ලංකාවට නිදහස ලැබිලා දැන් අවුරුදු 75කට කිට්ටු වෙනවා. එ කාලේ නිදහස කියන්නෛ් මිනිස්සු බලාපොරොත්තු වෙච්චි දෙයක්. ඒ අයට නිදහස නැති එක නිසා නොයෙකුත් දුක් ගැහැට විඳින්නට වෙන්න ඇති. අද වෙද්දි ඒ කාලේ නිදහස නැති සහ ඇති රටේ වෙනස හැබැහින් දැකපු, ඒ නිදහසේ වටිනාකම ඇත්තටම විඳපු කට්ටිය ජීවතුන් අතර නැහැ. නිදහස් දිනය ලං වෙද්දි දැන්නම් ලංකාව නිදහස ලබාගත්තේ අපරාදේ කියලා සමහරු කියනවා. ඒත් නිදහස ගත්ත කාලේ නම් මුළු ලංකාවේම වගේ මිනිස්සු නිදහස සඳහා පක්ෂපාතී වෙන්නට ඇති. ඉතින් මේ කියන්න යන්නේ නිදහස් හෑල්ලක් නම් නෙමෙයි, ලඟදි නිදහස ලබාගත් රටවල් කිහිපයක් ගැන.
1. පලාවු (Palau)
පලාවු කියන්නේ ඉන්දුනීසියාව සහ පිලිපීනය ආසන්නයේ පැසිපික් සාගරයේ පිහිටලා තියෙන, කුඩා දූපත් එකතුවකින් සෑදුණු රටක්. මේ දූපත් වල ජීවත් වෙන්නේ මිනිස්සු 21,000ක් තරම් සුළු පිරිසක්. මේක රටක් විදිහට ගත්තාම ලෝකයේ අඩුම ජනගහණයක් ඉන්න රටක්. මේ රට දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවට අයිති වෙලා තිබුණා. ඒත් 1994 දී එයාලට එයාලගේම පාලනයක් ලැබුණා.
2. නැගෙනහිර ටිමෝරය (East Timor)
ඉන්දුනීසියාව කියන්නේ ලෝකයේ දූපත් වැඩිම රටක්. ඒ රටට දූපත් විතරක් 17,000ක් විතර අයිති වෙනවා. ඉතින් මේ දූපත් භූමි අතර තියෙන පොඩි කොටසක් තමයි නැගෙනහිර ටිමෝරය. නැගෙනහිර ටිමෝරය නිදහස ලබන්න දිගු කාලයක් තිස්සේ අරගල කළා. නැගෙනහිර ටිමෝරය දැනට මිලියන 1.3ක ජනගහණයක් ඉන්න කුඩා රටක්. මේ රට නිදහස ලබන්නේ 2002 වසරේදී.
3. මොන්ටෙනිග්‍රෝ සහ සර්බියාව (Montenegro and Serbia)
මේ සර්බියාව සෝවියට් දේශය බිඳුනට පස්සේ යුගෝස්ලාවියාවේ ඇතිවුණ අලුත් රටවල් ගණනාවක් අතරින් එකක් වෙනවා. මොන්ටෙනිග්‍රෝ වල ජනගහණය ලක්ෂ 6ක් විතර වෙනවා. මොන්ටෙනිග්‍රෝ සර්බියාවෙන් නිදහස ලබාගත්තේ 2006 දී.
4. කොසෝවෝ (Kosovo)
බෝල්කන් කළාපයට අයිති කොසෝවෝ නිදහස ලබන්නේ 2008 පෙබරවාරි 17 වැනිදා. ඒ රට නිදහස ලබන්නෙත් සර්බියාවෙන්. සර්බියාව නිදහස ලබන්නේ සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ 1990 දී යුගෝස්ලාවියාවෙන්. මේ රට සිය නිදහස ප්‍රකාශයට පත් කළාට සර්බියාව සහ තවත් රටවල් මේ රට නිදහස රටක් විදිහට පිළිගන්නේ නැහැ. මේ රටේ මිලියන 1.8ක ජනකායක් ජීවත් වෙනවා.
