සාමාන්‍යයෙන් කතාවට කියන දෙයක් තමයි අපේ රටේ පාර්ලිමේන්තුව ඉන්න බොහෝ දෙනෙක්ට හරිහමන් අධ්‍යාපනයක් නැහැ කියන එක. හැබැයි මෙහෙම ඇහෙද්දි අපට අහන්න තියෙන අනිත් ප්‍රශ්නේ තමයි ඒ වගේ අය පත්කරන ඡන්දදායකයන්ගේ අධ්‍යාපන තත්ත්වය මොනවගේද කියලා. අනාදිමත් කාලයක ඉඳන් ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය දිහා බැලුවම තේරෙන දේ තමයි මේ කතාව වැරදියි කියන එක. බොහෝ අවස්ථාවල අපේ රටේ ප්‍රකට විද්වතුන් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ලංකා පාර්ලිමේන්තුවට දායකත්වය ලබා දීපු විද්වතුන් කිහිප දෙනෙක් පිළිබඳව.
1. ශ්‍රීමත් ඩී. බී ජයතිලක
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධුරය පවා දරපු ශ්‍රීමත් ඩී. බී ජයතිලක පෙර අපර දෙදිග භාෂා සහ ශාස්ත්‍ර පිළිබඳව මාහැඟි දැනුමක් තිබුණු විද්වතෙක්. එතුමා විසින් සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම එක හා සමාන පරිචයකින් යුතුව හසුරුවනු ලැබුවා. ඊට අමතරව පාලි සංස්කෘත පමණක් නොව ප්‍රංශ ජර්මන් වැනි යුරෝපීය භාෂා පිළිබඳවද අවබෝධයක් එතුමාට තිබුණා. පැරණි සාහිත්‍යය කෘති ගණනාවක් එතුමා අතින් සංස්කරණයට ලක් වුණා.
2. ශ්‍රීමත් ඒ. පී ද සොයිසා
ලංකාවේ දේශපාලනය කරපු ගිහියෙක් සම්පූර්ණ ත්‍රිපිටකයම පරිවර්තනය කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒ තමයි ශ්‍රීමත් ඒ. පී ද සොයිසා. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී දකුණු කොළඹ ආසනය නියෝජනය කළ එතුමා එකල දේශපාලනය තුළ පවා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ ඔහුගේ ප්‍රගතශීලී අදහස් නිසායි. එතුමා අතින් ශබ්දකෝෂ හතරක් නිර්මාණය වූ අතර සාහිත්‍ය ග්‍රන්ථ ගණනාවක් සංස්කරණයට ලක් වුණා. එතුමා අතින් සිදුවුණු විශිෂ්ටතම කාර්ය විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ සම්පූර්ණ ත්‍රිපිටකයම වෙළුම් 44 කින් සිංහලයට පරිවර්තනය කිරීමයි.
3. සී. සුන්දරලිංගම්
1947 මහ මැතිවරණයෙන් පස්සේ පිහිටවා ගැනුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වෙළඳ ඇමතිවරයා බවට පත් වූයේ එවකට වව්නියාව ආසනය නියෝජනය කළ සී. සුන්දරලිංගම් මහතායි. කාලයක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානාචාර්‍යවරයා විදිහට කටයුතු කළ එතුමා පසුකලෙක විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු බවටත් පත් වුණා. කෙසේ වෙතත් දෙමළ ජනතාව වඩාත් අන්තවාදී ස්ථාවරයකට තල්ලු කිරීමට සුන්දරලිංගම් වැඩි දායකත්වයක් ලබා දුන් බවත් නොකියාම බැහැ.
4. ඩී. ජේ විමලසුරේන්ද්‍ර
තමන්ගේ සිහිනය සැබෑ කරගන්න දේශපාලනයට දායක වුණු පුද්ගලයෙක් විදිහට ඩී. ජේ විමලසුරේන්ද්‍රව හඳුන්වන්න පුළුවන්. ඉංජිනේරුවෙකු විදිහට රජයට යෝජනා කළ ජල විදුලිබල ව්‍යාපෘතිය ඉදිරියට නොයන බව දුටු එතුමා එය යථාර්ථයක් කරගැනීමට නම් දේශපාලන ක්ෂේත්‍රයට තමන් එක්විය යුතු බව තීරණය කළා. 1931 වසරේදී රත්නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එක් වූ එතුමා ලංකාවේ ජල විදුලි බල ව්‍යාපෘති වේගවත් කිරීමට කටයුතු කළා.
5. විමල් වික්‍රමසිංහ
ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රමුඛතම ආර්ථික විශේෂඥයෙක් විදිහට ආචාර්ය විමල් වික්‍රමසිංහ හඳුන්වන්න පුළුවන්. කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ධුරය දරමින් සිටි එතුමා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිහිටුවාලීමට පුරෝගාමී වුණා. ඒ වගේම ලංකාවට ණය රක්ෂණ සංකල්පය ප්‍රායෝගිකව හඳුන්වාදීමේ ගෞරවය එතුමාට හිමිවෙනවා. ලංකාව තුළ එතුමාගේ කාර්යභාරය නිසා ජාත්‍යන්තර වශයෙනුත් විවිධ ඇගයීම්වලට එතුමා ලක්වනවා. ඇහැලියගොඩ ආසනය නියෝජනය කළ එතුමා පාරිසරික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය පිළිබඳ අමාත්‍ය ධූරයත් හොබවනු ලැබුවා.
6. ඒ.වී සුරවීර
තමන්ගේ ජීවිත ස්මරණ අලලා “බාලේ පටන් කාලය ගෙවුනා මෙලෙස” ලෙසත් “මහාචාර්යවරයා, ලේඛකයා හා දේශපාලකයා” ලෙසත් ග්‍රන්ථ දෙකක් රචනා කළ ඒ. වී සුරවීර මහතා දෙවැනි ග්‍රන්ථයේදී දේශපාලන තලයේදී තමන්ට ඇතැම් අවස්ථාවල මුහුණදීමට සිදු වූ අත්දැකීම් පිළිබඳව පශ්චාත්තාපයෙන් යුතුව කතා කරනවා. ඇත්තටම එතුමා වගේ අවංකව පුද්ගලයෙකුට ලංකාවේ දේශපාලනය තුළ රැඳීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ලංකාවේ කලාව ඇතුළේ එතුමා හැමදාම ජීවමානයි
7. විශ්වා වර්ණපාල
දේශපාලනය නිසා විශ්වා වර්ණපාල ගැන නොදන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වුණත් වර්ණපාල තියරිය ගැන දන්නවා. ඒ තියරිය මොකක්ද කියන එක ගැන ඉදිරි ආටිකල් එකකදී අපි කතා කරන්නම්. එතුමා තමන්ගේ දේශපාලන ජීවිතය තුළදී පවා ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු අතහැරියේ නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය හා දර්ශනය පිළිබඳව සාරගර්භ කෘති ගණනාවක් රචනා කිරීමට එතුමා සමත් වුණා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විදිහට එතුමා දක්වපු දායකත්වයක් විශේෂයෙන් සිහිපත් කරන්න ඕන.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply