අවුරුදු විස්ස කියන්නෙ නාඹර තරුණ කාලේ. ඔය කාලෙට තමයි ඉලන්දාරි වයස කියලත් කියන්නේ. ඉලන්දාරි වයස, නාඹර තරුණ කාලේ කියලා එන ප්‍රශ්න අඩු වෙනවද..? නෑ දෙයියනේ. මේ කාලෙ තමයි ප්‍රශ්න වැඩියෙන්ම එන කාලේ. අපි මේ කියන්න යන්නෙ ඒ එන ප්‍රශ්න මොනවද කියලා තමයි. ඉතින් බලන්න මේ ප්‍රශ්න ඔබටත් එනවද..? නැත්නම් ආවද..? එහෙමත් නැත්නම් එන්න ඉඩ තියෙනවද..? කියලා.
1. උසස් අධ්‍යාපනය කරන්නෙ කොහොමද..?

Source – financialexpress.com
අවුරුදු විස්ස කියන්නෙ උසස් පෙළ කරල ඉවර හෝ උසස් පෙළ කරන කාලය. ඔය කාලෙදි එන මූලික ප්‍රශ්නය තමයි උසස් පෙළෙන් පස්සෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලා. ඒකෙදී උසස් අධ්‍යාපනය කියන කාරණය උඩට එනවා. උසස් අධ්‍යාපනයක් හදාරන්න ඕන කියලා හිතද්දී මොන විෂය ක්ෂේත්‍රයද තමන්ට වඩා ගැලපෙන්නෙ කියන කාරණය හිතන්නම වෙනවා ඔබට. නැත්නම් අකමැති නොගැලපෙන විෂයක් තෝරගෙන තව ප්‍රශ්න ගොඩක් දාගන්න වේවි.
2. දැන්ම ජොබ් එකක් කරනවද..?

Source – blog.indeed.com
අවුරුදු විස්ස වගෙ වෙද්දි ගොඩක් අය දැන් රැකියා වලට යනවා. දැන් මේක රැල්ලක් වෙලාද කියලත් හිතෙනවා. කොහොම උනත් එකට හිටපු එකා රස්සාවක් කරන කොට “ඇයි මට රස්සාවක් කරන්න බැරි…?” කියන බරපතල ප්‍රශ්නෙ ඔබට එනවා. ඊට පස්සෙ තමයි ඉතින් ඉන්ටර්වීව් පෝලිම් වල ඔබට ඉන්න වෙන්නෙ. සමහර වෙලාවට ගෙවල් වලින් බැනුම් අහගෙන උසස් අධ්‍යාපනයට යොමු වෙන්නෙ නැතුව ජොබ් වලට යන්න ගොඩක් උං ලොකු අවදානමක් ගන්නවා.
3. ආදරේ වැට උඩද..?

Source – maishayarhu.com
ආදරේ හොඳටම දැනෙන කාලය තමයි යොවුන් කාලය කියන්නේ. ආදරේ වගේම විරහවත් හොඳටම දැනෙන්නෙ මේ කාලෙට. ඒ වගේම ගන්න තීරණ වැඩිය දුර දිග බලලා නොගන්න කාලයක් මේක. ඒ හන්දා ආදරය නිසා එන ප්‍රශ්න මේ කාලෙදී වැඩියි. හැමවෙලේම හූල්ල හූල්ල ඉන්න වෙන කාලයක් තමයි මේක. හැබැයි උපාය දන්නෝ අපායේ වැටෙන්නැති නිසා සමහරු ලස්සනට ජීවිතෙයි ආදරෙයි බැලන්ස් කරගෙන යනවා.
4. සල්ලි එන්නෙ කොහෙන්ද..?

Source – witsvuvuzela.com
ඊළඟ ප්‍රශ්නෙ සල්ලි. සල්ලි කියන්නෙ ලොකුම ප්‍රශ්නය නේ ඉතින්. මේ වයසෙදි එන ප්‍රශ්නෙ තමයි “මට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද..?” කියන එක. ඒ කියන්නෙ යැපෙන්නෙ කාගෙන්ද කියන එක. අවුරුදු විස්ස වගේ වෙනකොට ඔලුවට එනව අදහසක් ගෙදරින් යැපුණා ඇති කියලා. “ගෙදරට වදයක් උනා ඇති… ගෙදර මිනිස්සුන්ට වද දුන්න ඇති…” කියල හිතෙන්නෙ මෙන්න මේ කාලෙදියි. ඔන්න ඉතින් පොඩි පාට් ටයිම් ජොබ් එකකට වගේ සෙට් වෙන්න හිතෙනවා මෙන්න මේ කාලෙදි.
5. සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද..?

Source – scuba-monkey.com
සල්ලි ටිකක් අතට ලැබුණ කියමුකො. කොල්ලො දන්නෙම නැති දෙයක් තමයි ඉතුරුව කියන එක. අරපිරිමැස්ම වැඩිය දන්නෙ ගෑණු උදවිය ය කියනවනේ. පිරිමි දන්නෙ වියදම් කරන්නලු. ඒ කතාව කොල්ලොන්ට වෙනසක් නෑ. ඉගෙන ගන්න වියදම් කරද්දි, බෝඩිම් වෙලා ඉන්දැද්දි, ගෙදරින් පිට තැන් වලින් කෑම ගනිද්දි, වෙන වෙන අමතර දේවල් වලට වියදම් කරද්දි ඒ දේවල් වලට වියදම් කරන්නෙ කොහොමද කියලා නිශ්චිත හැඟීමක් කොල්ලොන්ට නෑ. ඒවට සල්ලි ඉතුරු කරගන්නෙ කොහොමද කියන එක කොල්ලොන්ට තියෙන ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙන්නෙ අන්න ඒ නිසයි.
6. ප්‍රශ්න කියන්නෙ කාටද..?

Source – videoblocks.com
අවුරුදු විස්ස පනිද්දි කොල්ලොන්ට එන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ප්‍රශ්න කියන්නෙ කාටද කියන එක. ප්‍රශ්න ගෙදරට කියන්න බෑ දැන් පොඩි ළමයෙක් නොවෙන හන්දා. තනියම විසඳගන්න ලේසිත් නෑ එන ප්‍රශ්න. අන්න ඔය වෙලාවට තමයි “මගේ ප්‍රශ්න කියන්නෙ කාටද..?” කියන බැරෑරුම් ප්‍රශ්නෙ නාඹර කොල්ලොන්ට එන්නේ. ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි ගොඩක් කොල්ලො ඔය වයසෙදි ආදරය හොයාගෙන යන්නේ.
7. ගෙදර ප්‍රශ්න

Source – koleyfinancial.com
අවුරුදු විස්ස කියන්නෙ ගෙදරක වගකීම් ටික ටික පැවරෙන කාලය. මෙන්න මේ ටික කරපන් කියලා කවුරුවත් නියම නොකලත් තමන්ටම ගෙදර වගකීම් ගන්න මේ කාලෙදී සිද්ධ වෙනවා. අම්මගෙ තාත්තගෙ අසනීප ගැන, ගෙදරට ඉතුරුවක් කරන එක ගැන, ගෙදර අයට සලකන එක ගැන, නංගිල මල්ලිල ඉන්නවනම් ඒ අය ගැන ඔන්න මේ වයසෙදි බලන්න වෙනවා. ඒ ප්‍රශ්න ටිකත් මේ වයසෙ ඉන්න කොල්ලෙක්ගෙ ඔලුවට එනවා.
මේව තමයි මූලික වශයෙන්ම අවුරුදු විස්සක් වෙද්දි කොල්ලෙක්ගෙ හිතට වදදෙන ප්‍රශ්න ලැයිස්තුව. ඔය ප්‍රශ්න වලට හරියට උත්තර දෙන කොල්ලො ජීවිතය දිනන එක ශුවර්.
Cover Image Source -gadventures.com
Leave a Reply