අවීචිගෙ මරණෙත් එක්ක ලංකාවේ බොහොමයක් දෙනා DJ Artist ලා ගැන කතා කරන්න පටන් ගත්තා. අවීචි දන්නෙ නැති අයත් අවීචිට RIP කිය කිය මාජ්ජ සංදර්ශන පවත්වන්න ගත්තා. ඉතින් ඒ සියක් දහසක් මාජ්ජ සංදර්ශන අස්සේ අපි හොයලා බැලුවා ලෝකයේ හොඳම DJ Artist ලා 10 දෙනා කවුද කියලා.
1. Afrojack

Source – billboard.com
ලන්දේසි DJ Artist කෙනෙක් තමයි මේ. මෙයාගෙ ඇත්ත නම Nick van de Wall. වයස අවුරුදු තිහක් වන මෙයා මීටර් 2යි සෙන්ටිමීටර 8ක් උස නිසා ගොඩක් අය මෙයාව හඳුන්වන්නේ “උසම DJ Artist” කියලයි. මෙයාගෙ පළවෙනි ඇල්බම් එක වුනේ Forget The World කියන ඇල්බම් එක. එදා ඉඳලා මෙයා DJ ලෝකයේ ජනප්‍රියත්වය නොනැසී තියාගෙන ඉන්න තරුවක් විදිහට හඳුන්වන්න පුලුවන්.
2. Zedd

Source – billboard.com
මෙයාගෙ ඇත්ත නම Anton Zaslavski. දෙවනි නමේ මුලින් එන Z අකුරෙන් තමයි මෙයා ඔය සෙඩ් කියන නම හදාගෙන තියෙන්නෙ. මෙයාගෙ වයස අවුරුදු විසි අටයි. රුසියානු – ජර්මන් සම්භවයක් තමයි තියෙන්නේ. මෙයා ගොඩක් ප්‍රසිද්ධ වුණේ සෙලීනා ගෝමස් එක්ක කරපු I Want You To Know කියන ගීතයත් එක්කයි.
3. Steve Aoki

Source – youredm.com
මෙයාගෙ ඇත්ත නම මීට වඩා පොඩ්ඩක් වෙනස්. Steven Aoki. වයස අවුරුදු 40ක් වන මෙයා ඇමරිකානුවෙක්. නර්ථනයටත් විශේෂ හැකියාවක් මෙයාට තියෙනවා කියලා මෙයාගෙ Shows බලන අයනම් දන්නවා. කොණ්ඩේ විලාසිතා එහෙම එක එක කාලෙට වෙනස් කරන මෙයාගෙ ප්‍රියතම විනෝදාංශයක් තමයි සංදර්ශනය යන අතරතුරේ ප්‍රේක්ෂකයින්ට කේක් ගෙඩි වලින් පහර දීම. මෙයාගේ Azukita, All Night වගේ ගීත ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියා.
4. The Chainsmokers

Source – boomsbeat.com
මේක ඇවිල්ලා කණ්ඩායමක්. Alex Pall සහ Andrew Taggart කියන දෙන්න තමයි මේ කණ්ඩායමේ ඉන්නේ. දෙන්නගේ වයස පිළිවෙලින් අවුරුදු 32 සහ 28යි. මේ දෙන්නා ඇමරිකානුවන් දෙදෙනෙක්. Smokers ලා කියලා මහ ලොකුවට නමේ තිබ්බට මේ දෙන්නා දුම් පානයෙන් තොර දෙන්නෙක් කියලා තමයි කියවෙන්නේ. මේ නම ආපු විදිහනම් දන්නේ ඔවුන් දෙන්නයි දෙවියොයි තමයි.
5. Tiësto

Source – yourghostproduction.com
මෙයාගෙ නම Tijs Michiel Verwest. කියවගන්න අමාරුයි නේද..? මේක ලන්දේසි නමක්. ඒ වගේම මෙයා නෙදර්ලන්ත ජාතිකයෙක්. වයස අවුරුදු 49යි. මෙයාගෙ ඉටි රූපයක් මැඩම් ටූසාඩ් කෞතුකාගාරේ තියෙනවා කිවුවම මෙයාගෙ ජනප්‍රියත්වය ගැන කියන්න දෙයක් නෑනෙ තවත්.
6. Hardwell

Source – edmtunes.com
Robbert van de Corput කියන ඇත්ත නමින් යුතු Hardwell කියන්නේ ලංකාවේ DJ රසිකයන් අතරත් ජනප්‍රිය නමක්. ගොඩක් DJ Artist ලා වගේ මෙයත් නෙදර්ලන්ත ජාතිකයෙක්. වයස අවුරුදු 30යි. මෙයාගෙ ළඟදිම ආපු ඇල්බම් එක තමයි United We Are. වේදිකාවේ ජූඩෝ වැඩ කෑලි එහෙමත් දාන හන්දා මෙයාට රසිකයන්ගෙන් ලැබෙන ආදරය වැඩි වෙලා තියෙනවා කියලයි පේන්න තියෙන්නෙ.
7. Marshmello

Source – edmtunes.com
මාශ්මෙලෝ කිවුවම කට්ටියකට කටට කෙළ උණනවා ඇති. තව අයට ඇන්ඩ්‍රොයිඩ් මතක් වෙනවා ඇති. ඒ වගේම මතක තියාගන්න, මාශ්මෙලෝ කිවුවම DJ Artist කෙනෙක් මතක් වෙන අයත් ඉන්නවා. මෙයාගෙ ඇත්ත නම ගොඩක් අය හරියට දන්නෑ. ඇයි ඉතින් මූණට මාශ්මෙලෝවක හැඩයේ මුහුණු ආවරණයක් වගේ එකක් දාගෙන නේ ඉන්නේ. ගොඩක් අය අනුමාන කරන්නෙ මේ මාශ්මෙලෝ කියන්නේ ඇමරිකානු DJ Artist කෙනෙක් වන Christopher Comstock කියලයි.
8. Dimitri Vegas & Like Mike

Source – wikipedia.com
මේ දෙන්නගෙ නම් වෙනස් කරලා විකාර විදිහකට. එක්කෙනෙක්ගෙ නම Dimitri Thivaios. අනිත් කෙනාගෙ නම Michael Thivaios. දෙන්නගෙ වයස පිළිවෙලින් 35 යි සහ 32යි. දෙන්නම බෙල්ජියන් ජාතිකයෝ දෙන්නෙක්. අන්තිමට ආපු ඇල්බම් එක තමයි Bringing the Madness.
9. David Guetta

Source – edmtunes.com
කියවගන්න ටිකක් අමාරු නමක් තියෙන හන්දා නම ගැන වැඩිය දේවල් නොකියා ඉන්නම්. මෙයාගෙ වයස අවුරුදු 50යි. ප්‍රංශ ජාතිකයෙක්. මෙයාගෙ ගීත නිර්මාණ බොහොමයක් මෙයාගෙ අතින්ම ලියවෙන නිසා මෙයා ගීත රචකයෙක් විදිහටත් හඳුන්වන්න පුලුවන්. අන්තිමට ආපු ඇල්බම් එක Listen.
10. Martin Garrix

Source – edmchicago.com
අන්තිමට ඔන්න අපි හඳුන්වා දෙන්න යන්නේ සුපිරි චරිතයක්. මාටින් ගැරික්ස් හැඳින්වෙන්නේ DJ ලෝකයේ රජු කියලයි. ඇත්ත නම Martijn Garritsen. මෙයාගෙ වයස තමයි ඔබ පුදුමයට පත් කරන්නේ. වයස 21 යි. වයස අවුරුදු 18 පනින්න කලින් තමයි මෙයා DJ නිසා ලෝක ප්‍රසිද්ධ තරුවක් බවට පත් වුණේ. මේ වන විට ඔහු තමන්ගේ ඇල්බම් කිහිපයක්ම නිකුත් කරලා තියෙනවා. අවසාන ඇල්බමය තමයි Seven.
Cover Image Source – electronicbeats.com / shutterstock.com
Leave a Reply