මේ හදිස්සියෙ මිලියනයක් උපයන්න තියෙන හොඳම විදිය මොකද්ද?

මිනිස්සුන්ට සල්ලි අවශ්‍යතා තියෙන විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ජොබ් එකෙන් විතරක් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක්නෙ දැන් ඇවිත් තියෙන්නෙ. ඒ නිසා රුපියල් මිලියනයක් කියන දේ අපිට බොහෝමයක් වටිනවා. අපි මේ කියන්න යන්නෙ අපිට මේ මොහොතෙ මිලියනයක් හොයන්න කරන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන. සමහර ඒවා අමාරුයි. සමහර ඒවා ලේසියි. ඒ වගේම සමහර ඒවා අන්තරාදායකයි. කොහොමින් කොහොමවුනත් මේ අතරින් එක් ක්‍රමයකට හරි ඔයාලටත් ගොඩයන්න පුළුවන් ​වේවි කියලා අපිට විශ්වාසයි.

 

1. PUBG

මේ වෙද්දි රටේ ලෝකෙ හැම තැනම කතාවෙන ගේම් එකක් තමයි PUBG කියන්නෙ. සමහර රටවල තහනම් කරලා, සමහර රටවල ක්‍රීඩකයින්ව අත්අඩංගුවට ගන්න මට්ටමට පවා පත්වෙලා. ඒ වුනත් PUBG කියන්නෙ මුදල් උපයන්න පවා හැකියාව තියෙන ක්‍රීඩාවක්. මහා ලොකු මට්ටමෙන් ස්ට්‍රීම් කරලා සල්ලි හම්බුකරන්න නෙමෙයි මේ කතාව. මේ සරළව බැට්ල් එකක් වින් කරලා සල්ලි ​හොයන මට්ටමට ලංවෙන්න පුළුවන් විදියෙ ගේම් එකක් හොයාගෙන ඔයාගෙ මිලියනයෙ සිහිනයට යන්න. හැබැයි ඉතිං පැරදුනොත් අතින් ගෙවන්න වෙන විත්තියත් හීනයට යද්දි මතක තියාගෙන යන්න.

 

2. ඉල්ලගන්න

මේක තමයි ඉක්මනටම සල්ලි හොයාගන්න පුළුවන් විදිය. ඉක්මන් වගේම ලේසියි. සල්ලි හොඳට තියෙන හිතවන්ත යාලුවෙක් ගාවට ගියා. ඉක්මනටම දෙන්නං කියල රුපියල් මිලියනයක් ඉල්ලගන්නයි තියෙන්නෙ. ඊටපස්සෙ ඉතිං හිතන්න බැරියැයි යාළුවට සල්ලි දෙන්න විදියක්. මුලින් ගිහින් ඉල්ලගෙන ඉන්නකො.

 

3. ක්‍රිකට් ඔට්ටු

ක්‍රිකට් මැච්වලට ඔට්ටු දාන එක ලංකාවෙ දැන් කාලයක් තිස්සෙ සිද්ධ වෙන දෙයක්නෙ. ඔයාලට ලංකාවෙ තැන් ෂුවර් නැත්තං Bet365 වගේ වෙබ් සයිට් එකකින් වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. ලංකාව මේ දවස්වල දිනන්නෙ නැති නිසා හිතේ අමාරුවෙන් ඒ මැච් බලනවට වඩා වෙනිං රටවල් දෙකක් සෙල්ලං කරන මැච් එකක් බලලා කීයක් හරි හොයාගන්න. හැබැයි ඉතිං සල්ලි නැතිවෙන්නත් පුළුවන්.

 

4. ලොතරැයි

සතියෙන් මිලියනයක් ගොඩදාගන්න පුළුවන් විදියක් තමයි මේ. ෂුවර් එකටම දිනයි කියලා හිතාගන්න බැරිවුනත් ​මොකද රුපියල් දහපාලොස්දාහක් හරි වියදං කරලා වැඩේ ගොඩදාගන්න ට්‍රයි එකක් දෙන්න. නැති වුනොත් අර දහපාලොස්දාහ පිනට දුන්නා කියල හිතාගෙන ඊලඟ ආත්මෙට වැඩක් කරලා කියල හිතාගන්න.

 

5. හොරකං

හරිම ලේසියෙන් ෂුවර් එකටම මිලියනයක් හොයන්න පුළුවන් විදියක් තමයි හොරකම කියන්නෙ. කෙලින්ම බෙල්ලට පිහියක් තියලා හොරකං කරන්න වගේම පොකට් ගහලා වගේ දේකිනුත් හොරකම සිද්ධ කරන්න පුළුවන්. කොහොම කළත් පිටිපස්සෙන් පොලිසිය එන විත්තියත් හිතේ තියාගන්න. අනික ලංකාවේ හොරු ඒරියාස් වෙන් කරගෙන ඉන්නෙ. ඒ නිසා ඔයාට ලේසියෙන් හොරකං කරන්න ඉඩක් හම්බෙයි කියලනං හිතන්නත් එපා.

 

6. ඉඩමක්

මිලියනයක් හොයාගන්න තවත් ලේසි විදියක් තමයි පර්ච් එක ලක්ෂ දෙකක් වටින පර්චස් පහක ඉඩමක් විකුණලා දාන එක. හරිම ලේසියි. ඉක්මනටම වැඩේ කරගන්න ඕනනං පර්ච් එක ලක්ෂ දෙකහමාරක් විතර වැලියු වෙන ඉඩමක් විකුණන්න ලක්ෂ දෙකකට. ඉක්මනට බයර්ස්ලා හම්බෙලා ඔයාට මිලියනේ ටක් ගාලා හොයතෑකි.

 

7. ෆුඩ්සිටි

ඔයාලා දැන් හිතනවා ඇති ෆුඩ්සිටියෙන් කොහොමද මිලියනයක් හොයන්නෙ කියල. නෑ ෆුඩ්සිටියෙ කවුන්ටර්වලින් සල්ලි හොරකං කරන්න නෙමෙයි මේ කියන්නෙ. අනික මේක කරන්න පුළුවන් රට වටේ එක එක නම්වලින් තියෙන ෆුඩ්සිටිවලිනුත් නෙමෙයි. ඔරිජිනල් කාගිල්ස් ෆුඩ්සිටිවලින් විතරයි. අපි කලින් කියපු හැම ක්‍රමයකම මොකක්හරි අවුලක් තිබුනා. ඒත් මිල අඩුවට අලුත්ම දෑ දෙන කාගිල්ස් ෆුඩ් සිටි එක සතියකට වරක් මිලියනපතියෙක් බිහිකරන එකේ කිසිම පාඩුවක් නැහැ. මොකද ඔයාලට මිලියනයක් ඇදුනෙ නැතත් ඔයාලට අඩු මිලට නැවුම් ආහාර ලැබෙනවානෙ. මේ අවුරුදු සමයේ සතිපතා මිලියනපතියෙක් වෙන්න වගේම ඒ මොහොතේම සැනසිලි තෑගි දිනන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම කවරුහරි ඔබට රුපියල් මිලියනයක් දුන්නොත් ඔබ එයින් කරන්නේ මොකද්ද කියල කියන පිළිතුරට ඔබට කාගිල්ස් ෆුඩ්සිටි ගිෆ්ට් වවුචර් පවා තෑගි දෙන්නට ඔවුන් සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *