ඇස් දෙක වගේ දෙයක් පරිස්සම් කරන්න කියලා ජනවහරේ කියවුණාට එතනට වකුගඩු දෙක වගේ පරිස්සම් කරන්න කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. වෘක්‌කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්‌ථානයට අනුව ලංකාවේ දැන් 28,000ක් වගේ වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. ඉන් අඩක් පමණ උතුරු මැද පළාතේ පදිංචිකරුවන්. එතකොට අනික් ටික රට හැමතැනම. වකුගඩු රෝගයත් එපා කරපු පිළිලයක් වගේ. මුත්‍රා නිපදවීම සහ පෙරීම සම්බන්ධයෙන් සුවිශේෂ කාර්‍යභාරයක් සිදු කරන මේ වස්තු දෙක 80%ක්ම අක්‍රිය වුණාම තමයි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. අන්න ඒ නිසා කල් තියාම ඉන් මිදෙන්න කටයුතු කරන එක වැදගත්.
1. පිරිසිදු ජලය පානය කිරීම

Image Source – leaf.nutrisystem.com
කිවුල වැඩි, බැරලෝහ මිශ්‍ර ජලය පානය නිසා බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් වෙනවා. ඒ විතරක් නෙවේ, ජලය පානය නොකිරීම නිසාම වකුගඩුවල ගල් ඇතිවෙන්න පුළුවන්. වැඩුණු පුද්ගලයෙකුට දිනකට ලීටර් 3ක් පමණ ජලය බොන්න කියලා කියන්නේ ඒකයි. ඊට අමතරව නිවසින් බැහැර වෙන හැම වෙලේම වතුර බෝතලයක් අරන් යන්න පුරුදු වෙන්න. ගහක් වුණත් පණ ගහන්නේ ජලය නිසා. ඒ වගේම තමයි වකුගඩු වුණත් හරියට වැඩ කරන්නේ ඒ නිසා.
2. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම

Image Source – naturalnews.com
සරලවම කිව්වොත් දියවැඩියාව නිසා වකුගඩුවලට ෂොට් එක ලැබීම තමයි මේ. දියවැඩියාවෙ දී රුධිර කේශ නාලිකාවලට හානි සිද්ධ වෙන එකයි වෙන්නේ. එතකොට වකුගඩුවල තියෙන රුධිර කේශ නාලිකාවලටත් හානි වෙනවා. එතනදි හරියට මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. පෙරෙන්නේ නැතුව ඉතිරි වුණ තරල සහ ලවණ නිසා තරබාරු වෙන්න පුළුවන්. වැඩි කාලයක් මේවා රැඳී පැවතීම නිසා වකුගඩුවලට බලපෑමක් ඇති වෙනවා.
3. දුම්බීම සහ මත්වතුර අත් හරින්න

Image Source – tashify.com
දුම්බීමෙන් වෙන්න පුළුවන් නරකම දේවල් විදියට අපි අහලා තියෙන්නේ පෙනහැල්ල ආශ්‍රිත පිළිකා සහ මුඛ පිළිකා. ඒත් දුම්බීම නිසා වකුගඩුවලත් පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මත්පැන් පානය කිරීමෙන් වැළකුණාම රුධිර පීඩනය වැඩි වීමට ඇති ප්‍රවණතාව අඩු වෙනවා. ඒ එක්කම ඉබේම නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළීමේ අවදානම නැති වෙනවා. නිදන්ගත වකුගඩු රෝගය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ඇඟ ඇතුළේ තිබුණ වකුගඩු අකර්මණ්‍යතාව. පුරුද්දක් වශයෙන් කරන දුම්බීම සහ මත්වතුරවලට ආයුබෝවන් කීවාම නිදන්ගත වකුගඩු රෝගයට ඇති අවදානම අඩුයි.
4. ව්‍යායාම කිරීම

Image Source – rd.com
සරල ව්‍යායාම තුළිනුත් වකුගඩු අවුල් යන්න නොදී බේරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හෘදයාබාධ නිසා තමයි නිදන්ගත වකුගඩු රෝගීන් සමහරක් දුක් විඳින්නේ. ව්‍යායාම කරාම ඒ තත්ත්වය මග හැරෙනවා. ඊට අමතරව සිහින් සිරුරක් තිබීමත් වකුගඩු මනා ලෙස ක්‍රියාත්මක වීමට හේතුවක්. මේ ඔක්කොම ව්‍යායාම කෙරිල්ලෙන් හරි යනවා.
5. පෝෂ්‍යදායී ආහාර වර්ග අනුභව කිරීම

Image Source – go.shaklee.com
අධික ලුණු භාවිතය වකුගඩු රෝගවලට කරන අත වැනීමක්. ලෙඩේ හැදෙන්න කලින් ලුණු මද වශයෙන් හරි භාවිත කරන්න පුළුවන්. ඒත් ඕක හැදුණම එහෙමවත් බැහැ. කාබනේටඩ් බීම වර්ගත් එපාමයි. තෙල් වැඩි කෑම නම් කාලා අහුවෙන්නවත් එපා වකුගඩුවලට. එතකොට කන්න තියෙන්නේ මෙලෝ රහක් නැති ඒවා විදියට අපි දකින වට්ටක්කා, ගෝවා, පිපිඤ්ඤා, කැකිරි, රාබු වගේ එළවලු. ඊට අමතරව දියර ගතිය වැඩි කොමඩු වගේ පළතුරුත් කොළකැඳ පානයත් වකුගඩුවලට හොඳයි.
6. ප්‍රමාණවත් නින්ද සහ විවේකය

Image Source – health.harvard.edu
හරිහැටි නිදාගන්නේ නැති වුණාමත්, විවේකය නැතුව වැඩ කිරීමෙන් ඇතිවන ආතතිය නිසාත් මිනිස්සු මහත් වෙනවා කියලා කියන්නේ අද ඊයෙක හොයාගත්ත දෙයක් නෙවෙයි. තරබාරුව කෙලින්ම වකුගඩු රෝගය එක්ක හාද වෙනවා. ඉතින් ඒ නිසා මානසික සැපත වකුගඩු රෝගවලින් වැළකෙන්න අවශ්‍ය කරනවා.
7. වකුගඩු පරික්ෂාව

Image Source – facebook.com
පවුල් නිසා අවුල් යන අවස්ථාවක් තමයි ලෙඩ. වකුගඩු රෝගය තිබ්බ, තියන, එහෙමත් නැත්නම් ඒ නිසා මියගිය කවුරුහරි පවුලේ හිටියා නම් ළඟම වෛද්‍යවරයා වෙත යොමුවන්න ඕනි. ඊට අමතරව වකුගඩු රෝගය උත්සන්න පරිසරයක ජීවත් වෙනවා නම් ඒත් වෛද්‍ය සහාය සහ උපදෙස් ලබාගත යුතුයි.
වකුගඩු රෝගය නිසා තව නම් ලංකාව රෙකෝඩ් ගහන්න ඕනි නෑ කියලා හිතනවා නම් අද ඉඳන්වත් පිළිවෙතින් පෙළ ගැසෙමු.
Cover Image Source – dnaindia.com / webmd.com
Leave a Reply