අලිගැටපේර වලින් හදන්න පුලුවන් රස රෙසිපි ටිකක්

ඉස්සරහට එන අලිගැටපේර කාලෙට ඔන්න අපි නියම රෙසිපි ටිකක් ගෙනාවා. ඩයට් කරන අයටත් හොඳ අලිගැටපේර වලින් මේ රෙසිපි ටිකත් ට්‍රයි කරලා බලන්න.

 

01. Avocado Popsicle 

අවශ්‍ය ද්‍රව්‍ය :-

අලිගැටපේර ගෙඩි 1

ටින්කිරි කෝප්ප 1/4

ෆ්‍රෙශ්මිල්ක් කෝප්ප 1/4

 

  • අලිගැටපේර ගෙඩියට ටින්කිරි හා ෆ්‍රෙශ්මිල්ක් ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් පොප්සිකල් මෝල්ඩ් වලට මේ මිශ්‍රණය දාලා පැය 4ක් ෆ්‍රීස් කරගන්න.

 

02. Avocado Milkshake 

අවශ්‍ය ද්‍රව්‍ය :-

අලිගැටපේර ගෙඩි 2

ටින්කිරි කෝප්ප 1/2

කිරි කෝප්ප 1

අයිස්කැට කෝප්ප 1

ලුණු ස්වල්පයක් 

 

  • මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊළඟට වීදුරු වලට වක්කරගන්න.

 

03. Avocado Carbonara

අවශ්‍ය ද්‍රව්‍ය :-

ස්පෙගටි පැකට් 1

කපාගත් බේකන් ස්වල්පයක් 

පාමසාන් චීස් ස්වල්පයක් 

 

ඇවකාඩෝ පේස්ට් එකට:-

අලිගැටපේර ගෙඩි 1

සුදුළූණු බික් 3

ලෙමන් යුෂ මේසහැඳි 1

බිත්තර කහමද 1

ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2

 

  • ඇවකාඩෝ පේස්ට් එකට අදාළ සියල්ලම දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා බේකන් ටික ෆ්‍රයි කරගන්න.
  • ස්පෙගටි ටික හොඳට තම්බගන්න.
  • තම්බලා වතුර පෙරුවට පස්සෙ මේකට ඔලිව්තෙල් ටිකක් ඉහගන්න.
  • දැන් හදාගත්තු පේස්ට් එක, පාමසාන් චීස් හා බේකන් ටික දාලා කලවම් කරගන්න.

 

04. Avocado Salsa

අවශ්‍ය ද්‍රව්‍ය :-

කපාගත් අලිගැටපේර ගෙඩි 2

කපාගත් තක්කාලි ගෙඩි 2

චොප්කරගත් ළූණු ගෙඩියක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

දෙහි ගෙඩියක යුෂ

චොප්කරගත් සුදුළූණු බික් 2

ලුණු හා ගම්මිරිස්කුඩු 

‍ෆෙටා චීස් කෝප්ප 1/2

විනාකිරි මේසහැඳි 1

 

  • මේ සියල්ලම එකට දාලා කලවම් කරන්න.

 

05. Avocado Fries

අවශ්‍ය ද්‍රව්‍ය :-

ලාවට ඉදුණු අලිගැටපේර ගෙඩියක්

පාන්පිටි කෝප්ප 1

බිස්කට් කුඩු කෝප්ප 1

බිත්තර 2

ලුණු හා ගම්මිරිස්කුඩු

මිරිස්කුඩු ස්වල්පයක් 

 

  • අලිගැටපේර ගෙඩියට දික් අතට තීරු කපාගන්න.
  • බිස්කට් කුඩු වලට මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම්කරගන්න.
  • අලිගැටපේර තීරු පාන්පිටි වල තවරලා බිත්තර සාරු වල දාලා බිස්කට් කුඩු තවරගන්න.
  • දැන් බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකක මේ ටික අතුරලා සෙල්සියස් අංශක 180ට විනාඩි 6-7ක් බේක් කරගන්න.

 

06. Avocado Smoothie 

අවශ්‍ය ද්‍රව්‍ය :-

අලිගැටපේර ගෙඩි 1

මී පැණි මේසහැඳි 3

කිරි කෝප්ප 1

කෙසෙල් ගෙඩි 1

චොප්කරගත් ආමන්ඩ් ස්වල්පයක් 

කෙසෙල් පෙති ස්වල්පයක් 

 

  • බ්ලෙන්ඩර් එකට කපාගත් අලිගැටපේර ගෙඩිය දාලා කෙසෙල් ගෙඩිය කපලා දාගන්න.
  • ඊළඟට මේකට මී පැණි හා කිරි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • ග්ලාස් එකේ ඇතුල් පැත්තෙන් කෙසෙල් පෙති අලවලා බ්ලෙන්ඩ් කරගත් ස්මූති එක දාගන්න.
  • උඩින් චොප්කරගත් ආමන්ඩ් ටිකක් දාගන්න.

 

07. Avocado Pudding 

අවශ්‍ය ද්‍රව්‍ය :-

අලිගැටපේර ගෙඩි 1

කිරි කෝප්ප 2

ටින්කිරි කෝප්ප 1/2

ජෙලටින් මේසහැඳි 1 1/2

සීනි කෝප්ප 1/4

වැනිලා ස්වල්පයක් 

 

  • කිරි ටික ලිපේ තියලා උණුකරගන්න.මේකට සීනි හා ටින්කිරි ටිකත් දාලා හැඳිගාන්න.
  • නටනකොට ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
  • අලිගැටපේර ටික ක්‍රීමි වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
  • ජෙලටින් වලට වතුර දාලා පෙඟෙන්න තියන්න.
  • කිරි ලා රස්නෙ තියනකොට අලිගැටපේර හා වැනිලා දාලා කලවම් කරගන්න.
  • මේකට ජෙලටින් ටික දාලා හොඳට කලවම්කරගන්න.
  • බටර් ගාගත් මෝල්ඩ් එකකට දාලා පැය 2ක් ෆ්‍රිජ් එකේ දාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *