කාර්මික විප්ලවයෙන් මිනිසාට පහසුවෙන් හදාගන්න පුළුවන් ප්‍රෝටීන විශේෂයක් විදිහට කුකුළු මස් දියුණු වුණා. තාක්ෂණය නිසා කුකුළු මස් කිලෝවක් දෙකක් හදාගන්නට දැන් මාසයකටත් අඩු කාලයකින් පුළුවන් වෙලා තියෙනවා. බිත්තර කියන්නෙත් ඒ විදිහට දියුණු කරන ලද කිකිළියන්ගෙන් අපිට ලැබෙන වටිනා ආහාරයක්. ප්‍රෝටීන අඩංගු මස් මාංශ අහස උසට මිල වෙද්දි බිත්තර තවමත් සාමාන්‍ය ජනයාට වේලකට එකතු කරගන්න පුළුවන් මට්ටමේ තියෙනවා.
1. බිත්තර වල පෝෂ ගුණය
විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම බිත්තර හරහා සිරුරට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ සිරුරට එකතු වෙනවා.
2. කොලෙස්ටරෝල් වැඩියි, ඒත් අවුලක් නැහැ
එක් බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 212ක් ඇතුළත් වෙනවා. මේ අගය සිරුරට දිනකට අවශ්‍ය කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 300න් අඩකටත් වඩා වැඩි අගයක් වෙනවා. එත් මේ බිත්තර හරහා ලැබෙන කොලෙස්ටරෝල් රුධිරයේ තැන්පත් වන කොලෙස්ටරෝල් නෙමෙයි, සාමාන්‍යයෙන් අපේ අක්මාවෙන් අපිට අවශ්‍ය කොලෙස්ටරෝල් නිෂ්පාදනය කෙරෙනවා. අපේ ආහාර වලින් කොලෙස්ටරෝල් සැපයෙද්දි අක්මාවෙන් නිපදවෙන ප්‍රමාණය ඉබේම අඩු වෙනවා. කරන ලද පර්යේෂණ වලින් අනාවරණ වී ඇති පරිදි 70%ක් පිරිසකගේ කොලෙස්ටරෝල් මට්ටම බිත්තර වලින් ඉහළ යන්නේ නැහැ. ඒත් 30%කගේ එල් ඩී එල් කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යනවා. මේක ජානමය හේතු නිසා වෙන දෙයක් බවත් සොයාගෙන තියෙනවා.
3. විවිධ ආකාරවලට පහසුවෙන් පිළියෙල කරගත හැකි වීම
ලෝකයේ, ආසියාවේ, අප්‍රිකාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර ආහාර වලට යහමින් එකතු කරගන්නවා. ප්‍රධාන ආහාර වේලට වගේම වෙනත් රසවත් කෑම වර්ග සෑදීමටත් බිත්තර ගන්නවා. ඉතින් යම් අයෙක්ට බිත්තර කෙලින්ම ආහාර පිණිස ගන්නට බැරි නම් තම්බලා හෝ බැදලා කන්න පුළුවන්. එහෙම නැතිනම් හාෆ් බොයිල් කරගන්න පුළුවන්. ඒකත් අමාරු නම් බිත්තර යහමින් දාපු හොඳ කේක් කෑල්ලක් වැනි රසවත් කෑමක් කන්නට පුළුවන්. ඒ ආකාරයෙන් බිත්තර අපිට කන්නට උවමනා නම් ඒකට විවිධ ආකාරයේ ක්‍රම ගණනාවක් සපයලා දීලා තියෙනවා.
4. අඩු මිලට වැඩි වැඩ
මස් මාළු අපේ ආහාර වේලකට එකතු කරගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. දරුවන්ට සහ වැඩිහිටියන්ට වගේම වැඩ කරන අයට ශක්තිය සපයන රතු මස ආහාරයට ගන්නට ලොකු මිලක් වියදම් වෙනවා. පවුලකට වේල් දෙකකට සෑහෙන්න හරක් මස් කිලෝවක් ලංකාවේ මුදලින් දැන් රුපියල් දාහකට වැඩියි. ඒත් වේල් දෙකකට බිත්තර ආහාරයට එකතු කරගන්න බොහෝවිට රුපියල් දෙසීයක් වත් වැයවන්නේ නැහැ. මස් මාළු සහ අනෙකුත් ප්‍රෝටීන ප්‍රභව වලට වඩා අඩුමිලට බිත්තර ගන්න පුළුවන් එක තවත් වාසියක් වෙනවා.
5. ඕන තැනක තියෙනවා
අපිට වෙනත් රටකට සවාරියක් ගියත් බිත්තර නැති රටක් හමුවන්නේ ඉතාම කලාතුරකින්. බොහෝ ලෝ පතල ආහාර වේල් වලට බිත්තර ලාවට හෝ එකතු වෙනවා. ඉතින් මේ බිත්තර සපයාගැනීම ලොකු ගැටළුවක් නෙමෙයි. කොවිඩ් සමය වැනි තරමක් සැපයුම් ජාල උඩු යටිකුරු කළ කාල වකවානු වල පවා ලංකාවේ අපිට බිත්තර ලබාගන්නට අපහසුතාවක් දැඩිව ආවේ නැහැ. මූද අයිනේ අයට මාළු පහසුවෙන් ලබාගන්න තිබුණාට අපේ කඳුකරයේ අයට මාළු සොයාගන්නට අමාරුයි. ඒත් බිත්තර එහෙම නැහැ. ඕනි තැනක ලේසියෙන් ගන්නට තියෙනවා.
6. ටිකයි… ඒත් වැඩ ගොඩයි
බිත්තර වලින් ලැබෙන පෝෂණීය ගුණ එක්ක ගත්තාම ඒ හා සමාන වෙනත් ශාක ප්‍රෝටීන ගන්න ගියොත් අපිට ගොඩක් කන්නට වෙනවා. කඩල වැනි ආහාරයක ප්‍රෝටීන තිබුණත් ඒවා වැඩිපුර කෑම කුඩා දරුවන්ට එහෙම අපහසුයි. ඒ නිසා විශේෂ අවස්ථාවල ඉන්න අයට ඉක්මනින් පෝෂණය ලබාගන්නට මේ බිත්තර වැදගත් වෙනවා. කුඩා දරුවන්ගේ කෑම වේලට බිත්තර ඇතුළත් කරන්න පුළුවන් නම් එයින් ඔවුන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම කුරුල්ලන් ඇතිදැඩි කිරීම, මාළු ඇතිදැඩි කිරීම වගේ දේවලදිත් සතුන් ඉක්මනින් ලොකු කරගන්න වේගවත් ප්‍රෝටීන කාරකයක් විදිහට බිත්තර පාවිච්චි කරනවා.
7. ලෙඩ අඩුකරන බිත්තර
2018 වර්ෂයේදී චීනයේ කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන තිබෙන පරිදි හදවත් රෝග ඇතිවීම 18%කිනුත්, හදවත් රෝග නිසා මරණයට පත් වීම 28%කිනුත් බිත්තර මගින් අඩු කරනු ලබනවා. එය චීනයේ මිලියන බාගයක පමණ ජනකායක් යොදාගෙන බිත්තර කන සහ නොකන අය මගින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක්. කෙසේ වෙතත් බිත්තර දිරවීමේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය එක් එක් පුද්ගලයින්ගේ විදිහට වෙනස් වෙනවා. ඒ නිසා ඇතැම් පර්යේෂණ වලින් හදවත් රෝග අවදානම වැඩිවෙන බවකුත් සොයාගෙන තියෙනවා. බිත්තර ඇල්සයිමර් රෝගයෙන් වැළකෙන්නට වගේම අක්මාව ආරක්ෂා කරගන්නත් වැදගත් ආහාරයක් විදිහට දැක්වෙනවා.
හොඳින් අනෙක් ප්‍රෝටීන සහ සැකසූ ආහාර අපේ සිරුරට ලැබෙනවා නම් සහ අපිට ව්‍යායාම කරන්නට වෙලාවක් නැත්නම් තවත් බිත්තර කන එකේ ලොකු වැදගත්කමක් නැහැ. ඒත් වැඩෙන දරුවන්ට, වෙහෙස මහන්සි වී වැඩකරන අයට වගේම මහළු වියේ සහ රෝග වලින් පීඩා විඳින අයටත් බිත්තර සහ බිත්තර අඩංගු ආහාර වේලට එකතු කරගැනීම පෝෂණයට බොහොම වැදගත් වෙනවා. ඉතින් බිත්තර කෑම ගැන වැදගත් කාරණාවක් දෙකක් හරි මෙයින් ඔබ දැනගන්නට ඇති යාළුවන්ටත් දැනගන්න මෙය බෙදාගත්තොත් ඔයාලගේ යාළුවොත් බිත්තර වල තියෙන වාසි ගැන දැනුවත් වේවි.
Leave a Reply