ඇත්ත කතා වලින් හැදුණු ලංකා​වෙ මියුසික් වීඩියෝස්

රූපවාහිනී මාධ්‍යය ලංකාවේ ජනප්‍රිය වීමත් එක්කම ගීතවලට රූප රාමු එකතු කිරීම සිද්ධ වුණා. මේකේ ඊළඟ අදියර වුණේ මියුසික් වීඩියෝ එකක් ගීත එක්ක රිලීස් කරන එක. යූටියුබ් එක ජනප්‍රිය වීමත් එක්කම මේක වසංගතයක් තත්ත්වයටම ආවා. මේ නිසා සමහර මියුසික් වීඩියෝ නිර්මාණය කරන අය ආන්දෝලනාත්මක දේවල්, උදාහරණයක් විදිහට නිරුවත වගේ දේවල් යොදාගෙන තමන්ගෙ මියුසික් වීඩියෝ එක මාකට් කරන්න උත්සාහ කළා. මේකේ ප්‍රතිඵලය බවට පත්වුණේ ගීතය අහනවා වෙනුවට මියුසික් වීඩියෝ එක බලන පිරිසක් ලංකාවේ ඇති වීම. අපි අද කතා කථා කරන්න යන්නේ මියුසික් වීඩියෝ සඳහා ඇත්ත කතා භාවිතා කරපු අවස්ථා කිහිපයක් ගැන.

 

1. බඹරනාදේ

2005 වසරේ දී රෝ​යල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනයට ලක් වෙනවා. ​ඒ ඇයගේ හිටපු පෙම්වතා වුණු ශාමන්ත ජයමහ නැමැති තරුණයෙකු අතින්. ඔහු ඉවෝන් සමඟ මෙන්ම ඇගේ නැගණිය සමගත් පෙම් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා ඇතිවුණු බහින්බස් වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිද්ධ වුණා කියලා කියවෙනවා. දීර්ඝ නඩු විභාගයකට පස්සේ ශාමන්තට මරණ දඬුවම නියම වෙනවා. මේ කතාව ආශ්‍රය කොට ගෙන තමයි මේ මියුසික් වීඩියෝ එක හැදිලා තියෙන්නේ.

 

 

2. හිත පාරලා 

රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස් අතර පැවතුණු සම්බන්ධතාවය ක්ෂේත්රයේ වගේම රසිකයන්ටත් රහසක් වෙලා තිබ්බේ නෑ. නමුත් අවසානයේදී ඔවුන් දෙදෙනා අතරට ගයාන් වික්‍රමතිලක පැමිණීමත් එක්ක චතුරිකා ඔහු හා සමග විවාහ වුණා. ඒ වෙනකොට ගයාන් වික්‍රමතිලක දරුවන් සිටින විවාහක පුද්ගලයෙක්. ඊට ටික කාලෙකට පස්සේ මේ මියුසික් වීඩියෝ එක රිලීස් වුණා. පුදුමයකට වගේ මේ මියුසික් වීඩියෝ එක සඳහා චතුරිකාගේ අම්මාත් රංගන දායකත්වය ලබා දීලා තිබ්බා.

 

 

3. යළි හමුවෙමු

දසුන් නිශාන් කියන්නේ නොසිතූ විරූ මොහොතක රසිකයන්ව වගේම පවුලේ අයවත් දාලා ගිය දක්ෂ නළුවෙක්. ඔහුගේ සියදිවි හානිකර ගැනීමට හේතු වුණේ විවාහකයෙකු වූ ඔහු තවත් ජනප්‍රිය නිළියක් වුණු ශලිනි තාරකා සමග පෙම් සබඳතාවයක් ඇති වීමත් එක්ක මුහුණ දෙන්න වුණු පීඩනය කියන එක ප්‍රසිද්ධ කරුණක්. ඔහු වෙනුවෙන් ශලිනි තාරකා ගීතයක් රචනා කරලා ඊට තමන්ගේ ප්‍රාර්ථනාව එකතු කළා. ඔවුන් දෙදෙනාගේ කතාව යම්තාක් දුරකට මියුසික් වීඩියෝව සඳහා භාවිතා කරලා තිබ්බා.

 

 

4. සිරවී

දසුන් නිශාන්ගේ  මරණයත් එක්ක තමන්ට ඇති වුණු වේදනාව ගීතයක් ලියලා ශලිනි තාරකා පිට කරලා හරිද්දි ඒ කතාවම තවත්  කීපදෙනෙක්ම මියුසික් වීඩියෝ සඳහා භාවිතා කරලා තිබ්බා. මේ ඒ වගේ තව මියුසික් වීඩියෝ එකක්.

 

 

5. දැනුනා

මේ කියන්න යන මියුසික් වීඩියෝ එකේ කතාව ගැන නම් ආයේ අලුතෙන් ඕගොල්ලන්ට කියන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. මේ මියුසික්  වීඩියෝ එක නිසා ඉරාජ් වීරරත්නට දැඩි සමාජ විරෝධයක් එල්ල වුණා. දකුණු කොරියාවෙ සංගීත සංදර්ශනයක පෙනී සිටින්න ගිය පියුමි හංසමාලිට කෙසෙල් ගෙඩිවලින් පහර කන්නත් සිද්ද වුණා. ඉරාජ් මෑතකදී නම් කියලා තිබ්බේ මේ මියුසික් වීඩියෝවට පදනම් වුණු පුද්ගලයා තමන්ගේ සංගීත ජීවිතයේ මුල් අවධියේදී කරපු විවිධ අපහාස උපහාස නිසා ඒකට රිටන් එකක් දෙන්න මේ වැඩේ කළා කියලා.

 

 

6. ලීක්

මේ Music Video එකෙන් කියවෙන කතාව ඇත්තද බොරුද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි. සමහර අය කියන විදිහට හසිනි සැමුවෙල් සහ විශ්ව පෙරේරා විවාහ වුණා. ඒ විවාහය ඇරඹුනු දවසෙම හශිනි ෆිල්ටි එක්ක කාමරයක තනිවෙලා ඉන්නවයි කියලා ආරංචි වීමත් එක්ක ම විවාහය අවසන් වුණාලු.

 

 

7. චාටු දාලා 

මේ ගීතය ගායනා කිරීමෙන් සහ මියුසික් වීඩියෝ එකට පෙනීසිටීමෙන් පස්සේ යුරේනි නොෂිකා කියලා තිබ්බේ මේ මියුසික් වීඩියෝවට පාදක වෙන්නේ තමන්ගෙ ඇත්ත පෙම් කතාව කියලා. යුරේනි කියන විදිහට ඇගේ පෙම්වතා තමන්ගේ පස්සෙන් එද්දි මුලින් ගෑස් පෙන්නුවත් පස්සේ ඔහුට කැමති වුණාලු. ඔහු සමඟ නුදුරු දිනයකදීම විවාහ ගිවිස ගන්නවා කියලයි ඇය කියන්නේ. 

 

 

මේ වගේ ඇත්ත කතා ආශ්‍රයෙන් හැදුනු මියුසික් වීඩියෝ ගැන ඔබටත් මතක නම් ඒ  ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *