මේ මුළු ලෝකෙම තක්කඩි පිරිලා ඉන්නවා. දැක්කම කේන්ති යනවා. කොටිම්ම මතක් වුනාමත් කේන්ති යනවා. මේ තක්කඩින්ට මූණට ගහන්න කේන්තියක් ආවත් වාත කියන දේවල් දුර දිග නොගෙනහිං කෙලවර කරන්න පුළුවන් ක්‍රමයක් වෙච්චි මගහැරීම කියන ආයුධය තියෙද්දි තවත් දඟලන්නෙ මොකටද? අන්න ඒ නිසා මෙන්න මේ කියන්න යන්නෙ අන්න ඒ මගහැරීම කියන ආයුධය යොදාගෙන ජීවිතයෙන් සහ ඩ්‍රින්ක් එකක් දාන ටේබල් එකෙන් ඈත් කළ යුතුම තක්කඩි චරිත හතක් ගැනයි. උග්‍ර තක්කඩීන්ට මේ චරිත ලක්ෂණ හතෙන් හතම වුනත් තියෙන්න පුළුවන් වුනත් කියවලා පුදුම වෙන්නෙපා. ඒ ඒ තක්කඩීන්ට පේන්න මේක ෂෙයා කළත් අවුලක් නෑ.
1. බොරු බිවිලි
මේ අය අවස්ථාවාදියො. සාමාන්‍යයෙන් බිවුවෙ නැතත් බොන සෙට් එකක් එක්ක කොල්ලෙකුට සෙට් වෙන්න පුළුවන් විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බයිට් කකා හරි තමුන්ගෙ යාලුවෙක් තමුන් එක්ක ඉන්න එක ගැන කෘතඥ පූර්වක බවක් මූණට නොකිවුවට ඕනම හොඳ බෙබෙකුගේ හිතේ තියෙනවා. හැබැයි බොරුවට ෂොට් එකක් දාගෙන තොල ගගා ඉන්න සමහර අයගෙ තියෙන්නෙ අවස්ථාවාදී සිතුවිලි විත්තිය අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. මේ අය බොහෝවිට සෙට් වෙන්නෙ බිස්නස් මීටින් හෝ ඔෆිස් මීටින් වලින් පස්සෙ පැවැත්වෙන සාදවලට තමයි. එහෙම වෙලාවල්වලට ලොක්කොන්ට, සල්ලිකාරයොන්ට කිට්ටු වෙලා මේ අය අර හොරට බොන ෂොට් එකත් තියාගෙන ඉන්න විදිය දකින්න පුළුවන්. ඒ වගේම එයාලගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙනිං අයට බොන්නට අරන් දෙන්නත් ඉඩ තියෙනවා. බොන මිනිස්සු දැනගන්න ඕන ඉතිං ඒ වෙලාවට තමුන්ගෙ පරිස්සම ගැන.
2. ෂෙයා එක
යාලුවො සෙට් එක එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දාද්දි ඒ බිල ගෙවන්න ෂෙයා එකක් දාන එක සාමාන්‍ය දෙයක්. මෙහෙම සල්ලි ෂෙයා කරද්දි ඒ මොහොතෙ කරදරවල ඉන්න මිත්‍රයෙක් ඉන්න හොඳින්ම ඉඩකඩ තියෙනවා. එහෙම වෙලාවක ඒ යාලුවා වෙනුවෙනුත් ෂෙයා කරන එක තමයි හොඳ යාලුවො සෙට් එකක වගකීම. නමුත් හැමදාම සල්ලි නැතුව බොන්න එන යාලුවෙක් ඉන්නවානං අන්න එතන තියෙනවා අවුලක්. ඒක යාලුවන්ට කරන තක්කඩිකමක්. එහෙම අයව මගහරින එක තමයි හොඳම.
3. අන් දන නොතකන දනා
මෙහෙම ඈයොත් බොන මේසෙක ඕනෑතරම් ඉන්න ඉඩ තියෙනවා. ජීවිතේදිත් මෙහෙම අය මුණගැහුනත් බොන මේසයක් කියන්නෙ ඊට වඩා කිට්ටුවන්තයො ඉන්න තැනක් නිසා මිනිස්සුන්ගෙ කෙයාරින් කියන දේ එතනදි වෙනින් තැන්වලට වඩා වැඩියෙන් තිබීම අත්‍යවශ්‍යයි. මොකද මේ ඉන්නෙ යාලුවො. කන්න බොන්න විතරක් නෙමෙයි ජීවත් වෙද්දිත් යාලුවො ගැන හිතන්න පුළුවන් වෙන්න ඕන. එහෙම මිනිස්සු අතේ සල්ලි නැතුව බයිට් අඩුවෙන් අරගෙන බොන්න පටන්ගත්තම තියෙන බයිට් ටික බත් කනව වගේ කාගෙන කාගෙන යන්නෙ නෑ. එහෙම යාලුවො අනිත් යාලුවොන්ටත් බොන්න ඕන කියල දැන දැන පෙරේතකමට බීගෙන බීගෙන යන්නෙ නෑ. අන්න එහෙම තමුන්ගෙ යාලුවො ගැන හිතන්නෙ නැති තක්කඩියෙක් එක්ක සෙට් වෙන එක අවුලක්නෙ.
4. ආත්මාර්ථකාමියෝ
ආත්මාර්ථකාමියො කියන්නෙ මොක්කුද කියල අපි හොඳටම දන්නවනෙ. බොන මේසෙදිත් මෙහෙම ආත්මාර්ථකාමියො මුණගැහෙනව. ඒ ගැන එච්චර නොතේරී සිද්ධ වුනත් නිවිහැනහිල්ලෙ හිතල බැලුවොත් යාලුවො මොකුත් නොකිව්වට ඔයත් සමහර වෙලාවල්වල ආත්මාර්ථකාමියෙක් වෙලා තියෙන්න හොඳින්ම ඉඩ කඩ තියෙනවා. බොන්න ඔයා කැමතිම දේ ගෙන්නගත්තද? ෂැන්ඩි කරන්න ඔයා කැමතිම දේ ගෙන්න ගත්තද? බයිට් එකට ඔයා කැමතිම දේ ගෙන්නගත්තද? අනිත් අය කැමති එක බයිට් එකක්වත් අහල නොබලා ඕඩර් කළාද? ත්‍රීපීස් බෑන්ඩ් එක සින්දුවක් කියන්න ආවම ඔයා කැමති සින්දු ටික විතරක් කියවගත්තද? ඉතිං ඒක ආත්මාර්ථකාමී නැද්ද? තක්කඩියෙක් නේද ඔයා?
5. ගොසිපර්
බොන මේසෙකට එන්නෙ එක අරමුණකට. තමුන් හිත නිදහසේ ඩ්‍රින්ක් එකක් දාලා, හිතේ සන්තෝසෙන් ගෙදර යන්න හිතාගෙනයි ඩ්‍රින්ක් එකක් දාන්න එන්නෙ. එහෙම නැතුව අනිත් මිනිස්සුන්ට ආතල් දීලා, අනිත් මිනිස්සු කරන වීඩියෝවලට ඉඳලා රටට ලෝකෙටත් ආතල් දීලා, කැමරාවලට බයේ ජීවත්වෙන්න නෙමෙයි බොන්න එන්නෙ. එහෙම ආවම කැමරා මානන බුවාල කියන්නෙම තක්කඩියො. පොදුවේ යාලුවො ටික වෙරි වුනාම, ඒ වෙරියේ ආතල් එක නොගෙන තමුන්ගෙ යාලුවොන්ව බයිට් කරන්න උත්සාහ කරන්නෙ තක්කඩි ඇරෙන්න වෙනිං කවුද මහත්තයො?
6. එතනින් නොනැවතී
සමහරු බොන මේසෙකදි සිද්ධ වෙන කතා බහ ඊටපස්සෙත් ඇදගෙන යනවා. උදාහරණෙකට හිතන්නකො මිතුරන් දෙන්නෙක් අතරේ එක් ගැහැණු ළමයෙක් ගැන කතා වුනු අවස්ථාවක් ගැන. එහෙමත් නැත්තං යම් පොදු කාරණයක් ගැන විවිධ අදහස් මතුවෙච්ච තැනක් ගැන. බීලා මේ ගැන කරන තර්ක, බීමෙන් පස්සෙත් රණ්ඩු විදියට ඇදගෙන ගිහිල්ලා කොටවන්න උත්සාහ කරන තක්කඩි අපි අතරේ ඉන්නවා. මේ තක්කඩි අයිති වෙන්නෙත් උඩ සඳහන් කරපු තක්කඩි ගොඩටම වුනත් මේ ඈයො ඒ අය තරම්ම නරක නෑ කියලත් හිතෙන්න පුළුවන්. හැබැයි මේකත් තක්කඩි කමක්.
7. මම ගියොත් ඇති
මේ අය ජාතියෙ කට්ටියක් ගැන ඉහළත් සඳහනක් කළා. එතනදි කිවුවෙ අනිත් අයගෙන් අහන්නෙ නැතුව බයිට්, ෂැන්ඩි ඕඩර් කරන එක ගැන. මෙතනදි කියන්නෙ ඊට වෙනස් කතාවක්. බීලා ඉවර වුනාම කට්ටිය මොකද කරන්නෙ. හැමෝම එකම දිශාවකට ගමන් කරන ඈයො නං කට්ටිය සෙට් වෙලා දාගන්නව ඌබර් එකක්. වෙනස් පැතිවලට යන අයනං මුලින්ම තනියෙන් යන අයව යවලා ඉන්නවා. ඒ අතරිනුත් වෙරි වැඩිම පොරව මුලින්ම යවනවා. ඊටපස්සෙයි තමුන් යන්නෙ. හැබැයි මේ අතරෙ ඉන්න පුළුවන් බීලා ඉවර වෙච්ච ගමන් බායි මචං කියලා මාරු වෙන පොරක්. එකට සවුදිය පුරපු යාලුවො ගැන එච්චර ඉක්මනට අමතක වෙන කෙනෙක් කියන්නෙ තක්කඩියෙක් නෙ
Leave a Reply