පැරැන්නන්ට ලොකුම අභියෝගය වුණේ අහස ජය ගැනීම. හැබැයි 21 සියවසේ මිනිසා ඉදිරියේ අහසටත් එහා ගිය අභියෝගයක් තිබ්බා. ඒ තමයි අභ්‍යවකාශය. ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් මූලිකව කටයුතු කළ රටවල් දෙකක්. ඒ රටවල් දෙක අතර ඇති වී තිබුණු සීතල යුද්ධය, අභ්‍යවකාශ තරණය තවත් තරගයක් බවට පත්කළා. කොහොම වුණත් මේ තරගය නිසා මිනිස් සමාජය සුවිශේෂී ඉලක්ක කරා ගියා. හැත්තෑව දශකය වෙද්දී මිනිසා සඳ තරණය කළා. ඒ කාලයේදී ආතර් සී ක්ලාක් මහත්මයා වගේ උගත්තු අනාවැකි පළකරේ මිනිසා ඉක්මනින්ම චන්ද්‍රයා විතරක් නෙමෙයි, අඟහරු වැනි ග්‍රහලෝකත් ජනාවාස කරාවි සහ ඊටත් එහා ග්‍රහලෝක තරණය කරාවි කියලා. නමුත් ඒ අනාවැකි නම් ඒ විදිහටම ඉෂ්ට වුණේ නැහැ. සෝවියට් දේශය බිඳ වැටීම සහ ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දුන් ආර්ථික අර්බුද හමුවේ අභ්‍යවකාශ තරණය වෙනුවෙන් ඔවුන් කළ ආයෝජනයන් අවම තත්ත්වයට පත් වුණා. අභ්‍යවකාශ ගමන් වල අනාගතය ගැන නිශ්චිතව කියන්න බැරි වුණත් ඒ වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට කරපු පිරිස් අපේ වීරයන්. ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ අභ්‍යවකාශය ජයගත්ත වීරයන් කීපදෙනෙක් පිළිබඳව.
1. ලයිකා
ලෝකෙ ප්‍රසිද්ධම සුනඛ ධේනුව විදිහට සලකන්න පුළුවන් කෙනා තමයි ලයිකා බැල්ල. ඇය ස්පුට්නික් 2 අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට ගිය ප්‍රථම ජීවියා බවට පත් වුණා. ඒ වගේම පෘථිවිය වටා කක්ෂගත වූ පළමු ජීවියා විදිහටත් ඇය වාර්තාවකට හිමිකම් කියනවා. මොස්කව් නුවර දඩාවතේ යමින් සිටියදී සොයා ගෙන ඇයව අභ්‍යවකාශ ගමන සඳහා සෝවියට් අභ්‍යවකාශ ඒජන්සිය මගින් පුරුදු පුහුණු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුළදීම ලයිකා මියගියා. මානව සංහතියේ ඉදිරි ගමන වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ සත්වයෙක් විදිහට ලයිකාව හඳුන්වන්න පුළුවන්. සමහර සෝවියට් වාර්තා අනුව ලයිකාගේ මරණය ඉතාමත් වේදනාකාරී මරණයක්.
2. යූරී ගගාරින්
අභ්‍යවකාශයට ගිය පළවෙනි මිනිසා වීමේ භාග්‍යය ලබන්නේ යූරී ගගාරින්. 1961 අප්‍රේල් දොළොස් වෙනිදා වොස්ටෝක් 1 අභ්‍යාවකාශ යානය මගින් මේ වික්‍රමය සිද්ධ කරනවා. පෘථිවිය වටා කක්ෂගත වූ පළමු මිනිසා වීමේ ගෞරවයක් ඔහු විසින් ලබා ගන්නවා. මේ නිසා සෝවියට් දේශයෙහි පමණක් නොව මුළු මුලු ලෝකයේම වීරයෙක් බවට ඔහු පත් වෙනවා. රට වලින් ගෞරව සම්මාන රැසක් ඔහුට හිමි වෙනවා. නමුත් අභ්‍යාවකාශ ගමනින් වසර හතක් ඇතුළත යූරි ගගාරින් අකාලයේ මිය යනවා. ඒ ජෙට් යානා අනතුරක් නිසා.
3. වැලන්ටිනා තෙරෙස්කෝවා
1963 ජූනි 16 වෙනි දින වොස්ටෝක් 06 අභ්‍යාවකාශ යානයෙන් පෘථිවි ගෝලයෙන් පිටත අවකාශයට යන වැලන්ටිනා තෙරස්කෝවා අභ්‍යවකාශයට ගිය පළවෙනි කාන්තාව බවට පත්වෙනවා. ඇයවත් සෝවියට් කාන්තාවන්ගේ පමණක් නොව සමස්ත කාන්තා වර්ගයේම වීරවරියක් විදිහට විදියට සැලකෙනවා. අසූ හතර වන වියේ පසුවන වැලන්ටිනාට තවමත් රුසියාවේ අභ්‍යවකාශ සහ රාජ්‍ය උත්සවවලදී ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.
4. නීල් ආම්ස්ට්‍රෝං
සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා විදිහට ඉතිහාසගත වෙන්නෙ ඇමරිකානු ජාතිකයෙක් වන නීල් ආම්ස්ට්‍රෝං. ඔහු ගැන නම් අපේ කුඩා දරුවන් පවා දන්නවා. ඔහු සඳ තරණය කරලා කරපු ප්‍රකාශය වුණේ “මේ මිනිසෙකු තැබූ කුඩා පියවරක් වුණත් මිනිස් සංහතියේ යෝධ පිම්මක්” යන්නයි. ඉස්සෙල්ලා කිව්වා වගේම සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අභ්‍යවකාශ තරණය දක්වාම විහිදිලා තිබ්බ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමන ඉක්මන් වුණා කියලා කියලා කිව්වොත් නිවැරදියි. නීල් ආම්ස්ට්‍රෝංගේ මේ සඳ ගමනට මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් තිදෙනාගේ සහයත් ලැබුණා.
5. ඇලෙක්සි ලෙනෝව්
අභ්‍යවකාශයේ ඇවිද යාමට සමත් වුණු පළමු මිනිසා බවට පත්වෙන්නේ ඇලෙක්සි ලෙනෝව්. මේ ඇවිද යාම මුලින්ම සැලසුම් කරලා තිබ්බේ වොක්සෝඩ් 1 මෙහෙයුමේදී. නමුත් එය සාර්ථක වුණේ නැහැ. නැවතත් වොක්සෝඩ් 2 මෙහෙයුමේ දී ඇලෙක්සි මිනිත්තු 12ක් අභ්‍යවකාශයේ ඇවිද ගියා. නමුත් නැවත එන විට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔහුගේ අභ්‍යවකාශ ඇඳුම ගිනි ගත්තා. නමුත් ඔහු නිරුපද්‍රිතව නැවතත් අභ්‍යවකාශ යානයට පිවිසුණා. ඔහුගේ සගයන් ඒ මොහොතේ නම් හිතලා තියෙන්නේ ඔහු අභ්‍යවකාශය තුළදීම මිය යයි කියලා. මේ විදිහට අභ්‍යාවකාශ මරණයෙනුත් ගොඩ ගිය ලෙනෝව් දිගටම අභ්‍යාවකාශ ගමන්වල ප්‍රගමනය වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා.
6. අයිලීන් කොලින්ස්
පෘථිවියේ වෙනත් රැකියා වගේම අභ්‍යවකාශ තරණයේදී කාන්තාවන්ට හිමි වුණේ දෙවන ස්ථානයක්. නමුත් කාන්තා ගගනගාමීන්ගේ ධෛර්යය නිසා ඒ තත්ත්වය කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මේ අතරින් අයිලින් කොලින්ස් සුවිශේෂයි. ඇය අභ්‍යවකාශ ශටලයක නියමුවා බවට පත් වුණු පළමු කාන්තාව බවට පත්වුණා. ඒ ඩිස්කවරි ෂටලයේ නියමුවරිය විදියට. ඇය කොලම්බියා යානයේ නියමුවරිය බවටත් පත්වුණා. ඇය විශ්‍රාම යන විට පැය අටසිය හැත්තෑ දෙකක් අභ්‍යවකාශය තුළ ගත කරලා තිබ්බා. ඇය විශ්‍රාම ගැනීමෙන් පස්සේ පවා තමන්ගේ දායකත්වය අභ්‍යවකාශ සම්බන්ධ පර්යේෂණවලට ලබාදීම සිදු කරනවා
7. ඩෙනිස් ටිටෝ
ඩෙනිස් ටිටෝව නං වීරයෙක් කියලා සලකන්න පුළුවන්ද කියන එකනම් ප්‍රශ්නයක්. නමුත් ඔහු අභ්‍යවකාශ තරණයේ අලුත් මාර්ගයක් විවර කළා. ඒ අභ්‍යවකාශයට ගිය පළමු සංචාරකයා බවට පත් වෙමින්. 2001 වර්ෂයේදී රුසියාවේ සෝයුස් මෙහෙයුම සමග සම්බන්ධ වුණු ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ගෙවමින් අභ්‍යවකාශ ගත වුණා. එහෙම රුසියාවේ දී අභ්‍යවකාශගත වුණාට ටිටෝ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක්. රුසියාවේ අභ්‍යවකාශ ගමන්වලට ආයෝජනය කිරීමට තරම් මුදල් නොමැති නිසා ඒ වෙනුවෙන් සංචාරක වැඩපිළිවෙළක් පටන් ගත්තා කියලා ඒ දවස්වල විහිළු කතාවක් ප්‍රචාරය වෙලා තිබ්බා. නමුත් එහි නම් සත්‍යතාවක් නැහැ.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන්න වගේම ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply