ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳම මියුසික් ප්ලේයර් 5ක්

Best music player apps for android

සංගීතය කියන්නේ අපේ ජීවිතයට නැතිවම බැරි දෙයක්. වැඩක් කරද්දී සින්දුවක් අහගෙන වැඩ කරද්දි හිතට ලොකු බරක් දැනෙන්නේ නෑ වගේම දවසෙම වැඩ කරලා ඇවිත් මහන්සි වෙලා හිත නිදහස් කරගන්නත් සින්දුවකින් ලැබෙන්නේ ලොකු පිටිවහලක්. ජර්මන් ජාතික දාර්ශනිකයෙක් වන ෆ්‍රෙඩ්රිෂ් නිට්ෂ’ කියන විධියට සංගීතය නැති ජීවිතය මහ වැරැද්දක්ලු.

කොහොමටත් බාහිර කෲර සමාජයෙන් මිදෙන්න බස් එකේදි, කෝච්චියෙදි වගේම ඔෆිස් එකේදිත් හෙට්සෙට් එක අපේ කණට යන්නේ ඉබේටමයි. එතකොට අපිව සන්තර්පණය කරන්න පුළුවන් හොඳම ඇප්ස් ටිකක් දැන් බලමු.

 

1. n7player

Best music player apps for android

Source – play.google.com

ලයිස්තුවේ මුලටම එන n7player Music Player එකේ තිබෙන සරල ඩිසයින් එක හරි අපූරුයි. මෙහි තිබෙන විශේෂිත මියුසික් සර්ච් එක නිසා ලේසියෙන්ම අපිට සින්දු හොයාගන්න පුළුවන්. ඇප් එකේ වැදගත්කම ඇති වන්නේත් එයින්මයි. ඒ වගේම ඔබ quality අඩු කරපු MP3 වෙනුවට FLAC, OGG ෆෝමැට්වල සින්දු අහනවා නම් ඒවාටත් මේ ඇප් එක හොඳින්ම ඔට්ටුයි. මොකද මෙහි mp3, mp4, m4a,mid, xmf, ogg, mkv*, flac, aac ආදී ෆෝමැට් ගොඩකට සපෝට් කරනවා. Equalizer එකකුත් තියෙන නිසා ෆෝන් එකෙන්ම එන ඇප් එකේ ඒක නැත්නම් ගොඩක් වටීවි.

 

2. BlackPlayer

Best music player apps for android

Source – play.google.com

වින්ඩෝස් ෆෝන්වල ඩිසයින් එකට කැමති කෙනෙක්ට BlackPlayer ඇප් එකේ ඩිසයින් එකට ටක් ගාලා හිත යාවි. ටයිල් ආකාරයට සින්දු ටික පෙළගස්වලා ලොකු අකුරු තියෙන නිසා තමයි එහෙම ෆීල් එකක් එන්නේ. කලින් කියපු ප්ලේයර් එකට වඩා මෙහි තිබෙන වර්ණවත් බව සහ පෙළගැස්ම නිසා වමට දකුණට ස්වයිප් කරමින් සින්දු අතර මාරුවීම, සින්දු ලිස්ට් එකක් බලන එක ඉන්ටරෙස්ටිං වැඩක් බවට පත් වෙනවා. මෙය අපට අවශ්‍ය ඕන ඕන විධියට වෙනස් කරගන්න පුළුවන් නිසා ඔබට ඔබේම ප්ලේයරයක් හදාගන්න පුළුවන් වෙනවා. සින්දු දෙකක් අතර තිබෙන ගැප් එක (සද්ද නැතිව තිබෙන කාලය) නැති කරලා එකක් ඉවරවෙද්දී ඒකෙ සද්දෙ හෙමීට අඩුවෙලා ඊළඟ එක එහෙම්ම පටන් ගන්න විධියට සකසන්න පුළුවන් කම නිසා ෆෝන් එක ස්පීකරයකට ගහලා යාළුවොත් එක්ක අහද්දී ඔබට DJ බවට පත් වෙන්නත් පුළුවන්.

 

3. Pulsar

Best music player apps for android

Source – play.google.com

අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඩිසයින් එකට ගැලපෙන ගූග්ල් මැටීරියල් ලුක් එක තියෙන Pulsar ඇප් එක ඩීසන්ට් පෙනුමක් තියෙන එකක්. අපි හොරෙන් බාගත්ත සින්දුවල හරියට ආටිස්ට්ගෙ නම, ඇල්බම් එකේ නම ආදිය හරියට නැති නිසා අපිට ඒවායෙන් සින්දු ටික වෙන් කරගන්න අමාරුයි. ඒත් මේ ඇප් එකේ ෆෝල්ඩර් අනුව සින්දු වර්ගීකරණය කර පෙන්වන නිසා අපි සින්දු ටික ගායකයාගේ නම අනුව, සින්දුව අහද්දි දැනෙන හැඟීම අනුව වෙන් කරගත්තොත් එකම ජාතියේ සින්දු ටිකක් වෙන් කරගෙන අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිංහල/ඉංග්‍රීසි/හින්දි විධියට භාෂාව අනුව වෙන් කරගන්න පුළුවන්. Equalizer එකකුත් තිබෙන අතර ලොක් ස්ක්‍රීන් එකෙන්ම සින්දු මාරු කරන්නත් හැකියි.

 

4. DoubleTwist

Best music player apps for android

Source – play.google.com

ඔබ ෆෝන් එකේ තියෙන සින්දු වගේම ඉන්ටර්නෙට් එකෙනුත් ස්ට්‍රීම් කරලා සින්දු අහනවා නම් ඒ දෙකටම doubleTwist ඇප් එක ගැලපෙනවා. 100,000ටත් 5 Star rating ලබපු මේ ඇප් එක භාවිතයට පහසු ඉන්ටර්ෆේස් එකකින් සහ පොඩ්කාස්ට්, iTunes අහන ඔබට ඇප්ස් මාරු නොකරම තනි ඇප් එකකින් ඔක්කොම කරගන්න අවස්ථාව සලසා තිබෙනවා. සාම්ප්‍රදායික මියුසික් ඇප් එකක පෙනුම තියෙන මෙය බොහෝ දුරට ගූග්ල් මියුසික් ඇප් එකේ පෙනුමට (වර්ණයෙන් හැර) සාමානකමක් දක්වනවා.

 

5. Pi Music Player

Best music player apps for android

Source – play.google.com

ප්ලේ ස්ටෝර් එකේ 4.5ක රේටිං ලබාගත්තු Pi Music Player ඇප් එක තීම්ස් ගොඩකින් වගේම ෆීචර්ස් ගොඩකිනුත් පිරිපුන් එකක්. Equalizer එක විතරක් නොවෙයි, ස්ලීප් ටයිමර් එකකුත් තියෙන නිසා නිදා ගන්න කලින් සින්දුවක් අහන්න පුරුදු වෙච්ච අයට නින්ද ගියාට පස්සෙත් එළි වෙනකම්ම සින්දු ප්ලේ වෙන එක නවත්වන්න මේ ඇප් එකෙන් පුළුවන්. මේකෙ මූලික කර්තව්‍යය සින්දු ප්ලේ කරන එක වුණාට මේක අස්සේ රිං ටෝන් කටර් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයා කැමතිම සින්දුව රිං ටෝන් එකේ ගාණට කපලා අවශ්‍ය කොටස ෆෝන් එකට දාගන්න පුළුවන්. හෝම් ස්ක්‍රීන් එකට දාගන්න විජට් එකකුත් ලැබෙන නිසා ඇප් එක ඕපන් නොකරම හෝම් ස්ක්‍රීන් එකේ සිටම සින්දු ප්ල් කරන්න පුළුවන්.

 
Cover Image Source – Androidcentral.com/ verge.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *