රට තොට විස්තර පවා දැන් අපි දැනගන්නේ බුකියෙන්. ඉතින් අනික් දේවල් ගැන කවර කතා ද? හරියට බලන්න ඕනි දේවල් දැනගෙන බලනවා නම් බුකිය කියන්නෙත් රස ගුහාවක්. තවත් ගූගල් එකක්. චිත්‍රපට පිස්සෙක් වෙන ඔයාට චිත්‍රපට සම්බන්ධව දැනගන්න දේවල් ගොඩක් තියනවා. මේ ගෲප්වලට එකතු වුණොත් ඒ වගේ අලුත් දේවල් දැකගන්න පුළුවන්.
1. සිනමාවේදීන් – The Cinema People
මේ විෂය සම්බන්ධ බුකි ගෲප්වල අප්පොච්චි කියලා කියන්න පුළුවන්. ඉන්න සාමාජික සංඛ්‍යාවත් ඉතා ඉහළයි. ඒ වගේ ම නිකන් ලපයි සිපයි කතා නැතුව චිත්‍රපට ගැන කොලිටි කොන්ටෙන්ට් එකක් මෙතන දී දැකගන්න පුළුවන්. අලුතින් එන ෆිල්ම්, පරණ ඒවා, ඊයේ පෙරේදා බලපු යනා දී වශයෙන් වෙන චිත්‍රපට ගැන හොඳ රේටින් සහ රිවීව් මේ සමූහයේ තියනවා. ගොඩක් වෙලාවට මේකේ ඇක්ටිව් පෝස්ට් දාන අය ලෝක සිනමාවේ ඇස නොගැසුණු සිනමාව ගැන වැඩියෙන් කතා කරනවා. සරලවම කියනවා නම් පරිණත චිත්‍රපට බලන්නන්ගේ සංගමය කියලා නම මාරු කරත් අවුලක් නෑ.
2. “සිනමා සයුර” (Cinema Ocean)
සිනමාවේදීන් සමූහය ළඟට ඉන්නේ මේක තමයි. කලින් කියපු එක අප්පච්චි නම් මේ ඉන්නේ බාප්පොච්චි. මේකෙත් චිත්‍රපට බලන හොඳ සෙට් එකක් ඉන්නවා. ගොඩක් වෙලාවට බලන්න පුළුවන් වෙන්නේ චිත්‍රපට බලන්න කියලා තියන රෙකමදාරු තමයි. කලින් සඳහන් කරපු සමූහය වගේ ම භේද නැතුව හැම භාෂාවෙන් ම යන සිනමාව පිළිබඳ මෙතන දී කතා කරනවා.
3. ~ Indian Cinema Fan Club ~ භාරත සිනමා රසික සංසදය
මේ සමූහය නම් මාරයි. මාරයි කියන්නේ මේකයි. අපි ගොඩක් දෙනා හැදුණේ වැඩුණේ දැන් අපි බොළඳයි, මල් ගස් වටේ දුවනවා, ඊයා කියලා කියන හින්දි සහ දෙමළ චිත්‍රපට බලලා. මේ සමූහයෙන් අන්න ඒ අතීතකාමය මාර විදියට අවුස්සනවා. භාරත සිනමා කියලා තියන නිසා හින්දි විතරක් ම නෙවේ මුළුමහත් භාරතයම නියෝජනය කරන දෙමළ, මලයාලම්, කන්නඩ චිත්‍රපට ගැන විස්තර තියනවා. අර අතීතකාමය ඇවිස්සෙන්නේ පරණ ෆිල්ම්, ආස කරපු නළු නිළියෝ ගැන වෙන ම යන කතන්දර නිසයි.
4. සොඳුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කේරළය-Mollywood & Gods Own Country Kerala
මලයාලම් සිනමාව දැන් අපේ රටේ මිනිස්සුන්ට මිදෙන්න බැරි පිස්සුවක් වෙලා. ඒක එහෙම විය යුතුමයි. මොකද මේ සිනමාව ඒ තරම් රහයි. ඒ තරම් ම ඇත්තයි. අනෙක් කාරණේ ඉතින් මලයාලම් සිනමාව හා බැඳුණ කේරළය මිනිස්සු සහ පරිසරය අතින් ගත්තාම සෑහෙන ලංකාවට සමානයි. මේ කියන සියලු විශේෂ කාරණා මේ සමූහයේ කතාවට ගැනෙනවා.
5. අරුමැසියාවේ සිනමාව – Animation Cinema
වැඩිය ජනප්‍රියතාවක් නැති සාපේක්ෂව අඩු පිරිසක් ඉන්න මේ සමූහය නිසි තැනක් ලැබෙන්න ඕනි මැණික් කැටයක්. ඉස්සර තමයි අපි හිතන් හිටියේ මේවා මේ පොඩි එවුන්ට බලන්න හදපු කාටුන් කෑලි කියලා. හැබැයි ඇනිමේෂන් එකක තියන රහ කාටත් වඩා වැඩිහිටියන්ට තමයි විඳින්න පුළුවන්. හොලිවුඩයේ අරුමැසියාව වගේ ම ජපානයේ ඇනිමේ අරුමැසියාවත් එක වගේ විඳින්න පුළුවන් තැනක් ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන එක ලොකු දෙයක්.
6. අපි බැලූ චිත්‍රපට. (Great movies we watched.)
චිත්‍රපට ගැන තියෙන බුකි සමූහ අතර වැඩිම පිරිසක් ඉන්නේ මෙතන කියලා කියන්න පුළුවන්. මෙයාලත් භාෂා භේදයකින් තොරව චිත්‍රපටවලට සලකනවා. ඒ වගේ ම ඇඩ්මින්ලගේ එක හොඳක් තියෙනවා සමහර සමූහවල කරන්න ඉඩ නොදෙන. ඒ තමයි සබ්ටයිටල් වගේ ලින්ක් ගැන සඳහන් කරන්න ඉඩ දෙන එක. අපේ ගොඩක් අය හොයන්නේ සිංහල සබ්. ඉතින් එහෙම කෙනෙක්ට වටිනවා.
7. පිච්චර් ගැලරිය | Movie Gallery
සාපේක්ෂව අඩු සාමාජිකයින් පිරිසක් හිටියත් මේ සමූහයේ සිද්ධ වෙන සිනමා කතාබහේ ගුණාත්මක බවේ නම් අඩුවක් නැහැ. විවිධ සිනමාවන්වල අලුත්, පරණ චිත්‍රපටි ගැන වගේම වැඩි දෙනෙක් නොදන්න චිත්‍රපටි ගැනත් මෙතන කතාබහ සිද්ධ වෙනවා.
බෝනස් –
TV Series පිස්සෝ
චිත්‍රපට බලනවා නම් ටීවී සීරිස් ගැන කතා නොකර ඉන්න හේතුවක් නෑ කතා කරන්න ම වෙනවා කොහොමත්. මේ සමූහය කොන්ටෙන්ට් එක අතින් වෙනස් වගේ ම සෙටින්ග්ස්වලිනුත් වෙනස්. අනික් සඳහන් කළ සමූහ හැම එකක් ම පබ්ලික්. ඒත් මේකේ දේවල් බලන්න නම් සමූහයට එකතු වෙන්න ම ඕනි.
Leave a Reply