අපේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක්. සමහරු තමුන්ට ඒ නම තියෙන එකෙන් පවා අපහසුතාවයට පත්වෙන තරමට කේස් එක දුරදිග ගිහින්. මේ කොයි හැටි වෙතත් මෛත්‍රී මහත්තයා විසින් රනිල් මහත්තයා ගැන ලියනවැයි කියන පොතේ මොනවා තියෙයිද කියලා හැමෝම කතා වෙනවා. එනිසාම අපි අද ලියන්නෙ ඒ ගැන. හැබැයි අපි ලියන දේවල් ඇත්තටම ඔය පොතේ තියෙනවානං එවුවා මකලා දාන්න එපා මෛත්‍රීපාල මහත්තයෝ. මේ කතාව මංමුලාවු කාටහෝ!
1. පිටු අංක 08
රවික්‍රමසිංහගේ සහ මගේ බෙදීම පටන්ගත්තෙ එතැනින්. ඒ අමුතු පන්නය මම කවදත් පිළිකුල් කළා. අඩි හයක් යට දාලා මාව හුරතල් කරන්න බලාගෙන හිටපු මරාජපක්ෂ පවා මට මේ හේතුවෙන් පිළිකුල් වුනේ නෑ. කොයි ජනාධිපතිද කැමති තමුන්ගේ දෙවැනියා වෙච්ච අගමැති ලොකු සීන් එකේ ඉන්නවට? නැහැනෙ බ්‍රෝ! කවුරුත් කැමති නැහැනෙ. ප්‍රේමෙට විජේ වගේම මරාට දීමුත් හිටියෙ එහෙමනෙ. ඇයි මේකාට එහෙම බැරි වුනේ. තැනකට ගියා පාන පත්තු කරා ආවා. අගමැති ආවද නැද්දවත් දන්නෙ නෑ. මං එහෙට්ට වෙලා මෙහෙට්ට වෙලා කවි කියලා ඇද නාලා එනකොට මේකා ගෙදර ගිහින් දොයි.
2. පිටු අංක 37
මර්වියා මෙවුව වීඩියෝ දාලා කිවුවට මම මගේ පොතේ වුමනයිසර් ජීවිතේ කියල පරිච්ඡේදයක්ම වෙන් කරලා තිබ්බෙ. ඇයි හත්තිලවුවෙ මට මෙවුව මතක් වෙද්දි කලා වැවේ මාලු පූල් එකේ නටන්න ගන්නව. හරිනං යමෙක් යම් දෙයක් තමුනුත් පාවිච්චි කරලා තමුන්ගෙ ලොක්කටත් දෙන්න එපැයි. මමත් කට ඇරන් බලං හිටියා අඩු වයසෙන් විශාරද වෙච්ච කෙලි පොඩිත්තියෙක් මං ගැනත් සින්දුවක් කියයි කියලා. කොහෙද එහෙම එකක්වත් මට සෙට් කරාද? මේ සමනල් ජීවිතයකට ඇතුළු වුනා විතරයි ඇමති මණ්ඩලේටවත් නැති වුනා අර රත්තරං කොලුවා වගේ මරාජපක්ෂට කෙල්ලො සෙට් කරපු පුතයෙක්.
3. පිටු අංක 69
හැමදාම බලං හිටියා මගෙන් කරන්න කලින් දෙයක් අහයි කියලා. අම්මපල්ල මට නොකියා ජනාධිපතිගෙ පඩිය වැඩි කරන්නත් හැදුවනෙ මේකා. මට පාඩු වුනත් කමක් නෑ කියල මං ඒ තීරණේ තහනං කෙරෙවුව. ජයන්ති කට කැඩෙනකං කිවුව අතට ලැබිච්ච චාන්ස් එකට පයින් ගහන්නෙපා කියල. ඕකගෙ චාන්ස් මගේ අතට තියා ඇඟිල්ලටවත් ඕන නෑ මැණිකෙ කියල මම ඒ නියෝගෙ තහනං කෙරෙවුව. ඔය කේන්තියට මම මනුස්සයා ගත්තු තීරණ ගොඩක් ඔය විදියට තහනං කෙරෙවුව. හරියට මතකත් නෑ. දූ ඊළඟට ලියන පොතේ දාන්න කියන්නං ඒ ටික හොයලා.
4. පිටු අංක 111
හැම එකාම රවික්‍රමසිංහට විහිළු කරේ ළමයි නෑ කියලා. ඒත් මගේ හිත කියන්නෙම ඕක මට ගහපු ගුණ්ඩුවක් කියල. මේ යක්කු පොදු අපේක්ෂක කම දෙන්න තෝරගත්තෙ ගොන්ම දරුවො ඉන්න පොරක් කියල කවුද දෙයියනේ හිතුවෙ. මූට ළමයි නෑ. ඉතිං ජාත්‍යන්තරේට ගිහින් හෙඩ්ෆෝන් ගහගෙන හාකබොන්ඩ් ගිලපු ඔටුවො වගේ ඉන්න කොල්ලො නෑ. කරපු තරමක් කරපු වරිගෙ නහින වැඩ දාලා පොත් ගහන්න දූලා නෑ. මටත් මුංට හැමදාම ගෙදර ඇතුළෙ බැන අඬගහලා එපා වෙලා තිබුනෙ. මේ පොත ලියපු එකේ ලොකුම හොඳේ තමයි මාවම කන්න මගෙන්ම ජාතක වෙච්ච උන්ට දෙකක් කියාගන්න පුළුවන් වෙච්ච එක.
5. පිටු අංක 168
ඕන අටමගලයක් වෙච්ච ගමන් රවික්‍රමසිංහ කරන්නෙ තානාපතිලටයි රටරටවල නායකයොන්ටයි කතා කරන එක. මේක මට මහ නවනිංගිරාවක් නෙමෙයිද කියල රට වැසියොම දැනගන්න ඕන. මට හදිස්සියට එයින් එකෙකුට කතා කරන්න ඕන වුනොත් ට්‍රාන්ස්ලේටර්වත් ඇහැරවගෙන එද්දි තානාපතිලා නිදි. මට ඔය ඔවුව තමයි පෙන්නන්න බැරි. මං ඉන්න තැනම කිසිම ලැජ්ජ බයක් නැතුව එක එක සුද්දො එක්ක කතා කරනව. උන් කතා කරන ගමන් මං දිහා බලල හිනාවෙනවත් එක්ක. පරාක්‍රමබාහුගෙ පැපොල් පලුව කකුළෙ බැඳලා පරාක්‍රම සමුද්‍රෙ ගිල්ලන්න හිතෙනව මට ඒ වෙලාවට. හැම එකෙන්ම මගේ බය නැති කරා. හැබැයි සුද්දට තියෙන බය නැති කරන්න බැරි වුනා.
6. පිටු අංක 227
දරුවො හැදුනෙ නෑ මං කැමති විදියට. ග්‍රාමසේවක කාලෙ ගමේ එවුන්වත් මං කියන විදියකට ෆෝම් එකක්වත් පිරෙවුවෙ නෑ. සෞඛ්‍ය ඇමති කාලෙ එක මදුරුවෙක් මං කියන දේ ඇහුවෙ නෑ. දරුවො හැදුවා, උන් එකෙක්වත් මං කැමති විදියට හැදුනෙ නෑ. හත්තිලවුවෙ අගමැතිවවත් මං කැමති විදියට හදාගන්න පුළුවන් වෙන්න ඕන නේද. මං දින්නොත් මෙයා තමයි කියල සෝලිස් එකේ කියද්දි කීයටවත් හිතුනෙ නැහැනෙ මේකා මං අකමැති විදියෙ එකෙක් වෙයි කියල.
7. පිටු අංක 303
ඒ කාලෙ අල්ලපනල්ලෙ වෙල් දෙනි අස්සෙ දුව පැන නටන කාලෙ ඉඳන් ජයා මට කිවුවෙ මෛත්‍රී කියල. අච්චර ගමේ උන් සිරී කියද්දිවත් මගෙ මැණික මට කියන නම වෙනස් කළේ නෑ. එහෙවු නමට මගේ හිතේ තිබ්බ ආසාව නැති කළේ මේ රවික්‍රමසිංහයා. ඔය අගමැති පට්ටං දෙද්දි කීයටවත් මතක් වුනේ නෑ මේකගෙ ප්‍රියංභිකාවත් මෛත්‍රී කියල. මං මහ රෑ කෝල් කරල “මං මෛත්‍රී” කියල ගාම්භීරෙට කිවුවම මේකා අහනව, “ඔයා මොකද ඒයි ඇඳේ එහාපැත්තෙ ඉන්න එකාට කෝල් කරන්නෙ” කියල. ඒ අස්සෙ අපේ ජයා මගේ එක්ක කියන්න තියෙන ඔක්කොම ඕපදූප ටික වැරදිලා රවික්‍රමසිංහ බිරින්දෑගෙ කනේ තියනව. ඉතිං ගෙදර කිසිම වැඩක් උන්ට හොරෙන් කරන්න බෑ.
Cover Image Source – jrsharpauthor.com
Leave a Reply