  6. වැනිලා සහ බටර් ස්වල්පය බැගින්

 

  • අල හොඳින් පොඩිකර බිත්තර සහ හකුරු කුඩු එක්කර හොඳින් කලවම් කරන්න. 
  • මෙයට කිරි ද එක්කර මුද්දරප්පලම් සහ වැනිලා ද සමග නැවත මිශ්‍ර කරන්න. 
  • බටර් තවරන ලද තැටියක දමා මෙය විනාඩි 30ක් පමණ ස්ටීම් ක​ර ගන්න.

 

7. කැරට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 2
  2. බටර් මේස හැඳි 2
  3. සීනි ග්‍රෑම්175
  4. කජු කෑලි මිටක්
  5. මුද්දරස්පලම් ස්වල්පයක්
  6. දොඩම් යුෂ ස්වල්පයක්
  7. එනසාල් ඇට 2
  8. ගාගත් දෙහි ලෙලි ටිකක්

 

  • බිත්තර ටික කඩලා විස්ක් කරලා එනසාල් ටික එකතු කරන්න.
  • ඒකට සීනි හා බටර් එකතු කරලා හොඳට කලවම් කරලා කජු, මුද්දරස්පලම් හා දොඩම් යුෂ එකතු කරලා කැරට් ටික එකතු කරගන්න.
  • ඊලඟට ගාගත් දෙහි ලෙලි ටික දාලා කලවම් කරලා විනාඩි 45ක් ස්ටීම් කරගන්න.

 

 

තවත් පුඩිං වර්ග 7ක් ගැන පහත ලිපියෙන් කියවන්න පුළුවන් ඔබට.

රස වෑහෙන පුඩිං වර්ග 7කට රෙසිපි මෙන්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *