උදේ පාන්දර සෙක්ස් කරන්න ආසද? එහෙමනම් මේ ටිප්ස් වැදගත් වෙයි!

දැන් එක එක මිනිස්සු එක එක විදියටනේ තමන්ගේ දවස පටන් ගන්නේ. සමහරු දවස පටන් ගන්නේ හොඳවැයින් කිරි එකක් හරි කෝපි කෝප්පයක් හරි බීලා. තවත් සමහරු දවස පටන් ගන්නේ ටොයිලට් එකෙන්. තවත් සමහරු දවස පටන් ගන්නේ සෙක්ස් කරලා! ඇත්තටම උදේ පාන්දරින්ම සෙක්ස් කරන එක මාරයි කියලා ඔය තතු දත් ඈයෝ කියනවා. ඉතින් තතු නොදත් ඈයින්ටත් උදේ පාන්දරින්ම සෙක්ස් කරන එකේ තියෙන මෙව්වා එක අවබෝධ කරගන්න නම් උදේ පාන්දරක සෙක්ස් කරලා ඉන්න වෙනවනේ. ඉතින් ආන්න ඒ ආධුනික අයට උදේ පාන්දර සෙක්ස් කිරීම ගැන උපදෙස් ටිකක් අපි දෙන්න හිතුවා. හැබැයි ආධුනිකයින්ට විතරක් නෙවෙයි. එක්ස්පර්ට් කියලා හිතාගෙන ඉන්න අයටත් මේ උදේ පාන්දර සෙක්ස් උපදෙස් වැදගත් වේවි!

 

1. කලින් දවසේ හොඳ නින්දක්

උදේ පාන්දරින් සෙක්ස් කරන්න හිතනවා නම්, ඒකට ප්‍රබෝධවත්ව සහ ප්‍රාණවත්ව උදේ නැගිටින එක වටිනවා. එහෙම නැතුව පාන්දර දෙක තුන වෙනකල් නිදි මරලා, පහට හයට සෙක්ස් කරන්න පාට්නර් අවදි කරනකොට අවදි වෙන්නෙ නැත්තං, සෙක්ස් මූඩ් එක ඉවරයි. ඒ වගේම එහෙම අවදි වෙනකොට වුනත් ඔලුව බර වෙලා, ඔලුව කැක්කුමේ ඉන්න වුනොත් ඒකත් හරියන්නෙ නෑනේ. ආන්න ඒ නිසා පොඩ්ඩක් වේලාපහින් නිදාගෙන, සුව නින්දක් ලබන එක උදේ පාන්දර සෙක්ස් කරන එක සාර්ථක කරගන්න වටිනවා. 

 

2. කුණු කෙළ පිටින් එපා නේද!

පාන්දර නැගිටිනකොට අපි අර වෙළඳ දැන්වීම් වල පෙන්නන විදියට සුරංගනාවියෝ වගේ ඇහැරෙන්නේ නැහැනේ. ගැහැණු වුනත් පිරිමි වුනත් කොණ්ඩ අවුල් කරගෙන, කබ කඩ කඩ, කුණු කෙළ පිටින් තමයි ඇහැරෙන්නේ. ඉතින් එහෙම හොල්මන් වගේ නැගිටලා සෙක්ස් කරන්න පුළුවනැයි? ඒ නිසා පාන්දර නැගිට්ට ගමන් වොෂ් රූම් එකට ගිහින් දත් මැදලා, පොඩි බොඩි වොෂ් එකක් එහෙමත් දාගෙන ඇවිත් සෙක්ස් කළාට කමක් නෑ. හැබැයි ඉතින් එතකොට අර නැගිටින කොටම අඩ නින්දෙන් සෙක්ස් කරන ආතල් එක නැහැනේ. ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි නින්දට යන්න කලින් හොඳට පිරිසිදු වෙලා, හොඳට දත් මැදලා කරලා නින්දට යන එක. එතකොට නැගිටින කොට ඒ තරම් ලොකු අවුලක් තියෙන්නේ නෑ.

 

3. නිවාඩු දවසක් නං වඩාත් හොඳයි!

දැන් උදේට නැගිටින කොට අපිට හොඳටම සෙක්ස් ඕන වෙලා තියෙනකොට, අද නිවාඩුද නැද්ද කියලා බල බලා ඉන්නෙ නැහැනේ. ඒ වගේ වෙලාවක ඉතින් සෙක්ස් කරන්න පටන් අරගෙන, වැඩට යන්න පරක්කු වුනොත් ෂෝට් ලීව් එකක් දාන එක වෙනම දෙයක්. හැබැයි වීක් එන්ඩ් එකක් අල්ලලා මෝනින්ග් සෙක්ස් කරන එකේ ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි වෙලාව ගැන හිත කරදර කරගන්නේ නැතුව හිතේ හැටියට සෙක්ස් කරන්න පුළුවන් වීම. නිවාඩු දවසක් නිසා ඇඳේ කොච්චර වෙලා හිටියත් හිතට කරදරයක් නෑනේ.

 

4. නයිට් ස්ටෑන්ඩ්!

සාමාන්‍යයෙන් ඇඳත් එක්කම නයිට් ස්ටෑන්ඩ් එකක් -ඒ කියන්නේ ඇඳ පැත්තකින් තියන්න පුලුවන් පොඩි පහේ කබඩ් එකක් වගේ එකක් තියෙන එක ලොකු පහසුවක්. මේ නයිට් ස්ටෑන්ඩ් එකේ තියෙන එක පහසුවක් තමයි කිසි කරදරයක් නැතුව ඇඳේදී අත දික් කරලා අවශ්‍ය දෙයක් ගන්න පුලුවන් වීම. ඒ කියන්නේ නින්ද යනකල් කියවන පොතක් වෙන්න පුළුවන්, ඔලුව කැක්කුම වෙලාවට ගා ගන්න වික්ස් එක වෙන්න පුළුවන්, අවශ්‍ය වෙලාවට ගන්න ලුබ්‍රිකන්ට් එකක් හරි කොන්ඩම් පැක් එකක් හරි වෙන්නත් පුළුවන්! ආන්න හරි, උදේ පාන්දර සෙක්ස් කරනවා නං ඊට කලින් කොන්ඩම් හොයන්න යන්න. ලුබ්‍රිකන්ට් හොයන්න යන්න බැහැනේ. එව්වා ඇඳේ ඉඳලම අත දික්කරලා ගන්න පුළුවන් තැනක තියෙන්න ඕන. ඉතින් ඒකට නයිට් ස්ටෑන්ඩ් එකට වඩා හොඳ තැනක් තියෙනවද? සෙක්ස් කරන්න ඕන හැමදේම නයිට් ස්ටෑන්ඩ් එකේ ස්ටෑන්ඩ් බයි තියාගන්න එක පාන්දර සෙක්ස් වලට ලේසියක්.

 

5. දෙන්නම ඇහැරිලා ඉන්න ඕන නෑ!

උදේ පාන්දර සෙක්ස් කියන්නේ කලින් දවසේ කථාවෙලා කරන්න ඕන දෙයක්ම නෙවෙයි. පිරිසිදු කම කොහොමත් තියෙන්න ඕන කියලා අපි කිවුවනේ. එහෙමනම් තමන්ගේ පාට්නර් නිදාගෙන ඉන්නවා නං, තමන් නැගිටින්නේ මාරම සෙක්ස් වුවමනාවකින් නම්, එයාව ඇහැරවන්න පුළුවන් හොඳ සිප ගැනීමකින් හරි ස්පර්ෂ කිරීමකින් හරි මුඛ සංසර්ගයකින් හරි. එහෙම අඩ නින්දෙන් සෙක්ස් එක්ක ඇහැරෙන එක ඇත්තටම පාට්නර්ට මාර එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඕන නම් දෙන්නට කථා වෙලා වෙනස් වෙනස් දවස් වල ඕක මාරුවෙන් මාරුවට කරන්නත් පුළුවන්!

 

6. එක්කෙනෙක් බර උස්සනවා, අනික් කෙනා රිලැක්ස් එකේ ඉන්නවා!

දැන් හිතන්න අපි ඇහැරෙනවා උදේ පාන්දර අපිට වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි දෙන බ්ලෝ ජොබ් එකකට. හිතන්න කම්මැලි පූසෙක් වගේ බාගෙට නිදිමතේ, ඒත් ලැබෙන උද්දීපනය රස විඳින අපිට හිතෙන්නේ රිලැක්ස් එකේ එයා අපිට කරන දේවල් රස විඳගෙන ඉන්න නෙවෙයිද? හැබැයි අනික් අතට සෙක්ස් වුවමනාවෙන් නැගිට්ට පාට්නර් බොහොම ක්‍රියාකාරීව දේවල් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට දෙන්නා මහන්සි වෙන භූමිකාවන් මාරුවෙන් මාරුවට කරන එක යෝග්‍ය වුනාට, උදේ පාන්දර සෙක්ස් වලදී එහෙම නොවුනට කමක් නෑ. එක්කෙනෙක් කම්මැලි කමේ සෙක්ස් රස විඳින කොට, ෆුල් එනර්ජි එකේ ඉන්න අනික් එක්කෙනාට පුළුවන් මහන්සි වෙන බර වැඩ ටික කරන්න. හැබැයි එකක්. එහෙම කරනවට එයාට ඊලඟ වතාවේ සලකන්නත් අපි මතක තියාගන්න ඕන!

 

7. ඇඳෙන් පටන් අරගෙන ඉවර වෙන්නේ ෂවර් එකෙන්?

උදේ පාන්දර සෙක්ස් අනිවා පටන් ගන්නේ ඇඳෙන් තමයි. ඒකේ දෙකක් නැහැනේ. හැබැයි ඉතින් ඒක ඉවර කරන්නත් ඕන ඇඳෙන්ම තමයි කියලා නියමයක් කොහේවත් නෑ. දෙන්නත් එක්ක එක පාරක් ඇඳේ කරන සංසර්ගයකින් පස්සේ වැඩ ඉවර කරලා එක්කෙනෙක් වොෂ් රූම් එකට දුවනවට වඩා, දෙන්නටම වොෂ් රූම් එකට ගිහින් වොෂ් එකක් ගන්න පුළුවන්. එතකොට දෙන්නත් එක්ක හවුලේ වොෂ් එක ගන්න අතරේ තව පාරක් සෙක්ස් කරන්නත් පුළුවන්. එහෙම කරන එකේ අමුතු එකක් නැද්ද හා?

 

එහෙමනම් හෙට උදේ පාන්දරින්ම සෙක්ස් කරලා දවස පටන් ගමුද? තේ කෝප්පෙකින් දවස පටන් ගන්නවට වඩා ඒක ආතල්. ඒ විතරක් නෙවෙයි, උදේ පාන්දර සෙක්ස් වල ඵල ප්‍රයෝජනත් තියෙනවා කියලා එක්ස්පර්ට්ලා කියනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *