ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය කියන්නෙ කාලය කා දමන්න කදිමම නිර්මාණ කියලා කොයි කවුරුත් දන්නවා. ඒවායේ අන්තර්ගතයෙ තියෙන විකාරරූපී බව නිසාම අපි මෙහෙම සටහනක් ලියන්න හැදුවෙ ඉන්දියන් මෙගා ටෙලිවල දකින්න ලැබෙන අසාමාන්‍ය සිද්ධි ගැනයි. මේව කියෙවුවම ලංකාවෙ නිර්මාණ මීට වඩා දාහෙන් සම්පතයි නේද කියල ඔයාලටම හිතේවි. අහම්බෙන් හරි ඉන්දියන් මෙගා ටෙලියක් ඇහැ ගැටිච්ච මිත්‍රයො මේකට ඔයාලා දැකපු ගොන් පාට් ටිකත් කියන්න. මේ ගොන් කමට හිනා නොවී බෑ. ‘ඕනෑකම් නෑකම් සදා දේ නම්’ කියන වචන පේළියෙම තියෙන්නෙ කුණුහරුපයක් නිසා මේවට යන ඉඩත් අපරාදෙ කියල හිතුනට, කට්ටියගෙ තියෙන කේන්තිය යවාගන්න මේක ඉඩක් වෙත්වා!
1. සාරි ස්ඛන්ධම්

Source – youtube.com
මුන්ගෙ පිටත පෙනුම ගැන වෙනම කියන්න ඕන. ඉන්දියාවෙත් ඉතිං අපේ වගේමනෙ. හොදි ජාතියි හොදි එක්ක කන ජාතියි නෙ උයන්නෙ. හැබැයි උයන්නෙ සාරිය ඇඳලා සිරිං සිරිං ගගා, මස්කාරා ගාලා තිබ්බත් ළූණු කපද්දි ඇස්වලින් කළුපාට බේරෙන්නෙ නෑ. නිදියන්නෙත් කිහිල්ලෙ ගෑවෙන පත කරාබුයි, වැළමිට ගාවට වෙනකං වළලුයි, නින්දෙන් ඇනුනත් අන්ධ වෙන සයිස් එකේ උල් මුදුයි දාගෙන. ආර්ථික අවපාතෙ ගැන ගෙදර වලි වුනාට මොකද මොකෙක් හරි දොරට තට්ටු කළාම ඇන්ටිලා ටික දුවගෙන එද්දි හෙට්ටිවීදියෙම සද්දෙ එතන.
2. හීන කතා

Source – youtube.com
දැන් මුංගෙ ස්ක්‍රිප්ට් එක ලියන බුවා ලියල දෙන එවුවයෙ දෙබස් තිබ්බට වැඩි හරියක් තියෙන්නෙ බස්. ඒ කියන්නෙ තනියෙන් කියෝන ඒවා. මං හිතන්නෙ ෂූටිං දවසට එන්නෙ එකයිද කොහෙද? ඉතිං ඒ ගෑණි ඔන්න හීනෙන් ඇහැරෙනව. ඇහැරිලා මේ ගෑණි හිතනව ඔන්න මං නයෙක් දැක්කා. කාටහරි බබෙක් හම්බෙන්නද දන්නෑ. කවුද ඉන්නේ රාහුල් බයියද? ෂාරුක් බේටද? අනේ මට තේරෙන්නෑ ආඬවනේ කිය කිය මේ ගෑණි බෙරිහන් දිදී ඇඳ උඩ අඬනව. ඇත්තටම මේ දේවල් හිතන්න ඕන දේවල් වුනාට මුං ඒවා කියනවා. ඉතිං ෂෝක්.
ඒ අස්සෙ ඔන්න මොකෙක් හරි ගෝතයෙක් දොරට තට්ටු කරනව. සාමාන්‍යයෙන් වෙන්න ඕන මොකද්ද? කවුද කියල ඇහුව, හෙලේනා කියල කිවුවම දොර ඇරියා. ඒත් මේකෙ එහෙම නෙමෙයි. ඔන්න දැන් ගෑණි දොර ගාවට දුවන් ඇවිල්ල හිතන්න පටන් ගන්නවා. හිතනව කිවුවට කියනව. කවුද දන්නෙ නෑ මේ වෙලාවෙ? කරන් අයියද? සුරන් අයියද? විරන් අයියද? තුන් දෙනාම ඇවිත්ද? මගේ සාරිය ලස්සනත් නෑ. නන්දිතත් ගෙදර නෑ. අබුයි මලිකුයි කොහෙ ගිහින්ද නෑ. දෙයියනේ මම එපැයි මේ හැම දේටම මූණ දෙන්න (මේක කියන්නෙ කවුද කියල අහල දොර අරින්න ඉන්න ගෑණි)
3. ටී බෝයි ඩිරෙක්ටින්

Source – time.com
කිසිම ගැලපීමක් නැති සීන් ගොඩක් එක ළඟ එද්දි ඩිරෙක්ටර් ටී බෝයිට ඩිරෙක්ටර්කම භාර දීලා නවක නිළියෙකුට වැඩ උගන්නන්න ගිහින්ද කියල හිතෙනවා. ඒ මෙහෙම සීන්. කෙල්ල දුවගෙන යනවා. හයි හීල්ස් දාගෙන ටයිට් ස්කර්ට් එකක් ඇඳලා ඔෆිස් ගිහින් එන කෙල්ල පිටිපස්සෙන් හොරෙක් දුවන් එන හින්දයි කෙල්ල දුවන්නෙ. මුලින් දුවන්නෙ අමාරුවෙන් හයි හීල්ස් වලේ වැටි වැටි. මෙන්න බොලේ එක පාරට තහනං උත්තේජක ගත්තු මේරියන් ජෝන්ස් වගේ මේ ගෑණි දුවලා අර හොරාව පරද්දනව. පරද්දලා හති දාද්දි මෙන්න යකෝ කෙල්ල දාගෙන ඉන්නෙ ස්පෝට්ස් ෂූස් දෙකක්. ඩිරෙක්ටර් එහෙම ෂොට් එකකුත් අරගෙන.
කතාවෙ හැටියටනං මෙතන ඉන්නෙ එදා වේල ටුවර්ස් සාමාන්‍ය පවුලක්. හැබැයි උන්ගෙ ගෙදරට හදිස්සියෙ සල්මන් ඛාන් ඇවිල්ල බත් කාලා යනව. පාටිවලට මීඩියා වලිනුත් එනවා. ඒ කියන්නෙ ඩිරෙක්ටර්ට පැටලෙනවා.
ඒ ගෙදරත් පුදුමයි. ගෙදර කාමර හතරක් විතර තියෙන්නෙ ගෑණියි, මිනිහයි, ළමයි දෙන්නගෙයි පවුල් හතක් විතර ලැගල ඉන්නව ඒක ඇතුළෙ. මුං ශිෆ්ට් එකටද කොහෙද නිදියන්නෙ.
4. වද කහ සුදිය

Source – bollywoodmanthra.com
මේ ගෙදර උන් වදකහ සුදිය බීලා ඉන්නෙ. ඔන්න කතාව පටන්ගද්දි ඉන්නව පරම්පරා තුනක්. පුංචි කෙල්ලො රොත්තක් ඉන්නව. ඔය කෙල්ලො රොත්ත ලොකු වෙලා රට වටේම ඉන්න පිරිමි එක්ක නටල ඔන්න එනව බඩ බැඳගෙන. ඕක සිද්ධ වෙන්නෙ තුන්සිය වෙනි කොටසෙදි විතර. ඔන්න ඒ ළමයිනුත් ඉස්කෝලෙ යන වයස විතර එද්දි ඒ ළමයින්ගෙ අම්මල ආච්චිලා වුනත් උන්ගෙ කිසිම වෙනසක් නෑ. හිටියා වගේමයි. මොකද ඒ අයව නාකි කරවන්න බෑ. ඒ අයව නාකි කෙරෙවුවොත් ඕකෙ ඉන්න ආච්චිව මරවන්න සිද්ධ වෙනව. මොකද ඒ ගෑණි ගාන්ධි කෝට් අඳින කාලෙදි හැත්ත පහේ බර්ත් ඩේ එක අරං තියෙන්නෙ. තාම ඉන්නව නිරුපද්‍රිතව.
5. අමුතු නීති

Source – youtube.com
මේ ගෙවල්වල අමුතු නීති තියෙන්නෙ. මේ ලෝකෙ ගෙදරක කතා නොකරන ප්‍රශ්න වලට මුං කෙහෙවලු පටලෝගන්නව. ඇත්ත මුංට දෙන්න තරං ප්‍රශ්න මේලෝකෙ නෑ. එනිසා මෙහෙම දේවලුත් ඉස්සරහදි වේවි.
කොල්ලා – මං මේ කල්පනා කළේ චූ කරන්න යනවද කියල
අම්මා – උඹ චූ කරන්න යනවනං මේ අම්ම මැරුණා කියල හිතාගනිං
තාත්තා – ඔහොම වැඩ කරන්න නෙමෙයි අපි ළමයි හැදුවෙ
කොල්ලා (නංගී දෙස බලමින්) – මං චූ කරන්න හැදුවොත් තමයි අම්මල බනින්නෙ
ආච්චි – මගේ මිණිය උඩින් ගිහින් චූ කරපං
6. එක්ස්ට්‍රීම්

Source – pintarest.com
මෙවුවයෙ හැම චරිතෙම උන්ගෙ ප්‍රධාන ගති ලක්ෂණයේ අන්තෙටම යනව. උදාහරණ ලෙස.
හොඳ බුවා – හොඳ බුවා පුදුම හොඳයි, කසාද බැඳලා සෙක්ස් කරන්නෙ නෑ, මස් කන්නෙ නෑ, සිගරට් බොන්නෙ නෑ.
පොලිස් කෙල්ල – වෙලාවට වැඩට යනව, මිනිහට සුර සැප දෙනවා, ගෙදරට ළාමකයි, මල්ලිලා හුරතල් කරනව, හොරුන්ට නෙලනව කන දේවල් එවෙලෙම පහ වෙන්න, සල්ලිවලට අහුවෙන්නෙ නෑ.
නරක බුවා – බොනවා, ගෑණු දූෂණේ කරනවා, කුඩු ගහනවා, පවුල් කඩා ඉහිරෝනවා, මිනී මරණවා, නොකරන වැරැද්දක් නෑ. කඩේකට ගියත් සීනි අහුරක් හරි හොරෙන් කන සීන් එකේ ඉන්නෙ.
7. අපේක්ෂා

Source – youtube.com
ටෙලි නාට්‍ය ගැන ඕනම මොහොතක හිතාගන්න පුළුවන්. කොටිම්ම මාසයක් නොබැලුවත් කතාව දැනගත්තැකි. පරණ දෙබස්ම ආයෙත් කියනව තමයි. අනික සිද්ධීන් සිද්ධ වෙන පිළිවෙල. කෙල්ලයි කොල්ලයි සෙට් වෙන්න නං කෙල්ල වැටෙනවාම තමයි. එතකොට නැගිට්ටවන එකා එක්ක තමයි ඒකි සෙට් වෙන්නෙ. පූජාවෙ පහන නිවුනනං පවුලෙ එකෙක් කජ්ජ ගහනවාමයි. එක කරදරයක් ඉවර වුනාම එක එපිසෝඩ් එකක්වත් සතුටින් ඉන්නෙ නං නෑ. ආයෙ බඩු ෂුවර්. හෙණයක් ළඟ පාතම එනව. අපේක්ෂාවෙන් ඉන්න මරණයක් ළඟ ළඟම එනවා.
Cover Image Source – youtube.com
Leave a Reply