අම්මලා කෑ ගහනවා නොවැ අපිට වෙන්න තියන ඔක්කොම සන්තෑසි වෙන්නේ අපේ ෆෝන් කට්ට නිසා කියලා. ඒ කතාව හරි නේද කියලා හිතෙන්නේ ෆෝන් එකට අපි යට කරන සල්ලි කන්දරාව ගැන හිතෙනකොට. ඒක කවදාවත් අපි ගණන් හිලව් තියලා බලන දෙයක් නම් නෙවේ. හැබැයි සතියකට කොච්චර නම් ඩේටා කාඩ් රීලෝඩ් දානවද? මාසේ අන්තිමට බින්දු කීයක් තියන බිලක් එනවද කියලා දැක්කම තේරෙනවා. සමහරවිට අපි දන්නෙත් නැතුව ගිනි ගණන් කැපිලා. එහෙම වෙන්නේ කොහොමද බලමු. ජංගම දුරකථන බිල කිව්වම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් යන දෙක ගැනම කතා කරනවා.
1. බදු

Source – portugalresident.com
සභාවෙන් අවසරයි. ඉස් ඉස්සෙලාම ලස්සන දේකින් මේ ගැන කතා කරන්න ලැබීම ගැන සතුටුයි. කන ටොපියටත් හතර අතේ බදු ගහන රටක දුරකථන සේවාවලට ගහන බදු ගැන කුමන කතා ද? කනට ගහන්නා වගේ එක පාර ක්‍රියාත්මක වෙන දේශීය ආදායම් බදු පනතෙන් සේවා අංශය යටතේ දුරකථන සේවාවලට එක එක අතට හරව හරවා බදු ගහනවා. මාධ්‍යයෙන් මිනිස්සු දැනුවත් කෙරෙන්නේ විදුලි සංදේශ බද්ද මෙච්චරයි ජාතිය ගොඩනැගීමේ බද්ද මෙච්චරයි කියලා ප්‍රතිශත විදියටනේ. ඕක කවුරුත් ඇත්ත ජීවිතේ ගණන් හද හදා බලන්නේ නෑ. මාසේ අන්තිමට පසුගෙවුම් පැකේජයක නම් දුරකථන බිල එනකොට ගහපු වැට් ගාස්තු ප්‍රමාණය සඳහන් වෙනවා. පෙර ගෙවුම් එකක නම් ඒකත් නෑ.
2. එක් එක් සේවාවලට අයකරන ගාස්තු

Source – brsofttech.com
සේවා සපයන්නෝ ඉතින් දාගෙන සේවා සපයනවා. සමහර සේවා එන්නේ දන්සලක කොඩිය වනනවා වගේ හරිම මිත්‍රශීලී විදියට. ඒත් බිලක් එනකොට නැත්නම් ෆෝන් එකේ සල්ලි නැතිවෙනකොට තමයි තේරෙන්නේ ඒ සේවාවේ කෙරුවාව. උදාහරණයක් විදියට ගූගල් ප්ලේ නැත්නම් ඇපල් ස්ටෝර් එකේ තියනවා සේවා සපයන්නන් එක එක ඇප් හදලා දාලා. සමහර ඒවා සින්දු අහන, ටීවී බලන, කෑම ඕඩර් කරන, චැනලින් සෙන්ටර්වලට කලින්ම අපොයින්ට්මන්ට් දාගන්න වගේ. මේ ඇප් නොමිලේ භාගත කරන්න පුළුවන් නිසා සේවාවත් නොමිලේ කියලා කෙනෙක් උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරලා අන්තිමට කෙළව ගන්නවා.
3. සේවා සපයන්නන් නිසා වෙන අකරතැබ්බ

Source – sabre.com
ගූගල් එකේ මොනවා හරි හොය හොයා ඉන්නකොට එක පාරට වෛවාරණ ඇඩ් වැටෙනවා. එතකොට අපේ අතින් ඒවා ටච් වෙලා ඉවරයි. මොනාද කියලාවත් දන්නේ නෑ. මොනාද කියලා දැනගන්න වෙන්නේ හිටු කියලා සල්ලි කැපෙන්න ගත්තම පාරිභෝගික අංශෙට අමතලා එතන ඉන්න අක්කා වෙලා තියෙන වින්නැහිය ගැන කියනකොටයි. එක එක වෙබ්සයිට් වලට, සේවාවලට සබ්ස්ක්‍රයිබ් වෙන එක තමයි වෙලා තියෙන්නේ. අපරාදේ ඉතින් සල්ලි කුට්ටියක් එක පාර නැතිවෙනකොට.
4. හොරගෙඩියෝ වගේ ඉඳන් සල්ලි ගරන ඇප්ස්

Source – macworld.com
තේරෙන භාෂාවෙන් කිව්වොත් Background Apps. ෆෝන් එකේ පාලනේ අපේ අතේ තියෙන්නේ කියලා හිතුවට අද කාලේ ගඩොල් භාගවලට ස්මාට්ෆෝන් කියන්නේ නිකන් නෙවේ කියලා හිතෙන්නේ මේ දේවල් වෙනකොටයි. අපි අපිට කැමති ඇප් ඕපන් කරනවා තමයි. හැබැයි අපි නොදන්න දෙයක් තමයි නොදැනුවත්වම පසුබිමේ තවත් ඇප් ඩේටා සාරය උරාගෙන ක්‍රියාත්මක වෙන බව. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල නම් Settings > Apps or Settings > Applications > Application Manager කියන පියවර අනුගමනය කරලා ඇප්වලට ගිහින් Force Stop විධානය දුන්නම පිස්සෙක් වගේ ඩේටා කන එක නතර වෙනවා. අයිෆෝන් එකක නම් Double Click Home Button > Navigate to the App Screen > Swipe up කියන පියවර අනුක්රමයෙන් ඇප් එකක් දොයි කරවන්න පුළුවන්.
5. පොඩි ඈයොන්ට අතට අහුවෙන මායිමේ දුරකථන තැබීම

Source – swenty.com
ෆෝන් එකක් දැක්කොත් ගේම් තියෙනෝද කියාගෙන එන පුංචි කරදරකාරයොන්ට පැණිරහ කෑමක් දකිනවාට වඩා ආතල් එකක් යනවා තනිපංගලමේ තියෙන ෆෝන් එකක් දැක්කම. ඉතින් මෙයාලා ඒවා අරගෙන ඔබන්නයි බිම ගහන්නයි ගත්තම සේවාවන්වලට ලියාපදිංචි වීම, දුරකථන ඇමතුම් ඉබේ ඇති වීම, ඇප්ස් ඩවුන්ලෝඩ් වීම වගේ දේවල් වෙනවා. දුරකථනයට රහස් අංකයක් දාලා අහුවෙන්නෙම නැති තැනකින් ෆෝන් එක තිබ්බාම පොකට් එකට ගුණයි.
6. ස්වයංක්‍රීයව ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් වීම

Source – youtube.com
ඇප් එකකට අප්ඩේට් එකක් ආව ගමන් ඩවුන්ලෝඩ් වෙන්න Auto Download කියන තේරීම දීලා තියෙනවා නම් තියන ඩේටා ටිකත් හූරගෙන ඇප්ස් ඩවුන්ලෝඩ් වෙනවා. සමහරවිට මාර ම අනවශ්‍ය ඇප්ස් පවා මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා.
7. ඇමතුමක් අවසානයේ නොසැලකිලිමත් බව නිසා සිදුවන නාස්තිය

Source – adobestock.com
කෝල් එකක් ඉවර වුණාට පස්සේ කෝල් කරපු මනුස්සයයි ගත්තු මනුස්සයයි දෙන්නම මෝඩයි නම් මෙහෙම දේවල් වෙනවා. හරියට කෝල් එක ඉවර කරන්නේ නෑ. ඒ කියන්නේ බුදුසරණයි බායි කියන එක නෙවේ. කෝල් එක ඉවර වෙලා රිසීවරයක රූපයක් තියන රතුපාට බොත්තම ඔබන්න එපැයි. එහෙම එකක් නැතුව ඔහේ ෆෝන් එක පැත්තකට දැම්මම වෙන්නේ නිරපරාදේ සල්ලි කැපෙන එක. අඩුම තරමේ තව ටිකක් කතා කරන්න හරි තිබ්බ සල්ලි.
සැලකිලිමත් වෙලා දුරකථනයක් පාවිච්චි කරොත් කොයි තරම් මුදල් නාස්තියක් වළක්වා ගන්න පුළුවන් ද!
Cover Image Source – newway.com
Leave a Reply