ලෝකයේ අදටත් විසඳී නැති දේශසීමා ගැටළු

ලෝකයේ යුද්ධ අතරින් බොහොමයක් ගත්තොත් යුද්ධ සියල්ලක්ම පාහේ ඇතිවෙලා තියෙන්නේ භූමිය සම්බන්ධ ගැටළු නිසා. අතීතයේදී තරම් නැති වුණත් අදටත් ලෝක දේශපාලනය රත් කරන දේශසීමා ගැටළු තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ විදිහට ලෝකයේ අදටත් විසඳිලා නැති දේශසීමා ගැටළු කීපයක් පිළිබඳව.

 

 

1. තායිවානය

මහජන චීනය විශ්වාස කරන විදිහට තායිවානයේ සම්පූර්ණ අයිතිය චීනයට හිමියි. නමුත් තායිවාන ජනතාව විශ්වාස කරන්නේ මහජන චීනයේරජාතාන්ත්රික ආණ්ඩු බලය තම රටට හිමිවිය යුතු බවයි. වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජනය සිදුවුණේ තායිවානය හරහා. චීනය ආර්ථික සහ සමාජයීය නැගී සිටීමත් සමඟම තවදුරටත් ලෝක බලවතුන්ට චීනය නොසලකා හැරීමට බැරිවුණා. එහි ප්රතිඵලය වූයේ තායිවානය ඉවතට ගොස් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්යන්තර සංවිධානවල බලය චීනයට  හිමි වීමයි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින ගැටළුවලට එක හේතුවක් වන්නේ​ද තායිවානය කෙරෙහි ඇමෙරිකාව දක්වන සහනශීලී බ​ව සහ රට ආරක්ෂා කර ගැනීමට දක්වන මැදිහත් වීමයි.

 

 

2. සෝමාලිලන්තය

වර්තමාන අප්රිකාව මුහුණ දෙන බොහෝ ගැටළුවලට හේතු කාරණා බටහිර අධිරාජ්යවාදීන් විසින් ඇති කළ ප්රශ්න  බව රහසක් නොවෙයි. උදාහරණයක් විදිහට වර්තමාන සෝමාලියාව සමන්විත වන භූමි භාගයේ බොහෝ ප්රදේශ අතීතයේ දී මහා බ්රිතාන් සහ ප්රංශයට හිමිව තිබුණා. මහා බ්රිතාන්යයට හිමිව තිබූ ප්රදේශ නිදහස ලැබීමෙන් ද​ශක දෙකකට පමණ පසුව ප්රංශයට අයත් ප්රදේශ වලට නිදහස හිමි වුණා. එම ප්රදේශවල අයිතියද සෝමාලියාව තමන් සතු බව පවසා සිටියත් එම ප්රදේශවල නායකයන් ඊට එකඟ වුණේ නැහැ. එහි ප්රතිඵලය වූයේ තවත් දශක කීපයක් පුරා දිග්ගැස්සෙන සිවිල් යුද්ධයක්. වර්තමාන​ය වන විට සෝමාලිලන්තය නමින් නිදහස් රාජ්යයක් ප්රකාශ කර තිබුණත් එම රාජ්යයට ජාත්යන්තර පිළිගැනීම හිමි වන්නේ අල්ප වශයෙන්.

 

 

3. ඊශ්රායලය

ඊශ්රායලය කියන රට නිර්මාණය වන්නේ සදාතනික ගැටළුවක් ලෝකයට උරුම කරමින්. සියවස් ගණනාවක් තිස්සේ එම බිමෙහි උරුමකරුවන්ව සිටි පලස්තීන වැසියන්ව සිය උපන් බිමේම  සරණාගතයන් කිරීමට මෙම ගැටළුව හේතු වුණා.

බොහෝ ලෝක නායකයන් මෙම ගැටළුවට සාමකාමී විසඳුමක් සොයා යාමට උත්සාහ කරනවා. කෙසේ නමුත් එය මෙතෙක් සීයට සීයක් සාර්ථක වී නැහැ. විශේෂයෙන්ම ජෙරුසෙලමේ අයිතිය පිළිබඳව දෙපාර්ශ්වයම අතර පවතින්නේ පරස්පර විරෝධී අදහස්.

 

4. ඇන්ටාක්ටිකාව

මහා බ්‍රිතාන්‍යය, ප්රංශය සහ ආජන්ටිනාව යන රටවල් ඇන්ටාක්ටිකාවේ අයිතිය උදෙසා දීර්ඝ කාලයක පටන් සිය අයිතිවාසිකම් මතුකරනවා. කෙසේ නමුත් ජාත්යන්තර ප්රජාව එම අයිතිය පිළිගන්නේ නැහැ. බලවතුන් අතර ඇති කරගනු ලැබූ ඇන්ටාක්ටිකාව පිළිබඳ ගිවිසුම මගින් එම ප්රදේශය සාම කලාපයක් ලෙස නම් කොට ඇති අතර එය මානව වර්ගයාගේ ප්රගමනය සඳහා හේතුවන සාමකාමී ක්රියාකාරකම් සඳහා පමණක් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා. කෙසේ නමුත් දේශපාලන විශේෂඥයන් විශ්වාස කරන්නේ ඇන්ටාක්ටිකාවේ පවතින ස්වභාවික සම්පත් නිසා අනාගතයේදී මෙම තත්ත්වය වෙනස් විය හැකි බවයි.

 

5. බටහිර සහරාව

බටහිර සහරා ප්රදේශයේ වාසය කරන ගෝත්රික ජනතාව තමන්ගේම භූමියක් වෙනුවෙන් මොරොක්කෝව සමග සටන් වදිනවා. මෙම අවි ගැටුමට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම මගින් ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු සකස් වෙමින් පවතිනවා. කෙසේ නමුත් මෙම ප්රදේශයට බලහත්කාරයෙන් මොරොක්කෝ ජාතිකයන් පදිංචි කර ජනමත විචාරණයේ ප්රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කරන බවට මොරොක්කෝවට චෝදනා එල්ල වනවා. මෙම කාන්තාර භූමි​යේ ඉරණම අනාගතය විසින් තීරණය කරනු ඇති.

 

6. කුරීල් දූපත්

දෙවැනි  ලෝක යුද්ධය ආසන්න සමයේ දී ජපානයට අයත්ව පැවති මෙම දුපත් සමූහය සෝවියට් රුසියාව විසින් ආක්රමණය කොට තමන් සතු කර ගනු ලැබුවා. ඊට පදනම ලෙස ඔවුන් රුසියානු අධිරාජ්යය සතුව මෙම දුපත් සමූහය පැවතීම හේතුවක් ලෙස දක්වනු ලැබුවා. මෙම දූපත්වල අයිතිය සෝවියට් රුසියාව සතු වන බවට ඇතැම් රටවල් පිළිගෙන තිබුණත් තවමත් ජපානය දකුණු දිග දූපත් වල අයිතිය තමන්ට හිමි විය යුතු බවට දැඩි ලෙස විශ්වාස කරනවා.

 

7. සෙන්කකූ දූපත්

වර්තමානයේ ජපානය සතුව පවතින මෙම දූපත් කීපයට චීනය දිගු කලක පටන් අයිතිවාසිකම් කියනවා. අතීතයේදී කඳුවැටි වලින් සමන්විත නිසරු දූපත් සමූහයක් ලෙස පැවති මෙම ප්රදේශවල වටිනාකම ඉහළ ගියේ ආශ්රිතව තෙල් ඇතුළු ස්වභාවික සම්පත් පවතින බවට සිදුකරන ලද සොයා ගැනීම් වලින් පසුවයි. ජපන් රජය මගින් මෙම දූපත් වලට සිය අයිතිවාසිකම් යළි  තහවුරු කිරීම නිසා චීනය තුළ ජපන් විරෝධී ව්යාපාරයක් පවා ඇති වුණා.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *