බ්ලූ ෆිල්ම් හින්දා ඇත්ත ලෝකේ සෙක්ස් ලයිෆ් එකට වෙන ඇබැද්දි!

දන් ඔය බ්ලූ ෆිල්ම් දන්නවද බ්ලූ ෆිල්ම්ස්? පෝර්නෝග්‍රැෆි කියන්නේ? අසභ්‍ය දර්ශන කියන්නෙත් එව්වටම තමයි. දැන් ඔය බ්ලූ ෆිල්ම් එකක් අහම්බෙන් හරි දැකලා නැති කොල්ලෙක්ව හොයාගන්න එක අර කවුරුත් නොමළ ගේකින් අබ මිටක් ගේනවා වගේ වැඩක් තමයි. ඒ තරමට හැමෝම වගේ ජීවිතේ එක පාරක් හරි අසභ්‍ය දර්ශනයක් තියෙන මෙව්වා එකක් බලලා තියෙනවා. හරි, එව්වා බලන එකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දන්නවද ඕවෑයින් ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා? ආන්න ඒක තමයි අපි මේ කතා කරන්න යන පොයින්ට් එක. බ්ලූ ෆිල්ම් එකක් බලලා, ඒකෙන් ලිංගික අධ්‍යාපනය ලබන්න යෑමෙන් හරි ඒක තමන්ගේ ඇත්ත ලෝකේ ලිංගික ජීවිතේට ආරෝපණය කරගන්න යාමෙන් නොහිතන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අපි මේ කියන්න යන්නේ අන්න ඒ විදියට බ්ලූ ෆිල්ම්ස් නිසා තමන්ගේ ලිංගික ජීවිතේට ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න ගැටළු කීපයක් ගැන තමයි!

 

1. බැක්සයිඩ් ඕකේ?

රංජන්ට පිංසිද්ධ වෙන්න දැන් හැමෝම දන්නවනේ බැක්සයිඩ් සීන් එක නැතිනම් ඇනල් සෙක්ස් ගැන. ඕක ඇත්තටම ෆිල්ම් වල පෙන්නන විදියේ ලේසි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ගුද මාර්ගය ලිංගික ක්‍රියාවකට ස්වභාවයෙන් නිර්මාණය වෙලා නැහැනේ. ගුද මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ දෙයක් පිට කරන්න මිසක් ඇතුළට ගන්න නෙවෙයි. ආන්න ඒ නිසා, ගුද සංසර්ගයට යනවා නම් බොහොම ඉවසිලිවන්තව, ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරලා, පියවරෙන් පියවර තමයි කරන්න ඕන. අඩු තරමින් මුල් වතාවල එහෙම තමයි කරන්න ඕන. එතකොට ඔය ලිහිසි ද්‍රව්‍ය, එහෙම නැතිනම් ලුබ්‍රිකාන්ට් පාවිච්චිය අනිවාර්යයි. හැබැයි බ්ලූ ෆිල්ම් වල පෙන්නන විදියට පැනපු ගමන් බහ් ගාලා බැක්සයිඩ් දාන්න ගිහින් ගෑණී ආරක්ෂිත කලාපයට පයින් ගහපු කතන්දර එහෙමත් තියෙනවා!

 

2. මෙහෙම ආවා, මෙහෙම දැම්මා!

බැක්සයිඩ් ප්‍රශ්නය වගේම තමයි, බ්ලූ බලලා ඇවිත් සෙක්ස් කරන්න ආවහම එන ෆ්‍රන්ට් සයිඩ් ප්‍රශ්නයත්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය සෙක්ස් කරලා නැති කාන්තාවකගේ යෝනි මාර්ගය වුනත් බොහොම හිරයි. විශේෂයෙන්ම පළමු අත්දැකීම ලබාගන්නකොට දෙන්නම අතිශයින්ම ඉවසීමෙන් තමයි වැඩේට සම්ප්‍රාප්ත වෙන්න ඕන. ඒ ඒ ලිංගයන්ගේ හැටියට සමහර වෙලාවට කෘත්‍රිමව ලිහිසි කාරකයක් එහෙමත් පාවිච්චි කරන්න වෙනවා. මොකද ටාගට් එක තමයි විශේෂයෙන්ම කාන්තාවට අනවශ්‍ය වේදනාවක් ඇති නොවෙන විදියට සංසර්ගයට යන එක. හැබැයි බ්ලූ ෆිල්ම් වල පෙන්නන විදිහට නම් ඕන කෙනෙක්ට ආපු ගමන් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ! එතකොට ඕවා බලන අයියෙක් වුනත් ඉවසීමෙන්, ප්‍රමාණවත් තරමට යෝනි මාර්ගය තෙත් කරලා තමයි සංසර්ගයට යන්න ඕන කියන එක දන්නෙ නෑ! 