5. දකුණු සුඩානය (South Sudan)
සුඩානයෙන් දකුණු සුඩානය නිදහස ලබන්නේ 2011 වර්ෂයේදී. ඒ දීගුකාලීන විනාශකාරී සිවිල් යුද්ධයකට පස්සේ. අදටත් මේ දකුණු සුඩාන සීමාවේ යුද ගැටුම් තියෙනවා. මේ රටේ ජනගහණය මිලියන 12.2ක්. මේ රටේ තාමත් පවතින ඒ ගැටුම්කාරී තත්ත්වයන් නිසා 50,000කට අධික ජනකායක් මිය ගිහින් තව මිලියන 1.6ක ජනතාවක් අවතැන් වෙලා කියලා වාර්තා වෙනවා.
6. ජර්මනිය (Germany)
ජර්මනිය කියන්නේ ඓතිහාසික රටක් නෙ. ඉතින් කොහොමද ඒක අලුත් රටක් වෙන්නේ? මේ ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් දෙකඩ වුණා. නැගෙනහිර සහ බටහිර ජර්මනිය වශයෙන් දෙකක හිටිය ජර්මනිය බර්ලින් තාප්පය බිඳගෙන ආයේ 1990 දී එකතු වුණා. ඉන් පස්සේ වර්තමානය වනවිට සමස්ථ රටම එකම ජර්මනියක් විදිහට තියෙනවා. මේ තත්ත්වය තියෙන, ඒත් තාම එකතු නොවුණ දේශයක් තමයි කොරියාව. කොරියාව තාමත් උතුරු දකුණු විදිහට බෙදිලා ඉන්නවා. ඒත් කාලයකදී යළිත් කොරියා රටවල් දෙක එකතු වේවිය කියලා බලාපොරොත්තුවක් කොරියානුවන්ගේ තියෙනවා. නැගෙනහිර බටහිර විදිහට ජර්මනිය බෙදිලා තිබුණ කාලේ නැගෙනහිර කොටස සෝවියට් දේශය යටතේත්, ඉතිරි බටහිර කොටස ධනවාදය සමගත් සමීප වුණා.
7. නැමීබියාව (Namibia)
නැමීබියාව කියන්නේ දකුණු අප්‍රිකාවට ඉහළින් අත්ලාන්තික් සාගරයට යාබද රටක්. මේ රට නිදහස ලබාගන්න අවුරුදු 22ක් යුද්ද කළා. 1990 දී මේ රට නිදහස ලැබුවා. මේ රට 1890 – 1915 දක්වා කාලය තුළ ජර්මනියේ කොලනියක්ව තිබුණා. ඒ කාලේ මේ රටේ තිබුණ දියමන්ති වලට විදෙස් පාර්ශව ආශා කළා. තාමත් ජර්මානු බස හසුරුවන ඒ සංස්කෘතික ආභාෂය නැමීබියාවට තියෙනවා.
රටවල් නිදහස ලබාගන්නේ ඔවුන්ගේ ඉල්ලීම් වලට. ඉතින් ඒ එක්තරා ජනකොටසකට අදාළ වූ රටක් ගන්න හේතු තියෙනවා නම් ඒ සඳහා ඔවුන් අදාළ පාර්ශව වලට ඉල්ලීම් කරලා රට කොටසක් දිනාගන්නවා. මේ රටක් ලබාගන්න ඇතැම් අවස්ථාවල ඒ ජනතාව මහ දරුණු යුද්ධ ප්‍රකාශ කරනවා. සමහර අවස්ථාවල කිසි කතාවක් නැතුව ඔහේම රටවල් වලට නිදහස දෙනවා. රටවල් කියන්නේ ලෝක දේශපාලන, ආර්ථික කටයුතු වලට යොදාගන්න මූලික ඒකකයක්. ඉතින් රටවල් වලින් නිදහස ලැබූ අලුත්ම රටවල් කිහිපයක් ගැන ඔයාලට මේ හරහා දැනුමක් ලැබෙන්නට ඇති. ඔයාල මේ වගේ තවත් වැදගත් කරුණු සරලව කෙටියෙන් දැනගන්න ආසනම් එකතුවෙන්න අපි සමග දිගටම.
Leave a Reply