 

3. ඕන කෙනෙක් එවරෙඩි

මෙන්න මේක ඇත්තටම ගුටි කන්න වෙන සීන් එකක්. දැන් ඔය බ්ලූ ෆිල්ම්ස් වල කොල්ලෙක්ට පාරෙදි කෙල්ලෙක් මුණගැහෙනවා, දෙන්න සෙක්ස් කරන්න යනවා. ගෙදර කැඩුණු පයිප්පේ හදන්න කොල්ලෙක් එනවා, ඔන්න ගෙදර කෙල්ල මූව ඇදගෙන නිදන කාමරේට යනවා. එතකොට බස් එකේදී අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව දකිනවා, මෙන්න හිනා වුණු ගමන් කෙල්ල ඊලඟ හෝල්ට් එකෙන් බැහැලා අපිත් එක්ක සෙක්ස් කරන්න රූම් එකකට යන්න එනවා. ඉතින් ඔය විදියේ බ්ලූ ෆිල්ම්ස් බලන අපේ කට්ටිය -විශේෂයෙන්ම අයියලා- හිතනවා, අපිට පාරේ තොටේ එදිනෙදා ජීවිතේ මුණගැහෙන හැමෝම සෙක්ස් අසහනේකින් ඉන්නේ, ටෝක් එකක් දාපු ගමන් ඇඳේ තමයි කියලා. ආන්න එහෙම තමයි ඔය සපත්තු පාරවල්, පොලු පාරවල් එහෙම කන්න මඟ පෑදෙන්නෙත්!

 

4. අයියෝ මගෙ පිප්පියා පොඩියි!

මෙන්න අපේ අයියලාට නැගෙන බරපතල ප්‍රශ්නයක්. වැල ඇතුව හෝ නැතුව අපේ අයියලා ගොඩක් දෙනෙක්ට තමන්ගේ ලිංගයේ ප්‍රමාණය මදියි කියන හැඟීම තියෙනවා කියන්න දිවැස් ඕන නැහැනේ. ඒක නිසා තමයි ඔය සති අන්ත පත්තර වල ලුහුඬු දැන්වීම් වල ලිංගය විශාල කරලා දෙන එක එක ජාතියේ දේවල් ගැන ඇඩ්ස් යන්නේ. දැන් ඔය බ්ලූ ෆිල්ම්ස් වලට ගන්නෙම සෑහෙන්න ලොකු සයිස් එකේ ලිංගයන් තියෙන කට්ටියවනේ. ඔන්න ඉතින් වැල බලලා පුරුදු වෙච්ච අයියෙක්ට එන ප්‍රශ්නේ තමයි මගෙ එකේ සයිස් එක අර බ්ලූ ෆිල්ම් එකේ අක්කව තලන අයියගේ එක වගේ පහෙන් එකක්නේ කියන එක. සමහර වෙලාවට ඕකේ අනික් පැත්තත් වෙනවා. බ්ලු ෆිල්ම් එකකින් ඇරෙන්න වෙන ක්‍රමේකින් පුරුෂ ලිංගයක් ඇහින් දැකලා නැති නංගියෙක් තමන්ගේ පෙම්වතාගේ හරි ස්වාමි පුරුෂයාගේ හරි පුරුෂ ලිංගය “අයියෝ පොඩියිනේ” කියලා හිතනවා. ඕවා ප්‍රශ්න!

 

5. කෝ ඔයාගෙ ඇක්ෂන් නැහැනේ!

දැන් ඔය බ්ලූ ෆිල්ම් එකක ඉන්න කෙල්ලෝ දෙන ඇක්ෂන් දැකලා තියෙනවද? පස්ස පද්දලා පෑන්ටිය ගලවන්නේ. නිකම් නැලවීගෙන පහලට ගිහිල්ලා මුඛ සංසර්ගයක් ලබාදෙන ගමන් සරාගී විදියට කොල්ලගේ ඇස් දිහා බලනවා. හරි, මෙව්වා සෙක්ස් කිරීමේදී තියෙන ආතල් එක වැඩි කරන උපක්‍රම තමයි. හැබැයි ඇත්ත ලෝකේ සෙක්ස් කරන එක ඔය බ්ලූ ෆිල්ම් එකක වගේ ස්ක්‍රිප්ට් එකකට, ගාණට ගලාගෙන යන විදියට, ඇක්ෂන් දදා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්න ඕක තේරුම් නොගත්තොත්, තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් කෙනෙක්ට මදි වෙන්න පුළුවන්. ඇයි හොයන්නේ අර බ්ලූ ෆිල්ම් එකේ වගේ සෙක්ස් කරන කෙනෙක්වනේ!

 

6. මොන ෆෝ-ප්ලේද ඕයි!

මොකද්ද මේ ෆෝ-ප්ලේ නැතිනම් පූර්ව සංසර්ගීය ලිංගික ක්‍රියා කියන්නේ? සරලයි. සෙක්ස් කරනවා කියන්නේ ලිංගය යෝනියට හරි ගුදයට හරි ඇතුළු කරනවා කියන එකම නෙවෙයි. ඊට කලින් කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. ඇත්තටම ඊට කලින් කරන දේවල් නැතුව හැම වෙලාවකම සංසර්ගයට යනවා කියන එක සාර්ථක නැහැ. සිප වැළඳ ගැනීම්, සුරතල් කිරීම්, ස්පර්ෂ කිරීම් වගේ දේවල් වලට වැඩි වෙලාවක් දෙන්න ඕන කියන්නේ, ඒකෙන් සංසර්ගය සාර්ථක වීම සහ දෙන්නාම සුරතාන්තයකට පත් වීම වඩාත් සාර්ථක වීම සිද්ධ වෙන නිසයි. හැබැයි බ්ලූ ෆිල්ම්ස් වල සාමාන්‍යයෙන් ඔය පූර්ව සංසර්ගීය ක්‍රියාවන්ට ඒ තරම් වෙලාවක් ගන්නවා පෙන්නන්නේ නෑ. අන්න එතකොට ඒවා අනුගමනය කරන්න යාමෙන් තමන්ටත් සාර්ථක ලිංගික අත්දැකීමක් නොලැබී යන්න පුළුවන්.

 

7. වැලක් නැතුව බෑනේ බ්‍රෝ?

මෙන්න මේකත් ගොඩක් දෙනෙක් නොහිතන, ඒත් ලෝකේ සිද්ධ වෙන ප්‍රශ්නයක්. දැන් ඔය සමහරු ඉන්නවා කාලාන්තරයක් තිස්සේ බ්ලූ ෆිල්ම්ස් බලලා ස්වයං වින්දනයේ යෙදෙන අය. මේ කට්ටිය මේකට කොයි තරම් ඇබ්බැහි වෙනවද කිව්වොත්, අන්තිමට කසාද බැඳලා සෙක්ස් කරන්න ගියත් ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. ඇත්තටම එහෙම කතන්දර අහන්න නොලැබෙන දේවල් නෙවෙයි. වැල බලන්න කොයි තරම් ඇබ්බැහි වෙනවද කිවුවොත්, සෙක්ස් කරන්නත් වැලක් බලන්නේ නැතුව බැහැයි කියන තත්ත්වයට ආපු අය ඉන්නවා. මේක ප්‍රායෝගිකව කොයි තරම් ගැටළුවක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *